උත්පත්ති 42:1-24

උත්පත්ති 42:1-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඊජිප්තුවේ ධාන්‍ය තිබෙන වග යාකොබ්ට දැනගන්නට ලැබිණ. ඔහු තම පුත්‍රයින්ට කතා කොට, “නුඹලා එකිනෙකාගේ මුහුණු දිහා බලා සිටින්නේ මොකද? අන්න! ඊජිප්තුවේ ධාන්‍ය තියෙන වග මට ආරංචියි. අප නො නැසී ජීවත් වන පිණිස, දැන් එහි ගොස්, අපටත් ධාන්‍ය මිල දී, ගෙන එන්නැ” යි කීවේ ය. එබැවින්, යෝසෙප්ගේ සහෝදරයින් දස දෙනෙක් ධාන්‍ය මිලයට ගන්නා පිණිස, ඊජිප්තුව වෙත ගියහ. එහෙත් යෝසෙප්ගේ සහෝදර බෙන්යමින්ට යම් විපතක් වේ දෝයි භය වූ යාකොබ් ඔහුගේ සහෝදරයින් සමඟ ඔහු පිටත් කර හැරියේ නැත. සාගතය කානාන් දේශයේ ද වූ බැවින් ධාන්‍ය මිලයට ගැනීමට ගිය ජනයා අතරේ ඉශ්‍රායෙල්ගේ පුත්තු ද වූහ. මෙකල දේශයේ ආණ්ඩුකාරයා ව සිටියේ යෝසෙප් ය. දේශයේ හැම දෙනාට ම ධාන්‍ය වික්කේ ඔහු ය. එහි ළඟා වූ යෝසෙප්ගේ සහෝදරයෝ බිමට නැමී, වැඳ, ඔහුට ආචාර කළහ. යෝසෙප් තම සහෝදරයන් දුටු විගස, ඔවුන් හඳුනා ගත්තේ ය. එහෙත් ඔවුන් නො හඳුනන වගක් ඇඟවූ ඔහු, ඔවුනට රළු අන්දමින් කතා කරමින්, “කොහේ සිට නුඹලා ආවහු දැ?” යි ඇසුවේ ය. ඔවුහු පිළිතුරු දෙමින්, “කානාන් දේශයේ සිට ය. ආහාර මිලයට ගන්නට යැ” යි කීවෝ ය. යෝසෙප් තම සහෝදරයින් හැඳින්න නමුත් ඔවුන් ඔහු හැඳින්නේ නැත. ඔවුන් ගැන තමා දුටු සිහින සිහි කළ යෝසෙප්, “නුඹලා ඔත්තුකාරයො; නුඹලා ආවේ අප දේශයේ අනාරක්ෂිත තැන් බලන්නට යැ” යි ඔවුන්ට කීවේ ය. ඔවුහු පිළිතුරු දෙමින්, “නැත මා ස්වාමිනි, ඔබගේ සේවකයින් පැමිණියේ ආහාර මිල දී ගන්නටයි. අප සැවොම එක මිනිසකුගේ පුත්‍රයෝ ය. අපි අවංක මිනිසුන් වෙමු; ඔබගේ සේවකයින් ඔත්තුකරුවන් නො වේ” යැයි පැවසූහ. “නැහැ නුඹලා ආවේ අප දේශයේ අනාරක්ෂිත තැන් බලන්නට ම” යැයි ඔහු ඔවුන්ට පැවසී ය. එහෙත් ඔවුහු පිළිතුරු දෙමින්, “ඔබගේ සේවක අප සහෝදරයින් දොළොස් දෙනෙක්. කානාන් දේශයේ වෙසෙන එක මිනිසකුගේ පුත්‍රයෝ ය. බාලයා දැනට අපගේ පියා ළඟ සිටී. එක් කෙනෙක් දැන් නැතැ” යි කීවෝ ය. යෝසෙප් ඔවුන්ට කතා කරමින්, “මා නුඹලාට කී විදියමයි. නුඹලා ඔත්තුකරුවන්මයි. නුඹලා පරීක්ෂා කරනු ලබන්නේ මේ විදියටයි. නුඹලාගේ බාල සහෝදරයා මෙහි කැඳවාගෙන ආවොත් මිස, මෙතැනින් පිට වී යෑමට නුඹලාට ඉඩ නො ලැබෙන වග, පාරාවෝගේ ජීවිතය පා දිවුරමි. නුඹලාගේ සහෝදරයා කැඳවාගෙන එන පිණිස, නුඹලාගෙන් කෙනකු යවනු. සෙසු අය සිර බාරයේ තබනවා. එසේ කරන්නේ නුඹලා කී දෑ සත්‍යදැයි පරීක්ෂා කරන පිණිසයි. ඒවා සත්‍ය නො වේ නම්, පාරාවෝගේ ජීවිතය පා, නුඹලා ඔත්තුකරුවන් ම යැ” යි කීවේ ය. මෙසේ ඔහු දවස් තුනක් ඔවුන් සියල්ලන් සිර බාරයේ තැබී ය. තුන් වන දවසේ යෝසෙප් ඔවුන්ට කතා කොට, “මෙහෙම කරන්න; එවිට ඔබේ දිවි රැකේවි. මන්ද මා දෙවියන්වහන්සේට භය ඇති කෙනෙක්. ඔබ අවංක මිනිසුන් නම්, ඔබ සහෝදරයින්ගෙන් කෙනකු මෙහි සිරගත ව සිටියදී, හාමතේ සිටින ඔබේ පවුල්වලට ධාන්‍ය රැගෙන, සෙසු අයට පිටත් ව ගිය හැකියි. එහෙත් ඔබේ බාල සහෝදරයා මා වෙත ගෙන ආ යුතුයි. එසේ ඔබේ වචන සත්‍ය වග ඔප්පු වීමෙන්, ඔබ නො නසිනු ඇතැ” යි කීවේ ය. ඔවුහු ඊට එකඟ වූහ. එවිට ඔවුහු එකිනෙකා අමතමින්, “නිසැකයෙන් ම අපේ සහෝදරයා සම්බන්ධ ව කළ වරදට ලැබෙන දඬුවමක් මේක. ඔහු තම ජීවිතය ගැන අපට කන්නලව් කරද්දී, ඔහුගේ සිතේ පීඩාව අප දුටුවත්, අප ඇසුවේ නැහැ. එනිසයි මේ සිත් පීඩා අප පිට පැමිණ ඇත්තේ” යි කීහ. එකල රූබෙන් පිළිතුරු දෙමින්, “කොලුවාට එරෙහිව පව් නො කරන්නැයි මා නුඹලාට කීවේ නැද්ද? ඒත්, නුඹලා ඇසුවේ නැත. මෙන්න දැන් ඔහුගේ ලේ ගැන අප ගණන් දිය යුතු ව ඇතැ” යි පැවසී ය. තම කතා බහ යෝසෙප්ට වැටහුණු වග ඔවුහු නො දත්හ. මන්ද දෙගොල්ල අතරේ භාෂා පරිවර්තකයකු විය. යෝසෙප් ඔවුන් වෙතින් ඉවත හැරී හඬන්නට වන්නේ ය. ඉන්පසු යළි හැරී, යළිත් ඔවුන් සමඟ කතා කළේ ය. ඔහු ඔවුන් අතරින් සිමියොන් ගෙන, ඔවුන්ගේ ඇස් ඉදිරිපිට ඔහු බැඳ දැමී ය.

උත්පත්ති 42:1-24 Sinhala Revised Old Version (SROV)

මිසරයෙහි ධාන්‍ය තිබෙන බව යාකොබ් දැක තම පුත්‍රයන්ට කථාකොට: නුඹලා එකිනෙකා දෙස බල බලා සිටින්නේ මක්නිසාද? මිසරයෙහි ධාන්‍ය තිබෙන බව ඇසීමි. අප නොනැසී ජීවත්වෙන පිණිස නුඹලා එහි ගොස් එතැනින් අපට මිලේට ගන්නැයි කීවේය. එවිට යෝසෙප්ගේ සහෝදරයන් දසදෙනෙක් මිසරයෙන් ධාන්‍ය මිලේට ගන්නා පිණිස ගියෝය. නුමුත් යාකොබ් යෝසෙප්ගේ සහෝදරවූ බෙන්යමින් ඔහුගේ සහෝදරයන් සමඟ නොයැවීය; කුමක් හෙයින්ද: සමහරවිට ඔහුට නපුරක් පැමිණෙන්ට පුළුවනැයි ඔහු කීවේය. සාගතය කානාන් දේශයෙහි වූ බැවින් මිලේට ගන්ට ආ තැනැත්තන් අතරේ ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝද ආවෝය. යෝසෙප් දේශයෙහි ආණ්ඩුකාරයාව සිටියේය; දේශයේ මුළු සෙනඟට වික්කේ ඔහුය. යෝසෙප්ගේ සහෝදරයෝ අවුත් මුහුණින් බිමට නැමී ඔහුට වැන්දෝය. යෝසෙප් තමාගේ සහෝදරයන් දැක ඔවුන් ඇඳිනගත්තේය, නුමුත් නාඳුනන්නාක් මෙන් පෙන්වා තද ලෙස ඔවුන්ට කථාකොට: නුඹලා කොතැන සිට ආවහුදැයි ඔවුන්ගෙන් ඇසීය. ආහාර මිලේට ගන්නා පිණිස කානාන් දේශයෙන් ආවෙමුයයි ඔව්හු කීවෝය. යෝසෙප් තමාගේ සහෝදරයන් ඇඳිනගත් නුමුත් ඔව්හු ඔහු ඇඳිනනොගත්තෝය. එවිට යෝසෙප් තමා ඔවුන් ගැන දුටු ස්වප්න සිහිකොට: නුඹලා ඔත්තුකාරයෝය; දේශයේ බෙලහීනකම බලන්ට ආවහුයයි ඔවුන්ට කීය. ඔව්හු: නැත ස්වාමීනි, ආහාර මිලේට ගන්නා පිණිස ඔබගේ මෙහෙකරුවෝ ආවෝය. අපි සියල්ලෝම එක මනුෂ්‍යයෙකුගේ පුත්‍රයෝය; අපි අවංක මනුෂ්‍යයෝය, ඔබගේ මෙහෙකරුවෝ ඔත්තුකාරයෝ නොවෙතියි කීවෝය. නැත, දේශයේ බෙලහීනකම බලන්ට ආවහුයයි ඔහු ඔවුන්ට කීය. ඔව්හු: ඔබගේ මෙහෙකරුවූ අපි සහෝදරයන් දොළොස් දෙනෙක්ය, කානාන් දේශයෙහි එක මනුෂ්‍යයෙකුගේ පුත්‍රයෝය; බාල තැනැත්තේ දැනට අපගේ පියාණන් සමඟ සිටියි, එක්කෙනෙක් නැත්තේයයි කීවෝය. එවිට යෝසෙප්: මා නුඹලාට කීවේ ඒකමය, නුඹලා ඔත්තුකාරයෝය. මෙයින් නුඹලා පරීක්ෂාකරනු ලබන්නහුය. ඵාරාවෝගේ ජීවිතය පා නුඹලාගේ බාල සහෝදරයා මෙහි ආවොත් මිස නැත්නම් නුඹලා මෙතැනින් නොයන්නහුයයි කියමි. නුඹලා තුළ සැබෑකම තිබේද කියා නුඹලාගේ වචනවලින් පරීක්ෂාකරනු ලබන පිණිස අනික් අය හිරඅඩස්සියේ සිටියදී නුඹලාගේ සහෝදරයා ගෙනෙන්ට නුඹලාගෙන් එක්කෙනෙකු යවන්න. නැතහොත් ඵාරාවෝගේ ජීවිතය පා සැබවින්ම නුඹලා ඔත්තුකාරයෝයයි කියමියි කීය. මෙසේ කියා ඔහු ඔවුන් සියල්ලන් තුන් දවසක් එකට හිරගෙයි තැබුවේය. තුන්වෙනි දින යෝසෙප් ඔවුන්ට කථාකොට: නුඹලා ජීවත්වෙන පිණිස මෙසේ කරන්න; මක්නිසාද මම දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තෙමි. නුඹලා අවංක මනුෂ්‍යයෝ නම් නුඹලාගේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක් නුඹලා සිටින හිරගෙයි හිර අඩස්සියේ සිටියදී නුඹලා නුඹලාගේ ගෙවල්වල හිඟකම නිසා ධාන්‍ය රැගෙන යන්න. නුඹලාගේ බාල සහෝදරයා මා වෙතට ගෙනෙන්න; මෙයින් නුඹලාගේ වචන සැබෑවන්නේය, නුඹලාද නොනස්නහුයයි ඔවුන්ට කීය. ඔව්හු එසේ කළෝය. ඔව්හු තම තමන් අතරේ කථාකොට: අපේ සහෝදරයා අපට කන්නලව්කරද්දී, ඔහුගේ හෘදය වේදනාව දැකලාත්, අප ඔහුට කන් නුදුන් හෙයින් සැබවින් අපි ඔහු ගැන වැරදිකාරයෝය; එබැවින් මේ විපත්තිය අපට පැමිණ තිබේයයි කීවෝය. රූබෙන් ඔවුන්ට උත්තරදෙමින්: ළමයාට විරුද්ධව පව් නොකරල්ලාය කියා මම නුඹලාට නොකීයෙම්ද? එහෙත් නුඹලා ඇහුවේ නැත. බලව, ඒ නිසාත්, ඔහුගේ ලේ ගැන පළිගනු ලැබේයයි කීවේය. යෝසෙප් සහ ඔවුන් අතරේ තෝල්කකෙනෙක් සිටි නිසා ඔහුට තේරුණු බවක් ඔව්හු දැනනොගත්තෝය. ඔහු ඔවුන් වෙතින් අහක්ව ගොස් හැඬුවේය; නැවතත් ඔහු ඔවුන් ළඟට ඇවිත් ඔවුන් සමඟ කථාකර ඔවුන් කෙරෙන් සිමියොන් රැගෙන ඔවුන්ගේ ඇස් හමුවෙහි බැන්දේය.

උත්පත්ති 42:1-24 Sinhala New Revised Version (NRSV)

මිසරයෙහි ධාන්‍ය තිබෙන බව ඇසූ ජාකොබ් තම පුතුන්ට කතා කොට, “නුඹලා එකිනෙකා දෙස බල බලා නිකම් ඉන්නේ මන් ද? බලන්න, මිසරයෙහි ධාන්‍ය තිබෙන බව මා අසා ඇත. නුඹලා එහි ගොස්, අප නොමැරී ජීවත් වන පිණිස අපට ධාන්‍ය එහෙන් මිලයට ගන්නැ”යි කීවේ ය. එවිට ජෝසෙප්ගේ සහෝදරයෝ දසදෙනා මිසරයේ ධාන්‍ය මිලයට ගනු පිණිස ගියහ. එහෙත් ජාකොබ්, ජෝසෙප්ගේ සහෝදරයා වන බෙන්ජමින්ට ‘සමහරවිට අනතුරක් වේ ය’යි සිතා ඔහුගේ සහෝදරයන් සමඟ ඔහු නොහැරියේ ය. මෙලෙස කානාන් දේශයේ ද සාගතය පැවතිණි, ධාන්‍ය මිලට ගැනීමට ආ අය අතර ඉශ්රායෙල්ගේ පුත්‍රයෝ ද වූ හ. ජෝසෙප් රටේ අධිපති වූවාක් මෙන් ම, රටේ මිනිසුන් සියල්ලන්ට ම ධාන්‍ය විකුණුවේ ද ඔහු ය. ඔහුගේ සහෝදරයෝ පැමිණ, ඔහු ඉදිරියෙහි මුණින්තලා වී වැන්දා හ. ජෝසෙප් ඔහුගේ සහෝදරයන් දැක, ඔවුන් හඳුනාගත් නමුත්, තමා නාඳුනන්නාක් මෙන් හඟවා, ඔවුන්ට තදින් කතා කරමින්, “නුඹලා ආවේ කිනම් රටකින් දැ”යි ඇසී ය. “ආහාර මිලට ගනු පිණිස කානාන් දේශයෙන් ය”යි ඔව්හු කී හ. ජෝසෙප් තම සොහොයුරන් හැඳින ගත් නමුත්, ඔව්හු ඔහු හැඳින නොගත් හ. ඔවුන් ගැන දුටු සිහින ද ඔහුට මතක් වී, ඔවුන්ට කතා කොට, “නුඹලා ඔත්තුකාරයෝ ය; නුඹලා පැමිණියේ රටේ දුබල තැන් බැලීමට ය”යි කීවේ ය. එවිට ඔව්හු ඔහුට උත්තර දෙමින්, “නැත ස්වාමීනි, ඔබේ දාසයන් පැමිණියේ ආහාර මිලට ගැනීමට පමණ ය. අපි සියල්ලෝ ම එක මිනිසෙකුගේ පුත්‍රයෝ වෙමු. අපි අවංක මිනිස්සු ය. ඔබේ දාසයෝ ඔත්තුකාරයෝ නොවෙති”යි කී හ. එවිට ජෝසෙප් නැවතත් ඔවුන්ට කතා කරමින්, “එසේ නොවේ, නුඹලා ආවේ රටේ දුබල තැන් බලාගන්නට පමණ ය”යි කී ය. ඔව්හු ද පිළිතුරු දෙමින්, “ඔබේ දාසයෝ වනාහි කානාන් දේශයේ එක ම මිනිසෙකුගේ පුත්‍රයන් වන සහෝදරයෝ දොළොස්දෙනෙකි. ඇත්තට ම බාල ම තැනැත්තා අද අපේ පියා සමඟ ය. එක් කෙනෙකු නම් ආගිය අතක් නැතැ”යි කී හ. ජෝසෙප් ද නැවතත් ඔවුන් අමතමින්, “ ‘ නුඹලා ඔත්තුකාරයෝ ය’යි මා නුඹලාට කීවේ අන්න ඒ නිසයි. නුඹලා කවුරු ද කියා මම පරීක්ෂා කර බලන්නට යමි. නුඹලාගේ බාල ම සහෝදරයා මෙහි එන තුරු නුඹලා මෙතැනින් නොයන්නහු ය යි පාරාවෝගේ නාමයෙන් දිවුරා කියමි. නුඹලාගෙන් කෙනෙකු පිටත් කර හරින්න, ඔහු නුඹලාගේ සහෝදරයා කැඳවාගෙන ආ යුතු ය. තවද, නුඹලා අවංක අය ය යි කියන කීම පරීක්ෂා කර බලන තුරු නුඹලා හිරබාරයේ තබනු ලබන්නහු ය. එසේ නොවී නම්, නුඹලා ඔත්තුකාරයෝ ය කියා පාරාවෝගේ නාමයෙන් මම දිවුරා කියමි”යි පැවසී ය. ඔහු ඔවුන් සියල්ලන් දින තුනක් ම හිරබාරයේ තැබී ය. තුන් වන දින ජෝසෙප් ඔවුන්ට කතා කොට, “මම දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇත්තෙක්මි. එබැවින් නුඹලා පණ බේරාගන්න කැමැති නම් මෙසේ කරන්න; නුඹලා අවංක අය නම්, සොහොයුරන් වන නුඹලාගෙන් කෙනෙකු, මේ සිරගෙයි සිර අඩස්සියේ තබා අනෙක් අය නුඹලාගේ පවුල්වල ඇති සාගතය සඳහා ධාන්‍ය රැගෙන යන්න. එහෙත්, බාල ම සහෝදරයා මා වෙත ගෙනා යුතු ය. මෙලෙස නුඹලා ඇත්ත කී බව ඔප්පු වීමෙන් මරණයෙන් බේරෙන්නහු ය”යි කී ය. ඔව්හු ද ඊට එකඟ වූ හ. ඉන්පසු ඔව්හු එකිනෙකා අමතමින්, “අපි ඇත්තෙන් ම අපගේ සහෝදරයාට කළ දේ ගැන වරදකරුවෝ වෙමු. ඒ මන්ද, ඔහු අපට කන්නලව් කරද්දී ඔහුගේ වේදනාව දැක දැකත්, අපි ඇහුම්කන් නුදුන්නෙමු. මේ විපත අපට පැමිණියේ ඒ නිසා ම ය”යි කීවෝ ය. එවිට රූබන් පිළිතුරු දෙමින්, “ ‘ළමයාට විරුද්ධ ව පව් නොකරන්න,’ කියා මා ඔබට කීවා නොවේ ද? එහෙත්, ඔබ ඇහුම්කන් නුදුන්නහු ය. එබැවින්, මෙන්න, ඔහුගේ ලේ ගැන අප දැන් වන්දි ගෙවිය යුතු ය”යි කී ය. ඔවුන් කී දේ ජෝසෙප් තේරුම් ගත් බව ඔව්හු දැන නොගත්හ. මන්ද, ඔහු ඔවුන්ට කතා කෙළේ තෝල්කයෙකු මඟින් බැවිනි. ඔහු ද ඔවුන්ගෙන් ඉවතට ගොස් හැඬී ය. පසුව යළි ඔවුන් වෙත පැමිණ ඔවුන් සමඟ කතා කොට, ඔවුන් අතරෙන් සිමියොන් රැගෙන, ඔවුන් ඉදිරිපිට ම ඔහු බැන්දේ ය.

උත්පත්ති 42:1-24 Sinhala New Revised Version 2018 (SNRV)

උත්පත්ති 42:1-24 New International Version (NIV)

When Jacob learned that there was grain in Egypt, he said to his sons, “Why do you just keep looking at each other?” He continued, “I have heard that there is grain in Egypt. Go down there and buy some for us, so that we may live and not die.” Then ten of Joseph’s brothers went down to buy grain from Egypt. But Jacob did not send Benjamin, Joseph’s brother, with the others, because he was afraid that harm might come to him. So Israel’s sons were among those who went to buy grain, for there was famine in the land of Canaan also. Now Joseph was the governor of the land, the person who sold grain to all its people. So when Joseph’s brothers arrived, they bowed down to him with their faces to the ground. As soon as Joseph saw his brothers, he recognized them, but he pretended to be a stranger and spoke harshly to them. “Where do you come from?” he asked. “From the land of Canaan,” they replied, “to buy food.” Although Joseph recognized his brothers, they did not recognize him. Then he remembered his dreams about them and said to them, “You are spies! You have come to see where our land is unprotected.” “No, my lord,” they answered. “Your servants have come to buy food. We are all the sons of one man. Your servants are honest men, not spies.” “No!” he said to them. “You have come to see where our land is unprotected.” But they replied, “Your servants were twelve brothers, the sons of one man, who lives in the land of Canaan. The youngest is now with our father, and one is no more.” Joseph said to them, “It is just as I told you: You are spies! And this is how you will be tested: As surely as Pharaoh lives, you will not leave this place unless your youngest brother comes here. Send one of your number to get your brother; the rest of you will be kept in prison, so that your words may be tested to see if you are telling the truth. If you are not, then as surely as Pharaoh lives, you are spies!” And he put them all in custody for three days. On the third day, Joseph said to them, “Do this and you will live, for I fear God: If you are honest men, let one of your brothers stay here in prison, while the rest of you go and take grain back for your starving households. But you must bring your youngest brother to me, so that your words may be verified and that you may not die.” This they proceeded to do. They said to one another, “Surely we are being punished because of our brother. We saw how distressed he was when he pleaded with us for his life, but we would not listen; that’s why this distress has come on us.” Reuben replied, “Didn’t I tell you not to sin against the boy? But you wouldn’t listen! Now we must give an accounting for his blood.” They did not realize that Joseph could understand them, since he was using an interpreter. He turned away from them and began to weep, but then came back and spoke to them again. He had Simeon taken from them and bound before their eyes.