උත්පත්ති 37:18-30

උත්පත්ති 37:18-30 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එහෙත් ඈතදීම ඔහු එනු දුටු ඔවුහු, තමන් අසලට ඔහු එන්නටත් පෙර, ඔහු මරා දැමීමට කුමන්ත්‍රණ කළහ. ඔවුහු එකිනෙකා අමතමින්, “මෙන්න එනවා ස්වප්නකාරයා! දැන් වරෙල්ලා, ඔහු මරා, මේ වළක දමා, වන මෘගයකු ඔහු කා දැමුවා යැයි කියමු. එවිට, ඔහුගේ ස්වප්නවලට කුමක් වේ දැයි බලමු” යි කතිකා කර ගත්හ. එහෙත් රූබෙන් ඒ ඇසූ කල, ඔවුන් අතින් ඔහු බේරා ගැනීමට තැත් දරමින්, “ඔහුගේ ජීවිතයට හානියක් නො කර සිටිමු. ලේ වගුරු වන්න එපා. මේ පාළුකරයේ මේ වළට ඔහු තල්ලු කරපල්ලා. ඒත්, ඔහුගේ ජීවිතයට අත නො තියල්ලා” යි කීවේ ය. රූබෙන් එසේ කීවේ පසුව මොවුන් අතින් ඔහු මුදා, තම පියා වෙත ඔහු ආපසු ගෙන යෑමේ අටියෙනි. මෙසේ යෝසෙප් තම සොහොයුරන් වෙත ආ කල්හි, ඔහු ඇඟ ලා සිටි වර්ණවත් කබාය ඇද, ගැලවූ ඔවුහු ඔහු අල්ලා, එහි වූ වළට තල්ලු කළහ. ඒ වළ පාළු එකකි; එහි වතුර නො වී ය. ඉන්පසු ඔවුහු කෑමට හිඳ ගත්හ. තවද ඔවුහු නෙත් ඔසවා බැලූ කල, ගිලියාද්හි සිට එන ඉෂ්මායෙල්වරුන්ගේ තවලමක් දුටුවහ. තවලමේ ඔටුවන් පිට සුවඳලාටු, සුවඳ ඔසු ආලේපන හා කට්ටකුමංජල් පටවා තිබිණි. ඔවුහු ඒවා ඊජිප්තුව වෙත ගෙන යමින් සිටියහ. එවිට යූදා තම සහෝදරයින් අමතමින්, “අපේ සහෝදරයා මරා, අප ඔහුගේ ලේ වසන් කිරීමෙන්, ඉන් අපට අත්වන සෙත කුමක් ද? එන්න! මේ ඉෂ්මායෙල්වරුනට අපි ඔහු විකුණමු. ඔහුට අත නො තබමු. කොහොම වුණත්, ඔහු අපගේ සහෝදරයායි; අපගේ ම මාංසය හා ලේ යැ” යි කීවේ ය. ඔහුගේ සහෝදරයෝ ඊට එකඟ වූහ. මෙසේ මිදියන් වෙළඳුන් එතැන පසු කර යද්දී, යෝසෙප් වළෙන් ගොඩ ගත් ඔවුහු, රිදී කාසි විස්සකට ඉෂ්මායෙල්වරුන්ට ඔහු වික්කෝ ය. ඔවුහු යෝසෙප් ඊජිප්තුවට ගෙන ගියහ. රූබෙන් වළ වෙත යළි ආ කල, යෝසෙප් එහි නො වූ වග දුටුවේ ය. එබැවින් තම වස්ත්‍ර ඉරා ගත් ඔහු, තම සොහොයුරන් වෙත ගොස්, “ළමයා නැත. මං කොයි අත හැරෙන්න දැ?” යි කීවේ ය.

උත්පත්ති 37:18-30 Sinhala Revised Old Version (SROV)

ඔව්හු දුරදීම ඔහු දැක ඔහු මරණ පිණිස ඔහු ළඟට එන්ට මත්තෙන් මන්ත්‍රණය කරගත්තෝය. ඔව්හු ඔවුනොවුන්ට කථාකොට: අන්න ස්වප්නකාරයා එන්නේය. දැන් එන්න, ඔහු මරා වළක දමා චණ්ඩ මෘගයෙක් ඔහු කෑවේයයි කියමුව. එවිට ඔහුගේ ස්වප්නවලට කුමක් වන්නේදැයි බලමුයයි කීවෝය. රූබෙන් ඒ අසා ඔවුන් අතින් ඔහු මුදා: අපි ඔහුගේ ප්‍රාණය හානි නොකරමුයයි කීය. රූබෙන් ඔහු ඔවුන්ගේ අත්වලින් මුදා ඔහුගේ පියාට නැවත භාරදෙන අදහසින් ඔවුන්ට කථාකොට: ලේ නොවගුරුවා වනයෙහි තිබෙන මේ වළේ ඔහු දමන්න; එහෙත් ඔහු පිට අත් හෙළන්ට එපායයි කීය. යෝසෙප් තමාගේ සහෝදරයන් වෙතට ආකල ඔවුන් යෝසෙප්ගේ සළුව, එනම් ඔහු ඇඳලා තිබුණු අත් ඇති දිග වස්ත්‍රය ගළවාගෙන ඔහු අරන් වළේ දැමුවෝය. ඒ වළ වතුර නැතුව හිස්ව තිබුණේය. ඔව්හු කෑම කන පිණිස හිඳ තමන් ඇස් ඔසවා බැලූ විට, සුගන්ධ ද්‍රව්‍යද ගුගුල්ද සුවඳලාටුද ඔටුවන් පිට පටවා, ඒවා මිසරයට ගෙනයන පිණිස ගමන්කරන්නාවූ ඉෂ්මායෙල්වරුන් කණ්ඩායමක් ගිලියාද්හි සිට එනවා දුටුවෝය. එවිට යූදා තම සහෝදරයන්ට කථාකොට: අපගේ සහෝදරයා මරා ඔහුගේ ලේ සැඟවීමෙන් කවර ප්‍රයෝජනයක්ද? එන්න, අර ඉෂ්මායෙල්වරුන්ට ඔහු විකුණමු, අපගේ අත ඔහු පිට නොපැමිණේවා; කුමක්හෙයින්ද ඔහු අපගේ සහෝදරයාත් අපගේ මාංසයත්යයි කීවේය. ඔහුගේ සහෝදරයෝ ඊට එකඟවුණෝය. මිදියන් වෙළෙන්දන් ඒ ළඟින් යන කල ඔව්හු යෝසෙප් වළෙන් ඇද ගොඩට ගෙන ඉෂ්මායෙල්වරුන්ට රිදී විස්සකට වික්කෝය. ඔව්හු යෝසෙප් මිසරයට ගෙනගියෝය. රූබෙන් වළ ළඟට හැරී ආයේය; ඔහු යෝසෙප් වළේ නැති බව දැක තමාගේ වස්ත්‍ර ඉරාගෙන තමාගේ සහෝදරයන් ළඟට හැරීගොස්: ළමයා නැත; අනේ මම කොතැනට යම්දැයි කීය.

උත්පත්ති 37:18-30 Sinhala New Revised Version (NRSV)

ඔහුගේ සහෝදරයෝ ඔහු දුර සිට දුටු හැටියේ ම, ඔවුන් වෙත එන්නටත් පෙර, ඔහු මරාදැමීමට කුමන්ත්‍රණය කළහ. ඔව්හු එකිනෙකා අමතමින්, “ඔය එන්නේ ස්වප්නකාරයා. දැන් ඉතින් වරෙල්ලා, අපි ඔහු මරා වළකට දමා, ‘මොකෙක් හරි නපුරු වන සතෙක් ඔහු කාදැමුවේ ය’යි කියමු. එවිට ඔහුගේ සිහිනවලට සිදුවන දේ බලමු”යි කතා කරගත්හ. රූබන් ඒ අසා, ඔවුන් අතින් ඔහු මුදාගැනීමට බලමින්, “අපි ඔහුගේ ජීවිතයට හානියක් නොකරමු”යි කී ය. තවදුරටත් ඔහු ඔවුන්ට කතා කොට, “ලේ බිඳක් නොහළා, පාළු තැන්නේ ඇති මේ වළට අපි ඔහු විසිකර දමමු. ඔහුට නම් අත නොතබන්නැ”යි කීවේ ය. ඔහු මෙසේ කීවේ ඔවුන්ගෙන් ඔහු බේරාගෙන, තම පියාට නැවත ඔහු මුදා දෙන පිණිස ය. ජෝසෙප් තම සොහොයුරන් වෙත පැමිණි විට ඔව්හු ඔහුගේ ඇඳුම, අත් ඇති, දිග, විශේෂ ඇඳුම ගලවාදමා, ඔහු රැගෙන වළකට දැමූ හ. ඒ වළ ද වතුර නැති හිස් එකක් විය. ඉන්පසු ඔව්හු ආහාර අනුභව කිරීමට වාඩි වී, හිස ඔසවා බලන්නාහු ගිලියද්හි සිට මිසරයට ගෙන යන පිණිස කුළු බඩු ද සුවඳ ද්‍රව්‍ය සහ දුම්මල ද ඔටුවන් පිට පටවාගෙන යන ඉෂ්මායෙල්වරුන්ගේ තවලමක් දුටහ. එවිට ජුදා තම සොහොයුරන් අමතමින්, “අපේ සහෝදරයා මරා දමා, ඔහුගේ ලේ සැඟවීමෙන් කුමන පලක් ද? එන්න, අපි ඔහු පිට අත නොතබා, ඉෂ්මායෙල්වරුන්ට විකුණමු. ඇත්තට ම ඔහු අපේ ම සහෝදරයා නො වේ ද; අපි එක පියෙකුගේ දරුවෝ නො වෙමු දැ”යි කී ය. ඔහුගේ සහෝදරයෝ ද එකඟ වූ හ. මිදියන් ජාතික වෙළෙඳුන් ඔවුන් අසලින් යන කල, ඔව්හු ජෝසෙප් වළෙන් ගොඩට ගෙන, ඉෂ්මායෙල්වරුන්ට රිදී කාසි විස්සකට වික්කෝ ය. ඔව්හු ද ජෝසෙප් මිසරයට ගෙනාහ. එහෙත්, රූබන් ආපසු වළ ළඟට ආ විට පුදුමයකි, ජෝසෙප් වළේ නොසිටි බැවින්, ඔහු දුකින් පිරී තම වස්ත්‍ර ඉරා ගෙන, සිය සොහොයුරන් වෙත නැවත පැමිණ, “ළමයා නැත, ඉතින් මම කුමක් කරන්න දැ”යි කී ය.

උත්පත්ති 37:18-30 Sinhala New Revised Version 2018 (SNRV)

උත්පත්ති 37:18-30 New International Version (NIV)

But they saw him in the distance, and before he reached them, they plotted to kill him. “Here comes that dreamer!” they said to each other. “Come now, let’s kill him and throw him into one of these cisterns and say that a ferocious animal devoured him. Then we’ll see what comes of his dreams.” When Reuben heard this, he tried to rescue him from their hands. “Let’s not take his life,” he said. “Don’t shed any blood. Throw him into this cistern here in the wilderness, but don’t lay a hand on him.” Reuben said this to rescue him from them and take him back to his father. So when Joseph came to his brothers, they stripped him of his robe—the ornate robe he was wearing— and they took him and threw him into the cistern. The cistern was empty; there was no water in it. As they sat down to eat their meal, they looked up and saw a caravan of Ishmaelites coming from Gilead. Their camels were loaded with spices, balm and myrrh, and they were on their way to take them down to Egypt. Judah said to his brothers, “What will we gain if we kill our brother and cover up his blood? Come, let’s sell him to the Ishmaelites and not lay our hands on him; after all, he is our brother, our own flesh and blood.” His brothers agreed. So when the Midianite merchants came by, his brothers pulled Joseph up out of the cistern and sold him for twenty shekels of silver to the Ishmaelites, who took him to Egypt. When Reuben returned to the cistern and saw that Joseph was not there, he tore his clothes. He went back to his brothers and said, “The boy isn’t there! Where can I turn now?”