උත්පත්ති 26:17-25

උත්පත්ති 26:17-25 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එබැවින් ඊසාක් එතැනින් පිටත් ව, ගෙරාර් මිටියාවතේ කඳවුරු ගසා, එහි පදිංචි විය. තම පියා වූ ආබ්‍රහම්ගේ කාලයේ හාරන ලදුව, ආබ්‍රහම්ගේ මරණින් පසු පිලිස්තිවරුන් විසින් වසා දමා තිබූ ළිං, ඊසාක් යළි කැණැවී ය. ඔහුගේ පියා ඒවාට දී තිබූ නම්වලින් ම ඔහු ඒවා හැඳින් වී ය. ඊසාක්ගේ සේවකයෝ මිටියාවතේ කැණීම් කර, නැවුම් වතුර ඇති ළිඳක් සොයා ගත්හ. එහෙත් ගෙරාර්හි එඬේරු, “මේ වතුර අපේ” කියමින් ඊසාක්ගේ එඬේරුන් සමඟ දබර කළහ. ඒ මිනිසුන් තමා හා දබර කළ බැවින්, ඊසාක් ඒ ළිඳට, “ඒසෙක්” යයි නම් තැබී ය. ඉන්පසු ඔවුහු තවත් ළිඳක් හෑරූහ. ඔවුහු ඒ ගැන ද දබර කළහ. එබැවින් ඔහු එයට, “සිට්නා” යන නම තැබී ය. එතැනින් නික්ම ගිය ඔහු තවත් ළිඳක් කැණී ය. කිසිවකුත් ඒ ගැන දබර කළේ නැත. එබැවින්, “ස්වාමින්වහන්සේ දැං අපට ඉඩ සලසා දුන් බැවින්, අපි දේශයේ සඵල වන්නෙමු” යි පැවසූ ඔහු, “රෙහොබොත්” යැයි ඊට නම් තැබී ය. ඔහු එතැනින් බෙයර්ෂෙබා දක්වා නැග ගියේ ය. ඒ රාත්‍රියේ ස්වාමින්වහන්සේ ඔහුට පෙනුණු සේක්, “ඔබේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ මම ය. භය නො වන්න; මන්ද මම ඔබ සමඟ සිටිමි. මගේ සේවක ආබ්‍රහම් උදෙසා මම ඔබට ආශිර්වාද කර, ඔබගේ වංශය ගණනින් වර්ධන කරන්නෙමි” යි පැවසූ සේක. ඊසාක් පූජාසනයක් එහි ඉදිකර, ස්වාමින්වහන්සේගේ නාමයට යාච්ඤා කර, තම කූඩාරම එහි පිහිටුවී ය. එහිදී ඊසාක්ගේ සේවකයෝ ළිඳක් හෑරූහ.

උත්පත්ති 26:17-25 Sinhala Revised Old Version (SROV)

ඊසාක් එයින් පිටත්ව ගොස් ගෙරාර් නම් මිටියාවතෙහි කඳවුර පිහිටුවා එහි වාසයකෙළේය. තවද තම පියවූ ආබ්‍රහම්ගේ දවස්වලදී හාරනලද්දාවූ, ආබ්‍රහම්ගේ මරණයෙන් පසු පිලිස්තිවරුන් විසින් වසාදමා තිබුණාවූ වතුර ඇති ළින් ඊසාක් නැවත හාරා තමාගේ පියා තබා තිබුණාවූ නාම ඒ ළින්වලට තැබුවේය. ඊසාක්ගේ වැඩකාරයෝ මිටියාවතෙහි හාරා එහි දිය උල්පත් ඇති ළිඳක් ලබාගත්තෝය. එහෙත් ගෙරාර්හි එඬේරු: මේ වතුර අපගේය කියමින් ඊසාක්ගේ එඬේරුන් සමඟ විවාදකළෝය. ඔවුන් ඔහු හා සමඟ විවාදකළ බැවින් ඔහු ඒ ළිඳට ඒසෙක් යන නම තැබීය. එවිට ඔව්හු වෙන ළිඳක් හෑරුවෝය, ඔවුන් ඒ ගැනත් විවාදකළ බැවින් ඔහු ඊට සිත්නායයි නම තැබීය. ඔහු එතනින් ගොස් වෙන ළිඳක් හෑරුවේය; ඒ ගැන ඔව්හු විවාදනොකළෝය. ඔහු ඊට රෙහොබොත්යයි නම තැබීය; කුමක්හෙයින්ද: ඉතින් ස්වාමීන්වහන්සේ අපට අවකාශ දුන් බැවින් අපි දේශයෙහි සඵලවන්නෙමුයයි ඔහු කීවේය. ඔහු එයින් බෙයර්-ෂෙබාට ගියේය. එම රාත්‍රියෙහි ස්වාමීන්වහන්සේ ඔහුට පෙනී: මම නුඹේ පියවූ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය. භයනොවන්න, මක්නිසාද නුඹ සමඟ සිටිමි, මම නුඹට ආශීර්වාදකර මාගේ මෙහෙකරුවූ ආබ්‍රහම් නිසා නුඹේ වංශය වැඩිකරන්නෙමියි කීසේක. ඔහු එහි පූජාසනයක් ගොඩනගා ස්වාමීන්වහන්සේ ගේ නාමය කියා යාච්ඤාකෙළේය, ඔහු එහි තමාගේ කූඩාරම පිහිටෙවුවේය. තවද ඊසාක්ගේ වැඩකාරයෝ එහි ළිඳක් හෑරුවෝය.

උත්පත්ති 26:17-25 Sinhala New Revised Version (NRSV)

ඊසාක් ද එතැනින් නික්ම, ගෙරාර්හි මිටියාවතෙහි තම කඳවුර පිහිටුවා, එහි පදිංචි විය. ආබ්‍රහම්ගේ මරණින් පසු, පිලිස්තිවරුන් ළිං සියල්ල වසාදමා තැබු හෙයින්, ඔහුගේ පියාගේ කාලයෙහි කණින ලද වතුර ළිං ඊසාක් නැවත කැණී ය. තවද, තම පියා දුන් නම්වලින් ම ඔහු ඒ ළිං හැඳින් වී ය. ඊසාක්ගේ මෙහෙකරුවන් මිටියාවතේ ළිං කණින විට ඔවුන්ට එහි දිය උල්පත් සහිත ළිඳක් සම්බ විය. එහෙත් ගෙරාර්හි ගොපල්ලෝ, “මේ වතුර අපගේ ය” කියමින් ඊසාක්ගේ ගොපලුන් සමඟ කලහ කළහ. ඔවුන් ඔහු සමඟ මෙලෙස කලහ කළ බැවින් ඒ ළිඳට ‘ඒසෙක්’ යන නම ඔහු දුනි. ඔවුන් තවත් ළිඳක් කැණූ විට ගෙරාර්හි ගොපල්ලෝ ඒ ගැන ද කලහ කළහ. එබැවින් ඊට ‘සිත්නා’යි නම දුනි. ඊසාක් ඉන්පසු එතැනින් නික්ම ගොස්, තවත් ළිඳක් කැණී ය. එහෙත් ඒ ගැන ඔවුන් කලහ නොකළ බැවින් එය ‘රෙහොබොත්’ යන නමින් හැඳින්විය. ළිඳ මෙසේ හඳුන්වා, “දැන් ඉතින් සමිඳාණන් වහන්සේ අපට මේ රටෙහි ඉඩ කඩ දුන් සේක. අපි මේ රටෙහි සමෘද්ධ වන්නෙමු”යි කී ය. පසුව ඔහු එතැනින් පිටත් ව, බෙයර්-ෂෙබාවට ගියේය. එම රාත්‍රියහි ම සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී මෙසේ වදාළ සේක; “නුඹ පිය ආබ්‍රහම්ගේ දෙවිඳාණෝ මම ය. බිය නොවන්න. නුඹ සමඟ ද මම සිටිමි; නුඹට ආසිරි දෙමි. මාගේ දාසයා වන ආබ්‍රහම් නිසා, නුඹේ පෙළපත මම වැඩි වර්ධනය කරමි.” ඊසාක් ද එහි පූජාසනයක් ඉදි කොට, සමිඳාණන් වහන්සේගේ නාමය කියා යච්ඤා කෙළේ ය. තවද, එහි ඔහු තම කඳවුර පිහිටුවිය. එම ස්ථානයෙහි ද ඊසාක්ගේ මෙහෙකරුවෝ ළිඳක් කැණූ හ.

උත්පත්ති 26:17-25 Sinhala New Revised Version 2018 (SNRV)

ඊසාක් ද එතැනින් නික්ම, ගෙරාර්හි මිටියාවතෙහි තම කඳවුර පිහිටුවා, එහි පදිංචි විය. ආබ්‍රහම්ගේ මරණින් පසු, පිලිස්තිවරුන් ළිං සියල්ල වසාදමා තැබූ හෙයින්, ඔහුගේ පියාගේ කාලයෙහි කණින ලද වතුර ළිං ඊසාක් නැවත කැණී ය. තවද, තම පියා දුන් නම්වලින් ම ඔහු ඒ ළිං හැඳින් වී ය. ඊසාක්ගේ මෙහෙකරුවන් මිටියාවතේ ළිං කණින විට ඔවුන්ට එහි දිය උල්පත් සහිත ළිඳක් සම්බ විය. එහෙත් ගෙරාර්හි ගොපල්ලෝ, “මේ වතුර අපගේ ය” කියමින් ඊසාක්ගේ ගොපලුන් සමඟ කලහ කළහ. ඔවුන් ඔහු සමඟ මෙලෙස කලහ කළ බැවින් ඒ ළිඳට ‘ඒසෙක්’ යන නම ඔහු දුනි. ඔවුන් තවත් ළිඳක් කැණූ විට ගෙරාර්හි ගොපල්ලෝ ඒ ගැන ද කලහ කළහ. එබැවින් ඊට ‘සිත්නා’යි නම දුනි. ඊසාක් ඉන්පසු එතැනින් නික්ම ගොස්, තවත් ළිඳක් කැණී ය. එහෙත් ඒ ගැන ඔවුන් කලහ නොකළ බැවින් එය ‘රෙහොබොත්’ යන නමින් හැඳින්විය. ළිඳ මෙසේ හඳුන්වා, “දැන් ඉතින් සමිඳාණන් වහන්සේ අපට මේ රටෙහි ඉඩ කඩ දුන් සේක. අපි මේ රටෙහි සමෘද්ධ වන්නෙමු”යි කී ය. පසුව ඔහු එතැනින් පිටත් ව, බෙයර්-ෂෙබාවට ගියේය. එම රාත්‍රියහි ම සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී මෙසේ වදාළ සේක; “නුඹ පිය ආබ්‍රහම්ගේ දෙවිඳාණෝ මම ය. බිය නොවන්න. නුඹ සමඟ ද මම සිටිමි; නුඹට ආසිරි දෙමි. මාගේ දාසයා වන ආබ්‍රහම් නිසා, නුඹේ පෙළපත මම වැඩි වර්ධනය කරමි.” ඊසාක් ද එහි පූජාසනයක් ඉදි කොට, සමිඳාණන් වහන්සේගේ නාමය කියා යාච්ඤා කෙළේ ය. තවද, එහි ඔහු තම කඳවුර පිහිටුවිය. එම ස්ථානයෙහි ද ඊසාක්ගේ මෙහෙකරුවෝ ළිඳක් කැණූ හ.