උත්පත්ති 6:5-6
උත්පත්ති 6:5-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මිහි පිට මනුෂ්‍යයාගේ දුෂ්ටකම් කොතෙක් මහත් වී ද යන්නත්, ඔහුගේ හදෙහි අදහස්වල සෑම නැඹුරුවීමක් ම, හැම විට නපුරට ම බවත් ස්වාමින්වහන්සේ දුටු සේක. තමා මිහි පිට මනුෂ්‍යයා සෑදීම ගැන ස්වාමින්වහන්සේ තැවුණු සේක. උන්වහන්සේගේ හද වේදනාවෙන් පෙළුණි.
උත්පත්ති 6:5-6 Sinhala Revised Old Version (SROV)
මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණත් නිරන්තරයෙන් නපුරුවම තිබෙන බවද ස්වාමීන්වහන්සේ දුටුසේක. තවද ස්වාමීන්වහන්සේ පොළොවෙහි මනුෂ්‍යයා සෑදූ බැවින් තැවී තමන් සිතෙන්ම ශෝකවූසේක.
උත්පත්ති 6:5-6 Sinhala New Revised Version (NRSV)
මිහි පිට මිනිසාගේ දැඩි දුෂ්ටකම හා මිනිසා නිතර ම නපුරු සිතුවිල්ලෙන් කල් යවන බව සමිඳාණන් වහන්සේ දුටු විට මිහි පිට මිනිසා මැවීම ගැන උන් වහන්සේ ශෝක වූ සේක; උන් වහන්සේගේ හදවත සොවින් පෙළුණි.
උත්පත්ති 6:5-6 Sinhala New Revised Version 2018 (SNRV)
මිහි පිට මිනිසාගේ දැඩි දුෂ්ටකම හා මිනිසා නිතර ම නපුරු සිතුවිල්ලෙන් කල් යවන බව සමිඳාණන් වහන්සේ දුටු විට මිහි පිට මිනිසා මැවීම ගැන උන් වහන්සේ ශෝක වූ සේක; උන් වහන්සේගේ හදවත සොවින් පෙළුණි.
උත්පත්ති 6:5-6 New International Version (NIV)
The LORD saw how great the wickedness of the human race had become on the earth, and that every inclination of the thoughts of the human heart was only evil all the time. The LORD regretted that he had made human beings on the earth, and his heart was deeply troubled.