උත්පත්ති 31:5-7
උත්පත්ති 31:5-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන් අමතමින්, “ඔබේ පියා මට පෙර පරිදි ප්රිය මනාප බවක් දැන් නො දක්වන වග මට පෙනේ. එහෙත් මගේ පියාගේ දෙවියන්වහන්සේ මා සමඟ වූ සේක. මා මගේ මුළු ශක්තියෙන් ඔබේ පියාට වැඩ කර දුන් වග ඔබ දනී. එහෙත් ඔබේ පියා මට වංචා කරමින්, දහ වාරයක් මගේ කුලිය වෙනස් කළා. එහෙත් මට අනර්ථයක් කිරීමට දෙවියන්වහන්සේ ඔහුට ඉඩ දුන්නේ නෑ.
උත්පත්ති 31:5-7 Sinhala Revised Old Version (SROV)
නුඹලාගේ පියාගේ මුහුණ මා කෙරෙහි පළමු ලෙස නොවන බව මට පෙනේ; එහෙත් මාගේ පියාණන්ගේ දෙවියන්වහන්සේ මා සමඟ සිටිසේක. මා විසින් මාගේ මුළු ශක්තියෙන් නුඹලාගේ පියාට මෙහෙකළ බව නුඹලා දන්නහුය. නුඹලාගේ පියා මා රවටා මාගේ කුලී දසවරක් වෙනස් කෙළේය; එහෙත් මට හිංසාවක් කරන්ට දෙවියන්වහන්සේ ඔහුට ඉඩ නුදුන්සේක.
උත්පත්ති 31:5-7 Sinhala New Revised Version (NRSV)
“ඔබේ පියා මා කෙරෙහි කලින් මෙන් ප්රිය මනාප නොවන බව ඔහුගේ මුහුණින් මට පෙනේ. එහෙත්, මාගේ පියාගේ දෙවියන් වහන්සේ මා සමඟ වැඩ සිටින සේක. තවද, මාගේ මුළු ශක්තිය යොදා මා ඔබේ පියාට සේවය කළ බව ඔබ දන්නහු ය. එහෙත්, ඔබේ පියා මා රවටා, මාගේ කුලිය දස වාරයක් වෙනස් කෙළේ ය. එහෙත්, මට නපුරක් කිරීමට දෙවියන් වහන්සේ ඔහුට ඉඩ නුදුන් සේක.
උත්පත්ති 31:5-7 Sinhala New Revised Version 2018 (SNRV)
“ඔබේ පියා මා කෙරෙහි කලින් මෙන් ප්රිය මනාප නොවන බව ඔහුගේ මුහුණින් මට පෙනේ. එහෙත්, මාගේ පියාගේ දෙවියන් වහන්සේ මා සමඟ වැඩ සිටින සේක. තවද, මාගේ මුළු ශක්තිය යොදා මා ඔබේ පියාට සේවය කළ බව ඔබ දන්නහු ය. එහෙත්, ඔබේ පියා මා රවටා, මාගේ කුලිය දස වාරයක් වෙනස් කෙළේ ය. එහෙත්, මට නපුරක් කිරීමට දෙවියන් වහන්සේ ඔහුට ඉඩ නුදුන් සේක.
උත්පත්ති 31:5-7 New International Version (NIV)
He said to them, “I see that your father’s attitude toward me is not what it was before, but the God of my father has been with me. You know that I’ve worked for your father with all my strength, yet your father has cheated me by changing my wages ten times. However, God has not allowed him to harm me.