හබක්කුක් 2:2-4
හබක්කුක් 2:2-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ස්වාමින්වහන්සේ පිළිතුරු දුන් සේක්, “දර්ශනය ලියාගන්න. එය කියවන්නා පණිවුඩය රැගෙන දුව යන පිණිස, පුවරුවක එය සටහන් කරන්න. මන්ද දර්ශනය, එහි නියමිත කාලය තෙක් බලා සිටී. එය ඉලක්කය දෙසට කඩිනම් වෙයි. එය නිෂ්ඵල නො වෙයි. ඊට කල් ගත වූවත්, ඒ ගැන බලා සිටින්න. නිසැකයෙන් ම එය පැමිණේ. එය පමා නො වේ. “මෙන්න! ඔහු උඩඟු වී ඇත. ඔහුගේ අභිප්රාය අවංක නැත. එහෙත් ධර්මිෂ්ඨයා තම ඇදහිල්ලෙන් ජීවත් වෙයි.
හබක්කුක් 2:2-4 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මට උත්තරදෙමින්: දර්ශනය කියවන්නා ඉක්මනින් කියවන්ට පුළුවන් වන පිණිස එය ලෑලිවල පැහැදිලිලෙස ලියන්න. මක්නිසාද දර්ශනය නියම කාලය දක්වා තව ප්රමාදවේ, එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය. එය ප්රමාදවෙතත් ඒ ගැන බලාසිටින්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙවාම ඇත. බලව, ඔහුගේ සිත උඩඟුය, එය ඔහු තුළ අවංක නැත. ධර්මිෂ්ඨයා තමාගේ විශ්වාසකමෙන් ජීවත්වන්නේයයි කීසේක.
හබක්කුක් 2:2-4 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මට මෙසේ පිළිතුරු දුන් සේක: “දර්ශනය ලියන්න; එය කියවන්න පුළුවන් වන පිණිස ගල් පුවරුවල පැහැදිලි ලෙස ලියන්න. එසේ කළ යුත්තේ දර්ශනය නියම කාලය වන තෙක් පමාවන බැවිනි. එහෙත්, එය නිෂ්ඵල නොවී වේගයෙන් ඉටුවනු ඇත. එය නොවරදවා පැමිණෙන්නේ ම ය. අදමිටු අය නොපවතින්නෝය; එහෙත්, දමිටු අය දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ලෙන් ජීවත් වන්නෝ ය.”
හබක්කුක් 2:2-4 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ මට මෙසේ පිළිතුරු දුන් සේක: “දර්ශනය ලියන්න; එය කියවන්න පුළුවන් වන පිණිස ගල් පුවරුවල පැහැදිලි ලෙස ලියන්න. එසේ කළ යුත්තේ දර්ශනය නියම කාලය වන තෙක් පමාවන බැවිනි. එහෙත්, එය නිෂ්ඵල නොවී වේගයෙන් ඉටුවනු ඇත. එය නොවරදවා පැමිණෙන්නේ ම ය. අදමිටු අය නොපවතින්නෝය; එහෙත්, දමිටු අය දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ලෙන් ජීවත් වන්නෝ ය.”
හබක්කුක් 2:2-4 New International Version (NIV)
Then the LORD replied: “Write down the revelation and make it plain on tablets so that a herald may run with it. For the revelation awaits an appointed time; it speaks of the end and will not prove false. Though it linger, wait for it; it will certainly come and will not delay. “See, the enemy is puffed up; his desires are not upright— but the righteous person will live by his faithfulness