උත්පත්ති 27:30-46 - Compare All Versions

උත්පත්ති 27:30-46 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඊසාක්, යාකොබ්ට ආශිර්වාද කර නිම වූ විගස, යාකොබ් තම පියා වූ ඊසාක් ඉදිරියෙන් පිටතට ගිය විට ම දඩයමේ ගිය ඒසව් ගෙට ඇතුළු විය. ඔහු ද රසවත් කෑමක් පිළියෙල කර තම පියා වෙත ගෙනාවේ ය. ඉන් අනතුරුව තම පියා ඇමතූ හේ, “මගේ පියාණෙනි, ඔබේ ආශිර්වාදය මට දෙන පිණිස, දැන් නැගිට හිඳ, ඔබේ පුතාගේ දඩමස් රහ බලන්නැ” යි කීවේ ය. එවිට, “නුඹ කවුරු දැ?” යි ඔහුගේ පිය වූ ඊසාක් ඇසී ය. “මම ඔබේ පුතා, ඔබේ කුලුඳුලා, ඒසව්” යයි ඔහු උත්තර දුන්නේ ය. එවිට ඊසාක් දැඩි සේ වෙවුලී ය. “එහෙනම් කවුරු ද දඩමස් දඩයම් කර මට ගෙනාවේ? නුඹ එන්නට මදකට කලින් මා ඒවා අනුභව කර, ඔහුට ආශිර්වාද කළා. සැබවින් ම ඔහු ආශිර්වාද ලබන්නේ යැ” යි පැවසී ය. තම පියාගේ එවදන් ඇසූ ඒසව්, මහ හඬින් විලාප නගමින්, “මටත්, අනේ මටත් ආශිර්වාද කරන්න මගේ පියාණෙනි” යි හඬා වැටුණේ ය. එහෙත් ඔහු කතා කරමින්, “ඔබේ සහෝදරයා ප්‍රයෝගයෙන් අවුත්, ඔබේ ආශිර්වාදය අරගත්තා” යි කීවේ ය. එවිට ඒසව් කතා කරමින්, “යාකොබ් යන නම ඔහුට ගැළපෙනවා නො වේ ද? මට හිමි තැන ඔහු ප්‍රයෝගයෙන් අල්ලා ගත් දෙවන වතාවයි මේ. මගේ ජන්ම උරුමය ඔහු පැහැර ගත්තා; මෙන්න දැන්, මගේ ආශිර්වාදයත් පැහැරගෙන” යි කීවේ ය. ඔහු යළි කතා කරමින්, “මටත් යම් ආශිර්වාදයක් ඔබ ඉතිරි කර ගත්තේ නැද්දැ” යි ඇසී ය. ඊසාක්, ඒසව්ට පිළිතුරු දෙමින්, “මම ඔහු නුඹේ ස්වාමියා කළෙමි. ඔහුගේ නෑසිය-සෝයුරු සියල්ලන් ඔහුට සේවකයින් කොට දුනිමි. ධාන්‍ය හා අලුත් මිදි යුෂ මම ඔහුට සැපයීමි. එබැවින් කුමක් ද ඔබ වෙනුවෙන් මට කළ හැක්කේ මා පුතුනි?” යි කී ය. ඒසව් තම පියා අමතමින්, “ඔබට ඇත්තේ එක් ආශිර්වාදයක් පමණ ද මගේ පියාණෙනි? මටත්, අනේ මටත් ආශිර්වාද කරන්න මගේ පියාණෙනි” යි ඉල්ලී ය. ඉන්පසු ඒසව් හඬ නගා වැලපුණේ ය. එවිට ඔහුගේ පිය වූ ඊසාක් පිළිතුරු දෙමින්, “ඔන්න! ඔබගේ වාසස්ථානය, පොළොවේ සාරත්වයෙන් දුරු වන්නේ ය; ඉහළ අහසේ පින්නෙන් ද දුරු වන්නේ ය. ඔබ ජීවත් වනු ඇත්තේ කඩුවේ පිහිටෙනි. ඔබේ සහෝදරයාට ඔබ මෙහෙ කරනු ඇත. එහෙත් ඔබේ නො ඉවසිල්ල වැඩුණු කල, ඔබේ කරින් ඔබ ඔහුගේ වියගහ ගසා දමනු ඇතැ” යි කීවේ ය. ඔහුගේ පියා යාකොබ්ට දී තිබූ ආශිර්වාදය නිසා, ඒසව්, යාකොබ්ට එරෙහිව වෛර බැන්දේ ය. එබැවින් ඔහු, “මගේ පියා ගැන වැලපෙන දවස් අත ළඟයි. ඉන්පසු මා මගේ සහෝදර යාකොබ් මරා දමනවා” යි තමාට ම කියා ගත්තේ ය. තම වැඩිමල් පුත් ඒසව් පැවසූ වදන් රෙබෙකාට දන්වන ලදින්, ඈ තම බාල පුත් යාකොබ් කැඳවා යැව්වා ය. ඈ ඔහු අමතමින්, “අන්න! ඔබේ සහෝදර ඒසව් ඔබ මරා දමන්නට අර අඳිමින් සිත සනසා ගනී. එබැවින් මා පුත, මා කියන දේ අහන්න. වහාම, හාරාන්හි මගේ සහෝදර ලාබාන් වෙත පලා යන්න. ඔබේ සහෝදරයාගේ ක්‍රෝධය පහ වී යන තෙක්, මද කලක් ඔහු සමඟ සිටින්න. ඔබට එරෙහි ඔබේ සහෝදරයාගේ තරහ නිවී, ඔබ ඔහුට කළ දෑ ඔහුට අමතක වූවාම, ආපසු එන්නට මා ඔබට දන්වන්නම්. නුඹලා දෙන්නා එක ම දවසක මා අහිමි කර ගන්නේ කුමට දැ?” යි කීවා ය. රෙබෙකා ඉන්පසු ඊසාක්ට කතා කොට, “හිත්තීය ස්ත්‍රීන් නිසා මට ජීවිතය එපා වෙලා. යාකොබ් මේ දේශයේ ස්ත්‍රීන් අතුරින්, මේ වගේ හිත්තීය ස්ත්‍රීන්ගෙන් බිරිඳක් ගතහොත් මට ජීවත් වී පලක් නැහැ” යි කීවා ය.

බෙදාගන්න
උත්පත්ති 27 SCV

උත්පත්ති 27:30-46 SROV (Sinhala Revised Old Version)

ඊසාක් යාකොබ්ට ආශීර්වාදකොට නිමවූ කෙණෙහිම, යාකොබ් තමාගේ පියවූ ඊසාක් ඉදිරියෙන් පිටතට යන කොටම, ඔහුගේ සහෝදරවූ ඒසව් තමාගේ දඩයමින් හැරී ආයේය. ඔහුත් රසවත් ආහාර සාදා තමාගේ පියා වෙතට ගෙනැවිත්: ඔබගේ ආත්මය මට ආශීර්වාදකරන පිණිස මාගේ පියාණන් නැගිට තමන් පුත්‍රයාගේ මුව මස් කැව මැනවයි තම පියාට කීය. එවිට ඔහුගේ පියවූ ඊසාක්: නුඹ කවරෙක්දැයි ඔහුට කීය. මම ඔබගේ කුලුඳුල් පුත්‍රවූ ඒසව්යයි ඔහු කීය. එවිට ඊසාක් අතිශයින් වෙවුලා කථාකොට: එසේ වීනම් දඩයම්කර මුව මස් මා ළඟට ගෙනාවේ කවුද? මම නුඹ එන්ට ප්‍රථමයෙන් සියල්ලෙන්ම කා ඔහුට ආශීර්වාදකෙළෙමි; එසේය, ඔහු ආශීර්වාද ලබන්නේයයි කීය. තම පියාගේ බස් ඇසූ කල ඒසව් ඉතා මහත්වූ දුක්ඛිතවූ මොරගැසීමකින් කෑගසා: මාගේ පියාණෙනි, මටත්, අනේ මටත් ආශීර්වාදකළ මැනවයි තම පියාට කීය. ඔහු: නුඹේ සහෝදරයා රැවටිල්ලෙන් අවුත් නුඹේ ආශීර්වාදය හැරගත්තේයයි කීය. එවිට ඒසව්: යාකොබ් යන නම ඔහුට තබා තිබෙනවා සුදුසු නොවේද? මක්නිසාද ඔහු මේ දෙවතාවක්ම මට ලැබෙන්ට තිබුණු දේ පැහැරගත්තේය. ඔහු මාගේ කුලුඳුල්කම ගත්තේය; මෙන්න, දැන් මාගේ ආශීර්වාදයත් ගත්තේයයි කීය. එවිට ඔහු: ඔබ මටත් ආශීර්වාදයක් ඉතුරු නොකෙළෙහිදැයි ඇසීය. ඊසාක් උත්තරදෙමින්: බලව, මම ඔහු නුඹේ ස්වාමියා කෙළෙමි, ඔහුගේ සියලු සහෝදරයන් මෙහෙකරුවන්කොට ඔහුට දුනිමි; ධාන්‍යයෙන් සහ මිදියුසින් ඔහු පෝෂණයකෙළෙමි. ඉතින් මාගේ පුත්‍රය, නුඹට කුමක් කෙරෙම්දැයි ඒසව්ට කීවේය. ඒසව්ද: මාගේ පියාණෙනි, ඔබට ඇත්තේ එක ආශීර්වාදයක් පමණක්ද? මාගේ පියාණෙනි, මටත්, අනේ මටත් ආශීර්වාදකළ මැනවැයි තමාගේ පියාට කියා ශබ්දනගා හැඬීය. එවිට ඔහුගේ පියවූ ඊසාක් උත්තරදෙමින්: බලව, නුඹේ වාසස්ථානය පොළොවේ සාරත්වයෙන්ද ඉහළින් පැමිණෙන අහස් පින්නෙන්ද යුක්ත වන්නේය; නුඹේ කඩුව කරණකොටගෙන ජීවත්වන්නෙහිය, නුඹේ සහෝදරයාට මෙහෙකරන්නෙහිය; තවද නුඹ නිදහසට පැමුණුණාම ඔහුගේ වියගහ නුඹේ බෙල්ලෙන් ගසා දමන්නෙහියයි ඔහුට කීවේය. ඒසව් තමාගේ පියා යාකොබ්ට කළ ආශීර්වාදය නිසා යාකොබ් කෙරේ වෛර බැන්දේය. මාගේ පියාණන් ගැන වැලපෙන දවස් ආසන්නය; එකල්හි මාගේ සහෝදරවූ යාකොබ් මරන්නෙමියි ඒසව් තමාගේ සිත තුළ කියාගත්තේය. තමාගේ වැඩිමල් පුත්‍රවූ ඒසව්ගේ වචන රෙබෙකාට දන්වනලද්දේය; ඈ තමාගේ බාල පුත්‍රවූ යාකොබ් කැඳවා: බලව, නුඹේ සහෝදරවූ ඒසව් නුඹ නසන්ට සිතාගන නුඹ ගැන තමාම සනසාගනියි. එහෙයින් මාගේ පුත්‍රය, නුඹ මාගේ හඬට ඇහුම්කන්දී පිටත්ව මාගේ සහෝදරවූ ලාබන් වෙතට හාරාන්ට පලායන්න; නුඹේ සහෝදරයාගේ කෝපය පහවෙන තුරු, නුඹේ සහෝදරයාගේ තරහ නුඹ කෙරෙන් පහවී නුඹ ඔහුට කළ දේ සිහිනැති වෙනකල්, ස්වල්ප දිනක් එහි සිටින්න. එවිට මම එතැනින් නුඹ ගෙන්වාගන්නෙමි. එක දවසේ නුඹලා දෙදෙනාම මට නැතිවෙන්නේ මක්නිසාදැයි කීවාය. රෙබෙකා ඊසාක්ට කථාකොට: හෙත්ගේ දූවරුන් නිසා මාගේ ජීවිතය මට එපාවී තිබේ. යාකොබ් මේ දේශයේ දූවරුන් වූ හෙත්ගේ දූවරුන්ගෙන් මෙබඳු භාර්යාවක් පාවාගන්නේ නම් මාගේ ජීවිතය මට කුමට දැයි කීවාය.

බෙදාගන්න
උත්පත්ති 27 SROV

උත්පත්ති 27:30-46 NRSV (Sinhala New Revised Version)

ඊසාක් ජාකොබ්ට ආශීර්වාද දී නිමවා, ඔහු තම පියා වෙතින් යද්දී ම ඔහු සොහොයුරු වන ඒසව් දඩයමෙන් හැරී ඇවිත් ගෙට ඇතුළු විය. ඔහු රස මුසු ආහාරයක් පිළියෙළ කොට, පියා වෙත ගෙනැවිත්, ඔහුට කතා කරමින්, “තාත්තේ, නැඟිට, මට ආශීර්වාද කරනු පිණිස ඔබ පුතු ගෙනා මුව මස් අනුභව කරන්නැ”යි ඉල්ලී ය. එවිට තම පියා වූ ඊසාක් ඔහුට කතා කරමින්, “නුඹ කවරෙක් දැ”යි ඇසූ විට, “මම ඔබේ කුලුඳුල් පුත් ඒසව් යැ”යි ඔහු උත්තර දුනි. ඊසාක් ද තදින් තැති ගෙන, ගැහි ගැහී, “එසේ නම් දඩයම් කර මුව මස් මා වෙත ගෙනාවේ කවරෙක් ද? නුඹ එන්න පෙර මම ඒ සියල්ලෙන් අනුභව කොට ඔහුට ආශීර්වාද කෙළෙමි. සැබැවින් ම ඒ ආශීර්වාදය ඔහු සමඟ පවතින්නේ යැ”යි කී ය. පියාගේ මේ වචන ඇසූ විට ඒසව් ඉතා දැඩි සිත් වේදනාවෙන් කෑගසා, හඬා වැලපී, පියාට කතා කොට, “අනේ මගේ තාත්තේ, මට ආශීර්වාද කරන්න, මටත් ආශීර්වාද කරන්නැ”යි කියා ඉල්ලී ය. පියා ද උත්තර දෙමින්, “කූට උපායකින් නුඹේ සහෝදරයා පැමිණ නුඹේ ආශීර්වාදය උදුරාගත්තේ ය”යි කී ය. එවිට ඒසව්, “ඔහු දෙවරක් ම මට ලැබිය යුතු දේ උදුරාගත්තේ ඔහුගේ නම ජාකොබ් නිසා වෙන්න ඇත. ඔහු කලින් මාගේ කුලුඳුල්කමේ උරුමය ගත්තේ ය. මෙන්න, දැන් මාගේ ආශීර්වාදයත් උදුරාගත්තේ ය. ඔබ මටත් ආශීර්වාදයක් ඉතිරි කර නැද්දැ”යි ඇසී ය. ඊසාක් ද පිළිතුරු දෙමින් ඔහුට කියනුයේ, “බලන්න, මම ජාකොබ් නුඹේ අධිපතියා කෙළෙමි, ඔහුගේ සියලු සහෝදරයන් සේවකයන් කොට මම ඔහුට දුනිමි. ධාන්‍යයෙන් හා මිදියුසින් මම ඔහු සමෘද්ධ කෙළෙමි. මා පුත්‍රය, දැන් මා නුඹට කුමක් කරන්න දැ”යි ඇසී ය. ඒසව් ද ඔහුට පිළිතුරු දෙමින්, “තාත්තේ, ඔබට ඇත්තේ එක ම ආශීර්වාදයක් පමණක් ද? අනේ තාත්තේ, මටත්, මේ මටත්, ආශීර්වාද කරන්නැ”යි ඉල්ලා, මහ හඬින් කෑගසා හැඬී ය. එවිට ඔහුගේ පියා වන ඊසාක් උත්තර දෙමින් මෙසේ කීවේ ය: “මේ බලන්න, පොළොවේ පලදාව ද, අහසේ පිනි ද නුඹේ ගෙවතුවලින් තොර වේ. කඩුවෙන් නුඹ ජීවත් වන්නෙහි ය. සොහොයුරු හට මෙහෙ කරන්නෙහි ය. එහෙත් නුඹ ඔහු යටත් කළ විට ඔහුගේ වියගස නුඹේ කරින් ගසාදමනු ඇත.” තම පියා ජාකොබ්ට දුන් ආශීර්වාදය නිසා ඒසව් ජාකොබ්ට වෛර බැන්දේ ය. “මාගේ පියාණන් ගැන වැලපෙන දවස් දැන් ආසන්න ය. එවිට මම මාගේ සොහොයුරු ජාකොබ් මරන්නෙමි”යි ඔහු තමාට ම කියාගත්තේ ය. දෙටු පුත් ඒසව්ගේ මේ වචන රෙබෙකාට දන්වන ලදින් ඈ පණිවුයක් යවා, තම බාල පුත් ජාකොබ් කැඳවා, “මෙන්න, නුඹේ සොහොයුරු ඒසව් නුඹ මරා, නුඹෙන් පළිගන්න අදහස් කරයි. එබැවින් දැන් ඉතින් පුතේ, නැඟිට හාරාන්හි මාගේ සහෝදර ලාබන් වෙත පලායන්න, පලාගොස්, නුඹ සොහොයුරුගේ දරුණු කෝපය පහ වී, ඔහුගේ කෝපාග්නිය නිවී, නුඹ ඔහුට කළ දේ අමතක වන තුරු මාගේ සහෝදරයා සමඟ ටික කලක් නවතින්න. පසුව මම නුඹට පණිවුඩයක් එවා, එහෙන් නුඹ ගෙන්වාගන්නෙමි. එක දවසේ ම මා නුඹලා දෙදෙනා ම නැති කරගන්නේ කුමට දැ”යි කීවා ය. රෙබෙකා ඊසාක්ට කතා කොට, “හෙත්ගේ දූවරුන් නිසා මට ජීවිතය එපා වී තිබේ. ජාකොබ් ද මේ රටේ ස්ත්‍රීන් වැනි, හෙත්ගේ දූවරුන්ගෙන් කාන්තාවක සරණ පාවාගත්තොත් මට මාගේ ජීවිතයෙන් මොන වැඩක්දැ”යි කීවා ය.

බෙදාගන්න
උත්පත්ති 27 NRSV

උත්පත්ති 27:30-46 SNRV (Sinhala New Revised Version 2018)

ඊසාක් ජාකොබ්ට ආශීර්වාද දී නිමවා, ඔහු තම පියා වෙතින් යද්දී ම ඔහු සොහොයුරු වන ඒසව් දඩයමෙන් හැරී ඇවිත් ගෙට ඇතුළු විය. ඔහු රස මුසු ආහාරයක් පිළියෙළ කොට, පියා වෙත ගෙනැවිත්, ඔහුට කතා කරමින්, “තාත්තේ, නැඟිට, මට ආශීර්වාද කරනු පිණිස ඔබ පුතු ගෙනා මුව මස් අනුභව කරන්නැ”යි ඉල්ලී ය. එවිට තම පියා වූ ඊසාක් ඔහුට කතා කරමින්, “නුඹ කවරෙක් දැ”යි ඇසූ විට, “මම ඔබේ කුලුඳුල් පුත් ඒසව් යැ”යි ඔහු උත්තර දුනි. ඊසාක් ද තදින් තැති ගෙන, ගැහි ගැහී, “එසේ නම් දඩයම් කර මුව මස් මා වෙත ගෙනාවේ කවරෙක් ද? නුඹ එන්න පෙර මම ඒ සියල්ලෙන් අනුභව කොට ඔහුට ආශීර්වාද කෙළෙමි. සැබැවින් ම ඒ ආශීර්වාදය ඔහු සමඟ පවතින්නේ යැ”යි කී ය. පියාගේ මේ වචන ඇසූ විට ඒසව් ඉතා දැඩි සිත් වේදනාවෙන් කෑගසා, හඬා වැලපී, පියාට කතා කොට, “අනේ මගේ තාත්තේ, මට ආශීර්වාද කරන්න, මටත් ආශීර්වාද කරන්නැ”යි කියා ඉල්ලී ය. පියා ද උත්තර දෙමින්, “කූට උපායකින් නුඹේ සහෝදරයා පැමිණ නුඹේ ආශීර්වාදය උදුරාගත්තේ ය”යි කී ය. එවිට ඒසව්, “ඔහු දෙවරක් ම මට ලැබිය යුතු දේ උදුරාගත්තේ ඔහුගේ නම ජාකොබ් නිසා වෙන්න ඇත. ඔහු කලින් මාගේ කුලුඳුල්කමේ උරුමය ගත්තේ ය. මෙන්න, දැන් මාගේ ආශීර්වාදයත් උදුරාගත්තේ ය. ඔබ මටත් ආශීර්වාදයක් ඉතිරි කර නැද්දැ”යි ඇසී ය. ඊසාක් ද පිළිතුරු දෙමින් ඔහුට කියනුයේ, “බලන්න, මම ජාකොබ් නුඹේ අධිපතියා කෙළෙමි, ඔහුගේ සියලු සහෝදරයන් සේවකයන් කොට මම ඔහුට දුනිමි. ධාන්‍යයෙන් හා මිදියුසින් මම ඔහු සමෘද්ධ කෙළෙමි. මා පුත්‍රය, දැන් මා නුඹට කුමක් කරන්න දැ”යි ඇසී ය. ඒසව් ද ඔහුට පිළිතුරු දෙමින්, “තාත්තේ, ඔබට ඇත්තේ එක ම ආශීර්වාදයක් පමණක් ද? අනේ තාත්තේ, මටත්, මේ මටත්, ආශීර්වාද කරන්නැ”යි ඉල්ලා, මහ හඬින් කෑගසා හැඬී ය. එවිට ඔහුගේ පියා වන ඊසාක් උත්තර දෙමින් මෙසේ කීවේ ය: “මේ බලන්න, පොළොවේ පලදාව ද, අහසේ පිනි ද නුඹේ ගෙවතුවලින් තොර වේ. කඩුවෙන් නුඹ ජීවත් වන්නෙහි ය. සොහොයුරු හට මෙහෙ කරන්නෙහි ය. එහෙත් නුඹ ඔහු යටත් කළ විට ඔහුගේ වියගස නුඹේ කරින් ගසාදමනු ඇත.” තම පියා ජාකොබ්ට දුන් ආශීර්වාදය නිසා ඒසව් ජාකොබ්ට වෛර බැන්දේ ය. “මාගේ පියාණන් ගැන වැලපෙන දවස් දැන් ආසන්න ය. එවිට මම මාගේ සොහොයුරු ජාකොබ් මරන්නෙමි”යි ඔහු තමාට ම කියාගත්තේ ය. දෙටු පුත් ඒසව්ගේ මේ වචන රෙබෙකාට දන්වන ලදින් ඈ පණිවුඩයක් යවා, තම බාල පුත් ජාකොබ් කැඳවා, “මෙන්න, නුඹේ සොහොයුරු ඒසව් නුඹ මරා, නුඹෙන් පළිගන්න අදහස් කරයි. එබැවින් දැන් ඉතින් පුතේ, නැඟිට හාරාන්හි මාගේ සහෝදර ලාබන් වෙත පලායන්න, පලාගොස්, නුඹ සොහොයුරුගේ දරුණු කෝපය පහ වී, ඔහුගේ කෝපාග්නිය නිවී, නුඹ ඔහුට කළ දේ අමතක වන තුරු මාගේ සහෝදරයා සමඟ ටික කලක් නවතින්න. පසුව මම නුඹට පණිවුඩයක් එවා, එහෙන් නුඹ ගෙන්වාගන්නෙමි. එක දවසේ ම මා නුඹලා දෙදෙනා ම නැති කරගන්නේ කුමට දැ”යි කීවා ය. රෙබෙකා ඊසාක්ට කතා කොට, “හෙත්ගේ දූවරුන් නිසා මට ජීවිතය එපා වී තිබේ. ජාකොබ් ද මේ රටේ ස්ත්‍රීන් වැනි, හෙත්ගේ දූවරුන්ගෙන් කාන්තාවක සරණ පාවාගත්තොත් මට මාගේ ජීවිතයෙන් මොන වැඩක්දැ”යි කීවා ය.

බෙදාගන්න
උත්පත්ති 27 SNRV

උත්පත්ති 27:30-46 NIV (New International Version)

After Isaac finished blessing him, and Jacob had scarcely left his father’s presence, his brother Esau came in from hunting. He too prepared some tasty food and brought it to his father. Then he said to him, “My father, please sit up and eat some of my game, so that you may give me your blessing.” His father Isaac asked him, “Who are you?” “I am your son,” he answered, “your firstborn, Esau.” Isaac trembled violently and said, “Who was it, then, that hunted game and brought it to me? I ate it just before you came and I blessed him—and indeed he will be blessed!” When Esau heard his father’s words, he burst out with a loud and bitter cry and said to his father, “Bless me—me too, my father!” But he said, “Your brother came deceitfully and took your blessing.” Esau said, “Isn’t he rightly named Jacob? This is the second time he has taken advantage of me: He took my birthright, and now he’s taken my blessing!” Then he asked, “Haven’t you reserved any blessing for me?” Isaac answered Esau, “I have made him lord over you and have made all his relatives his servants, and I have sustained him with grain and new wine. So what can I possibly do for you, my son?” Esau said to his father, “Do you have only one blessing, my father? Bless me too, my father!” Then Esau wept aloud. His father Isaac answered him, “Your dwelling will be away from the earth’s richness, away from the dew of heaven above. You will live by the sword and you will serve your brother. But when you grow restless, you will throw his yoke from off your neck.” Esau held a grudge against Jacob because of the blessing his father had given him. He said to himself, “The days of mourning for my father are near; then I will kill my brother Jacob.” When Rebekah was told what her older son Esau had said, she sent for her younger son Jacob and said to him, “Your brother Esau is planning to avenge himself by killing you. Now then, my son, do what I say: Flee at once to my brother Laban in Harran. Stay with him for a while until your brother’s fury subsides. When your brother is no longer angry with you and forgets what you did to him, I’ll send word for you to come back from there. Why should I lose both of you in one day?” Then Rebekah said to Isaac, “I’m disgusted with living because of these Hittite women. If Jacob takes a wife from among the women of this land, from Hittite women like these, my life will not be worth living.”

බෙදාගන්න
උත්පත්ති 27 NIV