උත්පත්ති 45:4-18

උත්පත්ති 45:4-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඉන්පසු යෝසෙප් තම සහෝදරයින් අමතමින්, “එන්න මා ළඟට” යි කීවේ ය. ඔවුන් ළං වූ කල, ඔහු ඔවුන් අමතමින්, “ඔබ ඊජිප්තුවට විකුණූ ඔබේ සහෝදර යෝසෙප් මමයි. මෙහාට මා විකිණීම ගැන දැන් සංතාප වන්න එපා; තමන් ගැන ම කෝප වන්නත් එපා. මන්ද ජීවිත සුරකින පිණිස, ඔබට පෙරටුව මා මෙහි එවා ඇත්තේ දෙවියන්වහන්සේයි. දැන් අවුරුදු දෙකක පටන් දේශයේ සාගතය පවතී. සී සෑමක්, අස්වනු නෙළීමක් නැති තවත් පස් අවුරුද්දක් වෙයි. එහෙත් දෙවියන්වහන්සේ ඔබට පෙරටුව මා එවුවේ, මේ මිහි පිට ඔබට ඉතිරි ස්වල්ප දෙනකු ආරක්ෂා කර දෙන පිණිසත්, ඉමහත් ගැලවීමකින් ඔබේ ජීවිත සුරකින පිණිසත් ය. “එබැවින් මෙහි මා එවුවේ ඔබ නො වෙයි; දෙවියන්වහන්සේයි. උන්වහන්සේ මා පාරාවෝට පියකු ද ඔහුගේ ගෘහවාසී හැමට ස්වාමියා ද මුළු ඊජිප්තු දේශයට පාලකයා ද කොට පත් කළ සේක. දැන් හනික මා පියා වෙත ආපසු ගොස්, ඔහුට මෙසේ කියන්න, ‘ඔබගේ පුත්‍ර යෝසෙප් මෙසේ කියයි; දෙවියන්වහන්සේ මා මුළු මහත් ඊජිප්තුවට ම ස්වාමියා කර ඇත. මා වෙත මෙහි එන්න. පමා නො වන්න. ඔබ ගෝෂෙන් පළාතේ වෙසෙමින්, මා කිට්ටුවෙන් සිටිනු ඇත. ඔබත්, ඔබේ දරුවනුත්, ඔබේ දරුවන්ගේ දරුවනුත්, ඔබගේ එළු බැටළු රංචු හා ගව රංචුත්, ඔබට ඇති සියල්ලත් සමඟ වසනු ඇත. එහිදී මම ඔබ රක්ෂා කරන්නෙමි. එසේ නො වුවහොත් ඔබත්, ඔබගේ ගෘහ වාසීන් හා ඔබට අයත් සියල්ලත් අනාථ වී යනු ඇත. මන්ද ඉදිරියට සාගතයේ තවත් අවුරුදු පහක් තිබේ.’ “මේ ඔබට කතා කරන්නේ සැබවින් ම මා වග ඔබටත්, මා සහෝදර බෙන්යමින්ටත් පෙනේ. ඊජිප්තුවේදී මා ලබන සියලු ගරු බුහුමන් ගැනත්, ඔබ දුටු හැම දෙයක් ම ගැනත් මගේ පියාට පවසන්න. හනික, මගේ පියා මෙහි කැඳවාගෙන එන්නැ” යි කීවේ ය. ඉන්පසු, තම සහෝදර බෙන්යමින්ගේ ගෙල වටා දෑත් යවා, ඔහු බදාගත් ඔහු, හඬන්නට වන්නේ ය. බෙන්යමින් ද ඔහු වැලඳ හැඬී ය. අනතුරුව ඔහු තම සහෝදරයන් හැම සිප, ඔවුන් වැලඳ හැඬී ය. පසුව ඔහුගේ සහෝදරයෝ ඔහු සමඟ කතා කරන්නට වන්හ. යෝසෙප්ගේ සහෝදරයින් පැමිණ ඇතැයි යන පුවත පාරාවෝගේ මන්දිරයට සැල වූ කල, පාරාවෝ හා ඔහුගේ සියලු නිලධාරීහු සතුටට පත් වූහ. පාරාවෝ යෝසෙප් අමතා, “ඔබේ සහෝදරයින්ට මෙසේ කියන්න: ‘මෙසේ කරන්න: ඔබේ සතුන් පිට බඩු පටවා, කානාන් දේශයට ආපසු ගොස්, ඔබේ පියා ද ඔබේ දරු පවුල් ද මා වෙත කැඳවාගෙන එන්න. ඊජිප්තු දේශයේ හොඳ ම දේ මම ඔබට දෙන්නෙමි. එවිට දේශයේ සාරය භුක්ති විඳීමට ඔබට පුළුවනි.’

උත්පත්ති 45:4-18 Sinhala Revised Old Version (SROV)

යෝසෙප්: අනේ මා ළඟට එන්නැයි තමාගේ සහෝදරයන්ට කීය. ඔව්හු ළංවුණෝය. එවිට ඔහු: මම නුඹලා මිසරයට වික්කාවූ නුඹලාගේ සහෝදරවූ යෝසෙප්ය. නුඹලා මේ රටට මා වික්ක නිසා ශෝකනොවන්න, නුඹලාටම කෝපනොවන්න. මක්නිසාද දෙවියන්වහන්සේ ජීවිත ආරක්ෂාකරන පිණිස නුඹලට පෙරටුව මා එවූසේක. කුමක්හෙයින්ද මේ දෑවුරුද්දේ දේශයෙහි සාගතය පැවතුණේය. සීසෑමක්වත් කැපීමක්වත් නැත්තාවූ තවත් පස් අවුරුද්දක් වන්නේය. දෙවියන්වහන්සේ නුඹලා පොළොවෙහි ඉතිරිකරන පිණිසද මහත්වූ ගැළවීමකින් නුඹලාගේ ජීවිත ආරක්ෂාකරන පිණිසද නුඹලාට පෙරටුව මා එවූසේක. එබැවින් මා මෙහි එවුවේ නුඹලා නොව දෙවියන්වහන්සේය. උන්වහන්සේ මා ඵාරාවෝට පියෙක්ද ඔහුගේ මුළු ගෙදරට ස්වාමියෙක්ද මුළු මිසර දේශයට ආණ්ඩුකාරයෙක්ද කළසේක. නුඹලා ඉක්මන්කොට මාගේ පියා වෙතට ගොස්: ඔබගේ පුත්‍රවූ යෝසෙප් මෙසේ කියයි–දෙවියන්වහන්සේ මා මුළු මිසර දේශයට ස්වාමියා කළසේක. ප්‍රමාද නොව මා වෙතට අව මැනවි. ඔබ ගෝෂෙන් දේශයෙහි වාසයකරමින් ඔබද ඔබගේ දරුවෝද ඔබගේ දරුවන්ගේ දරුවෝද ඔබගේ එළු බැටළු රැළවල්ද ඔබගේ ගව රැළවල්ද ඔබ සන්තක සියල්ලෝද මා ළඟ සිටින්නහුය. ඔබද ඔබගේ ගෙයි වැසියන්ද ඔබ සන්තක සියල්ලන්ද දිළිඳු බවට නොපැමිණෙන පිණිස එහි ඔබ රක්ෂාකරන්නෙමි; මක්නිසාද සාගතය තව අවුරුදු පහක් පවතින්නේයයි කියන්න. මෙන්න, නුඹලාට කථාකරන්නේ මාගේ මුඛය බව නුඹලාගේ ඇස්වලටද මාගේ සහෝදරවූ බෙන්යමින්ගේ ඇස්වලටද පෙනෙයි. නුඹලා මිසරයෙහි මාගේ සියලු ඓශ්චර්ය ගැනද නුඹලා දුටු සියල්ල ගැනද මාගේ පියාට දන්වා ඉක්මන්කොට මාගේ පියා මෙහි කැඳවාගෙන එන්නැයි තමාගේ සහෝදරයන්ට කීය. තවද ඔහු තම සහෝදරවූ බෙන්යමින්ගේ බෙල්ල බදාගෙන හැඬීය; බෙන්යමින්ද ඔහුගේ බෙල්ල බදාගෙන හැඬීය. ඔහු තමාගේ සියලු සහෝදරයන් සිඹ ඔවුන් වැලඳගෙන හැඬුවේය. ඉන්පසු ඔහුගේ සහෝදරයෝ ඔහු සමඟ කථාකළෝය. යෝසෙප්ගේ සහෝදරයෝ ආවෝය කියා ඵාරාවෝගේ ගෙයි වැසියන්ට ආරංචිවිය. ඵාරාවෝද ඔහුගේ සේවකයෝද ඊට බොහෝ ප්‍රසන්නවූවෝය. ඵාරාවෝ යෝසෙප්ට කථාකොට: නුඹලා මෙසේ කරන්නැයි නුඹේ සහෝදරයන්ට කියන්න–නුඹලාගේ මෘගයන් පිට බඩු පැටවිලිකරගෙන ගොස් කානාන් දේශයට පැමිණ, නුඹලාගේ පියාණන් සහ නුඹලාගේ පවුල්ද රැගෙන මා වෙතට එන්න. මම මිසර දේශයේ ඉතා හොඳ දේ නුඹලාට දෙන්නෙමි, නුඹලා දේශයේ සාරය භුක්තිවිඳින්නහුය.

උත්පත්ති 45:4-18 Sinhala New Revised Version (NRSV)

නැවත ජෝසෙප් තම සහෝදරයන් අමතා, “කරුණාකර, මා ළඟට එන්නැ”යි කී විට ඔවුන් ද ළං වූයෙන්, “ඔබ මිසර දේශයට විකුණූ ඔබේ සහෝදරයා වන ජෝසෙප් මම ය, ඔබ මා මෙහි විකුණූ නිසා කරදර නො වන්න; නො තැවෙන්න. මන්ද, ඔබේ ජීවිතය රකිනු පිණිස ඔබට පෙරටුව දෙවියන් වහන්සේ මා මෙහි එවූ සේක. මේ සාගතය රටේ පැවතෙන දෙ වන අවුරුද්ද ය; සීසෑමක් හෝ අස්වැන්න නෙළීමක් හෝ නැති අවුරුදු පහක් තව ඇත. මිහි පිට ඔබට පෙළපතක් පවතින පිණිසත්, ඔබගෙන් බොහෝ දෙනෙකු ගළවා ඔබේ ජීවිත ආරක්ෂා කිරීමටත් දෙවියන් වහන්සේ ඔබට පෙරටුව මා එවූ සේක. එබැවින් මා මෙහි එවූයේ ඇත්තෙන් ම ඔබ නොව දෙවියන් වහන්සේ ය. තවද, උන් වහන්සේ පාරාවෝ හට මා පියෙකු කොට, ඔහුගේ රජ වාසල මුදලිඳු වශයෙන් ද, මුළු මිසර දේශාධිපති වශයෙන් ද මා පත් කළ සේක. “ඔබ සැම කඩිනම් කොට මා පියා වෙත ගොස් ඔහුට කතා කොට, ඔබේ පුත්‍රයා වන ජෝසෙප් මෙසේ පවසයි: ‘දෙවියන් වහන්සේ මුළු මිසරයේ අධිපති වශයෙන් මා පත් කළ සේක. පමා නොවී මා වෙත පැමිණෙන්න. ඔබ, ගෝෂෙන් නම් පළාතේ පදිංචි වී, එහි ඔබ ද ඔබේ දරුවන් ද දරුවන්ගේ දරුවන් ද ඔබේ එළු බැටළු පට්ටි හා ගව පට්ටි ද ඔබ සතු සියල්ලන් ද මට කිට්ටුවෙන් සිටිය යුතු ය. තව පස් අවුරුද්දක් සාගතය පවතින බැවින් ඔබත්, ඔබ ගෙවැසියනුත්, ඔබ සතු සියල්ලත් ආරක්ෂා කොට, ඔබට අගහිඟයක් නැති වන සේ මම එහි දී ඔබට සියල්ල ම සපයමි’යි කී ය. තවද, ඔබට කතා කරන්නේ ජෝසෙප් ම බව ඔබ සැමගේ නෙත්වලටත්, මා සොහොයුරු බෙන්ජමින්ගේ නෙත්වලටත් පෙනෙනු ඇත. ඇරත්, මිසරයේ මාගේ ශ්‍රේෂ්ඨතම පදවියත්, ඔබ දුටු සියල්ලත් පියාට දන්වා, හනික ගොස් මාගේ පියා මෙහි කැඳවා ගෙන එන්නැ”යි කීවේ ය. ඉන්පසු ඔහු තම සොහොයුරු බෙන්ජමින්ගේ ගෙල වැළඳගෙන හැඬී ය. බෙන්ජමින් ද ඔහුගේ ගෙල වැළඳගෙන හැඬී ය. තවද, ඔහු තම සහෝදරයන් සියල්ලන් ම සිඹ වැළඳගෙන හැඬී ය. පසුව ඔහුගේ සහෝදරයෝ ඔහු සමඟ කතා කළහ. තවද, ජෝසෙප්ගේ සහෝදරයන්ගේ පැමිණීමේ ආරංචිය පාරාවෝගේ ගෘහයේ රැව් දිනි. මෙය පාරාවෝට ද ඔහුගේ නිලධාරීන්ට ද ප්‍රීතිදායක විය. එවිට පාරාවෝ ජෝසෙප්ට කතා කොට, “ඔබේ සහෝදරයන් අමතා, ‘මෙය කරන්න; එනම්, ඔබේ සතුන් පිට බඩු පටවාගෙන යන්න; කානාන් දේශයට ගොස්, ඔබගේ පියා ද පවුල් ද රැගෙන මා වෙත පැමිණෙන්න; මිසරයේ නිපදවන ඉස්තරම් දේ මම ඔබට දෙමි; ඔබ ද රටේ ඉතා අගනා පලදාව වළඳන්නහු ය’යි දැන්විය යුතු ය. ඔබ ද ඔවුන්ට මෙසේ කරන්න කියා අණ කරන්න.

උත්පත්ති 45:4-18 Sinhala New Revised Version 2018 (SNRV)

උත්පත්ති 45:4-18 New International Version (NIV)

Then Joseph said to his brothers, “Come close to me.” When they had done so, he said, “I am your brother Joseph, the one you sold into Egypt! And now, do not be distressed and do not be angry with yourselves for selling me here, because it was to save lives that God sent me ahead of you. For two years now there has been famine in the land, and for the next five years there will be no plowing and reaping. But God sent me ahead of you to preserve for you a remnant on earth and to save your lives by a great deliverance. “So then, it was not you who sent me here, but God. He made me father to Pharaoh, lord of his entire household and ruler of all Egypt. Now hurry back to my father and say to him, ‘This is what your son Joseph says: God has made me lord of all Egypt. Come down to me; don’t delay. You shall live in the region of Goshen and be near me—you, your children and grandchildren, your flocks and herds, and all you have. I will provide for you there, because five years of famine are still to come. Otherwise you and your household and all who belong to you will become destitute.’ “You can see for yourselves, and so can my brother Benjamin, that it is really I who am speaking to you. Tell my father about all the honor accorded me in Egypt and about everything you have seen. And bring my father down here quickly.” Then he threw his arms around his brother Benjamin and wept, and Benjamin embraced him, weeping. And he kissed all his brothers and wept over them. Afterward his brothers talked with him. When the news reached Pharaoh’s palace that Joseph’s brothers had come, Pharaoh and all his officials were pleased. Pharaoh said to Joseph, “Tell your brothers, ‘Do this: Load your animals and return to the land of Canaan, and bring your father and your families back to me. I will give you the best of the land of Egypt and you can enjoy the fat of the land.’