හබක්කුක් 3:11-19
හබක්කුක් 3:11-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පියඹා යන ඔබගේ හීවල දීප්තියට හා දිදුලන ඔබේ හෙල්ලයේ විදුලි එළියට හිරුත්, සඳුත් අහසේ සිටි තැන්වල නැවතිණ. පොළොව හරහා බර අඩි තබමින්, ඔබ ගියේ උදහසිනි; ඔබ ජාතීන් පාගා දැමුවේ කෝපයෙනි. ඔබ පිටත් ව ආයේ, ඔබගේ ජනයා මුදන පිණිස ය; ඔබගේ අබිසෙස් ලද තැනැත්තා ගලවන පිණිස ය. දුෂ්ටකමේ දේශයේ නායකයා තළා දැමූ ඔබ හිස සිට දෙපතුල දක්වා ඔහු නිර්වස්ත්‍ර කළ සේක. සෙලා සැඟවී සිටින අසරණයින් ගිල දමන්නට කෑදරකමින් බලා සිටියා සේ, ඔහුගේ සටන්කාමින් මා විසුරුවන්නට කඩා පැන්න කල, ඔබ ඔහුගේ ම හෙල්ලයෙන් ඔහුගේ හිසට ඇන්න සේක. මහා ජල කඳ කලත්තවමින්, ඔබගේ අශ්වයින් මගින් ඔබ මුහුද මැඩලූ සේක. මට ඇසිණි. මගේ හද ගැසුණි. ඒ හඬින් මගේ තොල් කම්පන විය. දිරා යෑම, මගේ ඇටකටුවලට රිංගී ය. මගේ දෙකකුල් වැනුණේ ය. එහෙත්, අප ආක්‍රමණ කළ ජාතීන් පිටට විපත්ති දවස පැමිණෙන තෙක්, මම ඉවසිල්ලෙන් බලා හිඳිමි. අත්තික්කා ගස දළු නො ලෑවත්, මිදි වැල්වල මිදි පල නො වූවත්, ඔලීව අස්වැන්න අසාර වූවත්, කෙත්වත්වලින් අහර හිඟ වෙතත්, ගාලෙහි එළු-බැටළුවන් නැතිව ගියත්, පට්ටිවල ගවයින් නොමැති වූවත්, ස්වාමින්වහන්සේ තුළ මම ප්‍රීති ප්‍රමෝද වෙමි. මගේ ගැලවුම්කාර දෙවියන්වහන්සේ තුළ මම ප්‍රීති වන්නෙමි. පරමාධිපති ස්වාමින්වහන්සේ මගේ ශක්තිය ය. උන්වහන්සේ මගේ පාද මුවකුගේ මෙන් සලසා, උස් තැන්හි නැග යන්නට මට සවිබල දෙන සේක.
හබක්කුක් 3:11-19 Sinhala Revised Old Version (SROV)
විහිදුණාවූ ඔබගේ ඊගස්වල එළියටත් ඔබගේ දිලිහෙන සෙල්ලයේ දීප්තිමත්කමටත් ඉර සඳ ඒවායේ විමානවල නැවතී සිටියෝය. ඔබවහන්සේ කෝපයෙන් දේශයෙහි ගමන්කළසේක, උදහසින් ජාතීන් මැඩලූසේක. ඔබගේ සෙනඟගේ ගැළවීම පිණිසත් ඔබගේ අභිෂේකලත් තැනැත්තා ගැළවීමටත් ඔබ පිටත්ව ගොස්, දුෂ්ටයාගේ වංශයේ ප්‍රධානියා පොඩිකර, බෙල්ල දක්වාම අත්තිවාරම ඇරියසේක. ඔබ ඔහුගේ අධිපතීන්ගේ ප්‍රධානියාට ඔහුගේම හෙල්ලවලින් ඇන්නසේක. ඔව්හු මා විසුරුවාදමන්ට සුළි හුළඟක් මෙන් ආවෝය. ඔවුන්ගේ ප්‍රීතිමත්කම අසරණයන් රහසින් නාස්තිකිරීමටය. මුහුද එනම් මහත් ජලස්කන්ධ පිට ඔබගේ අසුන් ඇතුව ඔබ පාගාගියසේක. මා ඇසූ විට මාගේ බඩ කැලඹුණේය, ඒ හඬට මාගේ තොල් වෙවුලුවේය; මාගේ ඇටවලට දිරීම පැමිණ, මාගේ දණඉස් වැනුණේය. එහෙත් අපට විරුද්ධව යුද්ධකරන සෙනඟ නැගීඑන විපත්ති දවසේදී මට නිශ්චලය ලැබෙයි. මක්නිසාද අත්තික්කා ගස දළු නොලෑවත්, මුද්‍රිකවැල්වල පලදාවක් නොතිබුණත්; ඔලීව ගසේ ඵල හට නොගත්තත්, කෙත්වලින් භෝජන නොලැබුණත්; ගාලෙන් එළු බැටළු රැළ සිඳදමනු ලැබුවත්, පට්ටිවල ගවයන් නැතුව ගියත්; මම වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙහි සන්තෝෂවන්නෙමි, මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වන්නෙමි. ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මාගේ බලයය, උන්වහන්සේ මගේ පාද මුවදෙනුන්ගේ පාදවලට සමානකොට, මාගේ උසස්ථාන පිට යන්ට සලස්වනසේක. [නායක ගායනාකරුටය, මාගේ වීණා ඇතුව ගීතිකාකිරීමටය.]
හබක්කුක් 3:11-19 Sinhala New Revised Version (NRSV)
ඔබේ ඊතලවලින් විහිදුණු එළිය නිසා ද දිළිසෙන හෙල්ලයේ දීප්තිය නිසා ද ඉර හඳ ස්වකීය විමානවල නැවතී සිටියේ ය. ඔබ වහන්සේ කෝපයෙන් ලෝකය හරහා ගමන්ගත් සේක. උදහසින් ජාතීන් පාගා දැමූ සේක. ඔබේ සෙනඟ ගළවන පිණිසත්, ඔබේ අභිෂේක ලත් නිරිඳා මුදන පිණිසත් ඔබ පිටත් ව වැඩිය සේක. ඔබ දුෂ්ටයන්ගේ නායකයා ගසා දමා, ඔහුගේ අනුගාමිකයන් සහමුලින් ම විනාශ කළ සේක. ඔබ සෙබළුන්ගේ ප්‍රධානියාට ඔහුගේ ම හෙල්ලවලින් ඇන්න සේක. ඔව්හු මා විසුරුවා දමන්නට සුළි සුළඟක් මෙන් ආවෝ ය. ඔවුන්ගේ ප්‍රීතිමත්කම අසරණයන් රහසින් නාස්ති කිරීම ය. ඔබේ අශ්වයන් මඟින් ඔබ මුහුද පාගා දැමූ විට මහා ජලස්කන්ධය කැළඹී ගියේ ය. මේ සියල්ල අසා මම කැළඹෙමි. මාගේ තොල් බියෙන් වෙවුලයි. මාගේ ඇටකටු දිරා යයි. මාගේ දෙකකුලේ වාරුව නැති වී යයි. එහෙත්, අපට විරුද්ධ ව ආක්‍රමණය කරන අයට දෙවියන් වහන්සේ දඬුවම් කරන කාලය පැමිණෙන තෙක් මම නිශ්චල ව බලා සිටිමි. අත්තික්කා ගස පල නොදැරුවත්, මිදි වැල්වල පලදාව නොතිබුණත්, ඔලීව ගසේ පල හට නොගත්තත්, කෙත්වලින් අස්වැන්නක් නොලැබුණත්, ගාලෙන් බැටළු රැළ නැති වී ගියත්, ගව හල් සියල්ල හිස් ව ගියත්, සමිඳුන් කෙරෙහි මම ප්‍රීති වන්නෙමි. මාගේ ගැළවීමේ දෙවිඳුන් කෙරෙහි ප්‍රීති ප්‍රමෝද වන්නෙමි. දෙවි සමිඳාණෝ මාගේ ශක්තිය වේ. මාගේ පාද මුවෙකුගේ පාද මෙන් ශීඝ්‍ර කරන සේක. උස් තැන්වල ඇවිදින්න මට සලස්වන සේක. නායක ගායනාකරුට ය. වීණා ඇති ව ගායනා කිරීමට ය.
හබක්කුක් 3:11-19 Sinhala New Revised Version 2018 (SNRV)

හබක්කුක් 3:11-19 New International Version (NIV)
Sun and moon stood still in the heavens at the glint of your flying arrows, at the lightning of your flashing spear. In wrath you strode through the earth and in anger you threshed the nations. You came out to deliver your people, to save your anointed one. You crushed the leader of the land of wickedness, you stripped him from head to foot. With his own spear you pierced his head when his warriors stormed out to scatter us, gloating as though about to devour the wretched who were in hiding. You trampled the sea with your horses, churning the great waters. I heard and my heart pounded, my lips quivered at the sound; decay crept into my bones, and my legs trembled. Yet I will wait patiently for the day of calamity to come on the nation invading us. Though the fig tree does not bud and there are no grapes on the vines, though the olive crop fails and the fields produce no food, though there are no sheep in the pen and no cattle in the stalls, yet I will rejoice in the LORD, I will be joyful in God my Savior. The Sovereign LORD is my strength; he makes my feet like the feet of a deer, he enables me to tread on the heights.