උත්පත්ති 3:9-13 - Compare All Versions

උත්පත්ති 3:9-13 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එහෙත් ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට කතා කරමින්, “කෝ! ඔබ කොහේ දැ?” යි ඇසූ සේක. ඔහු උත්තර දෙමින්, “උයනේදී ඔබවහන්සේගේ හඬ මට ඇසුණා. මා නග්න බැවින් මා භය වුණා; එනිසා මා සැඟවුණා” යි පැවසී ය. එවිට උන්වහන්සේ, “ඔබ නග්න යැයි කීවේ කවුරු ද? කන්නට එපා යැයි මා ඔබට කී ගහෙන් කෑවා දැ?” යි ඇසූ සේක. මනුෂ්‍යයා පිළිතුරු දෙමින්, “මා සමඟ සිටින්නට ඔබවහන්සේ මට දුන් ස්ත්‍රී, ඒ ගහේ පල මට දුන්නා; මාත් කෑවා” යි කී ය. එවිට ස්ත්‍රිය ඇමතූ ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ, “මොකක් ද මේ නුඹ කළේ?” යි පැවසූ සේක. ස්ත්‍රිය පිළිතුරු දෙමින්, “සර්පයා මා මුළා කළා. මාත් කෑවා” යි කීවා ය.

බෙදාගන්න
උත්පත්ති 3 SCV

උත්පත්ති 3:9-13 SROV (Sinhala Revised Old Version)

ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට හඬගසමින්: නුඹ කොහේදැයි ඔහුට කීසේක. ඔහු: මට ඔබවහන්සේගේ ශබ්දය උයනෙහිදී ඇසී මම නග්න බැවින් භයපත්ව සැඟවුණෙමියි කීය. උන්වහන්සේ: නුඹ නග්න බව නුඹට කීවේ කවුද? නොකන්ට මා ආඥාකළ ගහෙන් කෑවෙහිදැයි ඇසූසේක. මනුෂ්‍යයාද: මා සමඟ සිටින්ට ඔබවහන්සේ දුන් ස්ත්‍රී ගහෙන් මට දුන්නාය, මමද කෑවෙමියි කීය. ස්වාමිවූ දෙවියන්වහන්සේ: නුඹ කළ මේ දෙය මොකදැයි ස්ත්‍රියට කීසේක. ස්ත්‍රීද: සර්පයා මා රැවටුවේය, මම කෑවෙමියි කීවාය.

බෙදාගන්න
උත්පත්ති 3 SROV

උත්පත්ති 3:9-13 NRSV (Sinhala New Revised Version)

එහෙත්, දෙවි සමිඳාණන් වහන්සේ මිනිසාට හඬ ගසමින්, “නුඹ කොහේ දැ”යි ඇසූ සේක. “ඔබ වහන්සේගේ කටහඬ උයනේ මට ඇසිණි. එහෙත්, මා නග්න බැවින්, බිය වී සැඟවුණෙමි”යි ඔහු උත්තර දුන්නේ ය. එවිට උන් වහන්සේ, “නුඹ නග්න බව කීවේ කවරෙක් ද? මා නුඹට තහනම් කළ ගසින් නුඹ ගෙඩි කෑවෙහි දැ”යි ඇසූ සේක. ඔහු ද පිළිතුරු දෙමින්, “ඔබ මට සහකාරිය වශයෙන් දුන් ස්ත්‍රිය ඒ ගසේ ගෙඩි කඩා මට දුන්නා ය; මමත් කෑවෙමි”යි පැවසී ය. එවිට දෙවි සමිඳාණන් වහන්සේ ස්ත්‍රියට කතා කොට, “නුඹ මෙය කෙළේ මන්දැ”යි ඇසූ සේක. “සර්පයා මා රැවටී ය; මමත් කෑවෙමි”යි ඈ පිළිතුරු දුන්නා ය.

බෙදාගන්න
උත්පත්ති 3 NRSV

උත්පත්ති 3:9-13 SNRV (Sinhala New Revised Version 2018)

එහෙත්, දෙවි සමිඳාණන් වහන්සේ මිනිසාට හඬ ගසමින්, “නුඹ කොහේ දැ”යි ඇසූ සේක. “ඔබ වහන්සේගේ කටහඬ උයනේ මට ඇසිණි. එහෙත්, මා නග්න බැවින්, බිය වී සැඟවුණෙමි”යි ඔහු උත්තර දුන්නේ ය. එවිට උන් වහන්සේ, “නුඹ නග්න බව කීවේ කවරෙක් ද? මා නුඹට තහනම් කළ ගසින් නුඹ ගෙඩි කෑවෙහි දැ”යි ඇසූ සේක. ඔහු ද පිළිතුරු දෙමින්, “ඔබ මට සහකාරිය වශයෙන් දුන් ස්ත්‍රිය ඒ ගසේ ගෙඩි කඩා මට දුන්නා ය; මමත් කෑවෙමි”යි පැවසී ය. එවිට දෙවි සමිඳාණන් වහන්සේ ස්ත්‍රියට කතා කොට, “නුඹ මෙය කෙළේ මන්දැ”යි ඇසූ සේක. “සර්පයා මා රැවටී ය; මමත් කෑවෙමි”යි ඈ පිළිතුරු දුන්නා ය.

බෙදාගන්න
උත්පත්ති 3 SNRV

උත්පත්ති 3:9-13 NIV (New International Version)

But the LORD God called to the man, “Where are you?” He answered, “I heard you in the garden, and I was afraid because I was naked; so I hid.” And he said, “Who told you that you were naked? Have you eaten from the tree that I commanded you not to eat from?” The man said, “The woman you put here with me—she gave me some fruit from the tree, and I ate it.” Then the LORD God said to the woman, “What is this you have done?” The woman said, “The serpent deceived me, and I ate.”

බෙදාගන්න
උත්පත්ති 3 NIV