උත්පත්ති 5:18-24 - Compare All Versions

උත්පත්ති 5:18-24 SROV (Sinhala Revised Old Version)

යරෙද් එකසිය සැට දෑවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ඒනොක් උපන්නේය. යරෙද් ඒනොක් ඉපෙදවූ පසු අටසිය අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. යරෙද්ගේ සියලු දවස් නවසිය සැටදෑවුරුද්දක්ය; ඔහු මළේය. ඒනොක් සැටපස් අවුරුද්දක් ජීවත්ව මෙතුසෙලා ඉපදෙවූවේය. ඒනොක් මෙතුසෙලා ඉපදෙවූ පසු අවුරුදු තුන්සියයක් දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. ඒනොක්ගේ සියලු දවස් තුන්සිය සැටපස් අවුරුද්දක්ය. තවද ඒනොක් දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය; දෙවියන්වහන්සේ ඔහු ගත් බැවින් ඔහු තවත් නොදක්නා ලද්දේය.

බෙදාගන්න
උත්පත්ති 5 SROV

උත්පත්ති 5:18-24 SCV (සිංහල කාලීන පරිවර්තනය)

යාරෙද් වසර එකසිය හැටදෙකක් විසූ පසු, ඔහුට දාව ඒනොක් උපන්නේ ය. ඒනොක් උපන් පසු, යාරෙද් වසර අටසියයක් විසී ය. ඔහුට තවත් දූ පුතුන් ලැබිණි. මෙසේ නවසිය හැට දෙවසරක් විසූ යාරෙද් මළේ ය. ඒනොක් වසර හැටපහක් විසූ පසු, ඔහුට දාව මෙතුසෙලා උපන්නේ ය. මෙතුසෙලා උපන් පසු, ඒනොක් වසර තුන්සියයක් දෙවියන්වහන්සේ සමඟ හැසිරුණේ ය. ඔහුට තවත් දූ පුතුන් ලැබිණි. මෙසේ ඒනොක් තුන්සිය හැටපස් වසරක් විසී ය. දෙවියන්වහන්සේ සමඟ හැසිරුණු ඒනොක් ඉන්පසු තවත් දක්නට නො වී ය. මන්ද දෙවියන්වහන්සේ ඔහු ගෙන ගිය සේක.

බෙදාගන්න
උත්පත්ති 5 SCV

උත්පත්ති 5:18-24 NRSV (Sinhala New Revised Version)

ජරෙද්ට වයස අවුරුදු එකසිය හැටදෙකක් (162) වූ විට ඔහුට දාව ඒනොක් උපන්නේ ය. ඒනොක් උපන් පසු ජරෙද් තව අවුරුදු අටසියයක් (800) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ. ඔහු අවුරුදු නවසිය හැටදෙකක් (962) ආයු වළඳා මියගියේය. ඒනොක්ට වයස අවුරුදු හැටපහක් (65) වූ විට ඔහුට දාව මෙතුසෙලා උපන්නේ ය. මෙතුසෙලා උපන් පසු ඒනොක් දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසිරෙමින් තව අවුරුදු තුන්සියයක් (300) ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්හ. ඔහුගේ මුළු ජීවිත කාලය අවුරුදු තුන්සිය හැටපහක් (365) විය. ඒනොක් දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසුරුණේ ය. උන් වහන්සේ ඔහු රැගත් බැවින් ඔහු අතුරුදහන් විය.

බෙදාගන්න
උත්පත්ති 5 NRSV

උත්පත්ති 5:18-24 SNRV (Sinhala New Revised Version 2018)

ජරෙද්ට වයස අවුරුදු එකසිය හැටදෙකක් වූ විට ඔහුට දාව ඒනොක් උපන්නේ ය. ඒනොක් උපන් පසු ජරෙද් තව අවුරුදු අටසියයක් ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ. ඔහු අවුරුදු නවසිය හැටදෙකක් ආයු වළඳා මියගියේය. ඒනොක්ට වයස අවුරුදු හැටපහක් වූ විට ඔහුට දාව මෙතුසෙලා උපන්නේ ය. මෙතුසෙලා උපන් පසු ඒනොක් දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසිරෙමින් තව අවුරුදු තුන්සියයක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්හ. ඔහුගේ මුළු ජීවිත කාලය අවුරුදු තුන්සිය හැටපහක් විය. ඒනොක් දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසුරුණේ ය. උන් වහන්සේ ඔහු රැගත් බැවින් ඔහු අතුරුදහන් විය.

බෙදාගන්න
උත්පත්ති 5 SNRV

උත්පත්ති 5:18-24 NIV (New International Version)

When Jared had lived 162 years, he became the father of Enoch. After he became the father of Enoch, Jared lived 800 years and had other sons and daughters. Altogether, Jared lived a total of 962 years, and then he died. When Enoch had lived 65 years, he became the father of Methuselah. After he became the father of Methuselah, Enoch walked faithfully with God 300 years and had other sons and daughters. Altogether, Enoch lived a total of 365 years. Enoch walked faithfully with God; then he was no more, because God took him away.

බෙදාගන්න
උත්පත්ති 5 NIV