උත්පත්ති 31:17-29 - Compare All Versions

උත්පත්ති 31:17-29 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එකල යාකොබ් නැගිට, තම දරුවන් ද තම භාර්යාවන් ද ඔටුවන් පිට නංවා, කානාන් දේශයේ තම පියා වන ඊසාක් වෙත යන පිණිස, තමාට පෙරටුවෙන් තම මුළු සත්ව සම්පත දක්කාගෙන පිටත් වූයේ, ඔහු රැස් කර ගෙන තිබූ සියලු වස්තුව ද පදන්-අරාම්හි දී ඔහු අත්කර ගත් සත්ව සම්පත ද සමඟිනි. ලාබාන් තම බැටළුවන්ගේ ලොම් කපන්නට ගොස් සිටි අතරේ රාඛෙල් තම පියාගේ ගෘහ දේව පිළිම සොරා ගත්තා ය. යාකොබ් ද තමා පලා යන වග නො කීමෙන්, අරාමීය ලාබාන් රැවටී ය. ඔහු තමා සතු ව තිබූ සියල්ල ගෙන, පලා ගියේ ය. ඔහු ගංගාවෙන් එතෙර ව, ගිලියාද් කඳුරට බලා ගමන් ගත්තේ ය. යාකොබ් පලා ගිය වග තුන් වන දවසේ ලාබාන්ට දන්වන ලදී. එවිට තමා සමඟ තම නෑයින් ද කැටිව, හත් දවසක් යාකොබ් ලුහුබැඳ ගිය ඔහු ගිලියාද් කඳු රටේදී ඔහු වෙත ළඟා වූයේ ය. දෙවියන්වහන්සේ රාත්‍රි සිහිනයකින් අරාමීය ලාබාන් වෙත අවුත්, “යාකොබ්ට හොඳක් හෝ නරකක් කිසිවක් නො කියන්නට වග බලා ගන්නැ” යි පැවසූ සේක. ලාබාන්, යාකොබ් අසලට ළඟා වන විටත් යාකොබ්, ගිලියාද් කඳු රටේ තම කූඩාරම ගසා තිබිණි. ලාබාන් ද තම නෑයින් සමඟ ගිලියාද් කඳු රටේ කඳවුරු ගැසුවේ ය. ලාබාන්, යාකොබ්ට කතා කොට, “මොකක් ද මේ නුඹ කළේ? නුඹ මා රවටා, මගේ දූවරුන් යුද්ධ-වහලුන් වගෙයි ගෙන යන්නේ; හොර රහසේ පැන යමින්, නුඹ මා රැවටුවේ ඇයි? ප්‍රීතියෙන් යුතු ව කිකිණි රබන් ගසා, වීණා වයා, ගී ගයා, නුඹලා පිටත් කර යවන පිණිස ඇයි මට නො කීවේ? මගේ දරු-මුනුබුරන්ට හා මගේ දූවරුන්ට සමුදෙමින්, ඔවුන් සිපගන්නටවත් නුඹ මට ඉඩ තැබුවේ නැහැ. නුඹ කර ඇත්තේ අනුවණ වැඩක්. නුඹට හිරිහැර කරන්නට මට බලය තියෙනවා. එහෙත් ඊයේ රෑ නුඹේ පියාගේ දෙවියන්වහන්සේ මට කතා කොට, ‘යාකොබ්ට හොඳක් හෝ නරකක් හෝ නො කියන්නට වග බලා ගන්නැ’ යි කීවා.

බෙදාගන්න
උත්පත්ති 31 SCV

උත්පත්ති 31:17-29 SROV (Sinhala Revised Old Version)

එකල යාකොබ් නැගිට තම පුත්‍රයන් සහ භාර්යාවන් ඔටුවන් පිට නංවා, තමාගේ සියලු සිව්පාවන්ද පදන්-අරාමේදී තමා සම්බකරගත් සියලු සම්පත්ද තමා ලබාගත් සියලු සිව්පාවන්ද රැගෙන, කානාන් දේශයට තමාගේ පියවූ ඊසාක් වෙතට යන පිණිස ගියේය. එකල ලාබන් බැටළුවන්ගේ ලෝම කපන පිණිස ගොස් සිටියේය. රාඛෙල් ඇගේ පියාට අයිති දේවතා රූප සොරකම්කරගත්තාය. යාකොබ් තමා පලා යන බව අරාමියවූ ලාබන්ට නොකියා ඔහුට නොදන්වා සොරෙන් ගියේය. මෙසේ ඔහු තමා සන්තක සියල්ල රැගෙන පලාගියේය; ඔහු නැගිට ගංගාවෙන් එතරවී ගිලියාද් කන්ද දෙස බලාගියේය. යාකොබ් පලාගිය බව තුන්වෙනි දිනදී ලාබන්ට දන්වනලද්දේය. එවිට ඔහු තම සහෝදරයන් කැඳවාගෙන සත් දවසක ගමන් ඔහු ලුහුබඳවා ගොස් ගිලියාද් කන්දේදී ඔහු කිට්ටු කෙළේය. දෙවියන්වහන්සේ රාත්‍රියේ හීනයකින් අරාමියවූ ලාබන් වෙතට පැමිණ: නුඹ යාකොබ්ට හොඳවත් නරකවත් නොකියන ලෙස බලාගන්නැයි කීසේක. ලාබන් යාකොබ් ළඟට පැමුණුණේය. යාකොබ් තමාගේ කූඩාරම කන්දේ පිහිටුවාගෙන තිබුණේය. ලාබන්ද තම සහෝදරයන් සමඟ ගිලියාද් කන්දේ කූඩාරම් පිහිටුවාගත්තේය. ලාබන් යාකොබ්ට කථාකොට: මා කෙරෙන් මාගේ දූවරුන් කඩුවෙන් ගත් වාලුන් මෙන් ගෙන, මා වෙතින් හොරෙන් පිටත්වී ගිය එක මොන ක්‍රියාවක්ද? මාගේ පුත්‍රයන්ද දූවරුන්ද සිඹගන්ට මට අවකාශ නොදී, ප්‍රීතියද ගීතිකාද රබානද වීණාද ඇතුව නුඹ පිටත් කරන පිණිස මට නොදන්වා, සැඟවී රහසින් පලාගියේ මක්නිසාද? නුඹ අනුවණ ලෙස ක්‍රියාකෙළෙහිය. නුඹලාට හිංසාකරන්ට මාගේ අතේ බලය තිබේ. එහෙත් ඊයේ රාත්‍රියේදී නුඹේ පියාගේ දෙවියන්වහන්සේ මට කථාකොට–යාකොබ්ට හොඳවත් නරකවත් නොකියන ලෙස බලාගන්නැයි කීසේක.

බෙදාගන්න
උත්පත්ති 31 SROV

උත්පත්ති 31:17-29 NRSV (Sinhala New Revised Version)

එවිට ජාකොබ් ද සූදානම් ව, තම පුතුන් හා භාර්යාවන් ඔටුවන් පිට නංවා, මෙසොපොතේමියාවෙහි දී තමා හිමිකරගත් එළු බැටළු රැළවල් ද, උපයාගත් සියලු සම්පත් ද, තමාගේ සතුන් ද දක්කාගෙන කානාන් දේශයේ තම පියා වන ඊසාක් වෙත යන පිණිස නික්මිණි. ලාබන් තමාගේ බැටළුවන්ගේ ලෝම කපන්නට ගොස් සිටිය දී රාකෙල් තම පියාට අයිති කුල දේවතා රූප සොරා ගත්තා ය. ජාකොබ් තමා පලායන බව අරමීය ජාතික ලාබන්ට නොදැන්වූයෙන්, ඔහු රැවටී ය. මෙසේ ජාකොබ් තමා සතු සියල්ල සමඟ පලාගොස් යුප්‍රටීස් නම් ගංගාවෙන් එතෙර වී, ගිලියද් කන්ද බලා ගියේය. තුන් වන දින ජාකොබ් පලාගිය බව ලාබන්ට දන්වන ලදී. ඔහු තමා කැටුව සිය පිරිස රැගෙන, සත් දිනක් ජාකොබ් ලුහුබැඳ ගොස් ගිලියද් කන්දේ දී ඔහුට ළඟා විය. තවද, රාත්‍රි කාලයේ දී දෙවියන් වහන්සේ, ස්වප්නයකින් අරමීය ජාතික ලාබන් වෙත පැමිණ, ඔහුට කතා කොට, “ඔබ ජාකොබ්ට කිසිවක් නොකියන ලෙස ප්‍රවේසම් වන්නැ”යි වදාළ සේක. ලාබන් ද කන්ද උඩ සිය කඳවුරු බැඳ සිටි ජාකොබ් වෙතට පැමිණියේ ය. ලාබන් සිය පිරිස සමඟ කඳවුරු බැඳ සිටියේ ගිලියද් කන්දෙහි ය. එවිට ඔහු ජාකොබ්ට කතා කොට, “මා රවටා මාගේ දූවරුන් කඩුවෙන් හිරබාරයට ගත්තවුන් මෙන් රැගෙන යාමෙන් ඔබ මට කෙළේ කුමක් ද? ඔබ රහසින් පලාගියේ මන් ද? මට හොරෙන් ගියේ ඇයි? ප්‍රීති ඝෝෂාවෙන් හා ගීයෙන් ද කිංකිණි රබන් හඬින් හා වීණා නාදයෙන් ද ඔබ පිටත් කර හැරීමට මට හැකි වන සේ, මට නොදැන්නුවේ මන් ද? ඇරත් මාගේ මුණුබුරන් හා දූවරුන් සිඹගැනීමට ඔබ මට ඉඩ නොහැරියෙහි ය. මෙසේ කිරීමෙන් ඔබ පිස්සෙකු මෙන් හැසිරී ඇත. ඔබට හිංසා කිරීමට මා අත බලය ඇත. එහෙත් ඊයේ රාත්‍රියේ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ මට කතා කරමින්, ‘නුඹ ජාකොබ්ට කිසිවක් නොකියන ලෙස ප්‍රවේසම් වන්නැ’යි වදාළ සේක.

බෙදාගන්න
උත්පත්ති 31 NRSV

උත්පත්ති 31:17-29 SNRV (Sinhala New Revised Version 2018)

උත්පත්ති 31 SNRV

උත්පත්ති 31:17-29 NIV (New International Version)

Then Jacob put his children and his wives on camels, and he drove all his livestock ahead of him, along with all the goods he had accumulated in Paddan Aram, to go to his father Isaac in the land of Canaan. When Laban had gone to shear his sheep, Rachel stole her father’s household gods. Moreover, Jacob deceived Laban the Aramean by not telling him he was running away. So he fled with all he had, crossed the Euphrates River, and headed for the hill country of Gilead. On the third day Laban was told that Jacob had fled. Taking his relatives with him, he pursued Jacob for seven days and caught up with him in the hill country of Gilead. Then God came to Laban the Aramean in a dream at night and said to him, “Be careful not to say anything to Jacob, either good or bad.” Jacob had pitched his tent in the hill country of Gilead when Laban overtook him, and Laban and his relatives camped there too. Then Laban said to Jacob, “What have you done? You’ve deceived me, and you’ve carried off my daughters like captives in war. Why did you run off secretly and deceive me? Why didn’t you tell me, so I could send you away with joy and singing to the music of timbrels and harps? You didn’t even let me kiss my grandchildren and my daughters goodbye. You have done a foolish thing. I have the power to harm you; but last night the God of your father said to me, ‘Be careful not to say anything to Jacob, either good or bad.’

බෙදාගන්න
උත්පත්ති 31 NIV