උත්පත්ති 41:14-15 - Compare All Versions
උත්පත්ති 41:14-15 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් පාරාවෝ යෝසෙප් කැඳවා යැවී ය. එවිට දඟ ගෙයින් වහාම ඔහු ගෙන එනු ලැබී ය. රැවුල බා, ඇඳුම් මාරු කළ පසු, ඔහු පාරාවෝ ඉදිරියට ආවේ ය. එවිට පාරාවෝ යෝසෙප් අමතමින්, “මම සිහිනයක් දැක්කා. එහෙත් එහි අර්ථය පහදා දෙන්නට හැකි කෙනකු නෑ. සිහිනයක් ඇසූ කල, එහි අරුත පහදා දීමට ඔබ සමත් බැව්, ඔබ ගැන මට අසන්නට ලැබුණා” යි කීවේ ය.
උත්පත්ති 41:14-15 SROV (Sinhala Revised Old Version)
එවිට ඵාරාවෝ පණිවිඩ යවා යෝසෙප් කැඳවීය, ඔව්හු වහාම ඔහු ඇඳිරිගෙයින් ගෙනාවෝය. ඔහු රැවුළ කපාගෙන තමාගේ වස්ත්‍ර මාරුකර ඵාරාවෝ වෙතට ආයේය. ඵාරාවෝ යෝසෙප්ට කථාකොට: මම ස්වප්නයක් දුටිමි, ඒකේ තේරුම කියාදීමට පොහොසත්වූ කවරෙක්වත් නැත්තේය. නුඹ ස්වප්නයක් ඇසූ කල්හි ඒකේ අර්ථය තෝරාදෙන්ට නුඹට පුළුවනැයි නුඹ ගැන කියනවා මම ඇසීමියි කීයේය.
උත්පත්ති 41:14-15 NRSV (Sinhala New Revised Version)
එවිට පාරාවෝ පණිවුඩයක් යවා ජෝසෙප් කැඳවූ විට, ඔව්හු නොපමාව ඔහු හිරගෙයින් පිටතට ගෙනාහ. ඔහු ද, රැවුළ කපා, තම ඇඳුම් මාරු කර, පාරාවෝ ඉදිරියට පැමිණියේ ය, පාරාවෝ ජෝසෙප්ට කතා කොට, “මම සිහිනයක් දිටිමි. එය තේරුම් කර දීමට හැකි කෙනෙක් නැත. එහෙත්, නුඹ සිහිනයක් ඇසූ විට, එය තේරුම් කොට දීමට සමතෙකු බව මා අසා තිබේ ය”යි කී ය.
උත්පත්ති 41:14-15 SNRV (Sinhala New Revised Version 2018)
එවිට පාරාවෝ පණිවුඩයක් යවා ජෝසෙප් කැඳවූ විට, ඔව්හු නොපමාව ඔහු හිරගෙයින් පිටතට ගෙනාහ. ඔහු ද, රැවුළ කපා, තම ඇඳුම් මාරු කර, පාරාවෝ ඉදිරියට පැමිණියේ ය, පාරාවෝ ජෝසෙප්ට කතා කොට, “මම සිහිනයක් දිටිමි. එය තේරුම් කර දීමට හැකි කෙනෙක් නැත. එහෙත්, නුඹ සිහිනයක් ඇසූ විට, එය තේරුම් කොට දීමට සමතෙකු බව මා අසා තිබේ ය”යි කී ය.
උත්පත්ති 41:14-15 NIV (New International Version)
So Pharaoh sent for Joseph, and he was quickly brought from the dungeon. When he had shaved and changed his clothes, he came before Pharaoh. Pharaoh said to Joseph, “I had a dream, and no one can interpret it. But I have heard it said of you that when you hear a dream you can interpret it.”