හබක්කුක් 2:2-20 - Compare All Versions
හබක්කුක් 2:2-20 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එවිට ස්වාමින්වහන්සේ පිළිතුරු දුන් සේක්, “දර්ශනය ලියාගන්න. එය කියවන්නා පණිවුඩය රැගෙන දුව යන පිණිස, පුවරුවක එය සටහන් කරන්න. මන්ද දර්ශනය, එහි නියමිත කාලය තෙක් බලා සිටී. එය ඉලක්කය දෙසට කඩිනම් වෙයි. එය නිෂ්ඵල නො වෙයි. ඊට කල් ගත වූවත්, ඒ ගැන බලා සිටින්න. නිසැකයෙන් ම එය පැමිණේ. එය පමා නො වේ. “මෙන්න! ඔහු උඩඟු වී ඇත. ඔහුගේ අභිප්‍රාය අවංක නැත. එහෙත් ධර්මිෂ්ඨයා තම ඇදහිල්ලෙන් ජීවත් වෙයි. එපමණක් නො ව මිදි යුෂ ද්‍රෝහියෙකි. අහංකාර මිනිසා කිසි විටෙක විවේකය නො ලබයි. මන්ද ඔහු මිනී වළ මෙන් කෑදර ය. මරණය මෙන් කිසි විටෙක සෑහීමට පත් නො වේ. ඔහු සියලු ජාතීන් තමා වෙතට එකතු කොට ගනී; සියලු ජනයා තමා වෙතට රැස් කර ගනී. “ඔවුන් සියල්ලෝ ඔහුට අවමන් කරමින්, පරිභව කරමින් හා ඇනුම් පදයෙන් මෙසේ නො කියත් ද? “ ‘තමන්ට අයිති නැති දෑ ගොඩ ගසා ගන්නාට, උගසට ගත් දෑ පැහැරගෙන, වස්තුව රැස් කරගන්නාට අහෝ! වන විපතක මහත! කොතෙක් කලක් මෙය සිදු වන්නේ ද?’ ඔබේ ණයකරුවෝ හදිසියේ ම නො නැගිටිත් ද? ඔවුන් පිබිද නුඹ වෙවුලන්නට නො සලස්වත් ද? ඉන්පසු නුඹ ඔවුන්ගේ ගොදුරක් වනු ඇත. මන්ද, නුඹ බොහෝ ජාතීන් කොල්ල කෑ බැවින්, ඉතිරි ව සිටින ජනයා, නුඹ කොල්ලකනු ඇත. මන්ද නුඹ මිනිස් ලේ වගුරා ඇති බැවිනි. නුඹ දේශ ද පුරවර ද ඒවායේ විසූ සියල්ලන් ද වනසා දැමූ බැවිනි. “තම කැදැල්ල අහසේ පිහිටු වන පිණිස, විපත්තියේ ග්‍රහණයෙන් මිදෙන පිණිස, අයුතු වාසියෙන් තම නිවසට ගෙනෙන්නාට අහෝ! වන විපතක මහත! ඔබගේ ම නිවසට ලජ්ජාව පමුණුවමින් ද ඔබගේ ම ජීවිතයට හානි පමුණුවා ගනිමින් ද බොහෝ ජනයාගේ විනාශයට ඔබ උපා යෙදී ය. මන්ද පවුරේ සිට ගල් කෑ මොර දෙනු ඇත. ලී රාමුවෙහි බාල්ක, එය ම දෝංකාර දෙනු ඇත. “ලේ වැගිරවීමෙන් නුවරක් ගොඩ නගන, සැහැසිකමින් නගරයක් පිහිටුවන්නාට අහෝ! වන විපතක මහත! ඔන්න! ජනයාගේ වෙහෙස මහන්සිය ගින්නට දර පිණිස වීමත්, ජාතීන්ගේ දැඩි වෙහෙස නිෂ්ඵලකමට වීමත් සේනාංකවල ස්වාමින්වහන්සේගෙන් ම නො වේ ද? මන්ද මුහුද, ජලයෙන් වැසී තිබෙන්නාක් මෙන්, ස්වාමින්වහන්සේගේ තේජස, දැනගැනීමෙන් පොළොව පිරී යන්නේ ය. “තම අසල්වාසීන්ට බොන්නට දී, ඔවුන්ගේ නග්න භාවය දෙස බලන පිණිස ඔවුන් මත්වන තුරු, තම මිදි යුෂ බඳුන වගුරුවන්නාට අහෝ! වන විපතක මහත! ගෞරවය වෙනුවට ලජ්ජාවෙන් නුඹ පුරවනු ලැබේ. බී, මත් වී, නුඹේ චර්ම-අඡේදිතත්වය පෙන්වනු! ස්වාමින්වහන්සේගේ සුරතේ කුසලාන නුඹ වෙත ළඟා වෙයි. නුඹේ ගරුත්වය නින්දාව විසින් වසා ගනු ඇත. ලෙබනොනයට නුඹ කළ සැහැසිකම ම නුඹ වසා ගනු ඇත. එහි සතුන් විනාශ කිරීම ඔබ භීතියට පත් කරනු ඇත; මන්ද නුඹ මිනිස් ලේ හලා ඇත. නුඹ දේශ හා පුරවර ද ඒවායේ වැසියන් ද වනසා දැමී ය. “මිනිසා විසින් නෙළන ලද දේව රූපයක හෝ බොරුව උගන්වන පිළිමයක හෝ ඇති වැදගැම්ම කුමක් ද? ඔහු සාදන්නේ කතා බැරි දේව රූප වූවත්, එය සාදන්නා, තමාගේ ම නිර්මාණය තුළ විශ්වාසය තබයි. ලීයක් අමතා, ‘පිබිදෙන්න’ කියා ද අප්‍රාණික ගලක් අමතා, ‘නැගී සිටින්න’ කියා ද කියන්නාට අහෝ! වන විපතක මහත! මග පෙන්වන්නට ඊට පුළුවන් ද? මෙන්න, ඒවා රනින් ද රිදීයෙන් ද ආලේපිත ය. ඒවා තුළ පණනල නැත.” එහෙත් ස්වාමින්වහන්සේ උන්වහන්සේගේ ශුද්ධ මාලිගය තුළ ය. මුළු පොළොව ම උන්වහන්සේ අබියස නිහඬ වෙත්වා!
හබක්කුක් 2:2-20 SROV (Sinhala Revised Old Version)
ස්වාමීන්වහන්සේ මට උත්තරදෙමින්: දර්ශනය කියවන්නා ඉක්මනින් කියවන්ට පුළුවන් වන පිණිස එය ලෑලිවල පැහැදිලිලෙස ලියන්න. මක්නිසාද දර්ශනය නියම කාලය දක්වා තව ප්‍රමාදවේ, එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය. එය ප්‍රමාදවෙතත් ඒ ගැන බලාසිටින්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙවාම ඇත. බලව, ඔහුගේ සිත උඩඟුය, එය ඔහු තුළ අවංක නැත. ධර්මිෂ්ඨයා තමාගේ විශ්වාසකමෙන් ජීවත්වන්නේයයි කීසේක. ඇරත් මුද්‍රිකපානය ද්‍රෝහියෙක්ය, අහංකාරවූ, ගෙදර නැවතී නොසිට තමාගේ ආශාව පාතාලය මෙන් විශාලකරගන, මරණය මෙන් තෘප්තියට නොපැමිණ, තමා වෙතට සියලු ජාතීන් රැස්කර ගන්නාවූ තමා වෙතට සියලු ජනයන් එකතුකරගන්නාවූ මනුෂ්‍යයෙක්ය. ඔවුන් සියල්ලෝම ඔහුට විරුද්ධව උපමාවක් සහ නින්දාකරන උපහැරණයක් නොකියද්ද? එනම්: තමාට අයිති නැතිදේ වැඩිකරගන්නාවූ, උකස් බඩු තමා පිට පටවාගන්නාවූ අයට දුක්වේ! කොපමණ කල්ද? නුඹ හපාකෑමට මනුෂ්‍යයෝ හදිසියෙන් නොනැගිටින්නෝද? නුඹට හිරිහැරකිරීමට නොපිබිදෙන්නෝද? නුඹ වනාහි ඔවුන්ට කොල්ලයක් වන්නෙහිය. නුඹ බොහෝ ජාතීන්ගෙන් කොල්ලකෑ බැවින්, මනුෂ්‍යයන්ගේ ලේ නිසාද දේශයටත් නගරයටත් එහි සියලු වැසියන්ටත් කළ බලාත්කාරය නිසාද ඉතිරිවූ සියලුම ජනයන් නුඹෙන් කොල්ලකනවා ඇත. තමාගේ කූඩුව ඉහළින් සාදන පිණිසද, විපත්තියේ බලයෙන් මිදෙන පිණිසද අධර්මයෙන් ගත් දෙයක් තමාගේ ගෙට ගෙනෙන්නාට දුක්වේ! බොහෝ ජනයන් සිඳදැමීමෙන් නුඹේ වංශයට ලජ්ජාව පැමිණෙන ලෙස නුඹ මන්ත්‍රණයකොට නුඹේම ප්‍රාණයට විරුද්ධව පව්කෙළෙහිය. මක්නිසාද බිත්තිය කෙරෙන් ගල මොරගසන්නේය, ලී වැඩය කෙරෙන් බාල්කය ඊට උත්තරදෙන්නේය. ලේවලින් නුවරක් ගොඩනගන්නාවූ, අධර්මිෂ්ඨකමෙන් නගරයක් පිහිටුවන්නාවූ අයට දුක්වේ! බලව, ජනයන් ගින්න පිණිස වැඩකිරීමත් ජාතීන් හිස්කමට වෙහෙසීමත් සේනාවල ස්වාමීන්වහන්සේගෙන් නොවේද? මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන් ස්වාමීන්වහන්සේගේ තේජස දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය. අසල්වාසීන්ගේ නග්නභාවය පෙනෙන ලෙස, නුඹේ කෝප විෂය යොදා, ඔවුන්ට බොන්ට දී මත්කරවන්නාවූ අයට දුක්වේ! නුඹ ගෞරවය වෙනුවට ලජ්ජාවෙන් පිරී සිටින්නෙහිය. නුඹත් බී අචර්මඡේදිත බව පෙන්වන්න. ස්වාමීන්වහන්සේගේ දකුණතේ පාත්‍රය නුඹ වෙතටත් කැත නින්දිතකම නුඹේ මහිමය පිටටත් පැමිණෙනවා ඇත. මක්නිසාද මනුෂ්‍යයන්ගේ ලේ නිසාත් දේශයටද නගරයටද එහි සියලු වාසීන්ටද කළ බලාත්කාරය නිසාත් ලෙබනොන්ට කළ බලාත්කාරය සහ මෘගයන් භයගැන්වූ උන්ගේ විනාශය නුඹ වසාගන්නේය. කැපූ රූපය සාදන්නා විසින් ඒක කැපූ නිසා රූපයෙන්වත්, ගොළු රූප සාදන්නා ඒවා සාදමින් තමාගේ වැඩ කෙරෙහි විශ්වාසකරන නිසා වාත්තු පිළිමයෙන්වත්, බොරු උගන්වන්නාගෙන්වත් ඇති ප්‍රයෝජනය මොකද? ලීයට: පිබිදියන්න කියාත් ගොළු ගලට: නැගිටින්න කියාත් කියන්නාට දුක්වේ! ඒක උගන්වනවා ඇද්ද? අන්න, ඒක රනිනුත් රිදීයෙනුත් වසා තිබේ. කිසි හුස්මක් ඒක තුළ ඇත්තේම නැත. ස්වාමීන්වහන්සේ තමන්ගේ ශුද්ධ මාළිගාවෙහි සිටිනසේක. මුළු පොළොව උන්වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්දවේවා.
හබක්කුක් 2:2-20 NRSV (Sinhala New Revised Version)
සමිඳාණන් වහන්සේ මට මෙසේ පිළිතුරු දුන් සේක: “දර්ශනය ලියන්න; එය කියවන්න පුළුවන් වන පිණිස ගල් පුවරුවල පැහැදිලි ලෙස ලියන්න. එසේ කළ යුත්තේ දර්ශනය නියම කාලය වන තෙක් පමාවන බැවිනි. එහෙත්, එය නිෂ්ඵල නොවී වේගයෙන් ඉටුවනු ඇත. එය නොවරදවා පැමිණෙන්නේ ම ය. අදමිටු අය නොපවතින්නෝය; එහෙත්, දමිටු අය දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ලෙන් ජීවත් වන්නෝ ය.” වස්තුව රවටන සුලු ය. පාතාලය මෙන් කට අයාගත් තෘෂ්ණාව ඇත; මරණය මෙන් තෘප්තියක් නොලබන, සියලු ජාතීන් තම ආශාව සඳහා රැස් කරන්නාවූ සියලු මිනිසුන් තම වාසියට හරවාගන්නාවූ මිනිසා අහංකාරී නොසංසුන් කෙනෙකි. සියලු දෙනා ඔහුට අවමන් කොට ඔහුට විරුද්ධ ව මෙසේ ඇනුම්පද කියනු ඇත; “නුඹලාට අයිති නැති දේ ගොඩගසාගත්, උකස් බඩු තමා පිට පටවාගත් අයට වන විපතක මහත!” නුඹලාගේ ණය හිමියන් හදිසියේ නුඹලා පිට කඩා පනින්නේ නැද් ද? නුඹලාගේ සතුරෝ නුඹලා තැති නොගන්වන්නෝ ද? එවිට ඔව්හු නුඹලා කොල්ලකන්නෝ ය. නුඹලා බොහෝ ජාතීන්ගෙන් කොල්ලකෑ නිසා ද නුඹලා කර ඇති ඝාතන නිසා ද දේශයටත්, නගරයටත්, එහි වැසියන්ටත් නුඹලා කර ඇති බලහත්කාරකම් නිසා ද ඉතිරි ව සිටින අය නුඹලා කොල්ලකන්නෝ ය. තමාගේ නිවෙස උස් තැනක සාදන පිණිස ද උපද්‍රවයෙන් මිදෙන පිණිස ද සිය වංශයේ වාසිය පිණිස සෙස්සන් සූරාකන තැනැත්තාට වන විපතක මහත! නුඹලාගේ උපායයන් නිසා නුඹලාගේ වංශය පිට නින්දාව පමුණුවාගෙන ඇත. බොහෝ ජාතීන් විනාශ කිරීම නිසා නුඹලා, තමන්ගේ ම විනාශය පමුණුවාගෙන ඇත. බිත්තියේ ගල් වුව ද නුඹලාට විරුද්ධ ව මොරහඬ නඟන අතර වහලේ රීප්ප හා පරාල දෝංකාර නඟනු ඇත. නුඹලා අපරාධයෙන් නුවරක් ද මිනීමැරීමෙන් නගරයක් ද ගොඩනඟාගෙන ඇති බැවින් නුඹලාට වන විපතක මහත! ජාතීන් නිකරුණේ වෙහෙස මහන්සියෙන් ඔවුන් ගොඩනඟා ඇති සියල්ල ගින්නෙන් දවා නැත්තට නැති කිරීම සියලු බලැති සමිඳාණන් වහන්සේගේ ක්‍රියාව නොවේ ද? මුහුද ජලයෙන් පිරී තිබෙන්නාක් මෙන් සමිඳාණන් වහන්සේගේ තේජස පිළිබඳ දැනගැන්මෙන් පොළොව පිරී යන්නේ ය. අසල්වාසීන්ගේ නග්න රූප දෙස බලා නින්දා කරන පිණිස අධික කෝපයෙන් ඔවුන්ට බොන්නට දී වෙරිමත් කරන්නාවූ නුඹලාට වන විපතක මහත! ඒ අයුරින් නුඹලාත් ගෞරවයෙන් වෙනුවට නින්දාවෙන් පිරී සිටින්නහු ය. නුඹලාත් වෙරිමත් වන්නහු ය. සමිඳාණන් වහන්සේගේ දකුණු අතෙහි කුසලානෙන් නුඹලාට බොන්න සලස්වා උන් වහන්සේ නුඹලාගේ ගෞරවය අගෞරවයට හරවන සේක. නුඹලා කර ඇති මිනීමැරීම් නිසාත්, දේශයටත් නගරයටත් එහි වැසියන්ටත් කර ඇති බලහත්කාරකම් නිසාත්, නුඹලා ලෙබනොන්හි කළ අපරාධ නිසාත් නුඹලා විනාශ කරනු ඇත. පිළිමයකින් ඇති ප්‍රයෝජනය කුමක් ද? එය මිනිසා විසින් සාදන ලද්දකි. එයට සත්‍යය පවසන්නට බැරි ය. එය වාත්තු පිළිමයක් පමණකි. එය කෙරෙහි විශ්වාසය තැබීමෙන් එය තැනූ තැනැත්තාට වන යහපත කුමක් ද? ඒ රූපයට ‘පිබිදෙන්න’ කියාත්, ගලින් නෙළූ ගොළු පිළිමවලට ‘නැඟිටින්න’ කියාත් කියන නුඹලාට වන විපතක මහත! පිළිමවලට කිසිවක් එළිදරව් කළ හැකි ද? අහෝ! රන් රිදීයෙන් එය වසා තිබුණත් එය තුළ ප්‍රාණයක් ඇත්තේ ම නැත. එහෙත්, සමිඳාණන් වහන්සේ සිය ශුද්ධ මාලිගාවේ වැඩ සිටින සේක; මුළු පොළොව උන් වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්ද වේ වා!
හබක්කුක් 2:2-20 SNRV (Sinhala New Revised Version 2018)

හබක්කුක් 2:2-20 NIV (New International Version)
Then the LORD replied: “Write down the revelation and make it plain on tablets so that a herald may run with it. For the revelation awaits an appointed time; it speaks of the end and will not prove false. Though it linger, wait for it; it will certainly come and will not delay. “See, the enemy is puffed up; his desires are not upright— but the righteous person will live by his faithfulness— indeed, wine betrays him; he is arrogant and never at rest. Because he is as greedy as the grave and like death is never satisfied, he gathers to himself all the nations and takes captive all the peoples. “Will not all of them taunt him with ridicule and scorn, saying, “ ‘Woe to him who piles up stolen goods and makes himself wealthy by extortion! How long must this go on?’ Will not your creditors suddenly arise? Will they not wake up and make you tremble? Then you will become their prey. Because you have plundered many nations, the peoples who are left will plunder you. For you have shed human blood; you have destroyed lands and cities and everyone in them. “Woe to him who builds his house by unjust gain, setting his nest on high to escape the clutches of ruin! You have plotted the ruin of many peoples, shaming your own house and forfeiting your life. The stones of the wall will cry out, and the beams of the woodwork will echo it. “Woe to him who builds a city with bloodshed and establishes a town by injustice! Has not the LORD Almighty determined that the people’s labor is only fuel for the fire, that the nations exhaust themselves for nothing? For the earth will be filled with the knowledge of the glory of the LORD as the waters cover the sea. “Woe to him who gives drink to his neighbors, pouring it from the wineskin till they are drunk, so that he can gaze on their naked bodies! You will be filled with shame instead of glory. Now it is your turn! Drink and let your nakedness be exposed! The cup from the LORD’s right hand is coming around to you, and disgrace will cover your glory. The violence you have done to Lebanon will overwhelm you, and your destruction of animals will terrify you. For you have shed human blood; you have destroyed lands and cities and everyone in them. “Of what value is an idol carved by a craftsman? Or an image that teaches lies? For the one who makes it trusts in his own creation; he makes idols that cannot speak. Woe to him who says to wood, ‘Come to life!’ Or to lifeless stone, ‘Wake up!’ Can it give guidance? It is covered with gold and silver; there is no breath in it.” The LORD is in his holy temple; let all the earth be silent before him.