උත්පත්ති 47:1-27 - Compare All Versions
උත්පත්ති 47:1-27 SCV (සිංහල කාලීන පරිවර්තනය)
යෝසෙප්, පාරාවෝ වෙත ගොස්, ඔහු අමතමින්, “මගේ පියා හා මගේ සහෝදරයින් ඔවුන්ගේ එළු බැටළු හා ගව රංචු ද ඔවුන් සතු හැම දේ ද ගෙන, කානාන් දේශයේ සිට අවුත්, දැන් ගෝෂෙන්හි සිටිතැ” යි කීවේ ය. ඔහු තම සහෝදරයින්ගෙන් පස් දෙනකු තෝරා, පාරාවෝ ඉදිරියට ඔවුන් පැමිණ වී ය. එවිට පාරාවෝ එම සහෝදරයින් අමතමින්, “ඔබේ ජීවනෝපාය කුමක් දැ?” යි ඇසී ය. ඔවුහු පාරාවෝට පිළිතුරු දෙමින්, “ඔබේ සේවකයින් වන අප, අපේ පියවරුන් වගේ ම එඬේරුන් යැ” යි කීහ. ඔවුහු තවදුරටත් කතා කරමින්, “අප ආවේ මේ දේශයේ මද කලක් නවතින්නටයි. කානාන් දේශයේ සාගතය දරුණු බැවින්, ඔබගේ සේවකයන්ගේ එළු බැටළු රංචුවලට තණ බිම් නැත. එබැවින් දැන්, ගෝෂෙන් පළාතේ පදිංචි වීමට ඔබගේ සේවකයනට ඉඩ දෙන්නැ” යි කීහ. එවිට පාරාවෝ, යෝසෙප්ට කතා කොට, “ඔබේ පියා සහ ඔබේ සහෝදරයින් ඔබ වෙත ඇවිල්ලා. ඊජිප්තු දේශය ම ඔබ ඉදිරියේයි. ඔබේ පියා සහ ඔබේ සහෝදරයින් දේශයේ හොඳ ම කොටසේ පදිංචි කරවන්න. ඔවුන් ගෝෂෙන් පෙදෙසේ වාසය කළා වේ. ඔවුන් අතරේ විශේෂ හැකියාවක් ඇති අය සිටිනවා නම්, මගේ සත්ව සම්පත් ඔවුන්ගේ බාරයට පත් කරන්නැ” යි කීවේ ය. ඉන්පසු යෝසෙප් තම පියා වූ යාකොබ් කැඳවා, පාරාවෝ ඉදිරියට පැමිණ වී ය. යාකොබ්, පාරාවෝට ආශිර්වාද කළේ ය. එවිට පාරාවෝ, යාකොබ් අමතමින්, “ඔබගේ ජීවිතයේ අවුරුදු ගණන කොපමණ දැ?” යි ඇසී ය. යාකොබ්, පාරාවෝට පිළිතුරු දෙමින්, “මගේ ජීවිත ගමන අවුරුදු එකසිය තිහකි. මගේ ජීවන අවුරුදු අල්ප ය; දුෂ්කර ය. මගේ පියවරුන්ගේ ජීවිත ගමන් කාලයට ඒවා සම කළ නොහැක්කේ යැ” යි පැවසී ය. ඉන්පසු පාරාවෝට ආශිර්වාද කළ යාකොබ්, ඔහු ඉදිරියෙන් නික්ම ගියේ ය. එබැවින් යෝසෙප් තම පියා හා තම සහෝදරයින් ඊජිප්තුවේ පදිංචි කරවමින්, පාරාවෝ නියම කළ පරිදි දේශයේ සාරවත් ම පෙදෙස වන රාමසෙස්හි ඔවුන්ට ඉඩම් ලබා දුන්නේ ය. තවද යෝසෙප්, තම පියාට ද තම සහෝදරයින්ට ද තම පියාගේ පවුලේ සියල්ලන්ට ද ඒ ඒ අයගේ පවුලේ ගණන අනුව, ඔවුන්ට ආහාර ද සැපයී ය. සාගතය කොතරම් සැහැසි වී ද යත්, දේශයේ කොතැනකවත් ආහාර නො වී ය. සාගතයෙන් ඊජිප්තු දේශයත්, කානාන් දේශයත් නැති නාස්ති වී ගියේ ය. යෝසෙප් ඊජිප්තු දේශයේ ද කානාන් දේශයේ ද වූ සියලු මුදල්, ජනයා මිලයට ගත් ධාන්‍යවලට ගාස්තුව වශයෙන් එකතු කර ගත්තේ ය. ඔහු ඒවා පාරාවෝගේ මාලිගාවට ගෙනාවේ ය. ඊජිප්තු දේශයේ හා කානාන් දේශයේ ජනයා අත වූ මුදල් වියදම් වූ පසු, සියලු ඊජිප්තුවරු යෝසෙප් වෙත පැමිණ, “අපට ආහාර දෙන්න. ඔබේ ඇස් හමුවේ අප මැරී යන්නේ කුමට ද? මන්ද අපේ මුදල් ඉවර වෙලා!” යි පැවසූහ. එවිට යෝසෙප්, “එසේ නම් ඔබේ සත්ව සම්පත ගෙනෙන්න. නුඹලාගේ මුදල් ඉවර වී ඇති නිසා, නුඹලාගේ සත්ව සම්පතට හුවමාරු වශයෙන් මම නුඹලාට ආහාර දෙන්නම්” යි කීවේ ය. එබැවින් ඔවුහු තමන්ගේ සතුන්, යෝසෙප් වෙත ගෙන ආහ. යෝසෙප් ඔවුන්ගේ අශ්වයින්ට ද ඔවුන්ගේ එළුවන් හා බැටළුවන්ට ද ගවයින් හා බූරුවන්ට ද හුවමාරු වශයෙන් ඔවුන්ට ආහාර දුන්නේ ය. මෙසේ, ඔවුන්ගේ මුළු සත්ව සම්පතට හුවමාරු වශයෙන් ආහාර සපයා, එම වසරේ ඔහු ඔවුන් පෝෂ්‍ය කළේ ය. එම වසර ගෙවී ගිය පසු, ඔවුහු ඊළඟ වසරේ ඔහු වෙත අවුත්, “අපගේ මුදල් සියල්ල ඉවර වී ඇති වගත්, අපගේ සත්ව සම්පත ඔබට අයිති වූ වගත් අපගේ ස්වාමියාගෙන් වසන් කරන්නට අපට නුපුළුවන. දැන් අපගේ ම ශරීර හා අපගේ ඉඩම් මිස, අප ස්වාමියාණන්ට දිය හැකි කිසිවක් ඉතිරි වී නැත. ඔබගේ ඇස් හමුවේ අපත්, අප සමඟ අපගේ ඉඩ කඩම් වැනසී යන්නේ කුමට ද? ආහාරවලට හුවමාරු වශයෙන් අප ද අපගේ ඉඩම් ද මිලයට ගන්න. එවිට අපගේ ඉඩම් සමඟ අප පාරාවෝගේ දාස භාවයට පත් වී, අප ජීවත් වන පිණිසත්, නො නස්නා පිණිසත්, දේශය පාළු වී නො යන පිණිසත් අපට බීජ දෙන්නැ” යි කීහ. මෙසේ යෝසෙප් ඊජිප්තුවේ සියලු ඉඩම් පාරාවෝට මිලයට ගත්තේ ය. ඊජිප්තුවරු හැම දෙනා තමන්ගේ ඉඩම් විකුණූහ. මන්ද සාගතය ඔවුන්ට අතිශයෙන් සැහැසි විය. දේශය පාරාවෝට හිමි විය. යෝසෙප් ඊජිප්තුවේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා ජනයා, දාස භාවයට යටත් කළේ ය. එසේ වුව ද ඔහු පූජකයින්ගේ ඉඩම් මිලයට ගත්තේ නැත. පාරාවෝගෙන් ඔවුන්ට නිත්‍ය සලාකයක් ලැබිණ. ඔවුන් යැපුණේ පාරාවෝ ඔවුන්ට දුන් සලාකයෙනි. ඔවුන් තම ඉඩම් විකුණුවේ නැත. යෝසෙප් ජනතාව අමතමින්, “මෙන්න, මම අද නුඹලා ද නුඹලාගේ ඉඩම් ද පාරාවෝට මිලයට ගත්තෙමි. පොළොව වැපිරීමට මෙන්න නුඹලාට බීජ. අස්වනු ලැබුණු කල, එයින් පහෙන් පංගුවක් පාරාවෝට දිය යුතු ය. ඉතිරි පහෙන් පංගු හතර ඔබට ය. ඒවා කෙත්වලට බීජ සඳහාත්, ඔබගේ ද ඔබගේ පවුල්වල අයගේ ද ඔබේ දරුවන්ගේ ද ආහාර සඳහාත් යැ” යි කීවේ ය. එවිට ඔවුහු, “ඔබතුමා අපගේ ජීවිත ගැලවී ය. අපගේ ස්වාමියාගේ ඇස් හමුවේ අපට කරුණාව ලැබේවා. අපි, පාරාවෝගේ දාස භාවයට පත් වන්නෙමු” යි කීහ. මෙසේ අද දවස දක්වාත් ඊජිප්තු දේශයෙහි බල පැවැත්වෙන පරිදි, නිෂ්පාදනයෙන් පහෙන් පංගුව පාරාවෝට ය යන නියමය යෝසෙප් විසින් ස්ථාපිත කරන ලදී. පාරාවෝට හිමි නො වූයේ පූජකයින්ගේ ඉඩම් පමණි. මේ අතර ඉශ්‍රායෙල්, ඊජිප්තු දේශයේ ගෝෂෙන් පළාතේ වාසය කළෝ, එහි ඉඩම් අත්කර ගෙන, වඩ වඩා සඵල ව ගණනින් ද බොහෝ සේ වැඩි වර්ධන වූහ.
උත්පත්ති 47:1-27 SROV (Sinhala Revised Old Version)
එකල්හි යෝසෙප් ඇවිත්: මාගේ පියා සහ මාගේ සහෝදරයෝද ඔවුන්ගේ එළු බැටළු රැළවල් සහ ගව රැළවල්ද ඔවුන් සන්තක සියල්ලද සමඟ කානාන් දේශයෙන් ආවෝය; ඔව්හු ගෝෂෙන් දේශයෙහි සිටිතියි ඵාරාවෝට කීවේය. ඔහු තමාගේ සහෝදරයන්ගෙන් පස් දෙනෙකු කැඳවාගෙන ඇවිත් ඵාරාවෝ ඉදිරියෙහි සිටෙවුවේය. ඵාරාවෝ: නුඹලාගේ රක්ෂාව මොකදැයි ඔහුගේ සහෝදරයන්ගෙන් ඇසුවේය. ඔබගේ මෙහෙකරුවූ අපිත් අපේ පියවරුත් එඬේරුයයි ඔව්හු ඵාරාවෝට කීවෝය. තවද ඔව්හු: කානාන් දේශයෙහි සාගතය බලවත් බැවින්, ඔබගේ මෙහෙකරුවන්ගේ සිව්පා රැළවලට ගොදුරු නැති නිසා, මේ දේශයෙහි පොරොත්තුවීමට ආවෙමුව; එබැවින් දැන් ඔබගේ මෙහෙකරුවන්ට ගෝෂෙන් දේශයෙහි වසන්ට අවසර ලැබේවයි ඵාරාවෝට කීවෝය. ඵාරාවෝ යෝසෙප්ට කථාකොට: නුඹේ පියාණෝද සහෝදරයෝද නුඹ වෙතට ඇවිත් සිටිති. මිසර දේශය නුඹ ඉදිරියෙහි තිබේ; නුඹේ පියා සහ සහෝදරයන් දේශයේ ඉතාම හොඳ පළාතෙහි වාසය කරවන්න; ගෝෂෙන් දේශයෙහි ඔව්හු වාසය කෙරෙත්වා. ඔවුන් අතරේ දක්ෂ පුරුෂයන් දන්නෙහිනම් ඔවුන් මාගේ සිව්පාවුන් කෙරෙහි ප්‍රධානීන් කොට පත්කරන්නැයි කීය. යෝසෙප් තම පියවූ යාකොබ් ඇතුළට කැඳවාගෙනවිත් ඵාරාවෝ ඉදිරියෙහි සිටෙවුවේය. යාකොබ් ඵාරාවෝට ආශීර්වාදකෙළේය. එවිට ඵාරාවෝ: නුඹේ ජීවිතයේ අවුරුදු ගණන කීයක්දැයි යාකොබ්ගෙන් ඇසීය. යාකොබ්ද: මාගේ ප්‍රවාස කාලයේ අවුරුදු ගණන එකසිය තිහක්ය. මාගේ ජීවිතයේ අවුරුදු ගණන ස්වල්පව දුක්ඛිතව තිබුණේය, ඒවා මාගේ පියවරුන්ගේ ජීවිතවල ඔවුන්ගේ ප්‍රවාස කාලයේ අවුරුදු ගණනට නොපැමුණුණේයයි ඵාරාවෝට කීයේය. තවද යාකොබ් ඵාරාවෝට ආශීර්වාදකොට ඵාරාවෝ ඉදිරියෙන් පිටතට ගියේය. යෝසෙප් ඵාරාවෝ අණකළ ලෙස තමාගේ පියා සහ සහෝදරයන් පදිංචිකරවමින් මිසර දේශයේ ඉතා හොඳ පළාතවූ රමෙසෙස් නම් ප්‍රදේශයෙහි ඔවුන්ට උරුමයක් දුන්නේය. යෝසෙප් තමාගේ පියාට සහ සහෝදරයන්ටද පියාගේ ගෙයි වැසි සියල්ලන්ටද ඔවුන්ගේ පවුල්වල ප්‍රකාරයට ආහාර දී ඔවුන් රක්ෂාකළේය. දේශයෙහි කොතැනකවත් ආහාර නොතිබුණේය; මක්නිසාද සාගතය ඉතා බලවත් වූයේය, මිසර දේශයද කානාන් දේශයද සාගතය නිසා පිරිහී ගියාහ. යෝසෙප් මිනිසුන් මිලේට ගත් ධාන්‍යවල මිලවූ මිසර දේශයෙහිද කානාන් දේශයෙහිද තිබුණ මුදල් සියල්ල එකතුකොට ඒ මුදල් ඵාරාවෝගේ ගෙට ගෙනායේය. මිසර දේශයෙහිද කානාන් දේශයෙහිද මුදල් සියල්ල වියදම්වූ කල්හි, සියලු මිසරවරු යෝසෙප් වෙතට අවුත්: අපට ආහාර දුනමැනවි. අපි ඔබ ඉදිරියෙහි කුමක් හෙයින් නසිමුද? මක්නිසාද අපේ මුදල් ඉවරයයි කීවෝය. යෝසෙප්ද: නුඹලාගේ සිව්පාවුන් දෙන්න; මුදල් ඉවරනම් සිව්පාවුන් හිලව්වට ආහාර දෙන්නෙමියි කීය. ඔව්හු තමන්ගේ සිව්පාවුන් යෝසෙප් වෙතට ගෙනාවෝය. එවිට යෝසෙප් අශ්වයන්ද එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද කොටළුවන්ද හිලව්වට ඔවුන්ට ආහාර දුන්නේය. ඔහු ඒ අවුරුද්දේ ඔවුන්ගේ සියලු සිව්පාවුන් හිලව්වට ආහාරයෙන් ඔවුන් රක්ෂාකෙළේය. ඒ අවුරුද්ද කෙළවරවූ කල්හි ඔව්හු දෙවෙනි අවුරුද්දේදී ඔහු වෙතට අවුත්: අපේ මුදල් සියල්ල ඉවරවූ බව අපේ ස්වාමීන් කෙරෙන් නොසඟවමුව; සිව්පා රැළවල් අපේ ස්වාමීන්ගේය; අපේ ස්වාමීන් ඉදිරියෙහි අපේ ශරීර සහ අපේ ගම් බිම් හැර අන් කිසිවක් ඉතුරුව නැත්තේය. අප සහ අපේ ගම්බිම් කුමක් නිසා ඔබගේ ඇස් ඉදිරියෙහි නාස්තිවී යන්නේද? අපද අපේ ගම්බිම්ද ගෙන ආහාර දුන මැනවි; අපේ ගම්බිම් ඇතුළුව අපි ඵාරාවෝට දාසයෝ වන්නෙමු. අප නොනැසී ජීවත්වන පිණිසද භූමිය පාළු නොවන පිණිසද අපට බීජ දුනමැනවයි කීවෝය. මෙසේ යෝසෙප් මුළු මිසර දේශය ඵාරාවෝට ගත්තේය; මක්නිසාද සියලු මිසරවරුන් කෙරෙහි සාගතය බලවත්වූ බැවින් ඔව්හු තම තමන්ගේ කෙත් වික්කෝය. දේශයද ඵාරාවෝට හිමිවිය. ඔහු මිසරයේ එක් සීමා කෙළවරක පටන් අනික් සීමා කෙළවර දක්වා සෙනඟ නුවරවලට පැමිණෙවුවේය. ඔහු නොගත්තේ පූජකයන්ගේ ගම්බිම් පමණකි. මක්නිසාද පූජකයන්ට ඵාරාවෝගෙන් කොටසක් ලැබුණේය, ඵාරාවෝ ඔවුන්ට දුන් කොටස ඔවුන් කෑ හෙයින් ඔව්හු තමන්ගේ ගම්බිම් නොවික්කෝය. එකල යෝසෙප් සෙනඟට කථාකොට: බලව, අද නුඹලා සහ නුඹලාගේ ගම්බිම් ඵාරාවෝට ගතිමි. මෙන්න, මෙහි නුඹලාට බීජ තිබේ, වපුරන්න. අස්වැන්න රැස්කරන කල පහෙන් කොටසක් ඵාරාවෝට දිය යුතුය, කෙතේ බීජ පිණිසත් නුඹලාගේද නුඹලාගේ ගෙයි වැසියන්ගේද ආහාර පිණිසත් නුඹලාගේ දරුවන්ගේ ආහාර පිණිසත් සතර කොටසක් නුඹලාට වන්නේයයි කීවේය. ඔබ අපේ ජීවිත රක්ෂාකෙළෙහිය. අපේ ස්වාමීහුගේ ඇස් හමුවෙහි අපට කරුණාව ලැබේවා, අපි ඵාරාවෝගේ දාසයෝ වන්නෙමුයයි ඔව්හු කීවෝය. පහෙන් කොටසක් ඵාරාවෝට විය යුතුය යන මිසරයේ බිම් ගැන අද දක්වා පවතින නියෝගයක් යෝසෙප් විසින් නියමකරනලද්දේය; පූජකයන්ගේ ගම්බිම් පමණක් ඵාරාවෝට අයිතිනොවීය. ඉශ්‍රායෙල්වරු මිසර දේශයේ ගෝෂෙන් පළාතෙහි වාසයකළෝය; ඔව්හු එහි ගම්බිම් බලාගෙන සඵලව අතිශයෙන් බෝවූවෝය.
උත්පත්ති 47:1-27 NRSV (Sinhala New Revised Version)
එවිට ජෝසෙප් පාරාවෝ වෙත අවුත්, ඔහුට කතා කොට, “මාගේ පියා හා සහෝදරයෝ ද, ඔවුන්ගේ එළු බැටළු රැළ හා ගව රැළ ද, ඔවුන් සතු සියල්ල ද කානාන් දේශයෙන් නික්ම ආවා හ. දැන් ඔව්හු ගෝෂෙන් පෙදෙසේ සිටිති”යි කීවේ ය. තවද, ඔහු තම සහෝදරයන්ගෙන් පස්දෙනෙකු රැගෙන පාරාවෝ වෙත ඉදිරිපත් කෙළේ ය. පාරාවෝ ඔහුගේ සහෝදරයන් අමතමින්, “නුඹලාගේ රැකියාව කුමක් දැ”යි ඇසූ විට, ඔව්හු පාරාවෝට පිළිතුරු දෙමින්, “අපිත්, අපේ පියවරුත් ඔබේ දාසයන් වන එඬේරු වෙමු. තවද, අප ආවේ මේ රටේ ටික කලක් පදිංචි වීමට ය. මන්ද, කානාන් දේශයේ සාගතය ඉතා දරුණු බැවින් ඔබේ දාසයන්ගේ එළු බැටළු රංචුවලට කෑමට තණ බිම් නැත. දැන් ඉතින්, කරුණාකර ගෝෂෙන් පෙදෙසෙහි ඔබේ දාසයන් හට පදිංචි වීමට අවසර දුන මැනව”යි කී හ. එවිට පාරාවෝ ජෝසෙප් අමතමින්, “ඔබේ පියා හා සහෝදරයන් ඔබ වෙත පැමිණ ඇත. මුළු මිසර දේශය ම ඔබ ඉදිරියෙහි ඇත. රටේ හොඳ ම පළාතේ ඔබේ පියා හා සහෝදරයන් පදිංචි කරවන්න. මොවුන් ගෝෂෙන් පෙදෙසෙහි පදිංචි වුණා වේ. ඇරත් ඔවුන් අතර කාර්යක්ෂම මිනිසුන් ඇති බව ඔබ දන්නෙහි නම් මාගේ සත්ත්ව ගොවිපළ බලාගැනීමට ඔවුන් පත් කරන්නැ’යි කී ය. එවිට ජෝසෙප් තම පියා වන ජාකොබ් කැඳවාගෙන විත් පාරාවෝ වෙත ඉදිරිපත් කළ විට ඔහු පාරාවෝට ආශීර්වාද කෙළේ ය. පාරාවෝ ඔහු අමතා, “ඔබේ වයස කොපමණ දැ”යි ඇසූ විට, ජාකොබ් ඔහුට පිළිතුරු දෙමින්, “මිහි පිට මාගේ සැරිසැරීමේ කාලය අවුරුදු එකසිය තිහකි; මා ගෙවූ ජීවිතය කෙටි ය: දුෂ්කර ය. මාගේ මුතුන්මිත්තන් මිහි පිට සැරිසැරූ කාලයට එය සම කළ නොහැකි ය”යි කීවේ ය. ජාකොබ් යළි පාරාවෝට සෙත් පතා ඔහුගෙන් නික්ම ගියේය. ඉන්පසු ජෝසෙප් පාරාවෝගේ නියමය පරිදි තම පියා හා සහෝදරයන් පදිංචි කරවා, මිසර දේශයෙහි රාමෙසෙස් නම් පළාතෙන් හොඳ ම ඉඩකඩම් ඔවුන්ට උරුම කොට දුන්නේ ය. තවද, ජෝසෙප් තම පියාට ද, සහෝදරයන්ට හා පියාගේ ගෙවැසියන් සියලු දෙනාට ද ඔවුන්ගේ පවුල් අනුව ආහාර සපයා දුන්නේ ය. එකල මුළු රටෙහි ම ආහාර නොතිබිණි. සාගතය කෙතරම් දරුණු වී ද යත්, මිසර දේශය හා මුළු කානාන් දේශය දුර්භික්ෂය නිසා සාගින්නෙන් පෙළුණි. ජෝසෙප් මිනිසුන්ට ධාන්‍ය විකුණා මිසර දේශයෙහි හා කානාන් දේශයෙහි සියලු මුදල් එකතු කොට ඒ මුදල් රාජකීය භාණ්ඩාගාරයෙහි තැන්පත් කෙළේ ය. මිසරයේ හා කානාන් දේශයේ මුදල් ඉවර වූ විට මිසර වාසි සියල්ලෝ ම ජෝසෙප් වෙත අවුත්, “අපට ආහාර දෙන්න, නැත්නම් ඔබ බලාගෙන සිටිද්දී ම අප මැරෙනු ඇත. අපේ මුදල් ඉවර ය”යි කී හ. එවිට ජෝසෙප් පිළිතුරු දෙමින්, “එසේ නම් ඔබේ ගව පට්ටි ගෙනෙන්න. මුදල් ඉවර නම් ඔබේ ගව පට්ටි හිලව්වට මම ඔබට ආහාර දෙන්නෙමි”යි කී ය. ඔව්හු තමන්ගේ ගව පට්ටි ජෝසෙප් වෙත ගෙනාහ. ඔහු අසුන්, එළු බැටළු රංචු, ගව රැළ හා කොටළුවන් හිලව්වට ඔවුන්ට ආහාර දුන්නේ ය. මෙලෙස අවුරුද්ද තුළ දී ඔවුන්ගේ ගව පට්ටි සියල්ලේ හිලව්වට ඔහු ඔවුන්ට ආහාර දී පෝෂණය කෙළේ ය. ඒ අවුරුද්ද අවසාන වූ විට, දෙ වන අවුරුද්දේ දී ඔව්හු වෙත අවුත්, ඔහුට කතා කොට, “ස්වාමීනි, ඔබෙන් කරුණු සැඟවීමට නම් බැරි ය; අපේ මුදල් ඉවර ය; අපේ ගව පට්ටි ද ස්වාමීන් සතු ය. අපගේ ශරීර හා ගම්බිම් ඇරෙන්න වෙන කිසිවක් ස්වාමීන් ඉදිරියෙහි අපට නැත. අප ද අපේ ගම්බිම් ද ඔබ බලාගෙන සිටිද්දී විනාශ වී යා යුතු ද? ආහාර සැපයීමේ හිලව්වට අප ද අපේ ගම්බිම් ද මිලයට ගන්න. එවිට අපි ද, අපගේ ගම්බිම් සමඟ පාරාවෝට වහල්ලු වන්නෙමු. අප නොමැරී ජීවත් වෙන පිණිසත්, ඉඩකඩම් පුරන් වී නොයන පිණිසත් අපට බිත්තර වී දෙන්නැ”යි කී හ. මෙසේ ජෝසෙප්, මිසරයේ ඉඩකඩම් සියල්ල ම පාරාවෝ සඳහා මිලට ගති. මන්ද, සාගතය ඔවුන් කෙරෙහි දරුණු වූ බැවින්, සෑම මිසර වැසියෙකු ම තම ඉඩකඩම් විකුණුවෙන් මුළු රට ම පාරාවෝ සතු විය. තවද, ජෝසෙප් මිසරයේ එක සීමාවක පටන් අනික් සීමාව දක්වා ජනතාව වහල් ගොවියන් බවට පත් කෙළේ ය. පූජකයන්ගේ ඉඩකඩම් පමණක් ඔහු මිලට නොගත්තේ ය. මන්ද, පූජකයෝ පාරාවෝගෙන් ආධාර මුදලක් ලබමින්, පාරාවෝ ඔවුන්ට දුන් ඒ මුදලින් ජීවත් වූ හ. එබැවින් තමන්ගේ ඉඩකඩම් විකිණීමට ඔවුන්ට සිදු නොවී ය. එවිට ජෝසෙප් ජනයාට කතා කොට, “මෙන්න, මම අද නුඹලා ද නුඹලාගේ ඉඩකඩම් ද පාරාවෝ උදෙසා මිලයට ගතිමි. කෙතේ වැපිරීම සඳහා මෙන්න නුඹලාට ධාන්‍ය. තවද, අස්වැන්න නෙළන කාලයේ දී නුඹලා පහෙන් එක පංගුවක් පාරාවෝට දිය යුතු ය. පංගු හතරක් කෙතේ වැපිරීම පිණිසත්, නුඹලාගේ ද නුඹලාගේ ගෙවැසියන්ගේ හා කුඩා දරුවන්ගේ ද ආහාර පිණිසත් නුඹලාට වන්නේ ය”යි කී හ. ඔව්හු පිළිතුරු දෙමින්, “ඔබ අපේ ජීවිත ආරක්ෂා කෙළෙහි ය. අප ස්වාමියා වන ඔබ හමුවෙහි අපට ප්‍රසාදය ලැබේ වා! අපි ද පාරාවෝගේ වහල්ලු වන්නෙමු”යි කී හ. මෙසේ ජෝසෙප් මිසරයේ දේපළ සම්බන්ධයෙන් අද දක්වා වලංගු වන රජයට පහෙන් පංගුව දීමේ පණත පැනවී ය. පූජකයන්ගේ ඉඩකඩම් පමණක් පාරාවෝට අයිති නොවී ය. ඉශ්රායෙල් හෙවත් ජාකොබ් මිසර දේශයෙහි ගෝෂෙන් නම් පෙදෙසෙහි වාසය කෙළේ ය. ඔවුන්ට එහි ගම්බිම් අයිති විය. ඔව්හු සඵල ව බොහෝ සෙයින් වැඩි වර්ධනය වූ හ.
උත්පත්ති 47:1-27 SNRV (Sinhala New Revised Version 2018)
එවිට ජෝසෙප් පාරාවෝ වෙත අවුත්, ඔහුට කතා කොට, “මාගේ පියා හා සහෝදරයෝ ද, ඔවුන්ගේ එළු බැටළු රැළ හා ගව රැළ ද, ඔවුන් සතු සියල්ල ද කානාන් දේශයෙන් නික්ම ආවා හ. දැන් ඔව්හු ගෝෂෙන් පෙදෙසේ සිටිති”යි කීවේ ය. තවද, ඔහු තම සහෝදරයන්ගෙන් පස්දෙනෙකු රැගෙන පාරාවෝ වෙත ඉදිරිපත් කෙළේ ය. පාරාවෝ ඔහුගේ සහෝදරයන් අමතමින්, “නුඹලාගේ රැකියාව කුමක් දැ”යි ඇසූ විට, ඔව්හු පාරාවෝට පිළිතුරු දෙමින්, “අපිත්, අපේ පියවරුත් ඔබේ දාසයන් වන එඬේරු වෙමු. තවද, අප ආවේ මේ රටේ ටික කලක් පදිංචි වීමට ය. මන්ද, කානාන් දේශයේ සාගතය ඉතා දරුණු බැවින් ඔබේ දාසයන්ගේ එළු බැටළු රංචුවලට කෑමට තණ බිම් නැත. දැන් ඉතින්, කරුණාකර ගෝෂෙන් පෙදෙසෙහි ඔබේ දාසයන් හට පදිංචි වීමට අවසර දුන මැනව”යි කී හ. එවිට පාරාවෝ ජෝසෙප් අමතමින්, “ඔබේ පියා හා සහෝදරයන් ඔබ වෙත පැමිණ ඇත. මුළු මිසර දේශය ම ඔබ ඉදිරියෙහි ඇත. රටේ හොඳ ම පළාතේ ඔබේ පියා හා සහෝදරයන් පදිංචි කරවන්න. මොවුන් ගෝෂෙන් පෙදෙසෙහි පදිංචි වුණා වේ. ඇරත් ඔවුන් අතර කාර්යක්ෂම මිනිසුන් ඇති බව ඔබ දන්නෙහි නම් මාගේ සත්ත්ව ගොවිපළ බලාගැනීමට ඔවුන් පත් කරන්නැ’යි කී ය. එවිට ජෝසෙප් තම පියා වන ජාකොබ් කැඳවාගෙන විත් පාරාවෝ වෙත ඉදිරිපත් කළ විට ඔහු පාරාවෝට ආශීර්වාද කෙළේ ය. පාරාවෝ ඔහු අමතා, “ඔබේ වයස කොපමණ දැ”යි ඇසූ විට, ජාකොබ් ඔහුට පිළිතුරු දෙමින්, “මිහි පිට මාගේ සැරිසැරීමේ කාලය අවුරුදු එකසිය තිහකි; මා ගෙවූ ජීවිතය කෙටි ය: දුෂ්කර ය. මාගේ මුතුන්මිත්තන් මිහි පිට සැරිසැරූ කාලයට එය සම කළ නොහැකි ය”යි කීවේ ය. ජාකොබ් යළි පාරාවෝට සෙත් පතා ඔහුගෙන් නික්ම ගියේය. ඉන්පසු ජෝසෙප් පාරාවෝගේ නියමය පරිදි තම පියා හා සහෝදරයන් පදිංචි කරවා, මිසර දේශයෙහි රාමෙසෙස් නම් පළාතෙන් හොඳ ම ඉඩකඩම් ඔවුන්ට උරුම කොට දුන්නේ ය. තවද, ජෝසෙප් තම පියාට ද, සහෝදරයන්ට හා පියාගේ ගෙවැසියන් සියලු දෙනාට ද ඔවුන්ගේ පවුල් අනුව ආහාර සපයා දුන්නේ ය. එකල මුළු රටෙහි ම ආහාර නොතිබිණි. සාගතය කෙතරම් දරුණු වී ද යත්, මිසර දේශය හා මුළු කානාන් දේශය දුර්භික්ෂය නිසා සාගින්නෙන් පෙළුණි. ජෝසෙප් මිනිසුන්ට ධාන්‍ය විකුණා මිසර දේශයෙහි හා කානාන් දේශයෙහි සියලු මුදල් එකතු කොට ඒ මුදල් රාජකීය භාණ්ඩාගාරයෙහි තැන්පත් කෙළේ ය. මිසරයේ හා කානාන් දේශයේ මුදල් ඉවර වූ විට මිසර වාසි සියල්ලෝ ම ජෝසෙප් වෙත අවුත්, “අපට ආහාර දෙන්න, නැත්නම් ඔබ බලාගෙන සිටිද්දී ම අප මැරෙනු ඇත. අපේ මුදල් ඉවර ය”යි කී හ. එවිට ජෝසෙප් පිළිතුරු දෙමින්, “එසේ නම් ඔබේ ගව පට්ටි ගෙනෙන්න. මුදල් ඉවර නම් ඔබේ ගව පට්ටි හිලව්වට මම ඔබට ආහාර දෙන්නෙමි”යි කී ය. ඔව්හු තමන්ගේ ගව පට්ටි ජෝසෙප් වෙත ගෙනාහ. ඔහු අසුන්, එළු බැටළු රංචු, ගව රැළ හා කොටළුවන් හිලව්වට ඔවුන්ට ආහාර දුන්නේ ය. මෙලෙස අවුරුද්ද තුළ දී ඔවුන්ගේ ගව පට්ටි සියල්ලේ හිලව්වට ඔහු ඔවුන්ට ආහාර දී පෝෂණය කෙළේ ය. ඒ අවුරුද්ද අවසාන වූ විට, දෙ වන අවුරුද්දේ දී ඔව්හු ඔහු වෙත අවුත්, ඔහුට කතා කොට, “ස්වාමීනි, ඔබෙන් කරුණු සැඟවීමට නම් බැරි ය; අපේ මුදල් ඉවර ය; අපේ ගව පට්ටි ද ස්වාමීන් සතු ය. අපගේ ශරීර හා ගම්බිම් ඇරෙන්න වෙන කිසිවක් ස්වාමීන් ඉදිරියෙහි අපට නැත. අප ද අපේ ගම්බිම් ද ඔබ බලාගෙන සිටිද්දී විනාශ වී යා යුතු ද? ආහාර සැපයීමේ හිලව්වට අප ද අපේ ගම්බිම් ද මිලයට ගන්න. එවිට අපි ද, අපගේ ගම්බිම් සමඟ පාරාවෝට වහල්ලු වන්නෙමු. අප නොමැරී ජීවත් වෙන පිණිසත්, ඉඩකඩම් පුරන් වී නොයන පිණිසත් අපට බිත්තර වී දෙන්නැ”යි කී හ. මෙසේ ජෝසෙප්, මිසරයේ ඉඩකඩම් සියල්ල ම පාරාවෝ සඳහා මිලට ගති. මන්ද, සාගතය ඔවුන් කෙරෙහි දරුණු වූ බැවින්, සෑම මිසර වැසියෙකු ම තම ඉඩකඩම් විකුණුවෙන් මුළු රට ම පාරාවෝ සතු විය. තවද, ජෝසෙප් මිසරයේ එක සීමාවක පටන් අනික් සීමාව දක්වා ජනතාව වහල් ගොවියන් බවට පත් කෙළේ ය. පූජකයන්ගේ ඉඩකඩම් පමණක් ඔහු මිලට නොගත්තේ ය. මන්ද, පූජකයෝ පාරාවෝගෙන් ආධාර මුදලක් ලබමින්, පාරාවෝ ඔවුන්ට දුන් ඒ මුදලින් ජීවත් වූ හ. එබැවින් තමන්ගේ ඉඩකඩම් විකිණීමට ඔවුන්ට සිදු නොවී ය. එවිට ජෝසෙප් ජනයාට කතා කොට, “මෙන්න, මම අද නුඹලා ද නුඹලාගේ ඉඩකඩම් ද පාරාවෝ උදෙසා මිලයට ගතිමි. කෙතේ වැපිරීම සඳහා මෙන්න නුඹලාට ධාන්‍ය. තවද, අස්වැන්න නෙළන කාලයේ දී නුඹලා පහෙන් එක පංගුවක් පාරාවෝට දිය යුතු ය. පංගු හතරක් කෙතේ වැපිරීම පිණිසත්, නුඹලාගේ ද නුඹලාගේ ගෙවැසියන්ගේ හා කුඩා දරුවන්ගේ ද ආහාර පිණිසත් නුඹලාට වන්නේ ය”යි කී හ. ඔව්හු පිළිතුරු දෙමින්, “ඔබ අපේ ජීවිත ආරක්ෂා කෙළෙහි ය. අප ස්වාමියා වන ඔබ හමුවෙහි අපට ප්‍රසාදය ලැබේ වා! අපි ද පාරාවෝගේ වහල්ලු වන්නෙමු”යි කී හ. මෙසේ ජෝසෙප් මිසරයේ දේපළ සම්බන්ධයෙන් අද දක්වා වලංගු වන රජයට පහෙන් පංගුව දීමේ පනත පැනවී ය. පූජකයන්ගේ ඉඩකඩම් පමණක් පාරාවෝට අයිති නොවී ය. ඉශ්රායෙල් හෙවත් ජාකොබ් මිසර දේශයෙහි ගෝෂෙන් නම් පෙදෙසෙහි වාසය කෙළේ ය. ඔවුන්ට එහි ගම්බිම් අයිති විය. ඔව්හු සඵල ව බොහෝ සෙයින් වැඩි වර්ධනය වූ හ.
උත්පත්ති 47:1-27 NIV (New International Version)
Joseph went and told Pharaoh, “My father and brothers, with their flocks and herds and everything they own, have come from the land of Canaan and are now in Goshen.” He chose five of his brothers and presented them before Pharaoh. Pharaoh asked the brothers, “What is your occupation?” “Your servants are shepherds,” they replied to Pharaoh, “just as our fathers were.” They also said to him, “We have come to live here for a while, because the famine is severe in Canaan and your servants’ flocks have no pasture. So now, please let your servants settle in Goshen.” Pharaoh said to Joseph, “Your father and your brothers have come to you, and the land of Egypt is before you; settle your father and your brothers in the best part of the land. Let them live in Goshen. And if you know of any among them with special ability, put them in charge of my own livestock.” Then Joseph brought his father Jacob in and presented him before Pharaoh. After Jacob blessed Pharaoh, Pharaoh asked him, “How old are you?” And Jacob said to Pharaoh, “The years of my pilgrimage are a hundred and thirty. My years have been few and difficult, and they do not equal the years of the pilgrimage of my fathers.” Then Jacob blessed Pharaoh and went out from his presence. So Joseph settled his father and his brothers in Egypt and gave them property in the best part of the land, the district of Rameses, as Pharaoh directed. Joseph also provided his father and his brothers and all his father’s household with food, according to the number of their children. There was no food, however, in the whole region because the famine was severe; both Egypt and Canaan wasted away because of the famine. Joseph collected all the money that was to be found in Egypt and Canaan in payment for the grain they were buying, and he brought it to Pharaoh’s palace. When the money of the people of Egypt and Canaan was gone, all Egypt came to Joseph and said, “Give us food. Why should we die before your eyes? Our money is all gone.” “Then bring your livestock,” said Joseph. “I will sell you food in exchange for your livestock, since your money is gone.” So they brought their livestock to Joseph, and he gave them food in exchange for their horses, their sheep and goats, their cattle and donkeys. And he brought them through that year with food in exchange for all their livestock. When that year was over, they came to him the following year and said, “We cannot hide from our lord the fact that since our money is gone and our livestock belongs to you, there is nothing left for our lord except our bodies and our land. Why should we perish before your eyes—we and our land as well? Buy us and our land in exchange for food, and we with our land will be in bondage to Pharaoh. Give us seed so that we may live and not die, and that the land may not become desolate.” So Joseph bought all the land in Egypt for Pharaoh. The Egyptians, one and all, sold their fields, because the famine was too severe for them. The land became Pharaoh’s, and Joseph reduced the people to servitude, from one end of Egypt to the other. However, he did not buy the land of the priests, because they received a regular allotment from Pharaoh and had food enough from the allotment Pharaoh gave them. That is why they did not sell their land. Joseph said to the people, “Now that I have bought you and your land today for Pharaoh, here is seed for you so you can plant the ground. But when the crop comes in, give a fifth of it to Pharaoh. The other four-fifths you may keep as seed for the fields and as food for yourselves and your households and your children.” “You have saved our lives,” they said. “May we find favor in the eyes of our lord; we will be in bondage to Pharaoh.” So Joseph established it as a law concerning land in Egypt—still in force today—that a fifth of the produce belongs to Pharaoh. It was only the land of the priests that did not become Pharaoh’s. Now the Israelites settled in Egypt in the region of Goshen. They acquired property there and were fruitful and increased greatly in number.