හබක්කුක් 3:1-5
හබක්කුක් 3:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්ස, ඔබගේ කීර්ති රාවය මම අසා ඇත්තෙමි. ඔබගේ ක්‍රියා ගැන මම භය වෙමි. අහෝ ස්වාමින්වහන්ස, අවුරුදු අතරතුරේ ඒවා අලුත් කළ මැනව. අවුරුදු අතරතුරේ ඒවා දැනගන්නට සැලසුව මැනව. උදහසේදී දයාව සිහි කළ මැනව. දෙවියන්වහන්සේ තේමාන් සිට ආ සේක. ශුද්ධ තැනැන්වහන්සේ පාරාන් කන්දේ සිට ආ සේක. සෙලා උන්වහන්සේගේ තේජශ්‍රීයෙන් ස්වර්ග වසා ගනී. උන්වහන්සේගේ ප්‍රශංසාවෙන් පොළොව පිරී යයි. උන්වහන්සේගේ ප්‍රභාශ්‍රීය හිරු උදාව වැන්න. උන්වහන්සේගේ හස්තයෙන් කිරණ විහිද දිවේ. උන්වහන්සේගේ බලය සඟවා ඇත්තේ එහි ය. ව්‍යසනය, උන්වහන්සේට පෙරටුවෙන් යයි. වසංගතය උන්වහන්සේගේ පියමං අනුව ඇදේ.
හබක්කුක් 3:1-5 Sinhala Revised Old Version (SROV)
අනාගතවක්තෘවූ හබක්කුක් විසින් ෂිගියොනොත් වෘත්තයට ලියනලද යාච්ඤාවක්ය. ස්වාමීන්වහන්ස, මම ඔබගේ ප්‍රවෘත්තිය අසා භයවීමි. ස්වාමීන්වහන්ස, අවුරුදු අතරතුරේ ඔබගේ ක්‍රියාකිරීම ප්‍රාණවත්කළ මැනව. අවුරුදු අතරතුරේ දැන්වුව මැනව; උදහසේදී අනුකම්පාව සිහිකළ මැනව. දෙවියන්වහන්සේ තේමාන් සිටද ශුද්ධ තැනන්වහන්සේ පාරාන් කන්දේ සිටද එනසේක. උන්වහන්සේගේ මහිමය ස්වර්ගය වසාගත්තේය, පොළොවද උන්වහන්සේගේ ප්‍රශංසාවෙන් පිරුණේය. උන්වහන්සේගේ දීප්තිය එළිය මෙන් විය; උන්වහන්සේගේ හස්තයෙන් රශ්මි නික්මුණේය. උන්වහන්සේගේ පරාක්‍රමයද එහි සැඟවී තිබුණේය. උන්වහන්සේට පෙරටුවෙන් වසංගතය ගියේය, උන්වහන්සේගේ පාදවලින් ගිනි අකුණු නික්මුණේය.
හබක්කුක් 3:1-5 Sinhala New Revised Version (NRSV)
ශෝක ගීත වෘත්තියට ලියන ලද දිවැසිවර හබක්කුක්ගේ යාච්ඤාව මෙය වේ. සමිඳාණන් වහන්ස, ඔබ කර ඇති සියලු දේ ගැන මා අසා ඇත. සමිඳාණන් වහන්ස, ඔබේ ක්‍රියා මා තුළ ගරුබිය දනවයි. ඔබ වහන්සේ පෙර කළ බලවත් ක්‍රියා මේ කාලයේදීත් කළ මැනව; පෙන්නුව මැනව; උදහසේ දී ඔවුන්ට දයාව දැක්වුව මැනව. සමිඳාණන් වහන්සේ තේමාන් සිට ද ශුද්ධ දෙවියන් වහන්සේ පාරාන් කන්දේ සිට ද වඩින සේක. උන් වහන්සේගේ තේජාලංකාරයෙන් ස්වර්ගය ප්‍රභාවත් වෙයි. පොළොව ද උන් වහන්සේගේ ප්‍රශංසාවෙන් පිරී ඇත. අරුණෝදය මෙන් උන් වහන්සේ වඩින සේක. රශ්මි දහරා උන් වහන්සේගේ අතින් විහිදෙයි. එහි උන් වහන්සේගේ බලය සැඟවී ඇත. උන් වහන්සේ ඉදිරියෙන් වසංගතය ද පසුපස්සෙන් මාරක රෝගය ද පැමිණේ.
හබක්කුක් 3:1-5 Sinhala New Revised Version 2018 (SNRV)

හබක්කුක් 3:1-5 New International Version (NIV)
LORD, I have heard of your fame; I stand in awe of your deeds, LORD. Repeat them in our day, in our time make them known; in wrath remember mercy. God came from Teman, the Holy One from Mount Paran. His glory covered the heavens and his praise filled the earth. His splendor was like the sunrise; rays flashed from his hand, where his power was hidden. Plague went before him; pestilence followed his steps.