හග්ගයි 1:2-11
හග්ගයි 1:2-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “මේ ජනයා කියන්නේ, ‘ස්වාමින්වහන්සේගේ ගෘහය යළි ගොඩ නැංවීමේ කාලය තවම පැමිණ නැත’ කියා ය.” එවිට ස්වාමින්වහන්සේගේ වචනය දිවැසිවර හග්ගයි මගින් මෙසේ පැවසී ය: “එසේ නම් මේ ගෘහය ජරාවාස ව තිබියදී, පනේල ගැසූ ඔබේ නිවාසවල වාසයට දැන් ඔබට කාලය ද?” එබැවින් දැන් සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “නුඹලාගේ මාර්ග ගැන සැලකිල්ලෙන් සිතා බලනු. නුඹලා බොහොමයක් වැපුරූ නමුත්, ලද්දේ ස්වල්ප අස්වැන්නකි. නුඹලා අහර බුදින නමුත්, කිසි විටෙකත් සෑහීමට පත් නො වේ; නුඹලා පානය කරන නමුත්, කිසි විටෙක සංසිඳීමක් නැත. නුඹලා ඇඳුම් ඇඟලන නමුත්, උණුසුම නො ලැබේ. නුඹලා මුදල් උපයන්නේ, හිල් පසුම්බියක දමන්නට ය.” සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “එබැවින් නුඹලාගේ මාර්ග ගැන සැලකිල්ලෙන් සිතා බලනු. මා ප්‍රසන්න වී, ගෞරව මහිම ලබන පිණිස, කඳු නැග ගොස්, දැව අරගෙන ඇවිත්, ගෘහය ගොඩ නගන්නැ” යි ස්වාමින්වහන්සේ පවසන සේක. “නුඹලා බලාපොරොත්තු වූයේ බොහොමයකි. එහෙත් පෙනේ ද! ඒවා ස්වල්පයක් ව ඇති සැටි! නුඹලා ගෙදර ගෙනා දෑ මම පිඹ දැමීමි. ඒ ඇයි දැ?” යි සේනාංකවල ස්වාමින්වහන්සේ අසන සේක. “ඒ මන්ද යත්, මගේ ගෘහය ජරාවාස ව තිබියදී, නුඹලා හැම කෙනෙක් ම තම තමාගේ ගෙදර දුවන නිසා ය. එබැවින්, නුඹලා නිසා, අහස එහි පින්න දීමෙන් වැළකී සිටී. පොළොව එහි පලදාව දීමෙන් වැළකී සිටී. මම කෙත් වතු හා කඳු පිට ද ධාන්‍ය පිට ද අලුත් මිදි යුෂ, තෙල් හා භූමියෙන් නිපදවන දෑ පිට හා මිනිසා හා සතුන් ද ඔබේ දෑතේ සියලු කර්මාන්ත පිට ද ඉඩෝරයක් කැඳවීමි” යි පැවසූ සේක.
හග්ගයි 1:2-11 Sinhala Revised Old Version (SROV)
සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගන්ට නිසි කාලය පැමුණුණේ නැතැයි මේ සෙනඟ කියතියි කීසේක. එකල ස්වාමීන්වහන්සේගේ වචනය අනාගතවක්තෘවූ හග්ගයි කරණකොටගෙන පැමිණ කියනුයේ: මේ ගෘහය පාළුව තිබෙද්දීම ඇතුළත ලෑලිවලින් වසා තිබෙන නුඹලාගේ ගෙවල්වල වාසයකිරීමට නුඹලාට මෙය නිසි කාලයද? එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ මාර්ග සිතට ගන්න. නුඹලා බොහෝම වැපුරූ නුමුත් එකතුකරගත්තේ ස්වල්පයක්ය; නුඹලා කන නුමුත් තෘප්තියට නොපැමිණෙන්නහුය; බොන නුමුත් සෑහීමට නොපැමිණෙන්නහුය; අඳින නුමුත් උණුහුම් නොවන්නහුය; කුලී ලබාගන්නාද එය ලබාගන්නේ හිල් ඇති පසුම්බියකට (දමන්ට)ය. සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගේ මාර්ග සිතට ගන්න. මා විසින් ගෘහය කෙරෙහි ප්‍රසන්නවී ගෞරව ලබන පිණිස, නුඹලා කඳු රටට නැගී ගොස් ලී ගෙනවුත් ඒක ගොඩනගන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹලා බොහොමයක් ගැන බලාසිටියහුය, නුමුත් ඒවා ස්වල්ප විය; නුඹලා ඒවා ගෙදර ගෙනා කල මම ඒවා පිඹදැමුවෙමි. ඒ මක්නිසාදැයි සේනාවල ස්වාමීන්වහන්සේ අසනසේක. මාගේ ගෘහය පාළුව තිබෙද්දී නුඹලා එකිනෙකා තම තමාගේම ගෙදරට දුවන නිසාය. එබැවින් නුඹලා නිසා ආකාශයෙන් පිනි නැවතී තිබේ, පොළොවෙන් එහි ඵල වැලකී තිබේ. මම දේශය හා කඳුද ගොයමද මිදියුසද තෙල්ද භූමියෙන් අටගන්න දේවල්ද මනුෂ්‍යයන්ද සිව්පාවුන්ද සියලු හස්තකර්මද පිටට නියඟයක් එන්ට අණකෙළෙමියි කීවේය.
හග්ගයි 1:2-11 Sinhala New Revised Version (NRSV)
“දේව මාලිගාව නැවත ගොඩනැඟීමට නිසි කාලය පැමිණ නැතැ යි මේ සෙනඟ කියති”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක. එවිට මේ පණිවුඩය දිවැසිවර හග්ගයි මඟින් උන් වහන්සේ ප්‍රකාශ කළ සේක: “මාගේ ජනයෙනි, මාගේ දේව මාලිගාව නටබුන් වී තිබිය දී නුඹලා මනහර මන්දිරවල ජීවත් වීම සුදුසු ද? දැන් ඉතින් සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹලාගේ ජීවිත පිළිවෙළ ගැන සිතා බලන්න. නුඹලා බොහෝ සේ වපුළ නමුත්, ලබාගත් අස්වැන්න සුළු ය. කන නමුත් තෘප්තියක් නුඹලාට නැත; බොන නමුත්, සෑහීමක් නැත. අඳින නමුත්, උණුසුමක් නැත. මුදල් හම්බ කරන්නා එය හම්බ කරන්නේ හිල් ඇති පසුම්බියකට දමන්නට ය. සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹලාගේ ජීවිත පිළිවෙළ ගැන සිතා බලන්න. කඳුකරයට ගොස් ලී ගෙනවුත්, මා ප්‍රසන්න වන පිණිස ද මට නිසි නමස්කාරය ලැබෙන පිණිස ද දේව මාලිගාව නැවත ගොඩනඟන්න. “නුඹලා බොහෝ බලාපොරොත්තු වූ නමුත්, නුඹලාට ලැබුණේ ස්වල්පයකි. නුඹලා අස්වැන්න ගෙදර ගෙනා විට මම එය පිඹ දැම්මෙමි. මා එසේ කරන්නේ මන් ද? සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ මාලිගාව නටබුන් වී තිබිය දී ඒ ගැන නොසලකා නුඹලා එකිනෙකා තම තමාගේ ගෙවල් ගැන සැලකිලිමත් වන නිසා ය. අහසින් වැසි නොවසින්නේත්, පොළොවෙන් පල හට නොගන්නේත් ඒ නිසා ය. මා දේශය පිට ද කඳු හෙල් පිට ද නියඟයක් පමුණුවා ඇත; තෘණ භූමි ද මිදි වතු ද ඔලීව වතු ද හැම භවහෝග වගාවන් ද මිනිසුන් හා සිවුපාවුන් ද ඔවුන් කරන හැම වගාවන් ද පිට එය පමුණුවා ඇත.”
හග්ගයි 1:2-11 Sinhala New Revised Version 2018 (SNRV)

හග්ගයි 1:2-11 New International Version (NIV)
This is what the LORD Almighty says: “These people say, ‘The time has not yet come to rebuild the LORD’s house.’ ” Then the word of the LORD came through the prophet Haggai: “Is it a time for you yourselves to be living in your paneled houses, while this house remains a ruin?” Now this is what the LORD Almighty says: “Give careful thought to your ways. You have planted much, but harvested little. You eat, but never have enough. You drink, but never have your fill. You put on clothes, but are not warm. You earn wages, only to put them in a purse with holes in it.” This is what the LORD Almighty says: “Give careful thought to your ways. Go up into the mountains and bring down timber and build my house, so that I may take pleasure in it and be honored,” says the LORD. “You expected much, but see, it turned out to be little. What you brought home, I blew away. Why?” declares the LORD Almighty. “Because of my house, which remains a ruin, while each of you is busy with your own house. Therefore, because of you the heavens have withheld their dew and the earth its crops. I called for a drought on the fields and the mountains, on the grain, the new wine, the olive oil and everything else the ground produces, on people and livestock, and on all the labor of your hands.”