උත්පත්ති 6:14-22

උත්පත්ති 6:14-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එනිසා ගෝපේර් ලීයෙන් ඔබට නැවක් සාදා ගන්න. එහි කාමර තනා, ඇතුළත හා පිටත කීල් බදාම තවරාලන්න. ඔබ එය තැනිය යුත්තේ මෙසේයි: නැව දිගින් රියන් තුන්සියයක් ද පළලින් රියන් පනහක් ද උසින් රියන් තිහක් ද විය යුතුයි. නැවේ ඉහළ, රියනක විවරයක් තබා, ඊට ඉහළින් වහලක් සාදන්න. නැව පැත්තකින් දොරක් තබා, යට, මැද සහ උඩ යන තට්ටු තුනකින් යුතු ව නැව සෑදිය යුතු ය. මෙන්න, මම පොළොව පිටට ජලගැල්මක් ගෙනෙන්නෙමි. එසේ කරන්නේ, අහස යට වෙසෙන ජීවන හුස්ම ඇති සියලු සත්වයින් විනාශ කරන පිණිසයි. මිහි පිට සියල්ල ඉන් නැසී යනු ඇත. එහෙත් ඔබ සමඟ මම මගේ ගිවිසුම පිහිටු වන්නෙමි. ඔබ නැවට ඇතුළු වනු ඇත; ඔබත්, ඔබ සමඟ ඔබේ පුතුන් ද ඔබේ භාර්යාව ද ඔබේ පුතුන්ගේ භාර්යාවන් ද එහි ඇතුල් වනු ඇත. ඔබ සමඟ ජීවත් ව තබා ගනු පිණිස, හැම වර්ගයක ම සජීව සතුන්, පිරිමි සතකු හා ගැහැනු සතකු වශයෙන් යුගල බැගින් ඔබ නැව තුළට ගත යුතුයි. දිවි පැවතෙනු පිණිස, හැම වර්ගයක ම පක්ෂීන් ද හැම වර්ගයක ම සතුන් ද බිම බඩ ගා යන හැම වර්ගයක ම උරගයින් ද යුගලක් බැගින් ඔබ වෙත පැමිණෙනු ඇත. අහරට ගන්නා හැම වර්ගයේ ම ආහාර ද්‍රව්‍ය ගෙන, ඔබ ඒවා ගබඩා කළ යුතුයි. ඒවා, ඔබටත්, උන්ටත් ආහාර පිණිස වේ යැ” යි පැවසූ සේක. නෝවා එසේ කළේ ය. ඔහු ඒ හැම දෙයක් ම කළේ, දෙවියන්වහන්සේ ඔහුට අණ කළ පරිද්දෙනි.

උත්පත්ති 6:14-22 Sinhala Revised Old Version (SROV)

නුඹ ගොඵෙර් ලීවලින් නැවක් සාදාගන්න; නැවෙහි කාමර සාදා එහි ඇතුළත් පිටත් කීල් ගාන්න. නුඹ ඒක සෑදිය යුතු ආකාරය මේය. නැවේ දිග රියන් තුන්සියයක්ය, පළල රියන් පනසක්ය, උස රියන් තිහක්ය. නැවට කවුළුවක් සාදවා ඉහළින් ඒක රියනකින් නිමකරන්න; නැවේ දොර පැත්තකින් සාදන්න; පහළ තට්ටුවක්ද දෙවෙනි තුන්වෙනි තට්ටුද ඇතුව ඒක සාදන්න. බලව, අහස යට ජීවන හුස්ම ඇති මාංසමයවූ සියල්ලන් විනාශකරන පිණිස මම පොළොව පිටට ජලගැල්ම පමුණුවමි; පොළොවෙහි ඇත්තාවූ සියල්ල නසින්නේය. එහෙත් නුඹ සමඟ මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි; නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද නුඹේ භාර්යාවද නුඹේ පුත්‍රයන්ගේ භාර්යාවෝද නැවට ඇතුල්වන්නෝය. තවද මාංසමයවූ පණ ඇති සියල්ලන්ගෙන් නුඹ සමඟ පණ ඇතුව තබා ගන්න පිණිස එක එක වර්ගයේ ගෑනු පිරිමි දෙදෙනෙකු බැගින් නැවට ගෙනියන්න. ඒ ඒ වර්ගයේ පක්ෂීන්ගෙන්ද ඒ ඒ වර්ගයේ සිව්පාවුන්ගෙන්ද භූමියේ බඩගා යන ඒ ඒ වර්ගයේ සියල්ලන්ගෙන්ද පණ ඇතුව තබාගන්න පිණිස සියලු වර්ගවලින්ම දෙදෙනෙක් බැගින් නුඹ වෙතට පැමිණෙන්නෝය. කන්නාවූ සියලු ආකාර ආහාරයෙන් නුඹ වෙතට රැස්කරගන්න; ඒවා නුඹටද උන්ටද භෝජන පිණිස වන්නේයයි කීසේක. නෝවා එසේ කෙළේය; දෙවියන්වහන්සේ ඔහුට අණ කළ සියල්ල ලෙස ඔහු කෙළේය.

උත්පත්ති 6:14-22 Sinhala New Revised Version (NRSV)

නුඹ සඳහා ගෝපෙර් නම් ලීයෙන් නැවක් සාදාගන්න; එහි කාමර තනා, නැව ඇතුළත හා පිටත කීල් තාර ගාන්න. නැවේ සැලැස්ම මෙසේ විය යුතු ය. එහි දිග මීටර් එකසිය තිස්තුනකි; පළල මීටර් විසිදෙකකි; උස මීටර් දහතුනකි. නැවට උඩින් පියස්සක් තනා, ඒ ආවරණය හා බිත්ති අතර සෙන්ටිමීටර් හතළිස්හතරක පරතරයක් තැබිය යුතු ය. පළමු වන, දෙ වන, තෙ වන වශයෙන් තට්ටු තුනක් ඇති ව නැව සාදා එහි එක පැත්තක දොර තබන්න. අහස යට සියලු සත්ත්වයන් වනසාලන පිණිස මම පොළෝ තලය මත ජලගැල්මක් පමුණුවන්නෙමි. එවිට පොළොව පිට ඇති සියලු දේ වැනසී යන්නේ ය. එහෙත්, නුඹ සමඟ මම මගේ ගිවිසුම පිහිටුවන්නෙමි. නුඹ ද නුඹ සමඟ නුඹේ පුතුන් ද නුඹේ භාර්යාව ද නුඹේ පුතුන්ගේ භාර්යාවන් ද නැවට ඇතුළු විය යුතු ය. පණ පිටින් රැකගනු පිණිස එක එක වර්ගයේ, සියලු සතුන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් දෙදෙනෙකු බැගින් නුඹ සමඟ නැව තුළට රැගෙන යා යුතු ය. නොමැරී බේරාගනු පිණිස සෑම වර්ගයක ම පක්ෂීන්ගෙන් ද සිවුපාවුන්ගෙන් ද උරගයන්ගෙන් ද දෙදෙනා බැගින් නුඹ සමඟ නැවට ඇතුළු විය යුතු ය. කෑම පිණිස විවිධ ආහාර රැස් කරගෙන යන්න; ඒවා නුඹට ද ඔවුන්ට ද ආහාර පිණිස විය යුතු ය.” මෙසේ දෙවියන් වහන්සේ අණ කළ සියල්ල නෝවා නොපිරිහෙළා ඉටු කෙළේ ය.

උත්පත්ති 6:14-22 Sinhala New Revised Version 2018 (SNRV)