උත්පත්ති 30:14-16

උත්පත්ති 30:14-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)

තිරිඟු අස්වනු නෙළන සමයේ කෙතට ගිය රූබෙන්ට මන්ද්‍රාගෝර පැළෑටි දක්නට ලැබිණ. ඔහු ඒවා තම මව, ලෙයා වෙත ගෙනාවේ ය. එවිට රාඛෙල්, ලෙයා අමතමින්, “ඔබේ පුතාගේ මන්ද්‍රාගෝර ටිකක් මටත් දෙන්නැ” යි ඉල්ලුවා ය. එහෙත් ලෙයා පිළිතුරු දෙමින්, “නුඹ මගේ සැමියා පැහැර ගත්තා මදිවාට මගේ පුතාගේ මන්ද්‍රාගෝරත් ගන්නට එනවා දැ?” යි ඇසුවා ය. රාඛෙල් පිළිතුරු දෙමින්, “හොඳයි, ඔබේ පුතුගේ මන්ද්‍රාගෝරවල හිලව්වට ඔහු අද රැයේ ඔබ සමඟ සයනය කරනු ඇතැ” යි කීවා ය. එබැවින් කෙතේ සිට යාකොබ් සවස ආපසු එද්දී, ඔහු හමුවට ගිය ලෙයා, “ඔබ මා සමඟ සයනය කළ යුතුයි. මගේ පුතුගේ මන්ද්‍රාගෝරවලින් මම ඔබ කුලියට ගත්තෙමි” යි කීවා ය. එබැවින් ඒ රැයේ ඔහු ඇය සමඟ සයනය කළේ ය.

උත්පත්ති 30:14-16 Sinhala Revised Old Version (SROV)

තිරිඟු කපන කාලයේදී රූබෙන් කෙතට ගිය කල එහි දුදායිම් ගෙඩි සම්බවී, තමාගේ මවුවූ ලෙයාට ගෙනැවිත් දුන්නේය. එවිට රාඛෙල්: නුඹේ පුත්‍රයාගේ දුදායිම් ගෙඩිවලින් ටිකක් මට දෙන්නැයි ලෙයාට කීවාය. ඈ: නුඹ මාගේ පුරුෂයා පැහැරගත්තා මදිවාට මාගේ පුත්‍රයාගේ දුදායිම් ගෙඩිත් ගන්ට හදනවාදැයි කීවාය. එවිට: නුඹේ පුත්‍රයාගේ දුදායිම් දුන්නොත් හෙතෙමේ අද රාත්‍රියෙහි නුඹ සමඟ සයනයකරන්නේයයි රාඛෙල් කීවාය. යාකොබ් සවස් වේලෙහි කෙතෙන් එද්දී ලෙයා ඔහු සම්බවෙන්ට ගොස්: ඔබ මා කරා පැමිණෙන්ට ඕනෑය; මක්නිසාද මාගේ පුත්‍රයාගේ දුදායිම්වලින් ඔබ සැබවින් කුලියට ගත්තෙමියි කීවාය. ඔහු එදා රාත්‍රියෙහි ඈ සමඟ සයනය කෙළේය.

උත්පත්ති 30:14-16 Sinhala New Revised Version (NRSV)

තිරිඟු අස්වැන්න නෙළන කාලයේ දී රූබන් කෙතට ගොස්, එහි, දුදායිම් නම් පැළ කීපයක් සොයාගෙන විත් තම මව වන ලෙයාට දුනි. එවිට රාකෙල් ඈට කතා කොට, “කරුණාකර, මට ඔබේ පුත්‍රයා ගෙනා දුදායිම් පැළවලින් ටිකක් දෙන්නැ”යි කීවා ය. ඈ රාකෙල්ට උත්තර දෙමින්, “ඔබ මාගේ සැමියා පාවාගත්තා මදි ද? දැන් මා පුතුන්ගේ දුදායිම් පැළ ටිකත් පැහැරගන්න ද යන්නේ” කියා කීවා ය. එවිට රාකෙල් ද, “හොඳයි, එසේ නම් ඔබ පුතුන්ගේ දුදායිම් පැළ මට දුන්නොත් අද රාත්‍රියේ මාගේ සැමියා සමඟ ඔබට සැතපෙන්නට පුළුවනැ”යි කීවා ය. සවස් කාලයේ දී ජාකොබ් කෙතේ සිට එන විට, ලෙයා ඔහු හමුවීමට ගොස්, “ඔබ මා වෙත පැමිණිය යුතු ය. මා පුතුන්ගේ දුදායිම් පැළ දීමෙන් මම ඔබ කුලියට ගත්තෙමි”යි ඈ කීවෙන් එදා රාත්‍රියේ ඔහු ඈ සමඟ සැතපුණේ ය.

උත්පත්ති 30:14-16 Sinhala New Revised Version 2018 (SNRV)