උත්පත්ති 24:34-35
උත්පත්ති 24:34-35 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට ඔහු කතා කරමින්, “මා ආබ්රහම්ගේ සේවකයායි. ස්වාමින්වහන්සේ මගේ ස්වාමියාට ඉමහත් ව ආශිර්වාද කර ඇති බැවින්, ඔහු දැන් ධනවත්; උන්වහන්සේ ඔහුට එළු බැටළු හා ගව රංචු ද රිදී හා රත්රන් ද දැසි දස්සන් ද ඔටුවන් හා බූරුවන් ද දී තියෙනවා.
උත්පත්ති 24:34-35 Sinhala Revised Old Version (SROV)
එවිට ඔහු: මම ආබ්රහම්ගේ මෙහෙකරු වෙමි. ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමියාට බොහෝසෙයින් ආශීර්වාදකළසේක; ඔහු උත්තමයෙක් වී සිටියි. උන්වහන්සේ ඔහුට එළු බැටළු රැළවල් සහ ගව රැළවල්ද රිදී සහ රත්රන්ද දාසයන් සහ දාසීන්ද ඔටුවන් සහ කොටළුවන්ද දී තිබේ.
උත්පත්ති 24:34-35 Sinhala New Revised Version (NRSV)
එවිට ඔහු මෙසේ කී ය: “මම ආබ්රහම්ගේ මෙහෙකරුවෙක්මි. සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියාට ඉමහත් ලෙස ආශීර්වාද කළ සේක. ඔහු දැන් ධනවෙතකි. උන් වහන්සේ ඔහුට එළු බැටළු පට්ටි ද ගව පට්ටි ද රන් රිදී ද දැසිදසුන් ද ඔටුවන් හා කොටළුවන් ද දී තිබේ.
උත්පත්ති 24:34-35 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට ඔහු මෙසේ කී ය: “මම ආබ්රහම්ගේ මෙහෙකරුවෙක්මි. සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියාට ඉමහත් ලෙස ආශීර්වාද කළ සේක. ඔහු දැන් ධනවතෙකි. උන් වහන්සේ ඔහුට එළු බැටළු පට්ටි ද ගව පට්ටි ද රන් රිදී ද දැසිදසුන් ද ඔටුවන් හා කොටළුවන් ද දී තිබේ.