උත්පත්ති 21:9-19

උත්පත්ති 21:9-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එහෙත් ඊජිප්තු ළඳ, හාගර් ආබ්‍රහම්ට බිහි කර දුන් පුත්‍රයා, සරදම් කරනු සාරා දුටුවා ය. එකල ආබ්‍රහම් ඇමතූ ඈ, “මේ දාසියත්, ඇගේ පුතාත් පලවා හරින්න. මන්ද මේ දාසියගේ පුතුට, මගේ පුතු ඊසාක් සමඟ උරුමය ලබන්නේ නැතැ” යි කීවා ය. තම පුත්‍රයා නිසා මේ කාරණයෙන් ආබ්‍රහම් මහත් සංවේගයට පත් විය. එහෙත්, දෙවියන්වහන්සේ ඔහු ඇමතූ සේක්, “ළමයා ගැනත්, ඔබේ දාසිය ගැනත් ශෝක නො වන්න. සාරා ඔබට කියන දේට ඇහුම්කන් දෙන්න. මන්ද ඔබගේ වංශයේ නාමය, පැවත යන්නේ ඊසාක් මගිනි. දාසියගේ පුත්‍රයා ද ජාතියක් බවට මම පත් කරවන්නෙමි. මන්ද ඔහු ඔබේ වංශය යැ” යි පැවසූ සේක. පසු දින අලුයම් උදෙන් පිබිදි ආබ්‍රහම් ආහාර ද සම්-බඳුනක ජලය ද හාගර්ට දුන්නේ ය. ඒවා ඇගේ උරඉස මත තැබූ ඔහු, ඉන්පසු දරුවා ද සමඟ ඇය පිටත් කර හැරියේ ය. එසේ පිටත් ව ගිය ඈ, බෙයර්ෂෙබා කාන්තාරයේ මංමුළා වූවා ය. සම් බඳුනේ වතුර ඉවර වූ කල, පඳුරක් යට දරුවා හැර තැබූ ඈ, හී සැරයක පමණ දුරක් ඔබ්බට ගොස්, හිඳ ගත්තා ය. “දරුවා මියැදෙනු මට බලා සිටිය නො හැකැ” යි පැවසූ ඈ ඉකි බිඳ හඬන්නට වන්නී ය. ළමයා නගන හඬ දෙවියන්වහන්සේට ඇසිණි. එවිට දෙවියන්වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට කතා කරමින්, “මොකක් ද කාරණය හාගර්? භය වන්න එපා. සිටින තැන සිට දරුවා නගන හඬ දෙවියන්වහන්සේට ඇසී ඇත. නැගිටින්න, අවුත් දරුවා නැගිටුවා, ඔහුගේ අතින් අල්ලා ගන්න. මන්ද මම මහත් ජාතියක් බවට ඔහු පමුණු වන්නෙමි” යි කීවේ ය. ඉන්පසු දෙවියන්වහන්සේ හාගර්ගේ ඇස් විවර කළ සේක. එවිට ඈ දිය සහිත ළිඳක් දුටුවා ය. එහි ගොස්, සම් බඳුනට දිය පුරවා ගත් ඈ, ළමයාට බොන්නට දුන්නා ය.

උත්පත්ති 21:9-19 Sinhala Revised Old Version (SROV)

මිසරීය හාගර් ආබ්‍රහම් නිසා බිහිකළාවූ පුත්‍රයා ඊසාක්ට සරදම්කරනවා සාරා දුටුවාය. එහෙයින් ඈ ආබ්‍රහම්ට කථාකොට: මේ දාසිය සහ ඇගේ පුත්‍රයා පිටත දමන්න. මක්නිසාද මේ දාසියගේ පුත්‍රයා මාගේ පුත්‍රයාවූ ඊසාක් සමඟ උරුමක්කාර නොවන්නේයයි කීවාය. ආබ්‍රහම්ට මේ කාරණය තමාගේ පුත්‍රයා නිසා තද කනගාටුවක් විය. එවිට දෙවියන්වහන්සේ: ළමයා නිසාත් නුඹේ දාසිය නිසාත් කනගාටු නොවන්න; සාරා නුඹට කියන සියල්ල ගැන ඇගේ හඬට කන් දෙන්න; මක්නිසාද නුඹේ වංශය කියවෙන්නේ ඊසාක්ගෙන්ය. දාසියගේ පුත්‍රයා නුඹේ බීජය බැවින්, ඔහුගෙන්ද ජාතියක් කරන්නෙමියි ආබ්‍රහම්ට කීසේක. ආබ්‍රහම් අලුයම නැගිට රොටි සහ වතුර භාජනයකුත් ගෙන හාගර්ගේ කරේ තබා දරුවාද ඈට දී ඇය යන්ට හැරියේය. ඈ පිටත්ව ගොස් බෙයර්-ෂෙබා නම් වනයෙහි මංමුළාවූවාය. භාජනයෙහි වතුර ඉවර විය, ඈ දරුවා පඳුරක් යට තබා ගොස් ඔහු ඉදිරියෙන් ඈත්ව දුනුසැරයක් පමණ දුරින් හිඳගත්තාය. මක්නිසාද: දරුවාගේ මරණය මට නොපෙනේවයි ඈ කීවාය. ඈ ඔහුට ඉදිරිපිටින් හිඳගෙන ශබ්දනගා හැඬුවාය. දෙවියන්වහන්සේ ළමයාගේ හඬ ඇසූසේක; දෙවියන්වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට හඬගසා: හාගර්, නුඹට මක්වෙලාද? භය නොවෙන්න; මක්නිසාද දෙවියන්වහන්සේ ළමයා සිටින තැනින් ඔහුගේ ශබ්දය ඇසූසේක. නැගිට ළමයා ඔසවා නුඹේ අතින් අල්ලා ගන්න. මක්නිසාද මම ඔහු මහත් ජාතියක් කරන්නෙමියි කීසේක. දෙවියන්වහන්සේ ඇගේ ඇස් ඇරෙවූසේක, එවිට ඈ වතුර ඇති ළිඳක් දැක එහි ගොස් භාජනයට වතුර පුරවාගෙන ළමයාට බොන්නට දුන්නාය.

උත්පත්ති 21:9-19 Sinhala New Revised Version (NRSV)

ආබ්‍රහම්ට දාව මිසර ජාතික හාගර්ගෙන් ලැබූ ඉෂ්මායෙල් තම පුත්‍රයා වන ඊසාක්ට සරදම් කරනු එක් දිනක් සාරා දුටුවා ය. එබැවින් ඈ ආබ්‍රහම්ට කතා කොට, “මේ දාසියත්, ඇගේ පුතාත් එලවා දමන්න, මේ දාසියගේ පුතු මාගේ පුත්‍රයා වන ඊසාක් සමඟ උරුමකරු නොවිය යුතු ය”යි කීවා ය. ඉෂ්මායෙල් ඔහුගේ පුත්‍රයා වන බැවින්, මේ ඉල්ලීම නිසා ආබ්‍රහම් දැඩි සිත් වේදනාවට පත් විය. එහෙත්, දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට, “නුඹ හාගර් හා ඉෂ්මායෙල් නිසා කණගාටු නොවන්න. සාරා නුඹට කී සියල්ලට ම සවන් දෙන්න. ඒ මන්ද, නුඹේ පෙළපත ඇති වන්නේ ඊසාක් මඟින් ය. හාගර්ගේ පුත්‍රයා ද නුඹට දාව උපන් බැවින් ඔහුට ද මම පෙළපතක් දෙන්නෙමි”යි වදාළ සේක. පසු දින උදේ පාන්දරින් ආබ්‍රහම් නැඟිට රොටි ද වතුර බෝතලයක් ද ගෙන හාගර්ට දී, දරුවා ද ඇගේ කරේ තබා ඈ යන්න හැරියේ ය. ඈ ද නික්ම ගොස් බෙයර්-ෂෙබා නම් පාළුකරයේ මංමුළා වී ඇවිද්දා ය. බෝතලයේ වතුර ඉවර වූ පසු ඈ පඳුරක් යට දරුවා තබා හී සැරයක් පමණ දුර ගොස් වාඩි වූවා ය. “දරුවා මැරෙනවා මා බලා ඉන්නේ කොහොම දැ”යි කියමින් ඈ ගොස් ඈතින් හිඳගත්තා ය. දරුවා ද කෑගසමින් හැඬුවේ ය. දරුවාගේ හඬ දෙවියන් වහන්සේට ඇසිණි. උන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට කතා කොට, “ඔබ කරදර වී ඉන්නේ කුමක්නිසා ද? බිය නොවන්න. දරුවාගේ හැඬීම දෙවියන් වහන්සේට ඇසී ඇත. නැඟිටින්න, දරුවා ඔසවා අතට ගන්න, මම ඔහුගෙන් විශාල පෙළපතක් ඇති කරමි”යි කීවේ ය. දෙවියන් වහන්සේ ඇගේ නෙත් පැහැදූ විට ඈ වතුර ඇති ළිඳක් දුටුවා ය. ඈ ද ගොස් භාජනය පුරවා, දරුවාට බීමට දුන්නා ය.

උත්පත්ති 21:9-19 Sinhala New Revised Version 2018 (SNRV)

උත්පත්ති 21:9-19 New International Version (NIV)

But Sarah saw that the son whom Hagar the Egyptian had borne to Abraham was mocking, and she said to Abraham, “Get rid of that slave woman and her son, for that woman’s son will never share in the inheritance with my son Isaac.” The matter distressed Abraham greatly because it concerned his son. But God said to him, “Do not be so distressed about the boy and your slave woman. Listen to whatever Sarah tells you, because it is through Isaac that your offspring will be reckoned. I will make the son of the slave into a nation also, because he is your offspring.” Early the next morning Abraham took some food and a skin of water and gave them to Hagar. He set them on her shoulders and then sent her off with the boy. She went on her way and wandered in the Desert of Beersheba. When the water in the skin was gone, she put the boy under one of the bushes. Then she went off and sat down about a bowshot away, for she thought, “I cannot watch the boy die.” And as she sat there, she began to sob. God heard the boy crying, and the angel of God called to Hagar from heaven and said to her, “What is the matter, Hagar? Do not be afraid; God has heard the boy crying as he lies there. Lift the boy up and take him by the hand, for I will make him into a great nation.” Then God opened her eyes and she saw a well of water. So she went and filled the skin with water and gave the boy a drink.