උත්පත්ති 24:1-8
උත්පත්ති 24:1-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ආබ්‍රහම් මේ වන විට මහලු ව, බෙහෙවින් වියපත් ව සිටියේ ය. ස්වාමින්වහන්සේ හැම අයුරින් ම ඔහුට ආශිර්වාද කර තිබිණ. ආබ්‍රහම්, තමා සතු සියල්ලෙහි බාරකරු වූ තම ගෘහවාසී දෙටු සේවකයා අමතමින්, “ඔබේ අත මගේ කලවය යට තබා, ස්වර්ගයේ දෙවියන්වහන්සේ ද පොළොවේ දෙවියන්වහන්සේ ද වන ස්වාමින්වහන්සේගේ නාමයෙන් මා දැන් ඔබ දිවුරවන්නේ, දැන් මා වෙසෙන කානානිවරුන් අතරේ දූවරුන් වෙතින් ඔබ මගේ පුතුට බිරිඳක සොයා නො දෙන බවටත්, මා උපන් රටටත්, මගේ ම නෑසියන් වෙතටත් ගොස්, මගේ පුතු ඊසාක්ට බිරිඳක ගෙන දෙන බවටත් යැ” යි කීවේ ය. එවිට සේවකයා ඔහු අමතමින්, “ඒ කාන්තාව සමහර විට මා සමඟ මේ දේශයට එන්නට අකමැති වීමට පුළුවන. එසේ වුවහොත්, ඔබ පිට වී ආ දේශයට මා ඔබේ පුත්‍රයා ආපසු ගෙන යා යුතු දැ?” යි ඇසී ය. “මගේ පුත්‍රයා ආපසු එහි ගෙන නො යෑමට වග බලා ගන්නැ” යි පැවසූ ආබ්‍රහම්, “මගේ පියාගේ පවුලෙන් හා මා උපන් රටෙන් පිටතට මා ගෙන ආ, මා අමතා, ‘ඔබේ වංශයට මම මේ දේශය දෙන්නෙමි’ යි දිවුරුමකින් මට පොරොන්දු වූ ස්වර්ගයේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට පෙරටුව උන්වහන්සේගේ දූතයා යවන සේක. එවිට එහි සිට මගේ පුතුට බිරිඳක ගෙන එන්නට ඔබට හැකි වෙයි. එහෙත් ඔබ කැටිව ඒමට ඒ කාන්තාව අකමැති වුවහොත්, මගේ මෙම දිවිරිල්ලෙන් ඔබ නිදහස්: මගේ පුත්‍රයා ආපසු එහි ගෙන නො යා යුතු යැ” යි පැවසී ය.
උත්පත්ති 24:1-8 Sinhala Revised Old Version (SROV)
ආබ්‍රහම් මහලුව වයෝවෘද්ධව සිටියේය. ස්වාමීන්වහන්සේ සියල්ලෙහි ආබ්‍රහම්ට ආශීර්වාදකර තිබුණේය. ආබ්‍රහම්ද තමා සන්තක සියල්ලට මූලිකකම් කළාවූ තමාගේ ගෙදර වැඩිමහල් මෙහෙකරුවාට කථාකොට: මා වාසය කරන දේශයෙහි කානානිවරුන්ගේ දූවරුන්ගෙන් නුඹ මාගේ පුත්‍රයාට භාර්යාවක් නොගෙන මාගේම දේශයටද මාගේම නෑයන් වෙතටද ගොස් මාගේ පුත්‍රවූ ඊසාක්ට භාර්යාවක් ගන්නා හැටියට ස්වර්ගයේ දෙවියන්වහන්සේද පොළොවේ දෙවියන්වහන්සේද වූ ස්වාමීන්වහන්සේ ගැන මා විසින් නුඹ දිවුරවන පිණිස නුඹේ අත මාගේ කළවය යට තබන්නැයි කීයේය. එවිට මෙහෙකරුවා ඔහුට කථාකර: සමහරවිට ඒ ස්ත්‍රී මා කැටුව මේ දේශයට එන්ට අකැමැතිවන්නීය. එසේවීනම් ඔබ පිටත්ව ආවාවූ දේශයට මා විසින් ඔබගේ පුත්‍රයා නැවත ගෙන යා යුතුදැයි ඔහුට කීය. ආබ්‍රහම්ද: නුඹ මාගේ පුත්‍රයා නැවත එහි ගෙන නොයන්ට බලාගන්න. මාගේ පියාණන්ගේ ගෙදරින්ද මා උපන් දේශයෙන්ද මා ගෙනාවාවූ, මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමියි කියා මට කීවාවූ මට දිවුළාවූ ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ම තමන් වහන්සේගේ දූතයා නුඹට පෙරටුව යවනසේක; නුඹ එතැනින් මාගේ පුත්‍රයාට භාර්යාවක් ගෙනෙන්නෙහිය. නුමුත් ස්ත්‍රී නුඹ කැටුව එන්ට අකැමැතිවී නම් නුඹ මාගේ මේ දිවුරුමෙන් නිදහස්වන්නෙහිය; එහෙත් මාගේ පුත්‍රයා එහි නැවත ගෙනනොයන්නැයි කීවේය.
උත්පත්ති 24:1-8 Sinhala New Revised Version (NRSV)
ආබ්‍රහම් වයස්ගත මහල්ලෙක් විය; සමිඳාණන් වහන්සේ ද හැම අතින් ම ඔහුට ආශීර්වාද කොට තිබිණි. ඔහු තමා සතු සියල්ල බලාහදාගත් නිවසේ දෙටු මෙහෙකරුවාට කතා කොට, “කරුණාකර, මාගේ කලවය යට නුඹ අත තබන්න; මා පදිංචි වී සිටින කානාන් දේශයේ කාන්තාවන් අතුරින් භාර්යාවක මාගේ පුත්‍රයාට නුඹ තෝරා නොගන්නා ලෙසත්, මාගේ රටට, මාගේ ඥාතීන් අතරට නුඹ ගොස්, මා පුත් ඊසාක්ට භාර්යාවක ගන්නා ලෙසත්, ස්වර්ගයේ දෙවියන් වහන්සේ ද, පොළොවේ දෙවියන් වහන්සේ ද වන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම නුඹ දිවුරවමි”යි කීවේ ය. මෙහෙකරුවා එවිට ඔහුට කියනුයේ, “සමහරවිට ඒ කාන්තාව මා සමඟ මේ රටට ඒමට අකමැති වන්නට පුළුවන, එසේ වුවහොත් ඔබ නික්ම ආ රටට ම, මා ඔබේ පුත්‍රයා ගෙන යා යුතු දැ”යි ඇසී ය. ආබ්‍රහම් උත්තර දෙමින්, “මාගේ පුතා නම් නැවත එහි නොගෙන යෑමට තරයේ සිතට ගන්න. මාගේ පියාගේ ගෘහයෙන් ද මාගේ ඥාතීන්ගේ දේශයෙන් ද මා ගෙනා, මට දිවුරා වදාළ, ස්වර්ගයෙහි දෙවි සමිඳාණන් වහන්සේ, ‘මේ රට නුඹේ පෙළපතට දෙන්නෙමි. නුඹට පෙරටු ව උන් වහන්සේ සිය දූතයා යවන සේක. නුඹ ඒ රටින් මාගේ පුත්‍රයාට භාර්යාවක ගත යුතු ය’යි මට වදාළ සේක. නුඹ කැටුව ඒමට ඒ කාන්තාව අකමැති වුවහොත් මා ඉදිරියෙහි දුන් දිවුරුමෙන් නුඹ නිදහස් ය. එහෙත්, නුඹ මා පුත්‍රයා නම්, එහි යළි නොගෙන යා යුතුය”යි කීවේ ය.
උත්පත්ති 24:1-8 Sinhala New Revised Version 2018 (SNRV)

උත්පත්ති 24:1-8 New International Version (NIV)
Abraham was now very old, and the LORD had blessed him in every way. He said to the senior servant in his household, the one in charge of all that he had, “Put your hand under my thigh. I want you to swear by the LORD, the God of heaven and the God of earth, that you will not get a wife for my son from the daughters of the Canaanites, among whom I am living, but will go to my country and my own relatives and get a wife for my son Isaac.” The servant asked him, “What if the woman is unwilling to come back with me to this land? Shall I then take your son back to the country you came from?” “Make sure that you do not take my son back there,” Abraham said. “The LORD, the God of heaven, who brought me out of my father’s household and my native land and who spoke to me and promised me on oath, saying, ‘To your offspring I will give this land’—he will send his angel before you so that you can get a wife for my son from there. If the woman is unwilling to come back with you, then you will be released from this oath of mine. Only do not take my son back there.”