උත්පත්ති 35:10-12
උත්පත්ති 35:10-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේ ඔහු අමතා, “ඔබේ නම යාකොබ් ය. එහෙත් යාකොබ් නමින් මින් මතු ඔබ අමතනු ලබන්නේ නැත. ඔබේ නම ඉශ්රායෙල් වන්නේ යැ” යි කී සේක. මෙසේ උන්වහන්සේ ඔහුට ඉශ්රායෙල් යන නම තැබූ සේක. තවද දෙවියන්වහන්සේ ඔහු අමතමින්, “මම සර්ව පරාක්රම දෙවියන්වහන්සේ ය. සඵල වී, ගණනින් වැඩි වර්ධන වන්න. ජාතියක් ද ජාතීන් සමූහයක් ද ඔබගෙන් පැවත එනු ඇත. රජවරුන් ද ඔබගෙන් බිහිවනු ඇත. ආබ්රහම්ටත්, ඊසාක්ටත් මා දුන් දේශය, මම ඔබට දෙන්නෙමි. ඔබගෙන් පසු මේ දේශය ඔබගෙන් පැවත එන්නන්ට දෙන්නෙමි” යි පැවසූ සේක.
උත්පත්ති 35:10-12 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේ ඔහුට කථාකොට: නුඹේ නම යාකොබ්ය. මින්මතු නුඹේ නාමය යාකොබ් නොව ඉශ්රායෙල් වන්නේයයි කීසේක. උන්වහන්සේ ඔහුට ඉශ්රායෙල් යයි නම්තැබූසේක. තවද දෙවියන්වහන්සේ ඔහුට කථාකොට: මම සර්වපරාක්රමවූ දෙවියන්වහන්සේය. සඵලවෙමින් වර්ධනය වෙන්න; නුඹෙන් ජාතියක්ද ජාති සමූහයක්ද ඇතිවන්නෝය, නුඹේ කටියෙන් රජවරු නික්මෙන්නෝය; මම ආබ්රහම්ටද ඊසාක්ටද දුන් දේශය නුඹට දෙන්නෙමි, නුඹට පසුව නුඹේ වංශයට ඒ දේශය දෙන්නෙමියි කීසේක.
උත්පත්ති 35:10-12 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹේ නම ජාකොබ් ය. එහෙත් මින්පසු නුඹේ නම ජාකොබ් යයි හඳුන්වනු නොලැබ, නුඹේ නම ඉශ්රායෙල් වන්නේ ය”යි වදාළ නිසා ඔහුට ඉශ්රායෙල් යන නම තබන ලදී. තවදුරටත් දෙවියන් වහන්සේ ඔහු අමතමින්, “මම සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ සමෘද්ධ වී, වර්ධනය වන්න. නුඹෙන් ජාතියක් හා ජාතීන් සමුදායක් බිහි වන්නෝ ය. නුඹට දාව රජවරු පවා උපදින්නෝ ය. මම ආබ්රහම්ට සහ ඊසාක්ට දුන් දේශය නුඹට දෙන්නෙමි; නුඹෙන් පසුව නුඹේ පෙළපතට එය දෙන්නෙමි”යි වදාරා
උත්පත්ති 35:10-12 Sinhala New Revised Version 2018 (SNRV)
උන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹේ නම ජාකොබ් ය. එහෙත් මින්පසු නුඹේ නම ජාකොබ් යයි හඳුන්වනු නොලැබ, නුඹේ නම ඉශ්රායෙල් වන්නේ ය”යි වදාළ නිසා ඔහුට ඉශ්රායෙල් යන නම තබන ලදී. තවදුරටත් දෙවියන් වහන්සේ ඔහු අමතමින්, “මම සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ සමෘද්ධ වී, වර්ධනය වන්න. නුඹෙන් ජාතියක් හා ජාතීන් සමුදායක් බිහි වන්නෝ ය. නුඹට දාව රජවරු පවා උපදින්නෝ ය. මම ආබ්රහම්ට සහ ඊසාක්ට දුන් දේශය නුඹට දෙන්නෙමි; නුඹෙන් පසුව නුඹේ පෙළපතට එය දෙන්නෙමි”යි වදාරා
උත්පත්ති 35:10-12 New International Version (NIV)
God said to him, “Your name is Jacob, but you will no longer be called Jacob; your name will be Israel.” So he named him Israel. And God said to him, “I am God Almighty; be fruitful and increase in number. A nation and a community of nations will come from you, and kings will be among your descendants. The land I gave to Abraham and Isaac I also give to you, and I will give this land to your descendants after you.”