උත්පත්ති 41:1-57

උත්පත්ති 41:1-57 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මෙයින් පුරා වසර දෙකකට පසු, පාරාවෝ සිහිනයක් දුටුවේ ය. නයිල් ගඟ අසබඩ තමා සිටගෙන සිටියදී, මෙන්න! නයිල් ගංගාවෙන් මතු ව ආ සැපවත්, තර එළදෙන්නු හත් දෙනෙක් වූහ. උන් බට පඳුරු අතරේ තණ කමින් සිටියහ. ඉන්පසු මෙන්න! අවලක්ෂණ, කෙසඟ වෙනත් එළදෙන්නු හත් දෙනෙක් නයිල් ගඟින් නැගී අවුත්, ගං ඉවුරේ සිටියවුන් පසෙක සිටගත්හ. ඒ අවලක්ෂණ, කෙසඟ එළදෙන්නු, අර සැපවත්, තර එළදෙනුන් හත්දෙනා කා දැමූහ. එවිට පාරාවෝ ඇහැරුණේ ය. යළි නින්දට වැටුණු ඔහු දෙවන වරටත් සිහිනයක් දුටුවේ ය. මෙන්න! තනි ගොයම් ගසක හටගත්, පිරිපුන්, සාරවත් වී කරල් හතක් විය. ඒවාට පසුව මෙන්න! කේඬෑරි වී, පෙරදිග සුළඟින් වියළී ගිය තවත් කරල් හතක් පැන නැගිණි. ඉන්පසු ඒ කේඬෑරි කරල් විසින් පිරිපුන්, සාරවත් කරල් හත ගිල දමනු ලැබී ය. එවිට ම පාරාවෝට ඇහැරුණි. එය සිහිනයක් බව ඔහු තේරුම් ගත්තේ ය. පසු දින උදෑසන ඔහුගේ සිත කැලඹී තිබිණි. එබැවින් ඔහු ඊජිප්තුවේ සියලු ඉන්ද්‍රජාලිකයින් හා ප්‍රාඥයින් කැඳවා යැවී ය. පාරාවෝ තම සිහින ඔවුන්ට පැවසී ය. එහෙත් පාරාවෝට ඒවායේ අරුත් පහදා දීමට කිසිවකුටත් නො හැකි විය. එවිට ප්‍රධාන කුසලාන දරන්නා පාරාවෝට කතා කරමින්, “මගේ වරද අද දවසේ මට සිහිපත් වෙයි. වරක් පාරාවෝ තම සේවකයින් හා කිපී, මා ද ප්‍රධාන රොටි සාදන්නා ද ආරක්ෂක සෙන්පතිගේ නිවසේ සිරගත කළා. අප දෙදෙනා එක ම රැයක සිහින දුටුවා. ඒ එක් එක් සිහිනයට ඊට ම අදාළ අරුතක් තිබුණා. හෙබ්‍රෙව් තරුණයෙක් එහි අප සමඟ සිටියා. ඔහු ආරක්ෂක සෙන්පතිගේ සේවකයෙක්. අපගේ සිහින අප ඔහුට පැවසූ කල ඔහු ඒවායේ අර්ථ අපට පහදා දුන්නේ, අප එක් එක් කෙනාගේ සිහිනවලට අදාළ පරිද්දෙනි. කරුණු සිදුවූයේත් ඔහු අපට ඒවායේ අරුත් පහදා දුන් අයුරින්මයි. මම මගේ නිලයට යළි පත් කරනු ලැබුවෙමි. අනෙකා එල්ලා දමනු ලැබී යැ” යි පැවසී ය. එබැවින් පාරාවෝ යෝසෙප් කැඳවා යැවී ය. එවිට දඟ ගෙයින් වහාම ඔහු ගෙන එනු ලැබී ය. රැවුල බා, ඇඳුම් මාරු කළ පසු, ඔහු පාරාවෝ ඉදිරියට ආවේ ය. එවිට පාරාවෝ යෝසෙප් අමතමින්, “මම සිහිනයක් දැක්කා. එහෙත් එහි අර්ථය පහදා දෙන්නට හැකි කෙනකු නෑ. සිහිනයක් ඇසූ කල, එහි අරුත පහදා දීමට ඔබ සමත් බැව්, ඔබ ගැන මට අසන්නට ලැබුණා” යි කීවේ ය. යෝසෙප් පාරාවෝට පිළිතුරු දෙමින්, “මා නො වේ; දෙවියන්වහන්සේ පාරාවෝට සතුටුදායක පිළිතුරක් දෙනු ඇතැ” යි කීවේ ය. එවිට පාරාවෝ යෝසෙප් අමතමින්, “මගේ සිහිනයේදී මෙන්න මා නයිල් ගං ඉවුරේ සිටගෙන සිටියා. එවිට, තර, සැපවත් එළදෙන්නු හත් දෙනෙක් නයිල් ගංගාවෙන් මතු වී අවුත්, බට පඳුරු අතරේ තණ කමින් සිටියා. උන්ට පසුව මෙන්න, තවත් එළදෙන්නු හත් දෙනෙක් නැගී ආවා. උන් වැහැරුණු, කැත ම කැත, කැහැටු එවුන්. ඒ තරම් අවලස්සන එළදෙනුන් මේ මුළු ඊජිප්තුව තුළ මා කිසි දිනෙක දැක නැහැ. මෙම කැහැටු, කැත එළදෙනුන් විසින් අර මුලින් පැමිණි තර එළදෙනුන් හත්දෙනා කා දමනු ලැබුවා. උන් එසේ කා දැමූ පසුත්, එසේ කෑ වගක් පෙනෙන්නට තිබුණේ නෑ. උන් පෙර සේ ම අවලස්සනවයි පෙනුණේ. එවිට මට ඇහැරුණා. “තවද මගේ සිහිනයේදී පූර්ණ වූ සාරවත් කරල් හතක් තනි ගොයම් ගසක හටගෙන තිබුණා දැක්කා. ඉන් අනතුරුව, මැලවී, කේඬෑරි වී, පෙරදිග සුළඟින් ඇකිළී ගිය වෙනත් කරල් හතක් පැන නැගුණා. එම කේඬෑරි කරල්, අර සාරවත් කරල් හත ගිල දැමුවා. මා මෙය ඉන්ද්‍රජාලිකයින්ට පැවසූ නමුත්, මට එය තේරුම් කර දෙන්නට ඒ කිසිවකුත් සමත් වුණේ නෑ” යි කීවේ ය. එවිට යෝසෙප් පාරාවෝ අමතමින්, “පාරාවෝගේ සිහින දෙක එකක්මයි. දෙවියන්වහන්සේ, තමන් කරන්නට සූදානම් ව සිටින දේ පාරාවෝට එළිදරවු කර තියෙනවා. ඒ කදිම එළදෙනුන් හත්දෙනා, අවුරුදු හතක්. ඒ කදිම වී කරල් හත ද අවුරුදු හතක්. ඒ සිහින එකක්මයි. පසුව නැගී ආ කැහැටු, කැත එළදෙනුන් හත්දෙනා ද අවුරුදු හතක්; පෙරදිග සුළඟින් ඇකිළුණු, බොල් කරල් හත ද එයමයි. ඒවා සාගතයේ අවුරුදු හත ය. “එය පාරාවෝට මා කී පරිදි, දෙවියන්වහන්සේ කරන්නට යන දේ, උන්වහන්සේ පාරාවෝට පෙන්වා දී තියේ. ඇත්තෙන් ම අතිශය සමෘද්ධිමත් අවුරුදු හතක්, මුළු මහත් ඊජිප්තු දේශය පුරා උදා වෙයි. ඉන් අනතුරුව හත් අවුරුදු සාගතයක් එළැඹෙයි. එකල ඊජිප්තු දේශයේ සමෘද්ධිය අමතක ව යනු ඇති. සාගතයෙන් දේශය නැති නාස්ති වනු ඇත. පසුව පැමිණෙන සාගතය ඒ සා දරුණු වන බැවින්, දේශයේ සමෘද්ධිය මතකයෙන් බැහැර ව යයි. පාරාවෝට සිහිනය දෙආකාරයකින් පෙනුණේ, දෙවියන්වහන්සේ මෙම කාරණය ස්ථිර ව ම තීන්දු කර ඇති නිසයි. දෙවියන්වහන්සේ ඉක්මනින් එය ඉටු කරනු ඇති. “එබැවින් දැන් පාරාවෝ දැනුම් තේරුම් ඇති ප්‍රඥාවත් කෙනකු සොයා, ඊජිප්තු දේශයේ බාරකාරත්වයට ඔහු පත් කෙරේවා. සමෘද්ධියේ හත් අවුරුදු කාලය තුළ, ඊජිප්තු දේශයේ අස්වැන්නෙන් පහෙන් කොටසක් අය කර ගන්නා පිණිස, පාරාවෝ බලයලත් නිලධාරීන් පත් කෙරේවා. ඔවුන්, මතු පැමිණෙන මේ සාරවත් අවුරුදුවල සියලු ආහාර වර්ග එකතු කොට, පාරාවෝගේ ආධිපත්‍යය යටතේ, ආහාර සඳහා නගරවල ගබඩා කොට තැබිය යුතුයි. සාගතයෙන් දේශය විනාශ වී නො යන පිණිස, මෙම ආහාර, ඊජිප්තු දේශය පුරා මතු ඇති වන හත් අවුරුදු සාගතයේ පරිභෝජනයට වෙන් කොට තැබිය යුතු වේ යැ” යි කීවේ ය. එම යෝජනාව පාරාවෝටත්, ඔහුගේ සියලු නිලධාරීන්ටත් හොඳ වග පෙනී ගියේ ය. එබැවින් පාරාවෝ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේගේ ආත්මයෙන් හෙබි, මේ මිනිසාට වඩා සුදුස්සකු අපට සොයාගත හැකි දැ?” යි ඇසුවේ ය. මෙසේ පාරාවෝ යෝසෙප් අමතමින්, “දෙවියන්වහන්සේ මේ හැම දේ ඔබට දන්වා ඇති බැවින්, ඔබ තරම් දැනුම් තේරුම් ඇති, ප්‍රඥාසම්පන්න කෙනකු තවත් නැත. මගේ මාලිගයේ ආධිපත්‍යය ඔබට පැවරේ. මගේ මුළු මහත් ජනතාව, ඔබේ නියෝගවලට යටත් ය. සිංහාසනයේදී පමණක්, මම ඔබට වඩා උසස් ව සිටිමි” යි පැවසී ය. පාරාවෝ යෝසෙප්ට කතා කොට, “මෙන්න, මුළු ඊජිප්තු දේශය ම මම ඔබට පවරමි” යි කීවේ ය. ඉන්පසු ඔහු තම ඇඟිල්ලේ වූ තම පේරැස් මුද්ද ගලවා, එය යෝසෙප්ගේ ඇඟිල්ලේ දැම්මේ ය. සිහින් හණ පිළියෙන් කළ ඇඳුම් ඔහුට හඳවා, ඔහුගේ ගෙල වට රන් මාලයක් ද පළඳවා, තමාගේ දෙවැනි රාජකීය අශ්ව රථයේ ඔහු නංවා, ගමන් කරවී ය. ඔහුට පෙරටුවෙන් මිනිස්සු, “දණ නමව්” කියමින් හඬ නැගූහ. මෙසේ පාරාවෝ, මුළු ඊජිප්තු දේශයට ම අධිපතියා කොට යෝසෙප් පත් කළේ ය. තවද පාරාවෝ යෝසෙප් අමතමින්, “මම පාරාවෝ වෙමි. එහෙත් ඔබේ අවසරයක් නැතිව කිසිවකුත් මේ මුළු ඊජිප්තුව තුළ තමාගේ අතවත්, පයවත් ඔසවන්නේ නැතැ” යි කීවේ ය. පාරාවෝ යෝසෙප්ට සාෆෙනත්-පනේයා යන නම දුන්නේ ය. තවද ඔහු ඕන්හි පූජක පෝතිෆෙරාගේ දියණිය වූ ආසෙනත්, යෝසෙප්ට බිරිඳ කොට දුන්නේ ය. යෝසෙප් මුළු ඊජිප්තු දේශය පුරා සැරි සැරී ය. යෝසෙප් ඊජිප්තු රජු වූ පාරාවෝගේ සේවයට පිවිසෙන කල, තිස්වන වියෙහි පසු විය. යෝසෙප්, පාරාවෝ අබියසින් නික්ම, ඊජිප්තුව මුළුල්ලේ සැරි සැරුවේ ය. සමෘද්ධිමත් හත් අවුරුදුවලදී දේශය සුවිසල් අස්වැන්නක් නිපදවී ය. සමෘද්ධිමත් එම හත් අවුරුදුවල ඊජිප්තුවෙහි නිපැයුණු සියලු ආහාර එක් රැස් කළ යෝසෙප්, ඒවා නගරවල ගබඩා කරවී ය. එක් එක් නගරය වටා වූ කෙත් වත්හි හටගත් ආහාර ඔහු එම නගරවල ම ගබඩා කරවී ය. යෝසෙප්, මුහුදේ වැලි මෙන් ධාන්‍ය අති විශාල ප්‍රමාණයක් ගබඩා කරවී ය. ඒවා කොයි තරම් වී ද යත්, ගණන්-මිනුම් තැබීම ඔහුට නතර කරන්නට සිදු විය. ඒවා, මැනිය නො හැකි තරම් විය. සාගත අවුරුදු එළැඹෙන්නට පෙර, ඕන්හි පූජක පෝතිෆෙරාගේ දියණිය වූ ආසෙනත්, යෝසෙප්ට දාව, පුතුන් දෙදෙනකු බිහි කළා ය. යෝසෙප් තම කුලුඳුලාට මනස්සේ යැයි නම් තැබී ය. මන්ද, “මගේ සියලු කරදරත්, මගේ පියාගේ ගෘහවාසී සියලු දෙනාත් දෙවියන්වහන්සේ මට අමතක කර වූ නිසා” යි ඔහු කීවේ ය. ඔහු තම දෙවැනි පුතුට එප්‍රායිම් යැයි නම් තැබී ය. මන්ද, “මගේ පීඩාවේ දේශයේදී දෙවියන්වහන්සේ මා සඵල කළ සේකැ” යි ඔහු කීවේ ය. ඊජිප්තුව මුළුල්ලේ සමෘද්ධිමත් හත් අවුරුදු නිමා විය. යෝසෙප් පවසා තිබූ පරිදි සාගතයේ හත් අවුරුදු පටන් ගැනිණි. අනිකුත් රටවල් සියල්ලෙහි ද සාගතය පැවතිණ. එහෙත් ඊජිප්තු දේශය මුළුල්ලේ ආහාර තිබිණ. මුළු ඊජිප්තුවට ද සාගතය දැනෙන්නට වූ කල, ජනයා ආහාර ඉල්ලා පාරාවෝට හඬ නැගූහ. එවිට පාරාවෝ සියලු ඊජිප්තුවරුන් අමතමින්, “යෝසෙප් වෙත යන්න; ඔහු නුඹලාට කරන්නට කියන දේ, කරන්නැ” යි කීවේ ය. සාගතය මුළු මහත් දේශයෙහි පැතිර ගිය කල, යෝසෙප් ගබඩා විවර කර, ඊජිප්තුවරුනට ධාන්‍ය වික්කේ ය. මන්ද ඊජිප්තු දේශය මුළුල්ලේ සාගතය සැහැසි ව පැවතුණේ ය. සියලු රටවල් යෝසෙප්ගෙන් ධාන්‍ය මිලයට ගන්නා පිණිස, ඊජිප්තුවට ආහ. මන්ද මුළු ලොව පුරා ම සාගතය සැහැසි ව පැවතුණේ ය.

උත්පත්ති 41:1-57 Sinhala Revised Old Version (SROV)

සම්පූර්ණ දෑවුරුද්දක් ගතවූ කල්හි ඵාරාවෝ ස්වප්නයක් දුටීය. එනම්: ඔහු ගංගාව ළඟ සිටියේය. බලව, පෙනීමට ලක්ෂණවූ මාංසයෙන් තරවූ එළදෙනුන් සත්දෙනෙක් ගංගාවෙන් නැගී අවුත් පන්ගස් අතරෙහි කමින් සිටියෝය. බලව, උන්ට පසුව පෙනීමට අවලක්ෂණ වූ මාංසයෙන් කෙට්ටුවූ තවත් එළදෙනුන් සත්දෙනෙක් ගංගාවෙන් නැගී අවුත් ගං ඉවුරෙහි අනික් එළ දෙනුන් ළඟ සිටියෝය. පෙනීමෙන් අවලක්ෂණවූ මාංසයෙන් කෙට්ටුවූ එළදෙන්නු මාංසයෙන් තරවූ එළදෙනුන් සත්දෙනා කාදැමුවෝය. එවිට ඵාරාවෝ පිබිදුණේය. නැවත ඔහු නිදාගෙන දෙවෙනි වරද ස්වප්නයක් දුටුවේය. බලව, තරවූ හොඳ කරල් සතක් එක ගොයම් ගසක හටගත්තේය. බලව, ඒවාට පසුව හීන්වූ පෙරදිග සුළඟින් වියළීගියාවූ කරල් සතක් හැදුණේය. හීන්වූ කරල් තරවූ සම්පූර්ණවූ කරල් සත ගිලගත්තේය. එවිට ඵාරාවෝ පිබිදුණේය, ඒක ස්වප්නයක් බව ඔහු දැනගත්තේය. උදෑසන ඵාරාවෝගේ හිත කැලඹී තිබුණේය; ඔහු පණිවිඩ යවා මිසරයේ සියලු මායාකාරයන්ද සියලු ශාස්ත්‍රකාරයන්ද කැඳවා තමාගේ ස්වප්නය ඔවුන්ට කීවේය; එහෙත් එහි අර්ථය ඵාරාවෝට කියාදීමට පොහොසත්වූ කිසිවෙක් නොසිටියේය. එවිට කුසලාන දරන්නන්ගේ නායකයා ඵාරාවෝට කථාකරමින්: මාගේ වරද අද සිහිකරමි. ඵාරාවෝ තමන් සේවකයන් කෙරෙහි උදහස්වී මා සහ පූප සාදන්නන්ගේ නායකයාද රැකවලුන්ගේ අධිපතියාගේ ගෙයි හිරේදැම්මේය. මමත් ඔහුත් එක රාත්‍රියෙහි ස්වප්නයක් දුටිමුව; අපි එක් එක්කෙනා තම තමාට අදාළවූ අර්ථ ඇති ස්වප්නයක් දුටිමුව. රැකවලුන්ගේ අධිපතියාගේ මෙහෙකරුවූ හෙබ්‍රෙව් තරුණයෙක් අප සමඟ එහි සිටියේය; ඔහුට අපේ ස්වප්න කීවෙමුව, ඔහු ඒවා අපට තෝරාදුන්නේය; එක් එක්කෙනාගේ ස්වප්නයේ හැටියට තේරුම කියාදුන්නේය. ඔහු අපට තේරුම කියාදුන් ලෙසම සිද්ධවිය; රජතෙම මාගේ තනතුරට මා නැවත පමුණුවා ඔහු එල්ලා දැමුවේයයි කීවේය. එවිට ඵාරාවෝ පණිවිඩ යවා යෝසෙප් කැඳවීය, ඔව්හු වහාම ඔහු ඇඳිරිගෙයින් ගෙනාවෝය. ඔහු රැවුළ කපාගෙන තමාගේ වස්ත්‍ර මාරුකර ඵාරාවෝ වෙතට ආයේය. ඵාරාවෝ යෝසෙප්ට කථාකොට: මම ස්වප්නයක් දුටිමි, ඒකේ තේරුම කියාදීමට පොහොසත්වූ කවරෙක්වත් නැත්තේය. නුඹ ස්වප්නයක් ඇසූ කල්හි ඒකේ අර්ථය තෝරාදෙන්ට නුඹට පුළුවනැයි නුඹ ගැන කියනවා මම ඇසීමියි කීයේය. යෝසෙප් ඵාරාවෝට උත්තරදෙමින්: මා නොව දෙවියන්වහන්සේ ඵාරාවෝට සමාදාන උත්තරයක් දෙනසේකැයි කීවේය. එවිට ඵාරාවෝ යෝසෙප්ට කථාකොට: මම ස්වප්නයෙන් ගංඉවුරෙහි සිටියෙමි. බලව, මාංසයෙන් තරවූ, පෙනීමට ලක්ෂණවූ එළදෙනුන් සත්දෙනෙක් ගංගාවෙන් නැගී ඇවිත් පන්ගස් අතරේ කමින් සිටියෝය. උන්ට පසුව හීන්වූ, පෙනීමට ඉතා අවලක්ෂණවූ, කෙට්ටුවූ වෙන එළදෙනුන් සත්දෙනෙක් නැගී ආවෝය, එපමණ නරක එළදෙනුන් මුළු මිසර දේශයෙහි නුදුටිමි. කෙට්ටුවූ අවලක්ෂණවූ එළදෙන්නු තරවූ පළමු එළදෙනුන් සත්දෙනා කාදැමුවෝය. මෙසේ උන් කාදැමූ පසුත් කෑ බවක් දැනගන්ට නොතිබුණේය; උන්ගේ පෙනීම මුලදී මෙන්ම අවලක්ෂණව තිබුණේය. එවිට මම පිබිදුණෙමි. නැවත මම ස්වප්නයෙන් එක් ගොයම් ගසක සම්පූර්ණවූ හොඳ කරල් සතක් හටගන්නවා දුටිමි. බලව, ඒවාට පසු බොල්වූ හීන්වූ පෙරදිග සුළඟින් වියළීගියාවූ කරල් සතක් හැදුණේය. හීන්වූ කරල් හොඳ කරල් සත ගිලගත්තේය. මම එය මායාකාරයන්ට කීමි; එහෙත් එය මට ප්‍රකාශකළ හැකිවූ කිසිවෙක් නොවූයේයයි කීය. එවිට යෝසෙප් ඵාරාවෝට කථාකොට: ඵාරාවෝගේ ස්වප්නය එකක්මය. දෙවියන්වහන්සේ තමන් කරන්ට යන දෙය ඵාරාවෝට ප්‍රකාශ කළසේක. හොඳ එළදෙනුන් සත්දෙනා නම් අවුරුදු සතක්ය. හොඳ කරල් සත නම් අවුරුදු සතක්ය; ස්වප්නය එකක්මය. උන්ට පසුව නැගී ආවාවූ කෙට්ටුවූ අවලක්ෂණවූ එළදෙනුන් සත්දෙනා නම් අවුරුදු සතක්ය; පෙරදිග සුළඟින් වියළීගියාවූ හීන්වූ කරල් සතත් එසේමය. ඒවා සාගත අවුරුදු සත වන්නේය. මා විසින් ඵාරාවෝට කී කාරණය මේය. දෙවියන්වහන්සේ තමන් කරන්ට යන දෙය ඵාරාවෝට දැක්වූසේක. මුළු මිසර දේශයෙහි ඉතා සාරවූ අවුරුදු සතක් පැමිණෙයි. ඉන් පසු සාගත අවුරුදු සතක් පැමිණෙන්නේය; එවිට ඒ මුළු සාරවත්කම මිසර දේශයෙහි මතක නැතිවන්නේය; සාගතයෙන් දේශය විනාශවන්නේය; පසුව පැමිණෙන ඒ සාගතය ඉතා බලවත් නිසා සාරවත්කම දේශයෙහි නොදැනී යන්නේය. ඵාරාවෝට ස්වප්නය දෙවරක් පෙනුණේ ඒ කාරණය දෙවියන්වහන්සේ විසින් ස්ථිරකර තිබෙන නිසාය, දෙවියන්වහන්සේ ඉක්මනින් එය ඉෂ්ටකරනසේක. එහෙයින් දැන් ඵාරාවෝ දැනුම් තේරුම් ඇති ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙකු සොයා ඔහු මිසර දේශය කෙරෙහි පත්කෙරේවා. එසේ කොට, දේශය කෙරෙහි මුලාදෑනීන් පත්කර, සාරවත්වූ අවුරුදු සතේදී මිසර දේශයේ අස්වැන්නෙන් පහෙන් කොටස ගනීවා. ඔව්හු පැමිණෙන මේ හොඳ අවුරුදුවල ආහාර සියල්ල රැස්කොට නුවරවල ආහාර පිණිස ඵාරාවෝගේ අත යටතේ ධාන්‍ය රැස්කර තබාගනිත්වා. දේශය සාගතයෙන් විනාශනොවෙන පිණිස ඒ ආහාර මිසර දේශයෙහි පැමිණෙන සාගත අවුරුදු සතේදී දේශයට ගබඩාවක් වන්නේයයි කීවේය. ඒ කාරණය ඵාරාවෝටද ඔහුගේ සියලු මෙහෙකරුවන්ටද හොඳව පෙනුණේය. එවිට ඵාරාවෝ තමාගේ සේවකයන්ට කථාකොට: තමා තුළ දෙවියන්වහන්සේගේ ආත්මය ඇත්තාවූ මේ මනුෂ්‍යයා වැනි කෙනෙක් අපට සොයාගන්ට පුළුවන්දැයි කීවේය. ඵාරාවෝ යෝසෙප්ට කථාකොට: දෙවියන්වහන්සේ මේ සියල්ල නුඹට දැක්වූ නිසා නුඹ පමණ දැනුම් තේරුම් ඇති ප්‍රඥාවන්ත කෙනෙක් නැත. නුඹ මාගේ ගෘහයට ප්‍රධානියා විය යුතුය. මාගේ මුළු සෙනඟ නුඹේ වචනයට යටත් වන්නේය. සිංහාසනයෙහිදී පමණක් මම නුඹට වඩා උසස්වෙමියි කීවේය. තවද ඵාරාවෝ: මුළු මිසර දේශයට මා විසින් නුඹ අධිපති කොට පත්කළ බව දැනගන්නැයි යෝසෙප්ට කීවේය. ඵාරාවෝ වනාහි තමාගේ අතේ තිබුණ පේරැස් මුද්ද ගළවා යෝසෙප්ගේ අතේ දමා, සිහින් වස්ත්‍රයෙන් ඔහු අඳවා, ඔහුගේ කරෙහි රන් මාලාවක් ලා, ඔහුට තමාගේ දෙවෙනි රථයෙන් යන්ට සැලැස්විය. මිනිස්සුද: දණ නමව් කියා මොරගසමින් ඔහුට පෙරටුව ගියෝය. ඵාරාවෝ මුළු මිසර දේශය කෙරෙහි ඔහු අධිපති කොට තැබුවේය. ඔහු යෝසෙප්ට කථාකරමින්: මම ඵාරාවෝය, නුඹ නැතුව මුළු මිසර දේශයෙහි කිසිවෙක් තමාගේ අතවත් පයවත් ඔසවන්නේ නැතැයි කීවේය. තවද ඵාරාවෝ යෝසෙප්ට ශාඵෙනත්-පනේයා යන නාමය තබා ඕන්හි පූජකවූ පෝති-ඵෙරාගේ දියණියවූ ආසෙනත් ඔහුට භාර්යාව කොට පාවාදුන්නේය. යෝසෙප් පිටත්ව මිසර දේශය මුළුල්ලෙහි ගියේය. යෝසෙප් මිසරයේ රජවූ ඵාරාවෝ ඉදිරියට පැමිණෙන කල්හි තිස් අවුරුදු වයස්විය. ඔහු ඵාරාවෝ ඉදිරියෙන් නික්ම මිසර දේශය මුළුල්ලෙහි ගමන්කෙළේය. සාරවත්වූ සත් අවුරුද්දෙහි පොළොවෙන් අතිශයින්ම ඵල හටගත්තේය. ඔහු ඒ සත් අවුරුද්දේ මිසර දේශයෙහි තිබුණාවූ ආහාර සියල්ල රැස්කොට ඒවා නුවරවල තැබුවේය. එක එක නුවර වටකර කෙත්වල තිබුණු ආහාර ඔහු එහිම තැබුවේය. යෝසෙප් ධාන්‍ය මුහුදේ වැලි මෙන් රාශි වශයෙන්, ගණන් නොකර හරින තරමට රැස්කෙළේය; මක්නිසාද ඒවා ගණන්කළ නොහැකිවිය. සාගත අවුරුද්ද පැමිණෙන්ට ප්‍රථම යෝසෙප්ට දාව පුත්‍රයන් දෙදෙනෙක් උපන්නෝය, ඕන්හි පූජකයාවූ පෝති-ඵෙරාගේ දූවූ ආසනෙත් ඔවුන් ඔහු නිසා වැදුවාය. යෝසෙප්ද: දෙවියන්වහන්සේ මාගේ සියලු වෙහෙසත් මාගේ පියාගේ මුළු පවුලත් මතකනැතිකරන්ට මට සැලැස්වූසේකැයි කියා තමාගේ කුලුඳුලාට මනස්සේ යන නාමය තැබීය. මාගේ පීඩාවේ දේශයේදී දෙවියන්වහන්සේ මා සඵලකළසේකැයි කියා දෙවෙනියාට එප්‍රායිම් යන නාමය තැබීය. මිසර දේශයෙහි පැවතුණු සාරවූ අවුරුදු සත කෙළවරවිය. යෝසෙප් කී ලෙස සාගත අවුරුදු සත පැමිණෙන්ට පටන්ගත්තේය. සියලු දේශවල සාගතය විය; නුමුත් මිසර දේශය මුළුල්ලෙහි ආහාර තිබුණේය. මුළු මිසර දේශයෙහි සාගතය වූ කල සෙනඟ ආහාර ගැන ඵාරාවෝට මොරගැසුවෝය. ඵාරාවෝ සියලු මිසරවරුන්ට කථාකොට: යෝසෙප් වෙතට ගොස් ඔහු නුඹලාට කියන දේ කරන්නැයි කීය. සාගතය මුළු පොළෝතලයෙහි විය. යෝසෙප් සියලු ගබඩා ඇර මිසරවරුන්ට වික්කේය; තවද සාගතය මිසර දේශයෙහි බලවත් විය. සාගතය මුළු පොළොවෙහි බලවත්ව තිබුණු නිසා සියලු දේශ වාසීහු ධාන්‍ය මිලේට ගන්නා පිණිස මිසරයට යෝසෙප් වෙතට ආවෝය.

උත්පත්ති 41:1-57 Sinhala New Revised Version (NRSV)

අවුරුදු දෙකකට පසු පාරාවෝ සිහිනෙන් තමා නයිල් ගංගාව අසල සිටිනු දිටී ය. එවිට, බලන්න ලස්සන, තරබාරු එළදෙන්නු හත්දෙනෙක් ගඟින් නැඟී අවුත්, බට පඳුරු අතර තණ කන්නට වූ හ. උන්ට පසුව, අවලස්සන, කැහැටු, තව එළදෙන්නු හත්දෙනෙක් ගඟින් නැඟී අවුත්, ගං ඉවුරේ පෙර කී එළදෙන්නු ළඟ සිටගත්හ. තවද, අවලස්සන, කැහැටු එළදෙන්නු, ලස්සන තරබාරු එළදෙනුන් හත්දෙනා කා දැමූ හ. එවිට පාරාවෝ අවදි විය. ඔහු නැවත නිදාගත්තේ ය. දෙ වන වරටත්, ඔහු සිහිනෙන්, ගොයම් ගහක හටගත් කදිම, රන්වන් ගොයම් කරල් හතක් දිටී ය. ඉන්පසු එහි, පෙරදිග සුළඟින් වියළීගිය තව කේඬෑරි කරල් හතක් මතු විය. තවද, කේඬෑරි කරල් හත, කදිම, රන්වන් කරල් හත ගිලදැමී ය. එවිට පාරාවෝ නින්දෙන් අවදි විය. එය සිහිනයක් බව ඔහු තේරුම්ගත්තේ ය. උදෑසන ඔහුගේ සිත කැළෙඹන්නට විය. ඔහු මිසර දේශයේ ඉන්ද්‍රජාලිකයන් හා ප්‍රාඥායන් සියල්ලන්ට පණිවුඩ යවා, ඔවුන් කැඳවා, ඔවුන්ට තම සිහිනය දැන්වී ය. එහෙත්, පාරාවෝට එය තේරුම්කර දීමට පුළුවන් කිසිවෙක් නො වී ය. එවිට රාජකීය කුසලාන පිරිනමන්නා පාරාවෝට කතා කොට, “මා අතින් වූ වරද දැන් මට මතක් වෙයි. ඔබතුමා ඔබේ නිලධාරීන් සමඟ කිපී, මා සහ පූප සාදන්නන්ගේ ප්‍රධානියා මුර සෙන්පතිගේ නිවෙසහි වූ හිරගෙයි දැමුවෙහි ය. ඔහුත්, මමත් එක ම රාත්‍රියහි සිහින දුටුවෙමු. අප දුටු සිහින ද අප එක් එක්කෙනාට අදාළ තේරුම් ඇති සිහින විය. තවද, මුර සෙන්පතිගේ සේවකයෙකු වූ, හෙබ්‍රෙව් ජාතික තරුණයෙක් එහි විය. අප ඒවා ඔහුට කී විට අපගේ සිහින ඔහු අපට තේරුම් කොට දුනි. ඔහු අපට ඒවා තේරුම් කොට දුන්නේ අප එක් එක්කෙනා දුටු සිහිනයට ගැලෙපන පරිදි ය. ඇත්තට ම ඔහු අපට තේරුම් කළ ලෙස ම සියල්ල සිදුවිය. එනම් මම නැවත නිලයට පත් කරන ලදිමි. එහෙත් පූප සාදන්නා එල්ලාදමන ලදී”යි කීවේ ය. එවිට පාරාවෝ පණිවුඩයක් යවා ජෝසෙප් කැඳවූ විට, ඔව්හු නොපමාව ඔහු හිරගෙයින් පිටතට ගෙනාහ. ඔහු ද, රැවුළ කපා, තම ඇඳුම් මාරු කර, පාරාවෝ ඉදිරියට පැමිණියේ ය, පාරාවෝ ජෝසෙප්ට කතා කොට, “මම සිහිනයක් දිටිමි. එය තේරුම් කර දීමට හැකි කෙනෙක් නැත. එහෙත්, නුඹ සිහිනයක් ඇසූ විට, එය තේරුම් කොට දීමට සමතෙකු බව මා අසා තිබේ ය”යි කී ය. ජෝසෙප් උත්තර දෙමින්, “සමතා මම නොවෙමි. දෙවියන් වහන්සේ පාරාවෝට සතුටුදායක පිළිතුරක් දෙන සේකැ”යි කීවේ ය. එවිට පාරාවෝ ජෝසෙප්ට කතා කොට, “සිහිනෙන්, මම ගං ඉවුරේ සිටිනු දිටිමි. එවිට පුදුමයකි! බලන්න ලස්සන තරබාරු, එළදෙන්නු හත්දෙනෙක් ගඟින් නැඟී අවුත් බට ගස් අතරෙහි තණ කන්නට වූ හ. උන්ට පසුව වැහැරුණු, ඉතා අවලස්සන, කැහැටු එළදෙන්නු හත්දෙනෙක් ද නැඟී ආහ. මෙබඳු අවලස්සන සතුන් මුළු මිසර දේශයෙහි මීට පෙර මා කවදාවත් දැක නැත. තවද, කෙට්ටු, අවලස්සන එළදෙන්නු, පළමු තරබාරු එළදෙන්නු හත්දෙන කා දැමූ හ. උන් කා දැමූ පසු, උන් කෑ බවක් දැනගන්නට වත් බැරි විය. මන්ද, කලින් සිටියාක් මෙන් ම අවලස්සන තත්ත්වයක සිටි නිසා ය. එවිට මම පිබිදුණෙමි. තව වරක් මම සිහිනෙන්, එක ගොයම් ගහක හටගත් කදිම, රන්වන් කරල් හතක් දිටිමි. ඊට පසු මැළවුණු, නිසරු, පෙරදිග සුළඟින් වියළී ගිය තව කරල් හතක් එහි මතු විය. එවිට නිසරු කරල්, රන්වන් කරල් ගිලදැමී ය. මම මෙය ඉන්ද්‍රජාලිකයන්ට කීවෙමි, එහෙත්, එය මට තෝරා දීමට සමත් කිසිවෙක් නැතැ”යි කීවේ ය. එවිට ජෝසෙප් පාරාවෝට කතා කොට, “පාරාවෝ දුටු සිහිනවල ඇත්තේ එක ම තේරුමකි. දෙවියන් වහන්සේ කරන්න යන දෙය පාරාවෝට පෙන්වා දුන් සේක. හොඳ එළදෙනුන් හත්දෙන අවුරුදු හතකි; හොඳ කරල් හත ද අවුරුදු හතකි; සිහිනය එක ම යි. තවද, උන්ට පසුව නැඟී ආ කැහැටු, බලන්න තරම් අවලස්සන එළදෙනුන් හත්දෙන ද පෙරදිග සුළඟින් වියළීගිය බොල් කරල් හත ද සාගතයක් පවතින අවුරුදු හතකි. මෙය වූ කලී, මා පාරාවෝට කී පරිදි දෙවියන් වහන්සේ කරන්න යන දෙය උන් වහන්සේ පාරාවෝට කල්තියා පෙන්වාදීමකි. මෙන්න, මුළු මිසර දේශය පුරා ඉතා සරුසාර අවුරුදු හතක් පැමිණෙන්නේ ය. ඉන්පසු සාගතයේ අවුරුදු හතක් පැමිණේ. එවිට මිසර දේශයේ සියලු සමෘද්ධිය අමතක වී ගොස්, සාගතය රට කා දමන්නේ ය. පසුව එන සාගතය ඉතා දරුණු වන හෙයින් එහි තිබූ සමෘද්ධිය නොදැනී යන්නේ ය. තවද, ඔබට ඒ සිහිනය දෙවරක් ම පෙනුණේ, දෙවියන් වහන්සේ දැනට ම මේ සිද්ධිය නියම කර තිබෙන නිසාත්, නුදුරු අනාගතයේ දී එය සිදුවෙන්නට උන් වහන්සේ සලසන නිසාත් ය. “දැන් ඉතින් පාරාවෝ, දක්ෂ, විචක්ෂණ මිනිසෙකු සොයා බලා, මිසර දේශයේ පරිපාලනය ඔහුට බාර දිය යුතු ය. පාරාවෝ මෙය කළ පසු, රටට නිලධාරීන් පත් කොට, සශ්‍රීක අවුරුදු හත තුළ, ඉඩකඩම්වලින් පහෙන් පංගුවක බද්දක් අය කළ යුතු ය. ඔවුන් ඒ සශ්‍රීක අවුරුදු හත තුළ ඇති වන සියලු ආහාර වර්ග එකතු කළ යුතු ය. තවද, ධාන්‍ය, පාරාවෝගේ පාලනය යටතේ ගබඩා කරමින්, ආහාර වර්ග නගරවල තබා ආරක්ෂා කළ යුතු ය. මිසර දේශයේ ඇතිවෙන්නට යන සාගත අවුරුදු හත වළක්වාලීම සඳහා ඒ ආහාර රටේ ගබඩා කොට තැබුවහොත් සාගතයෙන් රට විනාශ නොවනු ඇතැ”යි කීවේ ය. ඔහුගේ යෝජනාව පාරාවෝට ද ඔහුගේ නිලධාරීන් සියල්ලන්ට ද සතුටුදායක විය. එවිට පාරාවෝ තම නිලධාරීන් අමතා, “තමන් තුළ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වැඩසිටින මෙබඳු කෙනෙකු අපට තවත් සොයාගත හැකි දැ”යි ඇසී ය. මෙසේ විචාරා, ඔහු ජෝසෙප්ට කතා කොට, “දෙවියන් වහන්සේ මේ සියල්ල ඔබට පෙන්වා වදාළ හෙයින් ඔබ වැනි බුද්ධිමත්, දක්ෂ විචක්ෂණ තව කෙනෙක් නම් නැත. මගේ රටේ පාලනය මම ඔබට බාර දෙමි. මාගේ සෙනඟ සියලු දෙනා ම ඔබේ කීම අනුව පාලනය කරනු ලබති. මා ඔබට වඩා උසස් වන්නේ හුදෙක් රාජ ධූරයෙන් පමණකි. බලන්න, මුළු මිසර දේශාධිපති කොට මම ඔබ පත් කරමි”යි කියා, ඔහු තම ඇඟිල්ලෙන් පේරැස් මුදුව ගලවා, ජෝසෙප්ගේ ඇඟිල්ලෙහි දමා, අගනා සිනිඳු වස්ත්‍ර ඔහුට හඳවා, ඔහු ගෙල රන් මාලයක් පැළඳ විය. පසුව පාරාවෝ තමා සතු දෙ වන රාජකීය රථයේ ඔහු නංවාලී ය. රාජකීය මුර බළ ඇණිය, “දණ නමව්” කියා කෑගසමින් පෙරටුව ගියහ. මෙසේ පාරාවෝ මුළු මිසර දේශාධිපති කොට ඔහු පත් කෙළේ ය. තවද, ඔහු ජෝසෙප් අමතමින්, “මම පාරාවෝ වෙමි, එහෙත් ඔබේ අවසරය නැති ව, මුළු මිසර දේශයෙහි කිසිවෙකු අත වත්, පය වත් නොසෙල්විය යුතු ය”යි කීවේ ය. ඔහු ජෝසෙප්ට ශාපේනත්-පනේයා යන නම තබා, ඕන් යන පූජාස්ථානයේ පූජක වන පොතිපෙරාගේ දුව වන ආසෙනත් ඔහුට බිරිඳ කොට සරණ පාවා දුන්නේ ය. ජෝසෙප් ද මුළු මිසර දේශය පුරා නිල චාරිකාවක යෙදුණේ ය. මිසරයේ රජ වන පාරාවෝගේ සේවයට ජෝසෙප් බැඳෙන විට ඔහුට වයස අවුරුදු තිහකි. ඔහු පාරාවෝ ඉදිරියෙන් නික්ම මුළු මිසර දේශය පුරා නිල චාරිකාවක යෙදිණි. සමෘද්ධිමත් වූ අවුරුදු හත තුළ භූමිය ද සුවිශාල අස්වැන්නක් නිපදවිය. ඔහු සත් අවුරුද්ද තුළ මිසර දේශයෙහි වූ සියලු ආහාර වර්ග රැස් කොට, ඒවා නගරවල ගබඩා කෙළේ ය. සෑම නගරයක් අවට තිබූ ආහාර ද ඔහු එලෙස ම ගබඩා කොට තැබී ය. ඇරත්, ඔහු මුහුදේ වැලි මෙන් විශාල ප්‍රමාණයකට ධාන්‍ය රැස් කෙළේ ය. ධාන්‍ය මැනීමට බැරි තරම් අධික වූයෙන් ඔහු ඒවා මැනීම නතර කෙළේ ය. ඕන් නම් පූජාස්ථානයේ පූජක වන පොතිපෙරාගේ දුව වන ආසෙනත් සාගත කාලය පැමිණෙන්නට පෙර ජෝසෙප්ට දාව පුත්‍රයන් දෙදෙනෙකු ලැබුවා ය. “දෙවියන් වහන්සේ මාගේ සියලු දුක් කරදර සහ මාගේ පියාගේ මුළු පවුල ද අමතක කිරීමට මට සැලැසූ සේකැ”යි කියා ඔහු තම කුලුඳුල් පුතුට මනස්සේ යන නාමය දුනි. “දෙවියන් වහන්සේ අපල දේශයේ දී මා සඵල කළ සේකැ”යි කියා ඔහු දෙවැන්නාට එප්‍රායිම් යන නම තැබී ය. තවද, මිසර දේශයෙහි පැවති සමෘද්ධිමත් අවුරුදු හත කෙළවර විය. ජෝසෙප් කී පරිදි සාගත අවුරුදු හත පැමිණෙන්න පටන්ගති. සාගතය සියලු රටවල ම පැවතිණි. එහෙත්, මුළු මිසර දේශය තුළ ම ආහාර තිබුණේ ය. මුළු මිසර දේශය ම සාගතයෙන් පෙළුණ විට, සෙනඟ ද ආහාර ඉල්ලා පාරාවෝට මොරගැසූ හ. පාරාවෝ ද සියලු මිසර වාසීන්ට කතා කොට, “ජෝසෙප් වෙත යන්න, ඔහු නුඹලාට කියන දෙයක් කරන්නැ”යි කී ය. සාගතය ද මුළු පොළෝ තලය පුරා පැවතිණි. ජෝසෙප් ගබඩා සියල්ල විවෘත කොට, මිසර වාසීන්ට ධාන්‍ය වික්කේ ය. මුළු මිසර දේශය තුළ සාගතය තදින් බලපෑවේ ය. ධාන්‍ය මිලට ගැනීම සඳහා සෑම රටවලින් ම සෙනඟ ජෝසෙප් වෙත මිසර දේශයට ගලා එන්නට වූ හ. සෑම රටක ම සාගතය දරුණු ලෙස පැවතිණි.

උත්පත්ති 41:1-57 Sinhala New Revised Version 2018 (SNRV)

අවුරුදු දෙකකට පසු පාරාවෝ සිහිනෙන් තමා නයිල් ගංගාව අසල සිටිනු දිටී ය. එවිට, බලන්න ලස්සන, තරබාරු එළදෙන්නු හත්දෙනෙක් ගඟින් නැඟී අවුත්, බට පඳුරු අතර තණ කන්නට වූ හ. උන්ට පසුව, අවලස්සන, කැහැටු, තව එළදෙන්නු හත්දෙනෙක් ගඟින් නැඟී අවුත්, ගං ඉවුරේ පෙර කී එළදෙන්නු ළඟ සිටගත්හ. තවද, අවලස්සන, කැහැටු එළදෙන්නු, ලස්සන තරබාරු එළදෙනුන් හත්දෙනා කා දැමූ හ. එවිට පාරාවෝ අවදි විය. ඔහු නැවත නිදාගත්තේ ය. දෙ වන වරටත්, ඔහු සිහිනෙන්, ගොයම් ගහක හටගත් කදිම, රන්වන් ගොයම් කරල් හතක් දිටී ය. ඉන්පසු එහි, පෙරදිග සුළඟින් වියළීගිය තව කේඬෑරි කරල් හතක් මතු විය. තවද, කේඬෑරි කරල් හත, කදිම, රන්වන් කරල් හත ගිලදැමී ය. එවිට පාරාවෝ නින්දෙන් අවදි විය. එය සිහිනයක් බව ඔහු තේරුම්ගත්තේ ය. උදෑසන ඔහුගේ සිත කැළෙඹන්නට විය. ඔහු මිසර දේශයේ ඉන්ද්‍රජාලිකයන් හා ප්‍රාඥයන් සියල්ලන්ට පණිවුඩ යවා, ඔවුන් කැඳවා, ඔවුන්ට තම සිහිනය දැන්වී ය. එහෙත්, පාරාවෝට එය තේරුම්කර දීමට පුළුවන් කිසිවෙක් නො වී ය. එවිට රාජකීය කුසලාන පිරිනමන්නා පාරාවෝට කතා කොට, “මා අතින් වූ වරද දැන් මට මතක් වෙයි. ඔබතුමා ඔබේ නිලධාරීන් සමඟ කිපී, මා සහ රොටි සාදන්නන්ගේ ප්‍රධානියා මුර සෙන්පතිගේ නිවසෙහි වූ හිරගෙයි දැමුවෙහි ය. ඔහුත්, මමත් එක ම රාත්‍රියහි සිහින දුටුවෙමු. අප දුටු සිහින ද අප එක් එක්කෙනාට අදාළ තේරුම් ඇති සිහින විය. තවද, මුර සෙන්පතිගේ සේවකයෙකු වූ, හෙබ්‍රෙව් ජාතික තරුණයෙක් එහි විය. අප ඒවා ඔහුට කී විට අපගේ සිහින ඔහු අපට තේරුම් කොට දුනි. ඔහු අපට ඒවා තේරුම් කොට දුන්නේ අප එක් එක්කෙනා දුටු සිහිනයට ගැලපෙන පරිදි ය. ඇත්තට ම ඔහු අපට තේරුම් කළ ලෙස ම සියල්ල සිදුවිය. එනම් මම නැවත නිලයට පත් කරන ලදිමි. එහෙත් රොටි සාදන්නා එල්ලාදමන ලදී”යි කීවේ ය. එවිට පාරාවෝ පණිවුඩයක් යවා ජෝසෙප් කැඳවූ විට, ඔව්හු නොපමාව ඔහු හිරගෙයින් පිටතට ගෙනාහ. ඔහු ද, රැවුළ කපා, තම ඇඳුම් මාරු කර, පාරාවෝ ඉදිරියට පැමිණියේ ය, පාරාවෝ ජෝසෙප්ට කතා කොට, “මම සිහිනයක් දිටිමි. එය තේරුම් කර දීමට හැකි කෙනෙක් නැත. එහෙත්, නුඹ සිහිනයක් ඇසූ විට, එය තේරුම් කොට දීමට සමතෙකු බව මා අසා තිබේ ය”යි කී ය. ජෝසෙප් උත්තර දෙමින්, “සමතා මම නොවෙමි. දෙවියන් වහන්සේ පාරාවෝට සතුටුදායක පිළිතුරක් දෙන සේකැ”යි කීවේ ය. එවිට පාරාවෝ ජෝසෙප්ට කතා කොට, “සිහිනෙන්, මම ගං ඉවුරේ සිටිනු දිටිමි. එවිට පුදුමයකි! බලන්න ලස්සන තරබාරු, එළදෙන්නු හත්දෙනෙක් ගඟින් නැඟී අවුත් බට ගස් අතරෙහි තණ කන්නට වූ හ. උන්ට පසුව වැහැරුණු, ඉතා අවලස්සන, කැහැටු එළදෙන්නු හත්දෙනෙක් ද නැඟී ආහ. මෙබඳු අවලස්සන සතුන් මුළු මිසර දේශයෙහි මීට පෙර මා කවදාවත් දැක නැත. තවද, කෙට්ටු, අවලස්සන එළදෙන්නු, පළමු තරබාරු එළදෙන්නු හත්දෙන කා දැමූ හ. උන් කා දැමූ පසු, උන් කෑ බවක් දැනගන්නට වත් බැරි විය. මන්ද, කලින් සිටියාක් මෙන් ම අවලස්සන තත්ත්වයක සිටි නිසා ය. එවිට මම පිබිදුණෙමි. තව වරක් මම සිහිනෙන්, එක ගොයම් ගහක හටගත් කදිම, රන්වන් කරල් හතක් දිටිමි. ඊට පසු මැළවුණු, නිසරු, පෙරදිග සුළඟින් වියළී ගිය තව කරල් හතක් එහි මතු විය. එවිට නිසරු කරල්, රන්වන් කරල් ගිලදැමී ය. මම මෙය ඉන්ද්‍රජාලිකයන්ට කීවෙමි, එහෙත්, එය මට තෝරා දීමට සමත් කිසිවෙක් නැතැ”යි කීවේ ය. එවිට ජෝසෙප් පාරාවෝට කතා කොට, “පාරාවෝ දුටු සිහිනවල ඇත්තේ එක ම තේරුමකි. දෙවියන් වහන්සේ කරන්න යන දෙය පාරාවෝට පෙන්වා දුන් සේක. හොඳ එළදෙනුන් හත්දෙන අවුරුදු හතකි; හොඳ කරල් හත ද අවුරුදු හතකි; සිහිනය එක ම යි. තවද, උන්ට පසුව නැඟී ආ කැහැටු, බලන්න තරම් අවලස්සන එළදෙනුන් හත්දෙන ද පෙරදිග සුළඟින් වියළීගිය බොල් කරල් හත ද සාගතයක් පවතින අවුරුදු හතකි. මෙය වූ කලී, මා පාරාවෝට කී පරිදි දෙවියන් වහන්සේ කරන්න යන දෙය උන් වහන්සේ පාරාවෝට කල්තියා පෙන්වාදීමකි. මෙන්න, මුළු මිසර දේශය පුරා ඉතා සරුසාර අවුරුදු හතක් පැමිණෙන්නේ ය. ඉන්පසු සාගතයේ අවුරුදු හතක් පැමිණේ. එවිට මිසර දේශයේ සියලු සමෘද්ධිය අමතක වී ගොස්, සාගතය රට කා දමන්නේ ය. පසුව එන සාගතය ඉතා දරුණු වන හෙයින් එහි තිබූ සමෘද්ධිය නොදැනී යන්නේ ය. තවද, ඔබට ඒ සිහිනය දෙවරක් ම පෙනුණේ, දෙවියන් වහන්සේ දැනට ම මේ සිද්ධිය නියම කර තිබෙන නිසාත්, නුදුරු අනාගතයේ දී එය සිදුවෙන්නට උන් වහන්සේ සලසන නිසාත් ය. “දැන් ඉතින් පාරාවෝ, දක්ෂ, විචක්ෂණ මිනිසෙකු සොයා බලා, මිසර දේශයේ පරිපාලනය ඔහුට බාර දිය යුතු ය. පාරාවෝ මෙය කළ පසු, රටට නිලධාරීන් පත් කොට, සශ්‍රීක අවුරුදු හත තුළ, ඉඩකඩම්වලින් පහෙන් පංගුවක බද්දක් අය කළ යුතු ය. ඔවුන් ඒ සශ්‍රීක අවුරුදු හත තුළ ඇති වන සියලු ආහාර වර්ග එකතු කළ යුතු ය. තවද, ධාන්‍ය, පාරාවෝගේ පාලනය යටතේ ගබඩා කරමින්, ආහාර වර්ග නගරවල තබා ආරක්ෂා කළ යුතු ය. මිසර දේශයේ ඇතිවෙන්නට යන සාගත අවුරුදු හත වළක්වාලීම සඳහා ඒ ආහාර රටේ ගබඩා කොට තැබුවහොත් සාගතයෙන් රට විනාශ නොවනු ඇතැ”යි කීවේ ය. ඔහුගේ යෝජනාව පාරාවෝට ද ඔහුගේ නිලධාරීන් සියල්ලන්ට ද සතුටුදායක විය. එවිට පාරාවෝ තම නිලධාරීන් අමතා, “තමන් තුළ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වැඩසිටින මෙබඳු කෙනෙකු අපට තවත් සොයාගත හැකි දැ”යි ඇසී ය. මෙසේ විචාරා, ඔහු ජෝසෙප්ට කතා කොට, “දෙවියන් වහන්සේ මේ සියල්ල ඔබට පෙන්වා වදාළ හෙයින් ඔබ වැනි බුද්ධිමත්, දක්ෂ විචක්ෂණ තව කෙනෙක් නම් නැත. මගේ රටේ පාලනය මම ඔබට බාර දෙමි. මාගේ සෙනඟ සියලු දෙනා ම ඔබේ කීම අනුව පාලනය කරනු ලබති. මා ඔබට වඩා උසස් වන්නේ හුදෙක් රාජ ධූරයෙන් පමණකි. බලන්න, මුළු මිසර දේශාධිපති කොට මම ඔබ පත් කරමි”යි කියා, ඔහු තම ඇඟිල්ලෙන් පේරැස් මුදුව ගලවා, ජෝසෙප්ගේ ඇඟිල්ලෙහි දමා, අගනා සිනිඳු වස්ත්‍ර ඔහුට හඳවා, ඔහු ගෙල රන් මාලයක් පැළඳ විය. පසුව පාරාවෝ තමා සතු දෙ වන රාජකීය රථයේ ඔහු නංවාලී ය. රාජකීය මුර බළ ඇණිය, “දණ නමව්” කියා කෑගසමින් පෙරටුව ගියහ. මෙසේ පාරාවෝ මුළු මිසර දේශාධිපති කොට ඔහු පත් කෙළේ ය. තවද, ඔහු ජෝසෙප් අමතමින්, “මම පාරාවෝ වෙමි, එහෙත් ඔබේ අවසරය නැති ව, මුළු මිසර දේශයෙහි කිසිවෙකු අත වත්, පය වත් නොසෙල්විය යුතු ය”යි කීවේ ය. ඔහු ජෝසෙප්ට ශාපේනත්-පනේයා යන නම තබා, ඕන් යන පූජාස්ථානයේ පූජක වන පොතිපෙරාගේ දුව වන ආසෙනත් ඔහුට බිරිඳ කොට සරණ පාවා දුන්නේ ය. ජෝසෙප් ද මුළු මිසර දේශය පුරා නිල චාරිකාවක යෙදුණේ ය. මිසරයේ රජ වන පාරාවෝගේ සේවයට ජෝසෙප් බැඳෙන විට ඔහුට වයස අවුරුදු තිහකි. ඔහු පාරාවෝ ඉදිරියෙන් නික්ම මුළු මිසර දේශය පුරා නිල චාරිකාවක යෙදිණි. සමෘද්ධිමත් වූ අවුරුදු හත තුළ භූමිය ද සුවිශාල අස්වැන්නක් නිපදවිය. ඔහු සත් අවුරුද්ද තුළ මිසර දේශයෙහි වූ සියලු ආහාර වර්ග රැස් කොට, ඒවා නගරවල ගබඩා කෙළේ ය. සෑම නගරයක් අවට තිබූ ආහාර ද ඔහු එලෙස ම ගබඩා කොට තැබී ය. ඇරත්, ඔහු මුහුදේ වැලි මෙන් විශාල ප්‍රමාණයකට ධාන්‍ය රැස් කෙළේ ය. ධාන්‍ය මැනීමට බැරි තරම් අධික වූයෙන් ඔහු ඒවා මැනීම නතර කෙළේ ය. ඕන් නම් පූජාස්ථානයේ පූජක වන පොතිපෙරාගේ දුව වන ආසෙනත් සාගත කාලය පැමිණෙන්නට පෙර ජෝසෙප්ට දාව පුත්‍රයන් දෙදෙනෙකු ලැබුවා ය. “දෙවියන් වහන්සේ මාගේ සියලු දුක් කරදර සහ මාගේ පියාගේ මුළු පවුල ද අමතක කිරීමට මට සැලැසූ සේකැ”යි කියා ඔහු තම කුලුඳුල් පුතුට මනස්සේ යන නාමය දුනි. “දෙවියන් වහන්සේ අපල දේශයේ දී මා සඵල කළ සේකැ”යි කියා ඔහු දෙවැන්නාට එප්‍රායිම් යන නම තැබී ය. තවද, මිසර දේශයෙහි පැවති සමෘද්ධිමත් අවුරුදු හත කෙළවර විය. ජෝසෙප් කී පරිදි සාගත අවුරුදු හත පැමිණෙන්න පටන්ගති. සාගතය සියලු රටවල ම පැවතිණි. එහෙත්, මුළු මිසර දේශය තුළ ම ආහාර තිබුණේ ය. මුළු මිසර දේශය ම සාගතයෙන් පෙළුණ විට, සෙනඟ ද ආහාර ඉල්ලා පාරාවෝට මොරගැසූ හ. පාරාවෝ ද සියලු මිසර වාසීන්ට කතා කොට, “ජෝසෙප් වෙත යන්න, ඔහු නුඹලාට කියන දෙයක් කරන්නැ”යි කී ය. සාගතය ද මුළු පොළෝ තලය පුරා පැවතිණි. ජෝසෙප් ගබඩා සියල්ල විවෘත කොට, මිසර වාසීන්ට ධාන්‍ය වික්කේ ය. මුළු මිසර දේශය තුළ සාගතය තදින් බලපෑවේ ය. ධාන්‍ය මිලට ගැනීම සඳහා සෑම රටවලින් ම සෙනඟ ජෝසෙප් වෙත මිසර දේශයට ගලා එන්නට වූ හ. සෑම රටක ම සාගතය දරුණු ලෙස පැවතිණි.

උත්පත්ති 41:1-57 New International Version (NIV)

When two full years had passed, Pharaoh had a dream: He was standing by the Nile, when out of the river there came up seven cows, sleek and fat, and they grazed among the reeds. After them, seven other cows, ugly and gaunt, came up out of the Nile and stood beside those on the riverbank. And the cows that were ugly and gaunt ate up the seven sleek, fat cows. Then Pharaoh woke up. He fell asleep again and had a second dream: Seven heads of grain, healthy and good, were growing on a single stalk. After them, seven other heads of grain sprouted—thin and scorched by the east wind. The thin heads of grain swallowed up the seven healthy, full heads. Then Pharaoh woke up; it had been a dream. In the morning his mind was troubled, so he sent for all the magicians and wise men of Egypt. Pharaoh told them his dreams, but no one could interpret them for him. Then the chief cupbearer said to Pharaoh, “Today I am reminded of my shortcomings. Pharaoh was once angry with his servants, and he imprisoned me and the chief baker in the house of the captain of the guard. Each of us had a dream the same night, and each dream had a meaning of its own. Now a young Hebrew was there with us, a servant of the captain of the guard. We told him our dreams, and he interpreted them for us, giving each man the interpretation of his dream. And things turned out exactly as he interpreted them to us: I was restored to my position, and the other man was impaled.” So Pharaoh sent for Joseph, and he was quickly brought from the dungeon. When he had shaved and changed his clothes, he came before Pharaoh. Pharaoh said to Joseph, “I had a dream, and no one can interpret it. But I have heard it said of you that when you hear a dream you can interpret it.” “I cannot do it,” Joseph replied to Pharaoh, “but God will give Pharaoh the answer he desires.” Then Pharaoh said to Joseph, “In my dream I was standing on the bank of the Nile, when out of the river there came up seven cows, fat and sleek, and they grazed among the reeds. After them, seven other cows came up—scrawny and very ugly and lean. I had never seen such ugly cows in all the land of Egypt. The lean, ugly cows ate up the seven fat cows that came up first. But even after they ate them, no one could tell that they had done so; they looked just as ugly as before. Then I woke up. “In my dream I saw seven heads of grain, full and good, growing on a single stalk. After them, seven other heads sprouted—withered and thin and scorched by the east wind. The thin heads of grain swallowed up the seven good heads. I told this to the magicians, but none of them could explain it to me.” Then Joseph said to Pharaoh, “The dreams of Pharaoh are one and the same. God has revealed to Pharaoh what he is about to do. The seven good cows are seven years, and the seven good heads of grain are seven years; it is one and the same dream. The seven lean, ugly cows that came up afterward are seven years, and so are the seven worthless heads of grain scorched by the east wind: They are seven years of famine. “It is just as I said to Pharaoh: God has shown Pharaoh what he is about to do. Seven years of great abundance are coming throughout the land of Egypt, but seven years of famine will follow them. Then all the abundance in Egypt will be forgotten, and the famine will ravage the land. The abundance in the land will not be remembered, because the famine that follows it will be so severe. The reason the dream was given to Pharaoh in two forms is that the matter has been firmly decided by God, and God will do it soon. “And now let Pharaoh look for a discerning and wise man and put him in charge of the land of Egypt. Let Pharaoh appoint commissioners over the land to take a fifth of the harvest of Egypt during the seven years of abundance. They should collect all the food of these good years that are coming and store up the grain under the authority of Pharaoh, to be kept in the cities for food. This food should be held in reserve for the country, to be used during the seven years of famine that will come upon Egypt, so that the country may not be ruined by the famine.” The plan seemed good to Pharaoh and to all his officials. So Pharaoh asked them, “Can we find anyone like this man, one in whom is the spirit of God?” Then Pharaoh said to Joseph, “Since God has made all this known to you, there is no one so discerning and wise as you. You shall be in charge of my palace, and all my people are to submit to your orders. Only with respect to the throne will I be greater than you.” So Pharaoh said to Joseph, “I hereby put you in charge of the whole land of Egypt.” Then Pharaoh took his signet ring from his finger and put it on Joseph’s finger. He dressed him in robes of fine linen and put a gold chain around his neck. He had him ride in a chariot as his second-in-command, and people shouted before him, “Make way!” Thus he put him in charge of the whole land of Egypt. Then Pharaoh said to Joseph, “I am Pharaoh, but without your word no one will lift hand or foot in all Egypt.” Pharaoh gave Joseph the name Zaphenath-Paneah and gave him Asenath daughter of Potiphera, priest of On, to be his wife. And Joseph went throughout the land of Egypt. Joseph was thirty years old when he entered the service of Pharaoh king of Egypt. And Joseph went out from Pharaoh’s presence and traveled throughout Egypt. During the seven years of abundance the land produced plentifully. Joseph collected all the food produced in those seven years of abundance in Egypt and stored it in the cities. In each city he put the food grown in the fields surrounding it. Joseph stored up huge quantities of grain, like the sand of the sea; it was so much that he stopped keeping records because it was beyond measure. Before the years of famine came, two sons were born to Joseph by Asenath daughter of Potiphera, priest of On. Joseph named his firstborn Manasseh and said, “It is because God has made me forget all my trouble and all my father’s household.” The second son he named Ephraim and said, “It is because God has made me fruitful in the land of my suffering.” The seven years of abundance in Egypt came to an end, and the seven years of famine began, just as Joseph had said. There was famine in all the other lands, but in the whole land of Egypt there was food. When all Egypt began to feel the famine, the people cried to Pharaoh for food. Then Pharaoh told all the Egyptians, “Go to Joseph and do what he tells you.” When the famine had spread over the whole country, Joseph opened all the storehouses and sold grain to the Egyptians, for the famine was severe throughout Egypt. And all the world came to Egypt to buy grain from Joseph, because the famine was severe everywhere.