උත්පත්ති 4:9-10 - Compare All Versions
උත්පත්ති 4:9-10 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එවිට කායින් ඇමතූ ස්වාමින්වහන්සේ “ඔබේ සහෝදර ආබෙල් කොහේ දැ?” යි ඇසූ සේක. “මා දන්නේ නැතැ” යි පිළිතුරු දුන් ඔහු, “මගේ සහෝදරයාගේ රැකවලා මා දැ?” යි ඇසී ය. එවිට ස්වාමින්වහන්සේ “නුඹ කර තිබෙන්නේ කුමක් ද? නුඹේ සහෝදරයාගේ ලේවල හඬ පොළොවේ සිට මට මොර ගසයි.
උත්පත්ති 4:9-10 SROV (Sinhala Revised Old Version)
ස්වාමීන්වහන්සේ: නුඹේ සහෝදරවූ ආබෙල් කොහේදැයි කායින්ට කීසේක. ඔහුද: මම නොදනිමි; මම මාගේ සහෝදරයාගේ රැකවලාදැයි කීය. උන්වහන්සේ: නුඹ කුමක් කෙළෙහිද? නුඹේ සහෝදරයාගේ ලෙයේ ශබ්දය භූමියෙන් මට හඬගසයි.
උත්පත්ති 4:9-10 NRSV (Sinhala New Revised Version)
එවිට සමිඳාණන් වහන්සේ කායින්ට කතා කොට, “නුඹේ සහෝදර ආබෙල් කොහේ දැ”යි ඇසූ සේක. කායින් ද උත්තර දෙමින්, “මම නොදනිමි. මම මාගේ සහෝදරයාගේ භාරකරු දැ”යි ඇසී ය. සමිඳාණන් වහන්සේ ද, “නුඹ කළ මේ දේ කුමක් ද? බලන්න, නුඹේ සහෝදරයාගේ ලේ පොළොවෙන් මට මොරගසයි.
උත්පත්ති 4:9-10 SNRV (Sinhala New Revised Version 2018)
එවිට සමිඳාණන් වහන්සේ කායින්ට කතා කොට, “නුඹේ සහෝදර ආබෙල් කොහේ දැ”යි ඇසූ සේක. කායින් ද උත්තර දෙමින්, “මම නොදනිමි. මම මාගේ සහෝදරයාගේ භාරකරු දැ”යි ඇසී ය. සමිඳාණන් වහන්සේ ද, “නුඹ කළ මේ දේ කුමක් ද? බලන්න, නුඹේ සහෝදරයාගේ ලේ පොළොවෙන් මට මොරගසයි.
උත්පත්ති 4:9-10 NIV (New International Version)
Then the LORD said to Cain, “Where is your brother Abel?” “I don’t know,” he replied. “Am I my brother’s keeper?” The LORD said, “What have you done? Listen! Your brother’s blood cries out to me from the ground.