උත්පත්ති 3:22-23 - Compare All Versions
උත්පත්ති 3:22-23 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ කතා කොට, “මෙන්න! හොඳ හා නරක දැනගැනීමෙන්, මනුෂ්‍යයා දැන් අපගෙන් කෙනකු හා සමාන බවට පත් ව සිටියි. ඊළඟට ඔහුගේ අත දිගු කොට, ජීවන වෘක්ෂයෙන් ද ගෙන, අනුභව කොට, ඔහු සදහට ම ජීවත් නො විය යුතු යැ” යි පැවසූ සේක. එබැවින්, භූමියෙන් ගනු ලැබූ මනුෂ්‍යයා, භූමිය වගා කරනු සඳහා ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ ඒදන් උයනෙන් නෙරපා දැමූ සේක.
උත්පත්ති 3:22-23 SROV (Sinhala Revised Old Version)
තවද ස්වාමිවූ දෙවියන්වහන්සේ: බලව, මනුෂ්‍යයා යහපත හා නපුර දැනගැනීමට අපගෙන් කෙනෙකු මෙන් වුණේය. දැනුදු ඔහු තමාගේ අත දිගුකොට ජීවන වෘක්ෂයෙනුත් ගෙන කා සදාකාලයටම ජීවත්නොවන පිණිසය කියා, යම් භූමියකින් ඔහු ගන්නාලදද එය වවන පිණිස ස්වාමිවූ දෙවියන්වහන්සේ ඒදන් උයනෙන් ඔහු පිටකළසේක.
උත්පත්ති 3:22-23 NRSV (Sinhala New Revised Version)
එවිට දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, “හොඳ-නරක අවබෝධ වීම නිසා දැන්, මිනිසා ද අපෙන් කෙනෙකු හා සමාන වී ඇත. එබැවින් ජීවන වෘක්ෂයට අත පා, එයින් වළඳා සදහට ම ජීවත් වීමට ඔහුට ඉඩ නොදිය යුතු ය”යි වදාළ සේක. මෙසේ කියා, භූමියෙන් වූ ඔහු භූමිය වගා කරන පිණිස දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා ඒදන් උයනින් නෙරපා දැමූ සේක.
උත්පත්ති 3:22-23 SNRV (Sinhala New Revised Version 2018)
එවිට දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, “හොඳ-නරක අවබෝධ වීම නිසා දැන්, මිනිසා ද අපෙන් කෙනෙකු හා සමාන වී ඇත. එබැවින් ජීවන වෘක්ෂයට අත පා, එයින් වළඳා සදහට ම ජීවත් වීමට ඔහුට ඉඩ නොදිය යුතු ය”යි වදාළ සේක. මෙසේ කියා, භූමියෙන් වූ ඔහු භූමිය වගා කරන පිණිස දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා ඒදන් උයනින් නෙරපා දැමූ සේක.
උත්පත්ති 3:22-23 NIV (New International Version)
And the LORD God said, “The man has now become like one of us, knowing good and evil. He must not be allowed to reach out his hand and take also from the tree of life and eat, and live forever.” So the LORD God banished him from the Garden of Eden to work the ground from which he had been taken.