උත්පත්ති 5:1-5
උත්පත්ති 5:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ආදම්ගේ පෙළපතේ නාමාවලිය මෙසේ ය. දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මැවූ කල, උන්වහන්සේ ඔහු මැවුවේ, දෙවියන්වහන්සේගේ සමානත්වයෙනි; පුරුෂයා හා ස්ත්‍රිය වශයෙන් ඔවුන් මැවූ උන්වහන්සේ ඔවුනට ආශිර්වාද කළ සේක. ඔවුන් මවනු ලැබූ කල, උන්වහන්සේ මනුෂ්‍යයා යන නමින් ඔවුන් හැඳින් වූ සේක. ආදම් වසර එකසිය තිහක් වයස් වූ විට ඔහුගේ සමානත්වයෙන්, ඔහුගේ ම ස්වරූපයෙන් පුතකු ලැබ, ඔහුට සෙත් යන නම තැබී ය. සෙත් උපන් පසු, ආදම් වසර අටසියයක් විසී ය. ඔහුට තවත් දූ පුතුන් ලැබිණි. මෙසේ ආදම්ගේ මුළු ආයු කාලය වසර නවසිය තිහකි. ඉන්පසු ඔහු මියැදුණේ ය.
උත්පත්ති 5:1-5 Sinhala Revised Old Version (SROV)
ආදම්ගේ පරම්පරා පොත මේය. දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මැවූ දවසෙහි දෙවියන්වහන්සේගේ සමානත්වයෙන් ඔහු සෑදූසේක; පුරුෂයෙක්ද ස්ත්‍රියෙක්ද කොට උන්වහන්සේ ඔවුන් මැවූසේක; උන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකර, ඔවුන් මවනු ලැබූ දවසෙහි ආදම් යන නාමය ඔවුන්ට තැබූසේක. ආදම් එකසිය තිස් අවුරුද්දක් ජීවත්වූ පසු තමාගේම සමානත්වයෙන් තමාගේ ස්වරූපය මෙන් පුත්‍රයෙකු උපදවා ඔහුට සෙත් යන නම තැබුවේය. සෙත් උපන්නාට පසු ආදම්ගේ දවස් අවුරුදු අටසියයක් විය. ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය. ආදම් ජීවත්වුණු සියලු දවස් නවසිය තිස් අවුරුද්දක්ය; ඔහු මළේය.
උත්පත්ති 5:1-5 Sinhala New Revised Version (NRSV)
ආදම්ගේ පෙළපතේ නාමාවලිය මෙසේ ය: දෙවියන් වහන්සේ මිනිසා මවන විට සිය සමානත්වය ඇති ව ඔහු මැවූ සේක. ස්ත්‍රී-පුරුෂ වශයෙන් ඔවුන් මැවූ සේක. උන් වහන්සේ ඔවුන් මවන විට ඔවුන්ට ආශීර්වාද කරමින් ‘මිනිසා’ යන නාමය ඔවුන්ට තැබූ සේක. ආදම්ට වයස අවුරුදු එකසිය තිහක් (130) වූ විට තමාගේ ම සමානත්වය හා ස්වරූපය ඇති පුතෙක් ඔහුට ලැබිණි. මොහුට සෙත් යන නාමය තැබී ය. සෙත්ගේ උපතින් පසු ආදම් තව අවුරුදු අටසියයක් (800) ජීවත් විය. ඔහුට දාව තව දරුදැරියෝ උපන්හ. ඔහු අවුරුදු නවසිය තිහක් (930) ආයු වළඳා මියගියේය.
උත්පත්ති 5:1-5 Sinhala New Revised Version 2018 (SNRV)
ආදම්ගේ පෙළපතේ නාමාවලිය මෙසේ ය: දෙවියන් වහන්සේ මිනිසා මවන විට සිය සමානත්වය ඇති ව ඔහු මැවූ සේක. ස්ත්‍රී-පුරුෂ වශයෙන් ඔවුන් මැවූ සේක. උන් වහන්සේ ඔවුන් මවන විට ඔවුන්ට ආශීර්වාද කරමින් ‘මිනිසා’ යන නාමය ඔවුන්ට තැබූ සේක. ආදම්ට වයස අවුරුදු එකසිය තිහක් වූ විට තමාගේ ම සමානත්වය හා ස්වරූපය ඇති පුතෙක් ඔහුට ලැබිණි. මොහුට සෙත් යන නාමය තැබී ය. සෙත්ගේ උපතින් පසු ආදම් තව අවුරුදු අටසියයක් ජීවත් විය. ඔහුට දාව තව දරුදැරියෝ උපන්හ. ඔහු අවුරුදු නවසිය තිහක් ආයු වළඳා මියගියේය.
උත්පත්ති 5:1-5 New International Version (NIV)
This is the written account of Adam’s family line. When God created mankind, he made them in the likeness of God. He created them male and female and blessed them. And he named them “Mankind” when they were created. When Adam had lived 130 years, he had a son in his own likeness, in his own image; and he named him Seth. After Seth was born, Adam lived 800 years and had other sons and daughters. Altogether, Adam lived a total of 930 years, and then he died.