හබක්කුක් 2:1-3
හබක්කුක් 2:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම, මගේ මුර පොළෙහි සිටගෙන, බළකොටු පවුරේ ස්ථානගත ව සිටිමින්, උන්වහන්සේ මට කුමක් කියන්නේ ද, මගේ පැමිණිල්ලට දෙන පිළිතුර කවරේ ද යන්න දැනගැනීමට බලා සිටින්නෙමි. ස්වාමින්වහන්සේගේ එවිට ස්වාමින්වහන්සේ පිළිතුරු දුන් සේක්, “දර්ශනය ලියාගන්න. එය කියවන්නා පණිවුඩය රැගෙන දුව යන පිණිස, පුවරුවක එය සටහන් කරන්න. මන්ද දර්ශනය, එහි නියමිත කාලය තෙක් බලා සිටී. එය ඉලක්කය දෙසට කඩිනම් වෙයි. එය නිෂ්ඵල නො වෙයි. ඊට කල් ගත වූවත්, ඒ ගැන බලා සිටින්න. නිසැකයෙන් ම එය පැමිණේ. එය පමා නො වේ.
හබක්කුක් 2:1-3 Sinhala Revised Old Version (SROV)
මම මාගේ මුරපළ උඩට පැමිණ, බලකොටුව උඩ සිටගන, උන්වහන්සේ මට කියන්නේ මොකද කියාත් මාගේ පැමිණිල්ල ගැන මා විසින් මොන උත්තරයක් දිය යුතුද කියාත් දැනගන්ට බලාසිටින්නෙමි. ස්වාමීන්වහන්සේ මට උත්තරදෙමින්: දර්ශනය කියවන්නා ඉක්මනින් කියවන්ට පුළුවන් වන පිණිස එය ලෑලිවල පැහැදිලිලෙස ලියන්න. මක්නිසාද දර්ශනය නියම කාලය දක්වා තව ප්රමාදවේ, එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය. එය ප්රමාදවෙතත් ඒ ගැන බලාසිටින්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙවාම ඇත.
හබක්කුක් 2:1-3 Sinhala New Revised Version (NRSV)
මම මාගේ මුර අට්ටාලය උඩට නැඟ, බලකොටුව උඩ සිටගෙන, සමිඳාණන් වහන්සේ මට කියන්නේ කුමක් ද කියාත්, මාගේ පැමිණිල්ල ගැන දෙන පිළිතුර කුමක් ද කියාත් බලා සිටින්නෙමි. සමිඳාණන් වහන්සේ මට මෙසේ පිළිතුරු දුන් සේක: “දර්ශනය ලියන්න; එය කියවන්න පුළුවන් වන පිණිස ගල් පුවරුවල පැහැදිලි ලෙස ලියන්න. එසේ කළ යුත්තේ දර්ශනය නියම කාලය වන තෙක් පමාවන බැවිනි. එහෙත්, එය නිෂ්ඵල නොවී වේගයෙන් ඉටුවනු ඇත. එය නොවරදවා පැමිණෙන්නේ ම ය.
හබක්කුක් 2:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
මම මාගේ මුර අට්ටාලය උඩට නැඟ, බලකොටුව උඩ සිටගෙන, සමිඳාණන් වහන්සේ මට කියන්නේ කුමක් ද කියාත්, මාගේ පැමිණිල්ල ගැන දෙන පිළිතුර කුමක් ද කියාත් බලා සිටින්නෙමි. සමිඳාණන් වහන්සේ මට මෙසේ පිළිතුරු දුන් සේක: “දර්ශනය ලියන්න; එය කියවන්න පුළුවන් වන පිණිස ගල් පුවරුවල පැහැදිලි ලෙස ලියන්න. එසේ කළ යුත්තේ දර්ශනය නියම කාලය වන තෙක් පමාවන බැවිනි. එහෙත්, එය නිෂ්ඵල නොවී වේගයෙන් ඉටුවනු ඇත. එය නොවරදවා පැමිණෙන්නේ ම ය.
හබක්කුක් 2:1-3 New International Version (NIV)
I will stand at my watch and station myself on the ramparts; I will look to see what he will say to me, and what answer I am to give to this complaint. LORD Then the LORD replied: “Write down the revelation and make it plain on tablets so that a herald may run with it. For the revelation awaits an appointed time; it speaks of the end and will not prove false. Though it linger, wait for it; it will certainly come and will not delay.