උත්පත්ති 45:4-9
උත්පත්ති 45:4-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු යෝසෙප් තම සහෝදරයින් අමතමින්, “එන්න මා ළඟට” යි කීවේ ය. ඔවුන් ළං වූ කල, ඔහු ඔවුන් අමතමින්, “ඔබ ඊජිප්තුවට විකුණූ ඔබේ සහෝදර යෝසෙප් මමයි. මෙහාට මා විකිණීම ගැන දැන් සංතාප වන්න එපා; තමන් ගැන ම කෝප වන්නත් එපා. මන්ද ජීවිත සුරකින පිණිස, ඔබට පෙරටුව මා මෙහි එවා ඇත්තේ දෙවියන්වහන්සේයි. දැන් අවුරුදු දෙකක පටන් දේශයේ සාගතය පවතී. සී සෑමක්, අස්වනු නෙළීමක් නැති තවත් පස් අවුරුද්දක් වෙයි. එහෙත් දෙවියන්වහන්සේ ඔබට පෙරටුව මා එවුවේ, මේ මිහි පිට ඔබට ඉතිරි ස්වල්ප දෙනකු ආරක්ෂා කර දෙන පිණිසත්, ඉමහත් ගැලවීමකින් ඔබේ ජීවිත සුරකින පිණිසත් ය. “එබැවින් මෙහි මා එවුවේ ඔබ නො වෙයි; දෙවියන්වහන්සේයි. උන්වහන්සේ මා පාරාවෝට පියකු ද ඔහුගේ ගෘහවාසී හැමට ස්වාමියා ද මුළු ඊජිප්තු දේශයට පාලකයා ද කොට පත් කළ සේක. දැන් හනික මා පියා වෙත ආපසු ගොස්, ඔහුට මෙසේ කියන්න, ‘ඔබගේ පුත්‍ර යෝසෙප් මෙසේ කියයි; දෙවියන්වහන්සේ මා මුළු මහත් ඊජිප්තුවට ම ස්වාමියා කර ඇත. මා වෙත මෙහි එන්න. පමා නො වන්න.
උත්පත්ති 45:4-9 Sinhala Revised Old Version (SROV)
යෝසෙප්: අනේ මා ළඟට එන්නැයි තමාගේ සහෝදරයන්ට කීය. ඔව්හු ළංවුණෝය. එවිට ඔහු: මම නුඹලා මිසරයට වික්කාවූ නුඹලාගේ සහෝදරවූ යෝසෙප්ය. නුඹලා මේ රටට මා වික්ක නිසා ශෝකනොවන්න, නුඹලාටම කෝපනොවන්න. මක්නිසාද දෙවියන්වහන්සේ ජීවිත ආරක්ෂාකරන පිණිස නුඹලට පෙරටුව මා එවූසේක. කුමක්හෙයින්ද මේ දෑවුරුද්දේ දේශයෙහි සාගතය පැවතුණේය. සීසෑමක්වත් කැපීමක්වත් නැත්තාවූ තවත් පස් අවුරුද්දක් වන්නේය. දෙවියන්වහන්සේ නුඹලා පොළොවෙහි ඉතිරිකරන පිණිසද මහත්වූ ගැළවීමකින් නුඹලාගේ ජීවිත ආරක්ෂාකරන පිණිසද නුඹලාට පෙරටුව මා එවූසේක. එබැවින් මා මෙහි එවුවේ නුඹලා නොව දෙවියන්වහන්සේය. උන්වහන්සේ මා ඵාරාවෝට පියෙක්ද ඔහුගේ මුළු ගෙදරට ස්වාමියෙක්ද මුළු මිසර දේශයට ආණ්ඩුකාරයෙක්ද කළසේක. නුඹලා ඉක්මන්කොට මාගේ පියා වෙතට ගොස්: ඔබගේ පුත්‍රවූ යෝසෙප් මෙසේ කියයි–දෙවියන්වහන්සේ මා මුළු මිසර දේශයට ස්වාමියා කළසේක. ප්‍රමාද නොව මා වෙතට අව මැනවි.
උත්පත්ති 45:4-9 Sinhala New Revised Version (NRSV)
නැවත ජෝසෙප් තම සහෝදරයන් අමතා, “කරුණාකර, මා ළඟට එන්නැ”යි කී විට ඔවුන් ද ළං වූයෙන්, “ඔබ මිසර දේශයට විකුණූ ඔබේ සහෝදරයා වන ජෝසෙප් මම ය, ඔබ මා මෙහි විකුණූ නිසා කරදර නො වන්න; නො තැවෙන්න. මන්ද, ඔබේ ජීවිතය රකිනු පිණිස ඔබට පෙරටුව දෙවියන් වහන්සේ මා මෙහි එවූ සේක. මේ සාගතය රටේ පැවතෙන දෙ වන අවුරුද්ද ය; සීසෑමක් හෝ අස්වැන්න නෙළීමක් හෝ නැති අවුරුදු පහක් තව ඇත. මිහි පිට ඔබට පෙළපතක් පවතින පිණිසත්, ඔබගෙන් බොහෝ දෙනෙකු ගළවා ඔබේ ජීවිත ආරක්ෂා කිරීමටත් දෙවියන් වහන්සේ ඔබට පෙරටුව මා එවූ සේක. එබැවින් මා මෙහි එවූයේ ඇත්තෙන් ම ඔබ නොව දෙවියන් වහන්සේ ය. තවද, උන් වහන්සේ පාරාවෝ හට මා පියෙකු කොට, ඔහුගේ රජ වාසල මුදලිඳු වශයෙන් ද, මුළු මිසර දේශාධිපති වශයෙන් ද මා පත් කළ සේක. “ඔබ සැම කඩිනම් කොට මා පියා වෙත ගොස් ඔහුට කතා කොට, ඔබේ පුත්‍රයා වන ජෝසෙප් මෙසේ පවසයි: ‘දෙවියන් වහන්සේ මුළු මිසරයේ අධිපති වශයෙන් මා පත් කළ සේක. පමා නොවී මා වෙත පැමිණෙන්න.
උත්පත්ති 45:4-9 Sinhala New Revised Version 2018 (SNRV)

උත්පත්ති 45:4-9 New International Version (NIV)
Then Joseph said to his brothers, “Come close to me.” When they had done so, he said, “I am your brother Joseph, the one you sold into Egypt! And now, do not be distressed and do not be angry with yourselves for selling me here, because it was to save lives that God sent me ahead of you. For two years now there has been famine in the land, and for the next five years there will be no plowing and reaping. But God sent me ahead of you to preserve for you a remnant on earth and to save your lives by a great deliverance. “So then, it was not you who sent me here, but God. He made me father to Pharaoh, lord of his entire household and ruler of all Egypt. Now hurry back to my father and say to him, ‘This is what your son Joseph says: God has made me lord of all Egypt. Come down to me; don’t delay.