උත්පත්ති 28:10-19
උත්පත්ති 28:10-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යාකොබ්, බෙයර්ෂෙබා වෙතින් පිටත් ව, හාරාන් බලා ගමන් ගත්තේ ය. ඔහු එක්තරා තැනකට ළඟා වූ කල, හිරු බැස ගොස් තිබුණෙන්, රැය ගත කරන්නට ඔහු එතැන නැවතුණේ ය. එතැන වූ ගලක් ගෙන, එය තම හිසට තබා ගත් ඔහු නිදන්නට එතැන වැතිරුණේ ය. ඔහු සිහිනයක් දුටුවේ ය. පොළොව මත සිට ඉහළට පිය ගැට පෙළකි; එහි මුඳුන ස්වර්ගයේ ගෑවිණි. දෙවියන්වහන්සේගේ දූතයෝ එයින් නගිමින්, බසිමින් සිටියහ. මෙන්න! ඊට ඉහළින් සිට ස්වාමින්වහන්සේ කතා කරමින්, “ඔබේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ද ඊසාක්ගේ දෙවියන්වහන්සේ ද වන ස්වාමින්වහන්සේ මම ය; ඔබ වැතිර සිටින මේ දේශය මම ඔබටත්, ඔබෙන් පැවත එන්නන්ටත් දෙන්නෙමි. ඔබගේ දරු පරපුර පොළොවේ දූලි මෙන් වැඩි වන්නේ ය. ඔබ බටහිරටත්, නැගෙනහිරටත්, උතුරටත්, දකුණටත් පැතිර යන්නේ ය. මිහි පිට සියලු පවුල් ඔබ තුළින් හා ඔබගේ වංශය තුළින් ආශිර්වාද ලබන්නාහ. මෙන්න! මම ඔබ සමඟ සිටිමි; ඔබ යන යන තැන ඔබ රැක බලා, මම මේ දේශයට ආපසු ඔබ ගෙනෙන්නෙමි. මා ඔබට පොරොන්දු වූ දෑ ඉටු කරන තුරු මම ඔබ අත්නාරින්නෙමි” යි පැවසූ සේක. තම නින්දෙන් පිබිදුණු යාකොබ්, “ස්වාමින්වහන්සේ සැබවින් ම මෙතැන සිටින සේක. ඒ වග මා දැන සිටියේ නැතැ” යි පැවසී ය. ඔහු භයපත් ව, “මොන තරම් භයංකර තැනක් ද මේ! මේ අන් කවරක් හෝ නො ව දෙවියන්වහන්සේගේ ගෘහයයි. මේ ස්වර්ගයේ දොරටුවයි” පැවසී ය. අලුයම් උදෙන් ම පිබිදුණු යාකොබ් තම හිසට යටින් තබා ගත් ගල ගෙන, සැමරුම් කණුවක් කොට සිටුවා, එහි මුඳුන මත තෙල් වත් කළේ ය. ඔහු එම ස්ථානයට බෙතෙල් යයි නම් තැබී ය. කලින්, ඒ නගරය හැඳින්වූයේ ලූස් නමිනි.
උත්පත්ති 28:10-19 Sinhala Revised Old Version (SROV)
යාකොබ් බෙයර්-ෂෙබායෙන් පිටත්ව හාරාන් දිසාවට ගියේය. ඔහු එක්තරා ස්ථානයකට පැමිණ, ඉර බැසගිය බැවින් මුළු රාත්‍රියේ එහි සිට, ඒ ස්ථානයේ ගල්වලින් එකක් අරන් තමාගේ හිසට තබාගෙන, ඒ ස්ථානයෙහි නින්දට වන්නේය. එවිට ඔහු ස්වප්නයක් දුටුවේය: බලව, පොළොවෙහි තබනලද හිණිමගක් විය, එහි මුදුන අහස දක්වා විය. දෙවියන්වහන්සේගේ දූතයෝ එහි නගිමින්ද බසිමින්ද සිටියෝය. බලව, ස්වාමීන්වහන්සේ ඊට ඉහළින් සිට කථාකොට: මම නුඹේ පියවූ ආබ්‍රහම්ගේ දෙවිවූ, ඊසාක්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය. නුඹ නිදා සිටින දේශය නුඹටද නුඹේ වංශයටද දෙන්නෙමි; නුඹේ වංශය පොළොවේ ධූලි මෙන් වැඩිවන්නේය, නුඹ බස්නාහිර දෙසටද නැගෙනහිර දෙසටද උතුර දෙසටද දකුණු දෙසටද පැතිර යන්නෙහිය. පොළොවේ සියලු ගෝත්‍රයෝ නුඹ සහ නුඹේ වංශය කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝය. බලව, මම නුඹ සමඟ සිටිමි, නුඹ යන සියලු තැන්හිදී නුඹ ආරක්ෂාකර නැවත මේ දේශයට නුඹ පමුණුවන්නෙමි; මක්නිසාද මා විසින් නුඹට කී දෙය සිදුකරන තුරු නුඹ අත් නොහරින්නෙමියි කීසේක. යාකොබ් තමාගේ නින්දෙන් පිබිද: ඒකාන්තයෙන්ම ස්වාමීන්වහන්සේ මෙතැන සිටිනසේක; මම ඒ බව නොදත්තෙමියි කියා භයවී: මේක කොපමණ භයානක ස්ථානයක්ද! ඒකාන්තයෙන්ම මේක දෙවියන්වහන්සේගේ ගෘහයය, මේක ස්වර්ගයේ දොරටුවයයි කීවේය. යාකොබ් අලුයම නැගිට තමාගේ හිසට තබනලද ගල රැගෙන කණුවක් කොට සිටුවා එහි මුදුනේ තෙල් වත්කොට, ඒ ස්ථානයට බෙතෙල්යයි නම් තැබීය. එහෙත් පළමුවෙන් ඒ නුවර නම ලූස්ය.
උත්පත්ති 28:10-19 Sinhala New Revised Version (NRSV)
ජාකොබ් බෙයර්-ෂෙබායෙන් නික්ම හාරාන් බලා ගියේය. ඔහු එක්තරා ස්ථානයකට පැමිණ, ඉර බැස ගිය හෙයින්, මුළු රාත්‍රිය ම එහි ගත කෙළේ ය. තවද, ඔහු එතැනින් ගලක් රැගෙන, එය මත හිස තබාගෙන නිදන්නට විය. එවිට ඔහු සිහිනයක් දිටී ය. පුදුමයකි! පොළොවෙහි තබන ලද ඉණිමඟකි. එහි මුදුන අහස දක්වා විය. මෙන්න, දෙවියන් වහන්සේගේ දූතයෝ එහි නඟිමින් ද බසිමින් ද සිටියෝ ය. සමිඳාණන් වහන්සේ එයට ඉහළින් සිට, “මම වනාහි නුඹේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද වන සමිඳාණන් වහන්සේ වෙමි. නුඹ සැතපී සිටින දේශය මම නුඹටත්, නුඹේ පෙළපතටත් දෙන්නෙමි. තවද, නුඹේ පෙළපත පොළොවේ දූවිලි මෙන් වැඩි වී, උතුරු, දකුණු, බටහිර, නැගෙනහිර දිශාවල පැතිර යන්නේ ය. මිහි පිට සියලු ජාතීහු නුඹ හා නුඹේ පෙළපත මඟින් තමන් ආශීර්වාද කරගන්නෝ ය. මෙන්න, මම ද නුඹ සමඟ සිටිමි. නුඹ යන සියලු තැන්හි මම නුඹ රැක බලාගෙන මෙම දේශයට ම නුඹ නැවත ගෙනෙන්නෙමි. මන්ද, මා නුඹට කී දේ ඉටු කරන තුරු මම නුඹ අත් නොහරින්නෙමි”යි වදාළ සේක. ජාකොබ් නින්දෙන් අවදි ව, “සැබැවින් ම සමිඳාණන් වහන්සේ මෙම ස්ථානයෙහි වැඩ සිටින සේක. එහෙත් මම එය නොදැන සිටියෙමි”යි කී ය. ඔහු බිය වී, “මේ ස්ථානය කෙතරම් බියකරු ද? මෙය අනෙකක් නොව දෙවියන් වහන්සේගේ ගෘහයකි; මෙය ස්වර්ගයේ දොරටුව ය”යි පැවසී ය. ජාකොබ් අලුයම නැඟිට, තම හිසට තැබූ ගල ගෙන, සිහිවටනයක් කොට එය සිටුවා, එහි මුදුනේ තෙල් වත් කෙළේ ය. තවද, ඔහු ඒ ස්ථානයට දෙවියන් වහන්සේගේ ගෘහය යන අර්ථය ඇති බෙතෙල් යයි නම් කෙළේ ය. එහෙත් ඒ නගරයට ඊට කලින් තිබූ නම ලූස් ය.
උත්පත්ති 28:10-19 Sinhala New Revised Version 2018 (SNRV)

උත්පත්ති 28:10-19 New International Version (NIV)
Jacob left Beersheba and set out for Harran. When he reached a certain place, he stopped for the night because the sun had set. Taking one of the stones there, he put it under his head and lay down to sleep. He had a dream in which he saw a stairway resting on the earth, with its top reaching to heaven, and the angels of God were ascending and descending on it. There above it stood the LORD, and he said: “I am the LORD, the God of your father Abraham and the God of Isaac. I will give you and your descendants the land on which you are lying. Your descendants will be like the dust of the earth, and you will spread out to the west and to the east, to the north and to the south. All peoples on earth will be blessed through you and your offspring. I am with you and will watch over you wherever you go, and I will bring you back to this land. I will not leave you until I have done what I have promised you.” When Jacob awoke from his sleep, he thought, “Surely the LORD is in this place, and I was not aware of it.” He was afraid and said, “How awesome is this place! This is none other than the house of God; this is the gate of heaven.” Early the next morning Jacob took the stone he had placed under his head and set it up as a pillar and poured oil on top of it. He called that place Bethel, though the city used to be called Luz.