උත්පත්ති 2:22-24
උත්පත්ති 2:22-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයාගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක සාදා, මනුෂ්‍යයා වෙත ඇය ගෙන ආ සේක. එවිට මනුෂ්‍යයා, “මේ නම් මගේ ඇටවලින් වූ ඇට ය. මගේ ම මසින් වූ මස ය. මනුෂ්‍යයා වෙතින් ගන්නා ලද නිසා මැය ‘ස්ත්‍රී’ නමින් හැඳින් වේ යැ” යි පැවසී ය. එබැවින්, මනුෂ්‍යයෙක් තම පියා ද මව ද අතහැර තම භාර්යාවට බැඳෙන්නේ ය. මෙසේ ඔවුහු එක ම මාංසයක් වෙති.
උත්පත්ති 2:22-24 Sinhala Revised Old Version (SROV)
ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාගෙන් ගත් ඉළඇටයෙන් ස්ත්‍රියක් සාදා ඇය මනුෂ්‍යයා වෙතට පැමිණෙවූසේක. එවිට මනුෂ්‍යයා කථාකොට: මෑ මාගේ ඇටවලින් ඇටය, මාගේ මාංසයෙන් මාංසයය; මෑ මනුෂ්‍යයාගෙන් ගන්නාලද හෙයින් මනුෂ්‍ය දූයයි කියනුලබන්නී යයි කීය. එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය; ඔව්හු එක මාංසයක් වන්නෝය.
උත්පත්ති 2:22-24 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනා සේක. එවිට මිනිසා කතා කොට, “දැන් ඉතින්, මාගේ ඇටවලින් ගත් ඇටය වන, මාගේ මාංසයෙන් ගත් මාංසය වන මැය, මිනිසාගෙන් ගත් හෙයින්, ඈට ‘ස්ත්‍රී’ කියා කියනු ඇතැ”යි පැවසී ය. මිනිසෙකු තම පියා ද මව ද අත් හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින් ය. මෙලෙස ඔව්හු එක් මාංසයක් වන්නෝ ය.
උත්පත්ති 2:22-24 Sinhala New Revised Version 2018 (SNRV)
උන් වහන්සේ ඔහුගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනා සේක. එවිට මිනිසා කතා කොට, “දැන් ඉතින්, මාගේ ඇටවලින් ගත් ඇටය වන, මාගේ මාංසයෙන් ගත් මාංසය වන මැය, මිනිසාගෙන් ගත් හෙයින්, ඈට ‘ස්ත්‍රී’ කියා කියනු ඇතැ”යි පැවසී ය. මිනිසෙකු තම පියා ද මව ද අත් හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින් ය. මෙලෙස ඔව්හු එක් මාංසයක් වන්නෝ ය.
උත්පත්ති 2:22-24 New International Version (NIV)
Then the LORD God made a woman from the rib he had taken out of the man, and he brought her to the man. The man said, “This is now bone of my bones and flesh of my flesh; she shall be called ‘woman,’ for she was taken out of man.” That is why a man leaves his father and mother and is united to his wife, and they become one flesh.