උත්පත්ති 35:27-29
උත්පත්ති 35:27-29 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යාකොබ්, කිර්යත්-අර්බා හෙවත් හෙබ්රොන් අසල මම්රේහි තම පියා වූ ඊසාක් වෙත ආයේ ය. ආබ්රහම් ද ඊසාක් ද වාසය කොට තිබුණේ එහි ය. ඊසාක් අවුරුදු එකසිය අසූවක් වාසය කළේ ය. ඔහු හොඳ මහලු වයසේ අවසන් හුස්ම හෙළා, මියැදුණෙන්, මිය ගිය තම ජනයා අතරට එක්කරන ලද්දේ ය. ඔහුගේ පුතුන් වූ ඒසව් හා යාකොබ් ඔහු භූමදාන කළහ.
උත්පත්ති 35:27-29 Sinhala Revised Old Version (SROV)
යාකොබ් ආබ්රහම් සහ ඊසාක් පොරොත්තුව සිටිය මම්රේට එනම් කිරියත්-අර්බාට තමාගේ පියවූ ඊසාක් වෙතට ආයේය. ඒ වනාහි හෙබ්රොන්ය. ඊසාක්ගේ වයස එකසිය අසූ අවුරුද්දක්ය. ඊසාක්ද මහලුව දවස් සම්පූර්ණව ප්රාණය හැර නැසී තමාගේ සෙනඟට එකතුවුණේය. ඔහුගේ පුත්රයෝවූ ඒසව්ද යාකොබ්ද ඔහු තැන්පත්කළෝය.
උත්පත්ති 35:27-29 Sinhala New Revised Version (NRSV)
ජාකොබ් ද ආබ්රහම් සහ ඊසාක් තාවකාලික ව පදිංචි වූ ආලෝන අරඹ හෙවත් කිර්යත්-අර්බා හෙවත් හෙබ්රොන් නම් ස්ථානයේ ඊසාක් වෙත පැමිණියේ ය. ඊසාක්ගේ වයස අවුරුදු එකසිය අසූවක් වූයෙන් ඔහු දිගායු වළඳා පූර්ණ මහලු වයසේ දී මියගොස් තම මුතුන්මිත්තන් හා එක්විය. ඔහුගේ පුත්රයන් වූ ඒසව් සහ ජාකොබ් ඔහු භූමදාන කළහ.
උත්පත්ති 35:27-29 Sinhala New Revised Version 2018 (SNRV)
ජාකොබ් ද ආබ්රහම් සහ ඊසාක් තාවකාලික ව පදිංචි වූ ආලෝන අරඹ හෙවත් කිරියත්-අර්බා හෙවත් හෙබ්රොන් නම් ස්ථානයේ ඊසාක් වෙත පැමිණියේ ය. ඊසාක්ගේ වයස අවුරුදු එකසිය අසූවක් වූයෙන් ඔහු දිගායු වළඳා පූර්ණ මහලු වයසේ දී මියගොස් තම මුතුන්මිත්තන් හා එක්විය. ඔහුගේ පුත්රයන් වූ ඒසව් සහ ජාකොබ් ඔහු භූමදාන කළහ.
උත්පත්ති 35:27-29 New International Version (NIV)
Jacob came home to his father Isaac in Mamre, near Kiriath Arba (that is, Hebron), where Abraham and Isaac had stayed. Isaac lived a hundred and eighty years. Then he breathed his last and died and was gathered to his people, old and full of years. And his sons Esau and Jacob buried him.