උත්පත්ති 41:25-36

උත්පත්ති 41:25-36 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එවිට යෝසෙප් පාරාවෝ අමතමින්, “පාරාවෝගේ සිහින දෙක එකක්මයි. දෙවියන්වහන්සේ, තමන් කරන්නට සූදානම් ව සිටින දේ පාරාවෝට එළිදරවු කර තියෙනවා. ඒ කදිම එළදෙනුන් හත්දෙනා, අවුරුදු හතක්. ඒ කදිම වී කරල් හත ද අවුරුදු හතක්. ඒ සිහින එකක්මයි. පසුව නැගී ආ කැහැටු, කැත එළදෙනුන් හත්දෙනා ද අවුරුදු හතක්; පෙරදිග සුළඟින් ඇකිළුණු, බොල් කරල් හත ද එයමයි. ඒවා සාගතයේ අවුරුදු හත ය. “එය පාරාවෝට මා කී පරිදි, දෙවියන්වහන්සේ කරන්නට යන දේ, උන්වහන්සේ පාරාවෝට පෙන්වා දී තියේ. ඇත්තෙන් ම අතිශය සමෘද්ධිමත් අවුරුදු හතක්, මුළු මහත් ඊජිප්තු දේශය පුරා උදා වෙයි. ඉන් අනතුරුව හත් අවුරුදු සාගතයක් එළැඹෙයි. එකල ඊජිප්තු දේශයේ සමෘද්ධිය අමතක ව යනු ඇති. සාගතයෙන් දේශය නැති නාස්ති වනු ඇත. පසුව පැමිණෙන සාගතය ඒ සා දරුණු වන බැවින්, දේශයේ සමෘද්ධිය මතකයෙන් බැහැර ව යයි. පාරාවෝට සිහිනය දෙආකාරයකින් පෙනුණේ, දෙවියන්වහන්සේ මෙම කාරණය ස්ථිර ව ම තීන්දු කර ඇති නිසයි. දෙවියන්වහන්සේ ඉක්මනින් එය ඉටු කරනු ඇති. “එබැවින් දැන් පාරාවෝ දැනුම් තේරුම් ඇති ප්‍රඥාවත් කෙනකු සොයා, ඊජිප්තු දේශයේ බාරකාරත්වයට ඔහු පත් කෙරේවා. සමෘද්ධියේ හත් අවුරුදු කාලය තුළ, ඊජිප්තු දේශයේ අස්වැන්නෙන් පහෙන් කොටසක් අය කර ගන්නා පිණිස, පාරාවෝ බලයලත් නිලධාරීන් පත් කෙරේවා. ඔවුන්, මතු පැමිණෙන මේ සාරවත් අවුරුදුවල සියලු ආහාර වර්ග එකතු කොට, පාරාවෝගේ ආධිපත්‍යය යටතේ, ආහාර සඳහා නගරවල ගබඩා කොට තැබිය යුතුයි. සාගතයෙන් දේශය විනාශ වී නො යන පිණිස, මෙම ආහාර, ඊජිප්තු දේශය පුරා මතු ඇති වන හත් අවුරුදු සාගතයේ පරිභෝජනයට වෙන් කොට තැබිය යුතු වේ යැ” යි කීවේ ය.

උත්පත්ති 41:25-36 Sinhala Revised Old Version (SROV)

එවිට යෝසෙප් ඵාරාවෝට කථාකොට: ඵාරාවෝගේ ස්වප්නය එකක්මය. දෙවියන්වහන්සේ තමන් කරන්ට යන දෙය ඵාරාවෝට ප්‍රකාශ කළසේක. හොඳ එළදෙනුන් සත්දෙනා නම් අවුරුදු සතක්ය. හොඳ කරල් සත නම් අවුරුදු සතක්ය; ස්වප්නය එකක්මය. උන්ට පසුව නැගී ආවාවූ කෙට්ටුවූ අවලක්ෂණවූ එළදෙනුන් සත්දෙනා නම් අවුරුදු සතක්ය; පෙරදිග සුළඟින් වියළීගියාවූ හීන්වූ කරල් සතත් එසේමය. ඒවා සාගත අවුරුදු සත වන්නේය. මා විසින් ඵාරාවෝට කී කාරණය මේය. දෙවියන්වහන්සේ තමන් කරන්ට යන දෙය ඵාරාවෝට දැක්වූසේක. මුළු මිසර දේශයෙහි ඉතා සාරවූ අවුරුදු සතක් පැමිණෙයි. ඉන් පසු සාගත අවුරුදු සතක් පැමිණෙන්නේය; එවිට ඒ මුළු සාරවත්කම මිසර දේශයෙහි මතක නැතිවන්නේය; සාගතයෙන් දේශය විනාශවන්නේය; පසුව පැමිණෙන ඒ සාගතය ඉතා බලවත් නිසා සාරවත්කම දේශයෙහි නොදැනී යන්නේය. ඵාරාවෝට ස්වප්නය දෙවරක් පෙනුණේ ඒ කාරණය දෙවියන්වහන්සේ විසින් ස්ථිරකර තිබෙන නිසාය, දෙවියන්වහන්සේ ඉක්මනින් එය ඉෂ්ටකරනසේක. එහෙයින් දැන් ඵාරාවෝ දැනුම් තේරුම් ඇති ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙකු සොයා ඔහු මිසර දේශය කෙරෙහි පත්කෙරේවා. එසේ කොට, දේශය කෙරෙහි මුලාදෑනීන් පත්කර, සාරවත්වූ අවුරුදු සතේදී මිසර දේශයේ අස්වැන්නෙන් පහෙන් කොටස ගනීවා. ඔව්හු පැමිණෙන මේ හොඳ අවුරුදුවල ආහාර සියල්ල රැස්කොට නුවරවල ආහාර පිණිස ඵාරාවෝගේ අත යටතේ ධාන්‍ය රැස්කර තබාගනිත්වා. දේශය සාගතයෙන් විනාශනොවෙන පිණිස ඒ ආහාර මිසර දේශයෙහි පැමිණෙන සාගත අවුරුදු සතේදී දේශයට ගබඩාවක් වන්නේයයි කීවේය.

උත්පත්ති 41:25-36 Sinhala New Revised Version (NRSV)

එවිට ජෝසෙප් පාරාවෝට කතා කොට, “පාරාවෝ දුටු සිහිනවල ඇත්තේ එක ම තේරුමකි. දෙවියන් වහන්සේ කරන්න යන දෙය පාරාවෝට පෙන්වා දුන් සේක. හොඳ එළදෙනුන් හත්දෙන අවුරුදු හතකි; හොඳ කරල් හත ද අවුරුදු හතකි; සිහිනය එක ම යි. තවද, උන්ට පසුව නැඟී ආ කැහැටු, බලන්න තරම් අවලස්සන එළදෙනුන් හත්දෙන ද පෙරදිග සුළඟින් වියළීගිය බොල් කරල් හත ද සාගතයක් පවතින අවුරුදු හතකි. මෙය වූ කලී, මා පාරාවෝට කී පරිදි දෙවියන් වහන්සේ කරන්න යන දෙය උන් වහන්සේ පාරාවෝට කල්තියා පෙන්වාදීමකි. මෙන්න, මුළු මිසර දේශය පුරා ඉතා සරුසාර අවුරුදු හතක් පැමිණෙන්නේ ය. ඉන්පසු සාගතයේ අවුරුදු හතක් පැමිණේ. එවිට මිසර දේශයේ සියලු සමෘද්ධිය අමතක වී ගොස්, සාගතය රට කා දමන්නේ ය. පසුව එන සාගතය ඉතා දරුණු වන හෙයින් එහි තිබූ සමෘද්ධිය නොදැනී යන්නේ ය. තවද, ඔබට ඒ සිහිනය දෙවරක් ම පෙනුණේ, දෙවියන් වහන්සේ දැනට ම මේ සිද්ධිය නියම කර තිබෙන නිසාත්, නුදුරු අනාගතයේ දී එය සිදුවෙන්නට උන් වහන්සේ සලසන නිසාත් ය. “දැන් ඉතින් පාරාවෝ, දක්ෂ, විචක්ෂණ මිනිසෙකු සොයා බලා, මිසර දේශයේ පරිපාලනය ඔහුට බාර දිය යුතු ය. පාරාවෝ මෙය කළ පසු, රටට නිලධාරීන් පත් කොට, සශ්‍රීක අවුරුදු හත තුළ, ඉඩකඩම්වලින් පහෙන් පංගුවක බද්දක් අය කළ යුතු ය. ඔවුන් ඒ සශ්‍රීක අවුරුදු හත තුළ ඇති වන සියලු ආහාර වර්ග එකතු කළ යුතු ය. තවද, ධාන්‍ය, පාරාවෝගේ පාලනය යටතේ ගබඩා කරමින්, ආහාර වර්ග නගරවල තබා ආරක්ෂා කළ යුතු ය. මිසර දේශයේ ඇතිවෙන්නට යන සාගත අවුරුදු හත වළක්වාලීම සඳහා ඒ ආහාර රටේ ගබඩා කොට තැබුවහොත් සාගතයෙන් රට විනාශ නොවනු ඇතැ”යි කීවේ ය.

උත්පත්ති 41:25-36 Sinhala New Revised Version 2018 (SNRV)

උත්පත්ති 41:25-36 New International Version (NIV)

Then Joseph said to Pharaoh, “The dreams of Pharaoh are one and the same. God has revealed to Pharaoh what he is about to do. The seven good cows are seven years, and the seven good heads of grain are seven years; it is one and the same dream. The seven lean, ugly cows that came up afterward are seven years, and so are the seven worthless heads of grain scorched by the east wind: They are seven years of famine. “It is just as I said to Pharaoh: God has shown Pharaoh what he is about to do. Seven years of great abundance are coming throughout the land of Egypt, but seven years of famine will follow them. Then all the abundance in Egypt will be forgotten, and the famine will ravage the land. The abundance in the land will not be remembered, because the famine that follows it will be so severe. The reason the dream was given to Pharaoh in two forms is that the matter has been firmly decided by God, and God will do it soon. “And now let Pharaoh look for a discerning and wise man and put him in charge of the land of Egypt. Let Pharaoh appoint commissioners over the land to take a fifth of the harvest of Egypt during the seven years of abundance. They should collect all the food of these good years that are coming and store up the grain under the authority of Pharaoh, to be kept in the cities for food. This food should be held in reserve for the country, to be used during the seven years of famine that will come upon Egypt, so that the country may not be ruined by the famine.”