උත්පත්ති 47:6
උත්පත්ති 47:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඊජිප්තු දේශය ම ඔබ ඉදිරියේයි. ඔබේ පියා සහ ඔබේ සහෝදරයින් දේශයේ හොඳ ම කොටසේ පදිංචි කරවන්න. ඔවුන් ගෝෂෙන් පෙදෙසේ වාසය කළා වේ. ඔවුන් අතරේ විශේෂ හැකියාවක් ඇති අය සිටිනවා නම්, මගේ සත්ව සම්පත් ඔවුන්ගේ බාරයට පත් කරන්නැ” යි කීවේ ය.
උත්පත්ති 47:6 Sinhala Revised Old Version (SROV)
මිසර දේශය නුඹ ඉදිරියෙහි තිබේ; නුඹේ පියා සහ සහෝදරයන් දේශයේ ඉතාම හොඳ පළාතෙහි වාසය කරවන්න; ගෝෂෙන් දේශයෙහි ඔව්හු වාසය කෙරෙත්වා. ඔවුන් අතරේ දක්ෂ පුරුෂයන් දන්නෙහිනම් ඔවුන් මාගේ සිව්පාවුන් කෙරෙහි ප්රධානීන් කොට පත්කරන්නැයි කීය.
උත්පත්ති 47:6 Sinhala New Revised Version (NRSV)
මුළු මිසර දේශය ම ඔබ ඉදිරියෙහි ඇත. රටේ හොඳ ම පළාතේ ඔබේ පියා හා සහෝදරයන් පදිංචි කරවන්න. මොවුන් ගෝෂෙන් පෙදෙසෙහි පදිංචි වුණා වේ. ඇරත් ඔවුන් අතර කාර්යක්ෂම මිනිසුන් ඇති බව ඔබ දන්නෙහි නම් මාගේ සත්ත්ව ගොවිපළ බලාගැනීමට ඔවුන් පත් කරන්නැ’යි කී ය.
උත්පත්ති 47:6 Sinhala New Revised Version 2018 (SNRV)