හබක්කුක් 1:2-3
හබක්කුක් 1:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අහෝ ස්වාමින්වහන්ස, තව කොපමණ කල් උදවු ඉල්ලා මා හඬ ගසන්න ද? කෝ! ඔබ අසන්නේ නැත. “සැහැසිකම ය” කියමින්, ඔබට මම මොර ගසමි. කෝ! ඔබ ගලවන්නේ නැත. අයුක්තිය දකින්නට ඔබ මට ඉඩ සලසන්නේ ඇයි? වැරැද්දට ඔබ ඉඩ හැර ඇත්තේ මන්ද? මා ඉදිරිපිට ඇත්තේ විනාශයත්, සැහැසිකමත් ය. ආරවුල් පැන නැගේ. ගැටුම් අධික වෙයි.
හබක්කුක් 1:2-3 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්ස, මම කොපමණ කල් මොරගසම්ද? එහෙත් ඔබ නොඅසනසේක; බලාත්කාරය ගැන ඔබට කෑගසමි, එහෙත් ඔබ නොගළවනසේක. ඔබවහන්සේ අධර්මිෂ්ඨකම දකින්ට මට ඉඩහැර, හිතුවක්කාර හිංසාව බලා සිටින්නේ මක්නිසාද? නාස්තිකිරීමද බලාත්කාරයද මා ඉදිරිපිට තිබේ. භේද තිබේ, තරඟයද හටගනියි.
හබක්කුක් 1:2-3 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්ස, ඔබ සවන් දෙන තෙක්, සවන් දී බලහත්කාරයෙන් අප මුදන තෙක් මම කොපමණ කල් ඔබට මොරගසම් ද? තාඩන පීඩන හා බලහත්කාරය මා අවටින් ඇත. කලකෝලාහල හා අඬදබර හැම තැන ම ඇත. මෙවැනි හිරිහැර හා නපුරුකම් මට බලා සිටින්නට ඔබ වහන්සේ සලසා ඇත්තේ මන් ද?
හබක්කුක් 1:2-3 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්ස, ඔබ සවන් දෙන තෙක්, සවන් දී බලහත්කාරයෙන් අප මුදන තෙක් මම කොපමණ කල් ඔබට මොරගසම් ද? තාඩන පීඩන හා බලහත්කාරය මා අවටින් ඇත. කලකෝලාහල හා අඬදබර හැම තැන ම ඇත. මෙවැනි හිරිහැර හා නපුරුකම් මට බලා සිටින්නට ඔබ වහන්සේ සලසා ඇත්තේ මන් ද?
හබක්කුක් 1:2-3 New International Version (NIV)
How long, LORD, must I call for help, but you do not listen? Or cry out to you, “Violence!” but you do not save? Why do you make me look at injustice? Why do you tolerate wrongdoing? Destruction and violence are before me; there is strife, and conflict abounds.