හබක්කුක් 2:1-2
හබක්කුක් 2:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම, මගේ මුර පොළෙහි සිටගෙන, බළකොටු පවුරේ ස්ථානගත ව සිටිමින්, උන්වහන්සේ මට කුමක් කියන්නේ ද, මගේ පැමිණිල්ලට දෙන පිළිතුර කවරේ ද යන්න දැනගැනීමට බලා සිටින්නෙමි. ස්වාමින්වහන්සේගේ එවිට ස්වාමින්වහන්සේ පිළිතුරු දුන් සේක්, “දර්ශනය ලියාගන්න. එය කියවන්නා පණිවුඩය රැගෙන දුව යන පිණිස, පුවරුවක එය සටහන් කරන්න.
හබක්කුක් 2:1-2 Sinhala Revised Old Version (SROV)
මම මාගේ මුරපළ උඩට පැමිණ, බලකොටුව උඩ සිටගන, උන්වහන්සේ මට කියන්නේ මොකද කියාත් මාගේ පැමිණිල්ල ගැන මා විසින් මොන උත්තරයක් දිය යුතුද කියාත් දැනගන්ට බලාසිටින්නෙමි. ස්වාමීන්වහන්සේ මට උත්තරදෙමින්: දර්ශනය කියවන්නා ඉක්මනින් කියවන්ට පුළුවන් වන පිණිස එය ලෑලිවල පැහැදිලිලෙස ලියන්න.
හබක්කුක් 2:1-2 Sinhala New Revised Version (NRSV)
මම මාගේ මුර අට්ටාලය උඩට නැඟ, බලකොටුව උඩ සිටගෙන, සමිඳාණන් වහන්සේ මට කියන්නේ කුමක් ද කියාත්, මාගේ පැමිණිල්ල ගැන දෙන පිළිතුර කුමක් ද කියාත් බලා සිටින්නෙමි. සමිඳාණන් වහන්සේ මට මෙසේ පිළිතුරු දුන් සේක: “දර්ශනය ලියන්න; එය කියවන්න පුළුවන් වන පිණිස ගල් පුවරුවල පැහැදිලි ලෙස ලියන්න.
හබක්කුක් 2:1-2 Sinhala New Revised Version 2018 (SNRV)
මම මාගේ මුර අට්ටාලය උඩට නැඟ, බලකොටුව උඩ සිටගෙන, සමිඳාණන් වහන්සේ මට කියන්නේ කුමක් ද කියාත්, මාගේ පැමිණිල්ල ගැන දෙන පිළිතුර කුමක් ද කියාත් බලා සිටින්නෙමි. සමිඳාණන් වහන්සේ මට මෙසේ පිළිතුරු දුන් සේක: “දර්ශනය ලියන්න; එය කියවන්න පුළුවන් වන පිණිස ගල් පුවරුවල පැහැදිලි ලෙස ලියන්න.
හබක්කුක් 2:1-2 New International Version (NIV)
I will stand at my watch and station myself on the ramparts; I will look to see what he will say to me, and what answer I am to give to this complaint. LORD Then the LORD replied: “Write down the revelation and make it plain on tablets so that a herald may run with it.