උත්පත්ති 37:14
උත්පත්ති 37:14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් ඔහු, “දැන් ගොසින්, ඔබේ සහෝදරයින්ගේ සුව දුක් බලා, එළු බැටළු රංචුත් කෙසේදැයි බලා, ආපසු ඇවිත්, මට තොරතුරු දන්වන්නැ” යි කීවේ ය. මෙසේ ඔහු හෙබ්රොන් මිටියාවතේ සිට ඔහු පිටත් කර යැවී ය. යෝසෙප් ෂෙකෙම් වෙත පැමිණියේ ය.
උත්පත්ති 37:14 Sinhala Revised Old Version (SROV)
ඔහු: යන්නෙමියි ඔහුට කීවේය. එවිට ඔහු කථාකොට: නුඹ ගොස් නුඹේ සහෝදරයොත් රැළත් සුවසේ සිටිද්ද කියා බලා ඇවිත් මට දන්වන්නැයි ඔහුට කීය. මෙසේ කියා හෙතෙම හෙබ්රොන් මිටියාවතේ සිට ඔහු හැරියේය. ඔහු ෂෙඛෙම්ට පැමුණුණේය.
උත්පත්ති 37:14 Sinhala New Revised Version (NRSV)
ඔහුගේ පියා තවදුරටත් කතා කරමින්, “කරුණාකර, යන්න, නුඹේ සහෝදරයොත් එළු බැටළුවොත් සුව සේ සිටිත් දැ යි බලාගෙන ඇවිත් මට දන්වන්නැ”යි කී ය. මෙසේ කියා ඔහු හෙබ්රොන් නම් මිටියාවතින් ජෝසෙප් පිටත් කර හැරියේ ය. ජෝසෙප් ෂෙකෙම් පෙදෙසට පැමිණ, එහි තැනින් තැන යන විට
උත්පත්ති 37:14 Sinhala New Revised Version 2018 (SNRV)