උත්පත්ති 6:1-6
උත්පත්ති 6:1-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මිනිසුන් මිහි පිට වැඩි වන්නට පටන් ගෙන, ඔවුනට දූවරුන් උපන් කල, මිනිස් දූවරුන් සුරූපී වග දුටු දේව-පුත්‍රයෝ තමන් රිසි වූ අය තම භාර්යාවන් කොට ගත්හ. ස්වාමින්වහන්සේ එවිට, “මගේ ආත්මය සදහට ම මිනිසා සමඟ විවාද කරන්නේ නැත. මන්ද ඔහු මාංසමය වන බැවිනි. ඔහුගේ ආයු කාලය වසර එකසිය විස්සක් වනු ඇතැ” යි කී සේක. එකල්හිත්, ඉන්පසුවත් යෝධයෝ මිහි පිට විසූහ. දේව-පුත්‍රයින් මිනිස් දූවරුන් වෙත එළැඹි කල්හි ඔවුනට පුතුන් ලැබිණ. ඉපැරණි වීරයන් වූ කීර්තිමත් මිනිස්සු ඔවුහු ය. මිහි පිට මනුෂ්‍යයාගේ දුෂ්ටකම් කොතෙක් මහත් වී ද යන්නත්, ඔහුගේ හදෙහි අදහස්වල සෑම නැඹුරුවීමක් ම, හැම විට නපුරට ම බවත් ස්වාමින්වහන්සේ දුටු සේක. තමා මිහි පිට මනුෂ්‍යයා සෑදීම ගැන ස්වාමින්වහන්සේ තැවුණු සේක. උන්වහන්සේගේ හද වේදනාවෙන් පෙළුණි.
උත්පත්ති 6:1-6 Sinhala Revised Old Version (SROV)
තවද භූමිය මතුපිට මනුෂ්‍යයන් වැඩිවෙන්ට පටන්ගෙන ඔවුන්ට දූවරුන් උපන් කල දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ මනුෂ්‍යයන්ගේ දූවරුන් ශෝභන බව දැක තමතමන් කැමති සියල්ලන් භාර්යාවන් කොට පාවාගත්තෝය. ස්වාමීන්වහන්සේ ද: මාගේ ආත්මය මනුෂ්‍යයා හා සමඟ සදාකල්ම විවාද නොකරන්නේය; මක්නිසාද ඔහුත් මාංසයය. එසේවී නුමුත් ඔහුගේ කාලය එකසිය විසි අවුරුද්දක් වන්නේයයි කීසේක. ඒ දවස්හි යෝධයෝ පොළොවෙහි සිටියෝය, ඉන්පසුත් දෙවියන්වහන්සේගේ පුත්‍රයන් මනුෂ්‍යයන්ගේ දූවරුන් වෙතට පැමිණිකල ඒ ස්ත්‍රීන් ඔවුන් නිසා බිහිකළාවූ දරුවෝ පුරාණයෙහි සිටි කීර්තිමත්වූ බලසම්පන්න මනුෂ්‍යයෝ වූය. මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණත් නිරන්තරයෙන් නපුරුවම තිබෙන බවද ස්වාමීන්වහන්සේ දුටුසේක. තවද ස්වාමීන්වහන්සේ පොළොවෙහි මනුෂ්‍යයා සෑදූ බැවින් තැවී තමන් සිතෙන්ම ශෝකවූසේක.
උත්පත්ති 6:1-6 Sinhala New Revised Version (NRSV)
එකල පොළෝ තලය මත ජන සංඛ්‍යාව බහුල විය; ජනතාවට දූවරු උපන්නාහ. මිනිස්-දූවරුන් සුරූපී බව දුටු දිව්‍ය-පුත්‍රයෝ, තම තමන් රිසි වූවන් සරණ පාවාගත්හ. එවිට සමිඳාණන් වහන්සේ, “මිනිසා මැරෙන සුලු බැවින් මාගේ ජීවන හුස්ම ඔහු තුළ සදහට ම පැවතීමට ඉඩ නොතබමි; මින් මතු ඔහුගේ ජීවිත කාලය අවුරුදු එකසිය විස්සකට වැඩි නොවන්නේ ය”යි වදාළ සේක. ඒ කාලයේ දීත්, ඉන්පසු වත්, මිහි පිට යෝධයෝ සිටියහ. මොවුහු මිනිස්-දූවරුන් හා දිව්‍ය-පුත්‍රයන්ගෙන් උපන් අය වෙත්; මොවුහු දූරාතීතයේ සිටි, සුප්‍රකට, ශ්‍රේෂ්ඨ වීරයෝ ය. මිහි පිට මිනිසාගේ දැඩි දුෂ්ටකම හා මිනිසා නිතර ම නපුරු සිතුවිල්ලෙන් කල් යවන බව සමිඳාණන් වහන්සේ දුටු විට මිහි පිට මිනිසා මැවීම ගැන උන් වහන්සේ ශෝක වූ සේක; උන් වහන්සේගේ හදවත සොවින් පෙළුණි.
උත්පත්ති 6:1-6 Sinhala New Revised Version 2018 (SNRV)

උත්පත්ති 6:1-6 New International Version (NIV)
When human beings began to increase in number on the earth and daughters were born to them, the sons of God saw that the daughters of humans were beautiful, and they married any of them they chose. Then the LORD said, “My Spirit will not contend with humans forever, for they are mortal; their days will be a hundred and twenty years.” The Nephilim were on the earth in those days—and also afterward—when the sons of God went to the daughters of humans and had children by them. They were the heroes of old, men of renown. The LORD saw how great the wickedness of the human race had become on the earth, and that every inclination of the thoughts of the human heart was only evil all the time. The LORD regretted that he had made human beings on the earth, and his heart was deeply troubled.