උත්පත්ති 20:16-18 - Compare All Versions

උත්පත්ති 20:16-18 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ඉන්පසු සාරා ඇමතූ අබිමෙලෙක්, “මෙන්න, ඔබේ සහෝදරයාට මා රිදී මිල දහසක් දුන්නා. එය, ඔබ හා සිටින සියල්ලන් හමුවේ ඔබේ නිදොස් බවේ ලකුණක් හැටියට දෙන වන්දියකි. මේ සම්බන්ධයෙන් ඔබ සම්පූර්ණයෙන් නිදොස් යැ” යි පැවසී ය. ඉන්පසු ආබ්‍රහම් දෙවියන්වහන්සේට යාච්ඤා කළේ ය. දෙවියන්වහන්සේ අබිමෙලෙක් සුව කළ සේක්, නැවතත් දරුවන් පිළිසිඳ ගත හැකි වන පරිදි, ඔහුගේ බිරිඳ හා ඔහුගේ දාසීන් ද සුව කළ සේක. මන්ද ආබ්‍රහම්ගේ බිරිඳ වූ සාරා පිළිබඳ සිද්ධිය නිසා ස්වාමින්වහන්සේ අබිමෙලෙක්ගේ ගෘහවාසී සියලු කාන්තාවන්ගේ දරු ගැබ් පියවා තිබිණි.

බෙදාගන්න
උත්පත්ති 20 SCV

උත්පත්ති 20:16-18 SROV (Sinhala Revised Old Version)

ඔහු සාරාට කථාකොට: බලව, මම නුඹේ සහෝදරයාට රිදී දහසක් දුනිමි. එය නුඹ සමඟ සිටින සියල්ලන් ඉදිරියෙහි නුඹට ඇස් වැස්මක් පිණිසය; සියල්ලන් ඉදිරියෙහි නුඹට යුක්තිය සිදුකරනලද්දේයයි කීවේය. ආබ්‍රහම් දෙවියන්වහන්සේට යාච්ඤාකෙළේය. දෙවියන්වහන්සේ අබිමෙලෙක් සහ ඔහුගේ භාර්යාවද ඔහුගේ දාසීන්ද සුවපත් කළසේක; එවිට ඔව්හු දරුවන් බිහිකළෝය. මක්නිසාද ස්වාමීන්වහන්සේ විසින් ආබ්‍රහම්ගේ භාර්යාවවූ සාරා නිසා අබිමෙලෙක්ගේ ගෙයි සියල්ලන්ගේ ගර්භ තදින් පියා තිබුණේය.

බෙදාගන්න
උත්පත්ති 20 SROV

උත්පත්ති 20:16-18 NRSV (Sinhala New Revised Version)

තවද, රජ තෙම සාරාට කතා කොට, “මෙන්න, මම ඔබේ සහෝදරයාට රිදී මිල දහසක් දුනිමි. එය ඔබ සමඟ සිටින සියල්ලන් ඉදිරියෙහි ඔබේ නිදොස් බව ඔප්පු කිරීමට සාක්ෂියක් වේ වා. ඔබ වැරැද්දක් නොකළ බව සියලු දෙන ම දැනගන්නෝ ය”යි කී ය. ආබ්‍රහම් ද දෙවියන් වහන්සේට යච්ඤා කෙළේ ය. උන් වහන්සේ ද අබිමෙලෙක් සුවපත් කළ සේක; ඔහුගේ භාර්යාවට හා දාසීන්ට දරුසම්පත් ලැබෙන සේ ඔවුන් සුවපත් කළ සේක. එසේ කෙළේ ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරා නිසා අබිමෙලෙක්ගේ ගෘහයෙහි සියලු ම කාන්තාවන් උන් වහන්සේ වඳ බවට පත් කර තිබුණු හෙයිනි.

බෙදාගන්න
උත්පත්ති 20 NRSV

උත්පත්ති 20:16-18 SNRV (Sinhala New Revised Version 2018)

තවද, රජ තෙම සාරාට කතා කොට, “මෙන්න, මම ඔබේ සහෝදරයාට රිදී මිල දහසක් දුනිමි. එය ඔබ සමඟ සිටින සියල්ලන් ඉදිරියෙහි ඔබේ නිදොස් බව ඔප්පු කිරීමට සාක්ෂියක් වේ වා. ඔබ වැරැද්දක් නොකළ බව සියලු දෙන ම දැනගන්නෝ ය”යි කී ය. ආබ්‍රහම් ද දෙවියන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ ද අබිමෙලෙක් සුවපත් කළ සේක; ඔහුගේ භාර්යාවට හා දාසීන්ට දරුසම්පත් ලැබෙන සේ ඔවුන් සුවපත් කළ සේක. එසේ කෙළේ ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරා නිසා අබිමෙලෙක්ගේ ගෘහයෙහි සියලු ම කාන්තාවන් උන් වහන්සේ වඳ බවට පත් කර තිබුණු හෙයිනි.

බෙදාගන්න
උත්පත්ති 20 SNRV

උත්පත්ති 20:16-18 NIV (New International Version)

To Sarah he said, “I am giving your brother a thousand shekels of silver. This is to cover the offense against you before all who are with you; you are completely vindicated.” Then Abraham prayed to God, and God healed Abimelek, his wife and his female slaves so they could have children again, for the LORD had kept all the women in Abimelek’s household from conceiving because of Abraham’s wife Sarah.

බෙදාගන්න
උත්පත්ති 20 NIV