උත්පත්ති 41:46-52
උත්පත්ති 41:46-52 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යෝසෙප් ඊජිප්තු රජු වූ පාරාවෝගේ සේවයට පිවිසෙන කල, තිස්වන වියෙහි පසු විය. යෝසෙප්, පාරාවෝ අබියසින් නික්ම, ඊජිප්තුව මුළුල්ලේ සැරි සැරුවේ ය. සමෘද්ධිමත් හත් අවුරුදුවලදී දේශය සුවිසල් අස්වැන්නක් නිපදවී ය. සමෘද්ධිමත් එම හත් අවුරුදුවල ඊජිප්තුවෙහි නිපැයුණු සියලු ආහාර එක් රැස් කළ යෝසෙප්, ඒවා නගරවල ගබඩා කරවී ය. එක් එක් නගරය වටා වූ කෙත් වත්හි හටගත් ආහාර ඔහු එම නගරවල ම ගබඩා කරවී ය. යෝසෙප්, මුහුදේ වැලි මෙන් ධාන්‍ය අති විශාල ප්‍රමාණයක් ගබඩා කරවී ය. ඒවා කොයි තරම් වී ද යත්, ගණන්-මිනුම් තැබීම ඔහුට නතර කරන්නට සිදු විය. ඒවා, මැනිය නො හැකි තරම් විය. සාගත අවුරුදු එළැඹෙන්නට පෙර, ඕන්හි පූජක පෝතිෆෙරාගේ දියණිය වූ ආසෙනත්, යෝසෙප්ට දාව, පුතුන් දෙදෙනකු බිහි කළා ය. යෝසෙප් තම කුලුඳුලාට මනස්සේ යැයි නම් තැබී ය. මන්ද, “මගේ සියලු කරදරත්, මගේ පියාගේ ගෘහවාසී සියලු දෙනාත් දෙවියන්වහන්සේ මට අමතක කර වූ නිසා” යි ඔහු කීවේ ය. ඔහු තම දෙවැනි පුතුට එප්‍රායිම් යැයි නම් තැබී ය. මන්ද, “මගේ පීඩාවේ දේශයේදී දෙවියන්වහන්සේ මා සඵල කළ සේකැ” යි ඔහු කීවේ ය.
උත්පත්ති 41:46-52 Sinhala Revised Old Version (SROV)
යෝසෙප් මිසරයේ රජවූ ඵාරාවෝ ඉදිරියට පැමිණෙන කල්හි තිස් අවුරුදු වයස්විය. ඔහු ඵාරාවෝ ඉදිරියෙන් නික්ම මිසර දේශය මුළුල්ලෙහි ගමන්කෙළේය. සාරවත්වූ සත් අවුරුද්දෙහි පොළොවෙන් අතිශයින්ම ඵල හටගත්තේය. ඔහු ඒ සත් අවුරුද්දේ මිසර දේශයෙහි තිබුණාවූ ආහාර සියල්ල රැස්කොට ඒවා නුවරවල තැබුවේය. එක එක නුවර වටකර කෙත්වල තිබුණු ආහාර ඔහු එහිම තැබුවේය. යෝසෙප් ධාන්‍ය මුහුදේ වැලි මෙන් රාශි වශයෙන්, ගණන් නොකර හරින තරමට රැස්කෙළේය; මක්නිසාද ඒවා ගණන්කළ නොහැකිවිය. සාගත අවුරුද්ද පැමිණෙන්ට ප්‍රථම යෝසෙප්ට දාව පුත්‍රයන් දෙදෙනෙක් උපන්නෝය, ඕන්හි පූජකයාවූ පෝති-ඵෙරාගේ දූවූ ආසනෙත් ඔවුන් ඔහු නිසා වැදුවාය. යෝසෙප්ද: දෙවියන්වහන්සේ මාගේ සියලු වෙහෙසත් මාගේ පියාගේ මුළු පවුලත් මතකනැතිකරන්ට මට සැලැස්වූසේකැයි කියා තමාගේ කුලුඳුලාට මනස්සේ යන නාමය තැබීය. මාගේ පීඩාවේ දේශයේදී දෙවියන්වහන්සේ මා සඵලකළසේකැයි කියා දෙවෙනියාට එප්‍රායිම් යන නාමය තැබීය.
උත්පත්ති 41:46-52 Sinhala New Revised Version (NRSV)
මිසරයේ රජ වන පාරාවෝගේ සේවයට ජෝසෙප් බැඳෙන විට ඔහුට වයස අවුරුදු තිහකි. ඔහු පාරාවෝ ඉදිරියෙන් නික්ම මුළු මිසර දේශය පුරා නිල චාරිකාවක යෙදිණි. සමෘද්ධිමත් වූ අවුරුදු හත තුළ භූමිය ද සුවිශාල අස්වැන්නක් නිපදවිය. ඔහු සත් අවුරුද්ද තුළ මිසර දේශයෙහි වූ සියලු ආහාර වර්ග රැස් කොට, ඒවා නගරවල ගබඩා කෙළේ ය. සෑම නගරයක් අවට තිබූ ආහාර ද ඔහු එලෙස ම ගබඩා කොට තැබී ය. ඇරත්, ඔහු මුහුදේ වැලි මෙන් විශාල ප්‍රමාණයකට ධාන්‍ය රැස් කෙළේ ය. ධාන්‍ය මැනීමට බැරි තරම් අධික වූයෙන් ඔහු ඒවා මැනීම නතර කෙළේ ය. ඕන් නම් පූජාස්ථානයේ පූජක වන පොතිපෙරාගේ දුව වන ආසෙනත් සාගත කාලය පැමිණෙන්නට පෙර ජෝසෙප්ට දාව පුත්‍රයන් දෙදෙනෙකු ලැබුවා ය. “දෙවියන් වහන්සේ මාගේ සියලු දුක් කරදර සහ මාගේ පියාගේ මුළු පවුල ද අමතක කිරීමට මට සැලැසූ සේකැ”යි කියා ඔහු තම කුලුඳුල් පුතුට මනස්සේ යන නාමය දුනි. “දෙවියන් වහන්සේ අපල දේශයේ දී මා සඵල කළ සේකැ”යි කියා ඔහු දෙවැන්නාට එප්‍රායිම් යන නම තැබී ය.
උත්පත්ති 41:46-52 Sinhala New Revised Version 2018 (SNRV)

උත්පත්ති 41:46-52 New International Version (NIV)
Joseph was thirty years old when he entered the service of Pharaoh king of Egypt. And Joseph went out from Pharaoh’s presence and traveled throughout Egypt. During the seven years of abundance the land produced plentifully. Joseph collected all the food produced in those seven years of abundance in Egypt and stored it in the cities. In each city he put the food grown in the fields surrounding it. Joseph stored up huge quantities of grain, like the sand of the sea; it was so much that he stopped keeping records because it was beyond measure. Before the years of famine came, two sons were born to Joseph by Asenath daughter of Potiphera, priest of On. Joseph named his firstborn Manasseh and said, “It is because God has made me forget all my trouble and all my father’s household.” The second son he named Ephraim and said, “It is because God has made me fruitful in the land of my suffering.”