උත්පත්ති 8:3-21
උත්පත්ති 8:3-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ජලය ක්‍රමයෙන් පොළොවෙන් බැස යන්නට විය. දවස් එකසිය පනහකට පසු ජල මට්ටම පහළ බැස්සේ ය. හත් වන මස දහහත් වන දින නැව අරාරට් කඳු මත නැවතිණ. දහ වන මස තෙක් ක්‍රමයෙන් ජලය බැස ගියේ ය. දහ වන මස පළමු වන දින, කඳු මුඳුන් දිස් වන්නට විය. සතළිස් දවසකට පසු, නෝවා නැවෙහි තමා සෑදූ කවුළුව ඇර, කපුටකු පිටතට යැවී ය. පොළොව මත ජලය සිඳෙන තුරු ඌ ඔබ මොබ පියාසැරී ය. පසුව නෝවා, පොළොව මතු පිටින් ජලය බැස ගියේ දැයි බලන පිණිස, පරෙවියකු පිටතට යැවී ය. එහෙත් පොළෝ තලය මුළුල්ල ම ජලයෙන් වැසී තිබූ බැවින්, පය ගසන්නට තැනක් හමු නො වූයෙන්, පරෙවියා නෝවා වෙත ආපසු නැවට ආවේ ය. එවිට ඔහු අත දිගු කර ඌ අල්ලා, තමා වෙත නැව තුළට ගත්තේ ය. තවත් හත් දවසක් බලා සිටි නෝවා, යළිත් නැවෙන් පිටතට පරෙවියා යැවී ය. පරෙවියා සවස ඔහු වෙත ආපසු පැමිණියේ ය. එවිට මෙන්න! උගේ හොටෙහි වූයේ අලුත කැඩූ අමු ඔලීව කොළයකි. එබැවින් පොළොවෙන් ජලය බැස ගොස් ඇති වග නෝවා දැනගත්තේ ය. තවත් හත් දවසක් බලා සිටි නෝවා යළිත් පරෙවියා පිටතට යැවී ය. එහෙත් මෙවර ඌ ආපසු ඔහු වෙත ආවේ නැත. නෝවාගේ ජීවිතයේ හයසිය එක් වන වසරේ පළමු මස පළමු දින වන විට, පොළොවෙන් ජලය සිඳී ගොස් තිබිණි. එවිට නෝවා නැවේ වැස්ම ඇර බැලුවේ ය. එවිට මෙන්න! පොළොව මතු පිට වියළී තිබිණි. දෙවන මස විසිහත් වන දින වන විට පොළොව මුළුමනින් ම වියළී තිබිණි. ඉන්පසු දෙවියන්වහන්සේ නෝවා අමතා මෙසේ කී සේක: “ඔබත්, ඔබේ භාර්යාවත්, ඔබේ පුතුන් හා ඔබේ පුතුන්ගේ භාර්යාවනුත් නැවෙන් පිටතට එන්න. ඔබ සමඟ සිටින හැම වර්ගයක ම ජීවමාන සතුන් වන පක්ෂීන් ද සිවුපාවුන් ද පොළොව පිට ඇදෙන සියලු උරගයින් ද පොළොවේ වැඩි වර්ධන වෙමින්, පොළොව පුරා සඵල ව බෝ වන පිණිස, ඔබ සමඟ උන් ද පිටතට ගෙනෙන්නැ” යි කී සේක. එවිට නෝවා තම පුතුන් ද තම භාර්යාව ද තම පුතුන්ගේ භාර්යාවන් ද කැටිව පිටතට ආවේ ය. සියලු සත්තු ද සියලු උරගයෝ ද සියලු පක්ෂීහු ද යන පොළොවෙහි ගැවසෙන සියල්ලෝ එක් එක් වර්ගය බැගින් නැවෙන් පිටතට ආහ. ඉන්පසු ස්වාමින්වහන්සේට පූජාසනයක් තැනූ නෝවා, සියලු පවිත්‍ර සතුන්ගෙන් හා සියලු පවිත්‍ර පක්ෂීන්ගෙන් ගෙන, දවන යාග පූජාවක් ඒ මත ඔප්පු කළේ ය. එහි ප්‍රසන්න සුවඳ විඳි ස්වාමින්වහන්සේ තමන්වහන්සේට ම මෙසේ කී සේක. “යළි කවර කලෙකවත් මනුෂ්‍යයා නිසා භූමියට ශාප නො කරමි. බාල කාලයේ පටන් ඔහුගේ හදේ හැම සිතිවිල්ලක් ම නපුර ය. වරක් මා කළ පරිද්දෙන් මතු කවර කලෙකවත් ජීවමාන සකල සත්වයින් මම විනාශ නො කරන්නෙමි.
උත්පත්ති 8:3-21 Sinhala Revised Old Version (SROV)
ජලය නොකඩව පොළොවෙන් බැස ගියේය; එකසිය පනස් දවසකට පසු ජලය අඩුවිය. නැව සත්වෙනි මස දසසත්වෙනි දින අරරත් කඳු පිට නැවතුණාය. දසවෙනි මාසය දක්වා ජලය නොකඩව බැස්සේය; දසවෙනි මස පළමුවෙනි දින කඳු මුදුන් පෙනුණේය. සතළිස් දවසකට පසු නෝවා තමා සෑදූ නැවේ කවුළුව හැරියේය. ඔහු කපුටුවෙකු පිටතට යැවීය, ඌ පිටතට ගොස් පොළොවෙන් ජලය සිඳෙන තුරු ඔබ මොබ ගියේය. ඔහු භූමිය මතුපිටින් ජලය බැසගියාදැයි බලන පිණිස තමා වෙතින් පරෙවියෙකු යැවීය; එහෙත් ජලය මුළු පොළොව මතුපිට තිබුණු බැවින් පරෙවියා උගේ පතුල තබන්ට තැනක් නොලැබ ඔහු වෙත නැවට හැරී ආවේය. ඔහු තමාගේ අත දිගුකොට ඌ අල්වා තමා වෙත නැවට ගත්තේය. ඔහු තව සත්දවසක් බලා සිට නැවතත් පරෙවියා නැවෙන් පිටතට ඇරියේය; පරෙවියා සවස් වේලෙහි ඔහු වෙතට ආවේය; බලව, අමු ඔලීව කොළයක් උගේ තුඩෙහි තිබුණේය. මෙසේ පොළොවෙන් ජලය බැසගිය බව නෝවා දැනගත්තේය. ඔහු තව සත් දවසක් බලාසිට පරෙවියා පිටතට ඇරියේය; ඌ නැවත ඔහු වෙතට තවත් හැරී නාවේය. තවද හසිය එක්වෙනි අවුරුද්දේ පළමුවෙනි මස පළමුවෙනි දින ජලය පොළොව මතුපිටින් සිඳී ගොස් තිබුණේය. නෝවා නැවේ වැස්ම හැර බැලුවේය, බලව, භූමිතලය වියළී තිබුණාය. දෙවෙනි මස විසිසත් වෙනි දින පොළොව වියළී තිබුණාය. එවිට දෙවියන්වහන්සේ නෝවාට කථාකොට: නුඹද නුඹ සමඟ නුඹේ භාර්යාවද නුඹේ පුත්‍රයෝද නුඹේ පුත්‍රයන්ගේ භාර්යාවෝද නැවෙන් පිටතට එන්න. නුඹ සමඟ සිටින සියලු ආකාර සත්වයන්වූ පක්ෂීන්ද සිව්පාවුන්ද පොළොව පිට බඩගා යන පණ ඇති සියල්ලන්ද පොළොවෙහි අතිශයින් වැඩිවී සඵලව පොළොව පිට බෝවෙන පිණිස නුඹ සමඟ රැගෙන පිටතට එන්නැයි කීසේක. එවිට නෝවාද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයෝද ඔහුගේ භාර්යාවද ඔහුගේ පුත්‍රයන්ගේ භාර්යාවෝද පිටතට ආවෝය. සියලු මෘගයෝද සියලු බඩගා යන සත්වයෝද සියලු පක්ෂීහුද භූමියෙහි හැසිරෙන සියල්ලෝද උන්ගේ ජාති ප්‍රකාරයට නැවෙන් පිටතට ගියෝය. නෝවා ස්වාමීන්වහන්සේ ට පූජාසනයක් ගොඩනගා සියලු පවිත්‍ර සිව්පාවුන්ගෙන්ද සියලු පවිත්‍ර පක්ෂීන්ගෙන්ද රැගෙන පූජාසනය පිට දවන පූජා පිදුවේය. ස්වාමීන්වහන්සේ මිහිරි සුවඳ සිඹ තමන්වහන්සේගේ සිත තුළ කථාකරමින්: මනුෂ්‍යයා නිසා භූමියට තවත් ශාප නොකරන්නෙමි; මක්නිසාද බාල වයසේ පටන් ඔහුගේ සිතේ කල්පනා නපුරුව තිබේ; තවද මා විසින් කළ ලෙස නැවත ජීවමාන සියල්ලන්ට තවත් පහර නොදෙන්නෙමි.
උත්පත්ති 8:3-21 Sinhala New Revised Version (NRSV)
පොළෝ තලයෙන් ගංවතුර ටිකින් ටික බැස යන්නට විය. දවස් එකසිය පණහකට පසු ගංවතුර බැස ගියේය. සත් වන මාසයේ දහහත් වන දින නැව අරරත් කඳු වැටිය මත නැවතිණි. ගංවතුර දස වන මාසය දක්වා නොනැවතී බැස ගියේ ය; දස වන මාසයේ පළමු වන දින කඳු මුදුන් පෙනිණි. දවස් සතළිසකට පසු නෝවා තමා සෑදූ නැවේ කවුළුව ඇර කපුටෙකු පිටතට යැවී ය. ඌ පොළොව මත ජලය සිඳෙන තුරු ඔබමොබ පියාඹා ගියේය. පසුව නෝවා පොළොව මත ජලය බැස ගොස් තිබේ දැ යි බලනු පිණිස පරෙවියෙකු පිටතට යැවී ය. එහෙත් පොළොව මත තවමත් ජලය රැඳී තිබුණු බැවින් ඌට පා තැබීමට තැනක් නොලැබ ඌ නෝවා වෙත නැවට ආපසු පැමිණියේ ය. එවිට ඔහු අත දිගු කර ඌ අල්ලා නැව තුළට ගත්තේ ය. ඔහු තව සත් දවසක් බලා සිට පරෙවියා නැවෙන් පිටතට යළිත් යැවී ය. සවස් කාලයේ දී ඌ ආපසු පැමිණියේ ය. පුදුමයකි! උගේ හොටෙහි අමු ඔලීව දළුවක් තිබිණි. මේ කරුණින් පොළොවෙන් ගංවතුර බැස ගොස් ඇති බව නෝවා දැනගත්තේ ය. එවිට නෝවා තව දවස් සතක් බලා සිට පරෙවියා යළිත් පිටතට යැවී ය. ඌ ආපසු ඔහු වෙත පැමිණියේ නැත. නෝවාට අවුරුදු හයසිය එකක් වූ කල පළමු වන මාසයේ පළමු වන දින පොළොව මතු පිටින් ජලය බැස ගොස් තිබිණි. එබැවින් නෝවා නැවේ ආවරණය ඉවත් කර පිටත බැලූ විට, පොළෝ තලය වියළී තිබුණු බව දිටී ය. දෙ වන මස විසිසත් වන දින පොළොව සම්පූර්ණයෙන් ම වියළී තිබිණි. එවිට දෙවියන් වහන්සේ නෝවාට කතා කොට, “නුඹ, නුඹේ භාර්යාව ද නුඹේ පුත්‍රයන් ද ඔවුන්ගේ භාර්යාවන් ද සමඟ පිටතට එන්න. නුඹ සමඟ සිටින ජීවමාන සියලු සතුන් වන, පක්ෂීන් ද ගවමහිෂයන් හා උරගයන් ද පොළොව පිට බහුල ව බෝ වී, වැඩි වර්ධනය වන පිණිස පිටතට ගෙනෙන්නැ”යි වදාළ සේක. මෙලෙස නෝවා සමඟ ඔහුගේ බිරිඳ ද ඔහුගේ පුත්තු ද ඔවුන්ගේ බිරින්දෝ ද පිටතට පැමිණියහ. සියලු මෘගයෝ ද, ගවමහිෂයෝ ද පක්ෂීහු ද උරගයෝ ද තම වර්ගය අනුව රංචු ගැසී නැවෙන් පිටතට ආහ. එවිට නෝවා සමිඳාණන් වහන්සේට පූජාසනයක් තනා, එක එක වර්ගයේ සියලු පවිත්‍ර සතුන්ගෙන් හා පක්ෂීන්ගෙන් එක එකා බැගින් පූජාසනය මත දවන පඬුරක් මෙන් පූජා කෙළේ ය. සමිඳාණන් වහන්සේ ඒ යාග පූජාවන්හි මිහිරි සුවඳ ආඝ්‍රාණය කර මෙසේ සිතා ගත් සේක: “මිනිසා නිසා මින් මතු කවදා වත් මම පොළොවට සාප නොකරමි; යොවුන් වියේ පටන් මිනිසාගේ සිත නපුරට ඇදී යන බව මම දනිමි; මා මෙවර කළාක් මෙන් මින් මතු කවදා වත් සියලු ජීවමාන සතුන් විනාශ නොකරන්නෙමි.
උත්පත්ති 8:3-21 Sinhala New Revised Version 2018 (SNRV)

උත්පත්ති 8:3-21 New International Version (NIV)
The water receded steadily from the earth. At the end of the hundred and fifty days the water had gone down, and on the seventeenth day of the seventh month the ark came to rest on the mountains of Ararat. The waters continued to recede until the tenth month, and on the first day of the tenth month the tops of the mountains became visible. After forty days Noah opened a window he had made in the ark and sent out a raven, and it kept flying back and forth until the water had dried up from the earth. Then he sent out a dove to see if the water had receded from the surface of the ground. But the dove could find nowhere to perch because there was water over all the surface of the earth; so it returned to Noah in the ark. He reached out his hand and took the dove and brought it back to himself in the ark. He waited seven more days and again sent out the dove from the ark. When the dove returned to him in the evening, there in its beak was a freshly plucked olive leaf! Then Noah knew that the water had receded from the earth. He waited seven more days and sent the dove out again, but this time it did not return to him. By the first day of the first month of Noah’s six hundred and first year, the water had dried up from the earth. Noah then removed the covering from the ark and saw that the surface of the ground was dry. By the twenty-seventh day of the second month the earth was completely dry. Then God said to Noah, “Come out of the ark, you and your wife and your sons and their wives. Bring out every kind of living creature that is with you—the birds, the animals, and all the creatures that move along the ground—so they can multiply on the earth and be fruitful and increase in number on it.” So Noah came out, together with his sons and his wife and his sons’ wives. All the animals and all the creatures that move along the ground and all the birds—everything that moves on land—came out of the ark, one kind after another. Then Noah built an altar to the LORD and, taking some of all the clean animals and clean birds, he sacrificed burnt offerings on it. The LORD smelled the pleasing aroma and said in his heart: “Never again will I curse the ground because of humans, even though every inclination of the human heart is evil from childhood. And never again will I destroy all living creatures, as I have done.