උත්පත්ති 42:1-4
උත්පත්ති 42:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඊජිප්තුවේ ධාන්‍ය තිබෙන වග යාකොබ්ට දැනගන්නට ලැබිණ. ඔහු තම පුත්‍රයින්ට කතා කොට, “නුඹලා එකිනෙකාගේ මුහුණු දිහා බලා සිටින්නේ මොකද? අන්න! ඊජිප්තුවේ ධාන්‍ය තියෙන වග මට ආරංචියි. අප නො නැසී ජීවත් වන පිණිස, දැන් එහි ගොස්, අපටත් ධාන්‍ය මිල දී, ගෙන එන්නැ” යි කීවේ ය. එබැවින්, යෝසෙප්ගේ සහෝදරයින් දස දෙනෙක් ධාන්‍ය මිලයට ගන්නා පිණිස, ඊජිප්තුව වෙත ගියහ. එහෙත් යෝසෙප්ගේ සහෝදර බෙන්යමින්ට යම් විපතක් වේ දෝයි භය වූ යාකොබ් ඔහුගේ සහෝදරයින් සමඟ ඔහු පිටත් කර හැරියේ නැත.
උත්පත්ති 42:1-4 Sinhala Revised Old Version (SROV)
මිසරයෙහි ධාන්‍ය තිබෙන බව යාකොබ් දැක තම පුත්‍රයන්ට කථාකොට: නුඹලා එකිනෙකා දෙස බල බලා සිටින්නේ මක්නිසාද? මිසරයෙහි ධාන්‍ය තිබෙන බව ඇසීමි. අප නොනැසී ජීවත්වෙන පිණිස නුඹලා එහි ගොස් එතැනින් අපට මිලේට ගන්නැයි කීවේය. එවිට යෝසෙප්ගේ සහෝදරයන් දසදෙනෙක් මිසරයෙන් ධාන්‍ය මිලේට ගන්නා පිණිස ගියෝය. නුමුත් යාකොබ් යෝසෙප්ගේ සහෝදරවූ බෙන්යමින් ඔහුගේ සහෝදරයන් සමඟ නොයැවීය; කුමක් හෙයින්ද: සමහරවිට ඔහුට නපුරක් පැමිණෙන්ට පුළුවනැයි ඔහු කීවේය.
උත්පත්ති 42:1-4 Sinhala New Revised Version (NRSV)
මිසරයෙහි ධාන්‍ය තිබෙන බව ඇසූ ජාකොබ් තම පුතුන්ට කතා කොට, “නුඹලා එකිනෙකා දෙස බල බලා නිකම් ඉන්නේ මන් ද? බලන්න, මිසරයෙහි ධාන්‍ය තිබෙන බව මා අසා ඇත. නුඹලා එහි ගොස්, අප නොමැරී ජීවත් වන පිණිස අපට ධාන්‍ය එහෙන් මිලයට ගන්නැ”යි කීවේ ය. එවිට ජෝසෙප්ගේ සහෝදරයෝ දසදෙනා මිසරයේ ධාන්‍ය මිලයට ගනු පිණිස ගියහ. එහෙත් ජාකොබ්, ජෝසෙප්ගේ සහෝදරයා වන බෙන්ජමින්ට ‘සමහරවිට අනතුරක් වේ ය’යි සිතා ඔහුගේ සහෝදරයන් සමඟ ඔහු නොහැරියේ ය.
උත්පත්ති 42:1-4 Sinhala New Revised Version 2018 (SNRV)
මිසරයෙහි ධාන්‍ය තිබෙන බව ඇසූ ජාකොබ් තම පුතුන්ට කතා කොට, “නුඹලා එකිනෙකා දෙස බල බලා නිකම් ඉන්නේ මන් ද? බලන්න, මිසරයෙහි ධාන්‍ය තිබෙන බව මා අසා ඇත. නුඹලා එහි ගොස්, අප නොමැරී ජීවත් වන පිණිස අපට ධාන්‍ය එහෙන් මිලයට ගන්නැ”යි කීවේ ය. එවිට ජෝසෙප්ගේ සහෝදරයෝ දසදෙනා මිසරයේ ධාන්‍ය මිලයට ගනු පිණිස ගියහ. එහෙත් ජාකොබ්, ජෝසෙප්ගේ සහෝදරයා වන බෙන්ජමින්ට ‘සමහරවිට අනතුරක් වේ ය’යි සිතා ඔහුගේ සහෝදරයන් සමඟ ඔහු නොහැරියේ ය.
උත්පත්ති 42:1-4 New International Version (NIV)
When Jacob learned that there was grain in Egypt, he said to his sons, “Why do you just keep looking at each other?” He continued, “I have heard that there is grain in Egypt. Go down there and buy some for us, so that we may live and not die.” Then ten of Joseph’s brothers went down to buy grain from Egypt. But Jacob did not send Benjamin, Joseph’s brother, with the others, because he was afraid that harm might come to him.