උත්පත්ති 42:37-38
උත්පත්ති 42:37-38 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට රූබෙන් තම පියා අමතමින්, “මා ඔබ වෙත ඔහු ආපසු ගෙන ආවේ නැති නම්, මගේ පුතුන් දෙදෙනා මරා දමන්න. ඔහු මගේ බාරයට පත් කරන්න; මම ආපසු ඔබ වෙත ඔහු ගෙනෙන්නෙමි” යි කීවේ ය. එහෙත් යාකොබ්, “මගේ පුතා නුඹලා සමඟ එහි යන්නේ නෑ. ඔහුගේ සහෝදරයා මිය ගිහින්. ජීවත් ව සිටින්නේ මොහු පමණයි. නුඹලා යන ගමනේදී ඔහු පිටට කිසියම් අනතුරක් සිදු වුවහොත්, මේ මහලු වයසේ සෝ සන්තාපයෙන් මිනී වළට යන්නට නුඹලා මට මග පාදතැ” යි කීවේ ය.
උත්පත්ති 42:37-38 Sinhala Revised Old Version (SROV)
එවිට රූබෙන් තමාගේ පියාට කථාකොට: මම ඔබ වෙතට ඔහු නැවත නොගෙනායෙම්නම් මාගේ පුත්රයන් දෙදෙනා මැරුව මැනවි. මා අතට ඔහු භාරදුන මැනවි, මම ඔහු ඔබ ළඟට නැවත ගෙනඑන්නෙමියි කීවේය. නුමුත් ඔහු: මාගේ පුත්රයා නුඹලා සමඟ නොයන්නේය; මක්නිසාද ඔහුගේ සහෝදරයා මෙළේය, ඉතිරිව සිටින්නේ මොහු පමණක්ය. ඉදින් නුඹලා යන මාර්ගයේදී ඔහුට අනතුරක් වුණොත් එයින් නුඹලා මාගේ පැසුණු කෙස් ශෝකයෙන් මිනීවළට පමුණුවන්නහුයයි කීය.
උත්පත්ති 42:37-38 Sinhala New Revised Version (NRSV)
එවිට රූබන් තම පියාට කතා කොට, “ඔබ වෙත මා ඔහු ආපසු නොගෙනාවොත්, මාගේ දරුවන් දෙදෙන මරාදමන්න; මට ඔහු බාර දෙන්න: මම ආපසු ඔහු ඔබ වෙත ගෙනෙන්නෙමි”යි කීවේ ය. ජාකොබ් එවිට පිළිතුරු දෙමින්, “නුඹලා සමඟ මාගේ පුත්රයා නම් නොයනු ඇත, ඒ මන්ද, ඔහුගේ සහෝදරයා මළ පසු, ඉතිරි වී ඇත්තේ ඔහු පමණ යි. නුඹලා යන අතරමඟ දී ඔහුට අනතුරක් සිදු වුණොත් වයස් ගත මට දුක් පමුණුවා, නුඹලා මා මරාදමන්නහු ය”යි කීවේ ය.
උත්පත්ති 42:37-38 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට රූබන් තම පියාට කතා කොට, “ඔබ වෙත මා ඔහු ආපසු නොගෙනාවොත්, මාගේ දරුවන් දෙදෙන මරාදමන්න; මට ඔහු බාර දෙන්න: මම ආපසු ඔහු ඔබ වෙත ගෙනෙන්නෙමි”යි කීවේ ය. ජාකොබ් එවිට පිළිතුරු දෙමින්, “නුඹලා සමඟ මාගේ පුත්රයා නම් නොයනු ඇත, ඒ මන්ද, ඔහුගේ සහෝදරයා මළ පසු, ඉතිරි වී ඇත්තේ ඔහු පමණ යි. නුඹලා යන අතරමඟ දී ඔහුට අනතුරක් සිදු වුණොත් වයස් ගත මට දුක් පමුණුවා, නුඹලා මා මරාදමන්නහු ය”යි කීවේ ය.
උත්පත්ති 42:37-38 New International Version (NIV)
Then Reuben said to his father, “You may put both of my sons to death if I do not bring him back to you. Entrust him to my care, and I will bring him back.” But Jacob said, “My son will not go down there with you; his brother is dead and he is the only one left. If harm comes to him on the journey you are taking, you will bring my gray head down to the grave in sorrow.”