උත්පත්ති 44:14-17

උත්පත්ති 44:14-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)

යූදා හා ඔහුගේ සහෝදරයින් යෝසෙප්ගේ නිවසට පැමිණෙන තුරුත් ඔහු සිටියේ නිවසේ ය. ඔවුහු, ඔහු ඉදිරියේ බිම පෙරළී, වැඳ වැටුණහ. යෝසෙප් ඔවුන් අමතමින්, “මොකක් ද මේ නුඹලා කළේ? මා වැනි මිනිසකුට පේන කියන්නට හැකි වග නුඹලා දන්නේ නැද්දැ?” යි පැවසී ය. එවිට යූදා කතා කරමින්, “මගේ ස්වාමියාට අප මොනවා කියන්න ද? මොනවා පවසන්න ද? අපේ නිදොස්කම අප කොහොම ඔප්පු කරන්න ද? ඔබේ සේවකයින්ගේ වරද දෙවියන්වහන්සේ පෙන්වා දී තිබේ. සැබවින් ම දැන් අප, මගේ ස්වාමියාගේ දාසයොයි. මේ අපත්, කුසලාන තමන් ළඟ තිබී හමු වූ තැනැත්තාත් යැ” යි පැවසී ය. එහෙත් යෝසෙප් පිළිතුරු දෙමින්, “එවැනි දෙයක් කිරීම, මා වෙතින් දුරු වේවා. කුසලාන තමා ළඟ තිබී හමු වූ කෙනා පමණක් මගේ දාසයා වුණා වේ. ඔබ අනෙක් අයට ඔබේ පියා වෙත සාමයෙන් යා හැකි” යි කීවේ ය.

උත්පත්ති 44:14-17 Sinhala Revised Old Version (SROV)

යූදාද ඔහුගේ සහෝදරයෝද යෝසෙප්ගේ ගෙට පැමුණුණෝය. ඔහු ඒ වනතෙක් එහි සිටියේය. ඔව්හු වනාහි ඔහු ඉදිරියෙහි බිම වැටුණෝය; යෝසෙප්: නුඹලා කළාවූ මේ ක්‍රියාව කිමෙක්ද? මා වැනි මනුෂ්‍යයෙකුට ශාස්ත්‍ර කියන්ට සැබවින්ම පුළුවන් බව නොදනිවුදැයි ඔවුන්ට කීවේය. යූදා කියනුයේ: මාගේ ස්වාමියාට අපි කුමක් කියමුද? කුමක් කථාකරමුද? අපි කෙසේ අපම නිර්දෝෂකරගනිමුද? දෙවියන්වහන්සේ ඔබගේ මෙහෙකරුවන්ගේ අපරාධය සොයාගත්සේක. බැලුව මැනවි, කුසලාන යමෙකු අත තිබී සම්බවීද ඔහුත් අපිත් මාගේ ස්වාමියාගේ දාසයෝ යයි කීය. ඔහු: එසේ කිරීම මාගෙන් දුරුවේවා. කුසලාන යමෙකු අතේ තිබී සම්බවීද ඔහු මාගේ දාසයා වන්නේය; නුඹලා නුඹලාගේ පියා වෙතට සමාදානයෙන් යන්නැයි කීවේය.

උත්පත්ති 44:14-17 Sinhala New Revised Version (NRSV)

මෙසේ ජුදා සහ ඔහුගේ සහෝදරයන් ජෝසෙප්ගේ ගෘහයට ආපසු පැමිණි විට ජෝසෙප් එතෙක් එහි සිටියෙන්, ඔව්හු ඔහු ඉදිරියෙහි බිම වැටී වැන්දා හ. ඔහු ඔවුන් අමතමින්, “නුඹලා කළ මේ දේ කුමක් ද? මා වැනි කෙනෙකුට ඇත්තෙන් ම දිවැස් කීමට හැකි බව නුඹලා නොදන්නහු දැ”යි ඇසී ය. එවිට ජුදා කතා කොට, “මාගේ ස්වාමීන් හට අප කුමන පිළිතුරක් දෙන්න ද? අප කුමක් කියන්න ද? අපි කෙසේ නම් මේ ගැන නිදොස් වමු ද? දෙවියන් වහන්සේ ඔබේ දාසයන්ගේ දුෂ්ටකම මතුකර පෙනෙන්නට සැලැසූ සේක. මෙන්න, තමා ළඟ කුසලාන තිබී සම්බ වූ තැනැත්තාත් අපිත්, මාගේ ස්වාමීන්ගේ වහල්ලු වන්නෙමු”යි කීවේ ය. ජෝසෙප් එවිට උත්තර දෙමින්, “එසේ නො වේ වා! මම එවැන්නක් නොකරමි. එහෙත්, යමෙකු ළඟ තිබී කුසලාන සම්බ වූයේ ද ඔහු පමණක් මාගේ වහලා වන්නේ ය. නුඹලා සැම දෙන නැඟිට නුඹලාගේ පියා වෙත සාමදානයෙන් යන්නැ”යි කී ය.

උත්පත්ති 44:14-17 Sinhala New Revised Version 2018 (SNRV)