උත්පත්ති 45:1-3
උත්පත්ති 45:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට යෝසෙප් තමා හා සිටි තම පිරිවර ඉදිරියේ තමා පාලනය කර ගත නො හැකි ව, “හැම කෙනෙක් ම මා ඉදිරියෙන් ඉවත් වනු!” යි මොර ගසා කීවේ ය. මෙසේ, තම සහෝදරයනට යෝසෙප් තමා හඳුන්වා දෙන විට, ඔහු සමඟ වෙන කිසිවකු නො වී ය. ඔහු කොතරම් හඬ නගා හැඬුවේ ද යත්, ඔහු හඬනු ඊජිප්තුවරුනට ඇසිණි. පාරාවෝගේ ගෘහවාසීනට ද එය ඇසිණි. යෝසෙප් තම සහෝදරයින් අමතමින්, “මම යෝසෙප් වෙමි! මගේ පියා තවමත් ජීවත් වෙනවා දැ?” යි ඇසී ය. එහෙත් ඔහුගේ සහෝදරයෝ, ඔහු ඉදිරියෙහි තැති ගෙන, ඔහුට පිළිතුරක් දී ගත නො හැකි ව තූෂ්ණීම්භූත ව සිටියෝ ය.
උත්පත්ති 45:1-3 Sinhala Revised Old Version (SROV)
එකල්හි යෝසෙප් තමන් සමඟ සිටි සියල්ලන් ඉදිරියෙහි ඉවසාගන්ට නොහැකිව: සියලු මිනිසුන් මා වෙතින් පිටතට අරින්නැයි මොරගසා කීය. යෝසෙප් තමාගේ සහෝදරයන්ට තමාම අඳුන්වාදෙන අතර ඔහු සමඟ කිසිවෙක් නොසිටියේය. ඔහු ශබ්ද නගා හැඬීය. එය මිසරවරුන්ට ඇසුණේය, ඵාරාවෝගේ ගෙයි වැසියන්ටත් ඇසුණේය. යෝසෙප් තමාගේ සහෝදරයන්ට කථාකොට: මම යෝසෙප්ය; මාගේ පියා තවම ජීවත්ව සිටීදැයි ඇසුවේය. ඔහුගේ සහෝදරයෝ ඔහුට උත්තරදෙන්ට නොහැකිවූවෝය; මක්නිසාද ඔහු ඔවුන් ඉදිරියෙහි වූ බැවින් ඔව්හු කැලඹී සිටියෝය.
උත්පත්ති 45:1-3 Sinhala New Revised Version (NRSV)
එවිට ජෝසෙප්ට තමා ළඟ සිටි පිරිවර ඉදිරියේ තමන් සිත වාවාගත නොහැකි වී, “සියල්ලන් ම මා වෙතින් ඉවතට යන්න හරින්නැ”යි හඬනැඟුවේ ය. මෙසේ ජෝසෙප් ඔහුගේ සහෝදරයන්ට තමන් ම හඳුන්වා දෙන විට ඔහු සමඟ අන් කිසිවෙක් එහි නොසිටියේ ය. ඔහු මහ හඬින් හැඬී ය. මිසර වාසීන්ට ද, පාරාවෝගේ රජ වාසල අයට ද එය ඇසිණි. ජෝසෙප් ඔහුගේ සහෝදරයන් අමතමින්, “මම ජෝසෙප් ය. මාගේ පියා තව ම ජීවත් ව සිටී දැ”යි ඇසී ය. ඔහුගේ සහෝදරයන් ඔහු දැකීමෙන් තුෂ්ණීම්භූත ව සිටි හෙයින් ඔහුට උත්තර දීගන්නට ඔවුන්ට නොහැකි විය.
උත්පත්ති 45:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට ජෝසෙප්ට තමා ළඟ සිටි පිරිවර ඉදිරියේ තමන් සිත වාවාගත නොහැකි වී, “සියල්ලන් ම මා වෙතින් ඉවතට යන්න හරින්නැ”යි හඬනැඟුවේ ය. මෙසේ ජෝසෙප් ඔහුගේ සහෝදරයන්ට තමන් ම හඳුන්වා දෙන විට ඔහු සමඟ අන් කිසිවෙක් එහි නොසිටියේ ය. ඔහු මහ හඬින් හැඬී ය. මිසර වාසීන්ට ද, පාරාවෝගේ රජ වාසල අයට ද එය ඇසිණි. ජෝසෙප් ඔහුගේ සහෝදරයන් අමතමින්, “මම ජෝසෙප් ය. මාගේ පියා තව ම ජීවත් ව සිටී දැ”යි ඇසී ය. ඔහුගේ සහෝදරයන් ඔහු දැකීමෙන් තුෂ්ණීම්භූත ව සිටි හෙයින් ඔහුට උත්තර දීගන්නට ඔවුන්ට නොහැකි විය.
උත්පත්ති 45:1-3 New International Version (NIV)
Then Joseph could no longer control himself before all his attendants, and he cried out, “Have everyone leave my presence!” So there was no one with Joseph when he made himself known to his brothers. And he wept so loudly that the Egyptians heard him, and Pharaoh’s household heard about it. Joseph said to his brothers, “I am Joseph! Is my father still living?” But his brothers were not able to answer him, because they were terrified at his presence.