උත්පත්ති 24:7
උත්පත්ති 24:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මගේ පියාගේ පවුලෙන් හා මා උපන් රටෙන් පිටතට මා ගෙන ආ, මා අමතා, ‘ඔබේ වංශයට මම මේ දේශය දෙන්නෙමි’ යි දිවුරුමකින් මට පොරොන්දු වූ ස්වර්ගයේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට පෙරටුව උන්වහන්සේගේ දූතයා යවන සේක. එවිට එහි සිට මගේ පුතුට බිරිඳක ගෙන එන්නට ඔබට හැකි වෙයි.
උත්පත්ති 24:7 Sinhala Revised Old Version (SROV)
මාගේ පියාණන්ගේ ගෙදරින්ද මා උපන් දේශයෙන්ද මා ගෙනාවාවූ, මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමියි කියා මට කීවාවූ මට දිවුළාවූ ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ම තමන් වහන්සේගේ දූතයා නුඹට පෙරටුව යවනසේක; නුඹ එතැනින් මාගේ පුත්රයාට භාර්යාවක් ගෙනෙන්නෙහිය.
උත්පත්ති 24:7 Sinhala New Revised Version (NRSV)
මාගේ පියාගේ ගෘහයෙන් ද මාගේ ඥාතීන්ගේ දේශයෙන් ද මා ගෙනා, මට දිවුරා වදාළ, ස්වර්ගයෙහි දෙවි සමිඳාණන් වහන්සේ, ‘මේ රට නුඹේ පෙළපතට දෙන්නෙමි. නුඹට පෙරටු ව උන් වහන්සේ සිය දූතයා යවන සේක. නුඹ ඒ රටින් මාගේ පුත්රයාට භාර්යාවක ගත යුතු ය’යි මට වදාළ සේක.
උත්පත්ති 24:7 Sinhala New Revised Version 2018 (SNRV)
මාගේ පියාගේ ගෘහයෙන් ද මාගේ ඥාතීන්ගේ දේශයෙන් ද මා ගෙනා, මට දිවුරා වදාළ, ස්වර්ගයෙහි දෙවි සමිඳාණන් වහන්සේ, ‘මේ රට නුඹේ පෙළපතට දෙන්නෙමි. නුඹට පෙරටු ව උන් වහන්සේ සිය දූතයා යවන සේක. නුඹ ඒ රටින් මාගේ පුත්රයාට භාර්යාවක ගත යුතු ය’යි මට වදාළ සේක.
උත්පත්ති 24:7 New International Version (NIV)
“The LORD, the God of heaven, who brought me out of my father’s household and my native land and who spoke to me and promised me on oath, saying, ‘To your offspring I will give this land’—he will send his angel before you so that you can get a wife for my son from there.