උත්පත්ති 43:15-28

උත්පත්ති 43:15-28 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එබැවින් ඒ මිනිස්සු එම ත්‍යාග ද දෙගුණයක් මුදල් ද ගෙන, බෙන්යමින් ද කැටිව, ඊජිප්තුව බලා ගියාහු, යෝසෙප් ඉදිරියේ පෙනී සිටියහ. ඔවුන් සමඟ බෙන්යමින් ද සිටිනු දුටු යෝසෙප්, තම නිවසේ බාරකරුට කතා කොට, “මේ මිනිසුන් ගෙතුළට ගෙන යන්න. සතකු මස්කර පිළියෙල කරන්න. දහවලේ මොවුන් මා සමඟ අහර ගත යුතු යැ” යි කීවේ ය. ඒ මිනිසා, තමාට යෝසෙප් කී ලෙස කටයුතු කරමින්, යෝසෙප්ගේ ගෙදරට ඔවුන් ගෙන ගියේ ය. යෝසෙප්ගේ ගෙතුළට තමන් ගෙන යනු ලැබූ කල, ඒ මිනිස්සු තැති ගත්හ. “අප මෙහි ගෙනෙනු ලැබ ඇත්තේ, මුල් වතාවේ අපේ ගෝණිවලට ආපසු දමා තිබූ මුදල් නිසා ය. අපට පහර දී, අප යටත් කර ගෙන, වහලුන් කොට අප අල්ලා, අපේ බූරුවන් ද ගන්නට ඔහුට වුවමනා වී ඇති නිසා” යි ඔවුහු සිතූහ. එබැවින් ඔවුහු යෝසෙප්ගේ ගෘහ-බාරකරු වෙත, ගේ දොරකඩට අවුත්, ඔහු ඇමතූහ. “ස්වාමිනි, ඇත්තෙන් ම පළමුවර අප මෙහි ආවේ, ආහාර මිලයට ගන්නයි. එහෙත් රෑ නැවතුම් පොළට ඇවිත්, අපේ ගෝණි ලිහූ කල, අප එකිනෙකාගේ මුදල්, ඒ මුදලේ සම්පූර්ණ කිරුම් බරට අපේ ගෝණි කටේ තිබුණා; එබැවින් අප ඒවා ආපසු ගෙනැවිත් තියෙනවා. ඒ හැර, ආහාර මිල දී ගැනීමට අමතර මුදල් ද අප ගෙනවුත් තියෙනවා. අපේ මුදල් අපේ ගෝණිවලට දැම්මේ කවුරුදැයි අප දන්නේ නැත.” එවිට ඔහු, “නුඹලාට සාමය වේවා! භය වෙන්න එපා; ඔබේ දෙවියන්වහන්සේ, ඔබේ පියාගේ දෙවියන්වහන්සේ ඔබේ ගෝණි තුළ ඔබට ධනයක් දී තිබේ. ඔබේ මුදල් මට ලැබුණා” යි කීවේ ය. ඉන්පසු ඔහු සිමියොන් ද ඔවුන් වෙත පැමිණ වී ය. ඉන්පසු ඔහු යෝසෙප්ගේ නිවස තුළට ඒ මිනිසුන් කැඳවා, ඔවුන්ගේ පා දෝවනයට දිය සැපයී ය. ඔවුන්ගේ බූරුවනට පිදුරු ද දුන්නේ ය. එහිදී තමන් ආහාර ගැනීමට නියමිත වග ඇසූ ඔවුහු, මද්දහනේ පැමිණෙන යෝසෙප්ට, ඔවුන්ගේ ත්‍යාග, පිළියෙල කළහ. යෝසෙප් නිවසට ආ කල, ඔවුහු ගෙතුළට ගෙනවුත් තිබූ තෑගි ඔහුට පිළිගන්වා, බිමට නැමී, ඔහුට වැඳ, ආචාර කළහ. ඔවුන්ගේ සුව දුක් විමසූ ඔහු, “ඔබ මට පැවසූ ඔබේ වියපත් පියාට කොහොම ද? ඔහු තවමත් ජීවත් වේ දැ?” යි ඇසී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “ඔබගේ සේවක, අපගේ පියා තවමත් ජීවත් ව, සුවෙන් සිටිනවා” කියා, හිස් බිමට නවා, ප්‍රණාමය දැක්වූහ.

උත්පත්ති 43:15-28 Sinhala Revised Old Version (SROV)

ඒ මනුෂ්‍යයෝ ඒ තෑග්ග රැගෙන, මුදල් දෙගුණයක් අත්වල තබාගෙන, බෙන්යමින්ද කැඳවාගෙන, පිටත්ව මිසරයට ගොස් යෝසෙප් ඉදිරියෙහි සිටියෝය. යෝසෙප් ඔවුන් සමඟ බෙන්යමින් සිටිනවා දුටු කල්හි තමාගේ ගෙයි ගබඩාකාරයාට කථාකොට: මේ මනුෂ්‍යයන් ගෙට කැඳවාගන ගොස් සතුන් මරා පිළියෙළ කරන්න; මක්නිසාද මේ මනුෂ්‍යයෝ දවාලට මා සමඟ කන්නෝයයි කීවේය. ඒ මනුෂ්‍යයා යෝසෙප් අණකළ ලෙස කෙළේය; ඔහු ඒ මනුෂ්‍යයන් යෝසෙප්ගේ ගෙට කැඳවාගෙන ගියේය. එසේ යෝසෙප්ගේ ගෙට තමන් කැඳවාගෙන ගිය බැවින් ඒ මනුෂ්‍යයෝ භයවූහ; ඔව්හු කථාකොට: අප ඇතුළට ගෙනයන්නේ පළමු වර අපේ ගෝණිවල තිබී නැවත ලැබුණු මුදල් නිසා අප පිටට වරද පමුණුවා, අප අල්ලා, අප දාසයන් කරගෙන, අපේ කොටළුවන්ද ගන්නා පිණිසයයි කීවෝය. ඔව්හු යෝසෙප්ගේ ගෙයි ගබඩාකාරයාට ළංවී ගෙයි දොරකඩදී ඔහුට කථාකරමින්: අනේ ස්වාමීනි, පළමු වර අපි ආහාර මිලේට ගන්නා පිණිස ආවෙමු. තවද අපි නවාතැන්පළට අවුත් අපේ ගෝණි ඇරිය කල්හි අපේ මුදල් සම්පූර්ණ බරට එක්එක්කෙනාගේ ගෝණි කටේ තිබුණේය. අපේ අත්වල නැවත ඒවා ගෙනාවෙමු. ආහාර මිලේට ගන්නා පිණිස වෙන මුදල්ද අප අත්වල ගෙනාවෙමුව. අපේ මුදල් අපේ ගෝණිවල දැමුවේ කවුදැයි නොදනිමුයයි කීවෝය. ඔහුද: නුඹලාට සමාදානය වේවා, භයනොවන්න. නුඹලාගේද නුඹලාගේ පියාණන්ගේද දෙවියන්වහන්සේ නුඹලාගේ ගෝණිවල නුඹලාට වස්තුවක් දුන්සේක. නුඹලාගේ මුදල් මට ලැබුණේයයි කීවේය. තවද ඔහු සිමියොන් ඔවුන් වෙතට පිටතට ගෙනායේය. ඒ මනුෂ්‍යයා ඔවුන් යෝසෙප්ගේ ගෙට කැඳවාගෙන ගොස් ඔවුන්ට වතුර දුන්නේය, ඔව්හු පාද සෝදාගත්තෝය; ඔහු ඔවුන්ගේ කොටළුවන්ටත් ගොදුරු දුන්නේය. තමන් එහිදී කෑම කන්ට යන බව ඔව්හු අසා ඉරමුදුන් වේලාවේ යෝසෙප්ගේ ඊම වන තුරු තමන්ගේ තෑග්ග සූදානම්කර තැබුවෝය. යෝසෙප් ගෙදර ආ කල්හි ඔව්හු තමන්ගේ අත්වල තිබුණු තෑග්ග ඔහු වෙතට ගෙට ගෙනැවිත් බිමට නැමී ඔහුට වැන්දෝය. ඔහු ඔවුන්ගේ සැප සනීප අසා: නුඹලා කී මහලු මනුෂ්‍යයාවූ නුඹලාගේ පියාණෝ සනීපෙන්ද? ඔහු තවම ජීවත්ව සිටීදැයි ඇසුවේය. ඔබගේ මෙහෙකරුවූ අපගේ පියා සනීපෙන්ය, තවම ජීවත්ව සිටීයයි ඔව්හු කීවෝය. තවද ඔව්හු හිස්නමා වැන්දෝය.

උත්පත්ති 43:15-28 Sinhala New Revised Version (NRSV)

ඔව්හු තෑගි ගෙන, තමන්ගේ පසුම්බිවල මුදල් දෙගුණයක් ලාගෙන, බෙන්ජමින් ද රැගෙන, නැඟිට, මිසරය බලා ගොස් ජෝසෙප් ඉදිරියෙහි සිටගත්හ. ජෝසෙප් ඔවුන් සමඟ බෙන්ජමින් සිටිනු දුටු විට, තම ගෘහයේ කළමනාකරුට කතා කොට, “මේ මිනිසුන් මාගේ ගෘහයට ගෙන යන්න; සතෙකු මරා පිළියෙළ කරන්න; මාගේ ගෘහයේ ඔවුන් මා සමඟ දිවා භෝජනය වළඳනු ඇතැ”යි කීවේ ය. ඔහු ජෝසෙප් කී ප්‍රකාර කර ජෝසෙප්ගේ ගෘහයට ඔවුන් කැඳවාගෙන ආවේ ය. ජෝසෙප්ගේ ගෘහයට ඔවුන් ගෙනා බැවින්, ඔව්හු බිය වී, “අප මෙහි ගෙනාවේ පළමු වර අප ගෝණිවල ආපසු දමා තිබූ මුදල් නිසා ය, ඔහු අපට අඩන්තේට්ටම් කොට පහර දී, අප වහලුන් කොට, අපේ කොටළුවන් ද ගන්නට යන්නේ ය”යි කී හ. පසුව ඔව්හු ජෝසෙප්ගේ ගෘහයේ කළමනාකරු වෙත පැමිණ, ගෙදර දොර අසල ඔහු සමඟ කතා කරමින්, “මහතාණෙනි, පළමු වරක් ද ආහාර මිලට ගැනීම සඳහා අපි ඇත්තෙන් ම පැමිණියෙමු. අප නැවතුම් පොළට පැමිණ අපේ ගෝණි ඇරිය විට සෑම මිනිසෙකුගේ ම මුදල්, හරි කිරුම් බරට ගෝණි කටේ තිබෙනු අපි දුටුවෙමු. අපි ද එය නැවත ගෙනාවෙමු. ඇරත් ආහාර මිලට ගැනීම සඳහා තවත් මුදල් ද අප අතේ ගෙනාවෙමු. අපගේ ගෝණිවල මුදල් දැමුවේ කවුද කියා නොදනිමු”යි කී හ. එවිට ඔහු උත්තර දෙමින්, “ඔබට ආසිරි වේ වා! බිය නොවන්න, ඔබේ දෙවියන් වහන්සේ ද, ඔබේ පියාගේ දෙවියන් වහන්සේ ද, ඔබේ ගෝණිවල ඔබට නිධානයක් දුන් සේක. ඔබේ මුදල් මට ලැබුණේ ය”යි කී ය. ඉන්පසු ඔහු සිමියොන් ඔවුන් වෙත කැඳවාගෙන ආවේ ය. පසුව ඔහු, ඔවුන් ජෝසෙප්ගේ ගෘහයට ගෙනැවිත්, ඔවුන්ට වතුර දුන් විට ඔව්හු තමන් පාද සෝදාගත්හ. ඉන්පසු ඔහු ඔවුන්ගේ කොටළුවන්ට ආහාර දුනි. එම ගෘහයෙහි තමන් ආහාර වැළඳිය යුතු බව ඔවුන් අසා තිබුණෙන්, මද්දහනේ දී ජෝසෙප් එන විට තෑග්ග දීමට ඔව්හු සූදානම් වූ හ. ජෝසෙප් ගෘහයට පැමිණි විට ඔව්හු තමන් ළඟ තිබූ තෑග්ග ඔහුට පිරිනමමින් බිමට නැමී වැන්දා හ. ඔහු ඔවුන්ගේ සුවදුක් අසමින්, “නුඹලා කී මහලු පියාගේ සැපසනීප කොහොම ද? ඔහු තව ම ජීවත් ව සිටී දැ”යි විමසී ය. ඔව්හු ද පිළිතුරු දෙමින්, “ඔබේ දාසයා වූ අපේ පියා හොඳ සනීපයෙන් සිටී; ඔහු තව ම ජීවත් ව සිටින්නේ ය”යි කියා හිස පහත් කොට නමස්කාර කළහ.

උත්පත්ති 43:15-28 Sinhala New Revised Version 2018 (SNRV)

උත්පත්ති 43:15-28 New International Version (NIV)

So the men took the gifts and double the amount of silver, and Benjamin also. They hurried down to Egypt and presented themselves to Joseph. When Joseph saw Benjamin with them, he said to the steward of his house, “Take these men to my house, slaughter an animal and prepare a meal; they are to eat with me at noon.” The man did as Joseph told him and took the men to Joseph’s house. Now the men were frightened when they were taken to his house. They thought, “We were brought here because of the silver that was put back into our sacks the first time. He wants to attack us and overpower us and seize us as slaves and take our donkeys.” So they went up to Joseph’s steward and spoke to him at the entrance to the house. “We beg your pardon, our lord,” they said, “we came down here the first time to buy food. But at the place where we stopped for the night we opened our sacks and each of us found his silver—the exact weight—in the mouth of his sack. So we have brought it back with us. We have also brought additional silver with us to buy food. We don’t know who put our silver in our sacks.” “It’s all right,” he said. “Don’t be afraid. Your God, the God of your father, has given you treasure in your sacks; I received your silver.” Then he brought Simeon out to them. The steward took the men into Joseph’s house, gave them water to wash their feet and provided fodder for their donkeys. They prepared their gifts for Joseph’s arrival at noon, because they had heard that they were to eat there. When Joseph came home, they presented to him the gifts they had brought into the house, and they bowed down before him to the ground. He asked them how they were, and then he said, “How is your aged father you told me about? Is he still living?” They replied, “Your servant our father is still alive and well.” And they bowed down, prostrating themselves before him.