උත්පත්ති 4:4-5
උත්පත්ති 4:4-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් ආබෙල් තම රංචුවේ කුලුඳුලන්ගෙන් හා උන්ගේ හොඳ ම කොටස්වලින් තම පඬුර ගෙනාවේ ය. ස්වාමින්වහන්සේ ආබෙල් ද ඔහුගේ පඬුර ද දෙස ප්රසාදයෙන් බැලූ සේක. එහෙත් කායින් ද ඔහුගේ පඬුර ද දෙස උන්වහන්සේ ප්රසාදයෙන් බැලුවේ නැත. එබැවින් කායින් තදින් කිපිණ. ඔහුගේ මුහුණ නො සතුටු විණ.
උත්පත්ති 4:4-5 Sinhala Revised Old Version (SROV)
ආබෙල්ද තමාගේ රැළේ කුලුඳුලන්ගෙන්ද උන්ගේ තෙලින්ද ගෙනායේය. ස්වාමීන්වහන්සේ ආබෙල් සහ ඔහුගේ පඬුර සැලකූසේක; එහෙත් උන්වහන්සේ කායින් සහ ඔහුගේ පඬුර නොසැලකූසේක. එවිට කායින් අතිශයෙන් කෝපවිය, ඔහුගේ මුහුණද වෙනස්විය.
උත්පත්ති 4:4-5 Sinhala New Revised Version (NRSV)
ආබෙල් ද සිය බැටළු රැළේ කුලුඳුල් පැටවුන්ගෙන් සමහරෙකු ද ඔවුන්ගේ හොඳ ම කොටස් ද ගෙන සමිඳාණන් වහන්සේට පූජා කළේ ය. සමිඳාණන් වහන්සේ ද ආබෙල් සහ ඔහුගේ පඬුර සතුටින් පිළිගත් සේක. එහෙත්, උන් වහන්සේ කායින් සහ ඔහුගේ පඬුර නොපිළිගත් සේක. එබැවින් කායින් තදින් කිපී, දුර්මුඛ විය.
උත්පත්ති 4:4-5 Sinhala New Revised Version 2018 (SNRV)
ආබෙල් ද සිය බැටළු රැළේ කුලුඳුල් පැටවුන්ගෙන් සමහරෙකු ද ඔවුන්ගේ හොඳ ම කොටස් ද ගෙන සමිඳාණන් වහන්සේට පූජා කළේ ය. සමිඳාණන් වහන්සේ ද ආබෙල් සහ ඔහුගේ පඬුර සතුටින් පිළිගත් සේක. එහෙත්, උන් වහන්සේ කායින් සහ ඔහුගේ පඬුර නොපිළිගත් සේක. එබැවින් කායින් තදින් කිපී, දුර්මුඛ විය.
උත්පත්ති 4:4-5 New International Version (NIV)
And Abel also brought an offering—fat portions from some of the firstborn of his flock. The LORD looked with favor on Abel and his offering, but on Cain and his offering he did not look with favor. So Cain was very angry, and his face was downcast.