උත්පත්ති 25:21-22
උත්පත්ති 25:21-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඇය වඳ ස්ත්රියක වූ බැවින්, ඊසාක් තම බිරිඳ උදෙසා ස්වාමින්වහන්සේට යාච්ඤා කළේ ය. ස්වාමින්වහන්සේ ඔහුගේ යාච්ඤාව ඇසූ නිසා, ඔහුගේ බිරිඳ රෙබෙකා ගැබ් ගත්තා ය. ළදරුවෝ ඇගේ කුස තුළ එකිනෙකා හා පොර අල්ලන්නට වූහ. “ඒ එසේ නම්, මට මෙසේ වන්නේ මන්දැ?” යි ඈ ඇසුවා ය. එබැවින් ඈ ස්වාමින්වහන්සේගෙන් විචාරන්නට ගියා ය.
උත්පත්ති 25:21-22 Sinhala Revised Old Version (SROV)
ඊසාක් තමාගේ භාර්යාව වඳ බැවින් ඈ උදෙසා ස්වාමීන්වහන්සේ ට කන්නලව් කෙළේය. ස්වාමීන්වහන්සේ ඔහුගේ කන්නලව්ව පිළිගත්සේක, ඔහුගේ භාර්යාවවූ රෙබෙකා ගර්භිණී වූවාය. දරුවෝද ඇගේ කුසෙහි එකට දැඟලුවෝය. එවිට ඈ: මෙහෙම නම් මම මක්නිසා ජීවත්වෙම්දැයි කීවාය. ඈ ස්වාමීන්වහන්සේ ගෙන් විචාරන පිණිස ගියාය.
උත්පත්ති 25:21-22 Sinhala New Revised Version (NRSV)
ඈ වඳ ස්ත්රියක වූයෙන්, ඔහු තම බිරිඳ උදෙසා බැගෑපත් ලෙස සමිඳාණන් වහන්සේ අයැදී ය. උන් වහන්සේ ඔහුගේ ඉල්ලීමට සවන් දුන් සේක. රෙබෙකා ගැබ්ගත්තා ය. ඇගේ කුසෙහි හුන් දරුවන් දඟලන්න ගත් විට, “තත්ත්වය මෙහෙම නම් මා ඉඳලා කුමකට දැ”යි කියමින්, ඕ සමිඳාණන් වහන්සේගෙන් විමසීමට ගියා ය.
උත්පත්ති 25:21-22 Sinhala New Revised Version 2018 (SNRV)
ඈ වඳ ස්ත්රියක වූයෙන්, ඔහු තම බිරිඳ උදෙසා බැගෑපත් ලෙස සමිඳාණන් වහන්සේ අයැදී ය. උන් වහන්සේ ඔහුගේ ඉල්ලීමට සවන් දුන් සේක. රෙබෙකා ගැබ්ගත්තා ය. ඇගේ කුසෙහි හුන් දරුවන් දඟලන්න ගත් විට, “තත්ත්වය මෙහෙම නම් මා ඉඳලා කුමකට දැ”යි කියමින්, ඕ සමිඳාණන් වහන්සේගෙන් විමසීමට ගියා ය.
උත්පත්ති 25:21-22 New International Version (NIV)
Isaac prayed to the LORD on behalf of his wife, because she was childless. The LORD answered his prayer, and his wife Rebekah became pregnant. The babies jostled each other within her, and she said, “Why is this happening to me?” So she went to inquire of the LORD.