උත්පත්ති 37:1-2
උත්පත්ති 37:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යාකොබ්, තම පියා නැවතී සිටි දේශය වන කානාන් දේශයේ වාසය කළේ ය. යාකොබ්ගේ පරපුර පිළිබඳ තොරතුරු මෙසේ ය.
උත්පත්ති 37:1-2 Sinhala Revised Old Version (SROV)
යාකොබ් තමාගේ පියා පොරොත්තුව විසූ දේශය වූ කානාන් දේශයෙහි වාසය කෙළේය. යාකොබ්ගේ පරම්පරාවල් මේය. දහහත් අවුරුදු වයස්වූ යෝසෙප් තමාගේ සහෝදරයන් සමඟ බැටළු රැළ පෝෂණය කරමින් සිටියේය; ඔහු වනාහි තම පියාගේ භාර්යාවන්වූ බිල්හාගේද ශිල්පාගේද පුත්රයන් සමඟ සිටි තරුණයෙකි. යෝසෙප් ඇවිත් ඔවුන්ගේ නපුරු ක්රියා ගැන ඔවුන්ගේ පියාට දැන්නුවේය.
උත්පත්ති 37:1-2 Sinhala New Revised Version (NRSV)
තමාගේ පියා තාවකාලික ව නැවතී සිටි රට වන කානාන් දේශයේ ජාකොබ් පදිංචි විය. ජාකොබ්ගේ පෙළපත් කතාව මේ ය. ජෝසෙප්ට වයස අවුරුදු දාහතක් වූ විට, ඔහු තම සහෝදරයන් සමඟ බැටළුවන්ට තණ කවමින් සිටියේ ය. ඔහු සිටියේ තම පියාගේ භාර්යාවන් වන බිල්හාගේ ද, ශිල්පාගේ ද පුත්රයන් සමඟ ය. ජෝසෙප් ඔවුන්ගේ නපුරු ක්රියා ගැන පියාට දැන්වුයේ ය.
උත්පත්ති 37:1-2 Sinhala New Revised Version 2018 (SNRV)